මාර ආතල් සීන් එක. ජෙනරාල ආවා මුලින්ම, කැටයත් එක්ක. දෙන්නා විජේදාස අයියත් එක්ක චැට දාගෙන ඉන්න කොට, මෙන්න බැස්සා කොට්ටේ රවියා. ජෙනරාල් මාමට අතට අත දීලා විජේදාස අයියත් එක්ක කඩ්ඩෙන් කොටා ගත්තා.
මෙන්න එනවා රැවුල් අනුර කුමාරයා ලැජ්ජාවෙන ඇඹරි ඇඹරි. ඇඹරුණ ඇඹරිල්ලට මං හිතුවෙම පොර සෝෆා එකේ ඇන්දේ ඉද ගනියි කියල. කොහොම හරි යන්තම් සෝෆා එකේ විට්ටම අල්ලගෙන කෝට්ටේ රවිය ගාව ඉදගෙන කොහොමද මෙයා කියල රවියගේ බඩට තට්ටුවක් දැම්ම. රවිය හොද එකා ඌත් ඉතින් යන්තම් රෙන්ට් එකට ගත්ත හිනාවක් දැම්මා.
අම්මද බොල මේං එනවා ප්‍රධාන නළුවා මරා...අනේ අම්මප මූ ගමේ එකා වෙච්චි මොනව උනත් හොද එකා. හැබැයි ආවේ කොල්ලො ටික වැඩේ අවුල් කලේ මොකෝ කියල බලන්නද දන්නේ නෑ. විජේදාසයට මුලින්ම නිවුස් එක ඇවිත් තිබ්බ නිසා පෙරමගට ගොස් පා දොවල පිළි ගත්තා මරාව. එක්කං ගියා ඇතුලට....
ආ..ආ....පොඩ්ඩක් දර්ශණය බාධා වෙනවා. කවුද දෙන්නෙක් හොරෙන් කැමරාව අස්සෙන් රිංගල මාරු වෙනවා. කවුද බොලේ මේ?....ජෙනරාල මාමයි කැටයයි නේද? මොනව උනත් ප්‍රතිපත්ති ගරුක එකා. අරූත් එක්ක නෝ කතා. පොර මාරු.
කෝ ඇත්තට මේ රා නිල්. විජේදාස මලත් ඌට ගාණක් නෑ. මූ ආවේ අන්තිමට. ඇයි යකෝ මෙච්චර මුගේ බඩ සරි කරන්න උදව් පදව් කරගෙන ඉන්න එකා වෙච්චි මූට මරාට කලින්වත් එන්න බැරි උන හැටි. ඔන්න සජිය නම් ආවේ හවස් වෙලා. ඒක නම් සාධාරණයි කියමුකෝ.
ඇත්තට මුන් ඔක්කොම ඇයි මේ විජේදාසයගේ ගෙදරට තකහනියක් ආවේ? මුකුත් මගුල් ගෙයක් වෙන්න බෑ. ඇයි විජේදාසය ඇදං උන්නේ සාමාන්‍යය විදිහට නොවැ. ගෙදර සරසලත් නෑ. මොකක් හරි වෙන්නැති. ඉතිං අපිට පාන්යෑ. මොනා වුනත් අපේ ලොක්කො ටික හරි හොද මිනිස්සු. වේදිකාවේ හෙන ගහපං කිව්වට, හයියෙන් පඩයක් ගියත් දුවල ඇවිත් බලනවා ගදද කියල.
ඒ මට හිතුන හැටි!
(විජේදාසයගේ කාඩ් එක දන්න විදිහටයි, මේ දවස්වල සිද්ධ වෙන දේවල් හැටියටයි මීට වඩා දෙයක් මට හිතෙන්නෙම නෑ, කොටින්ම බලහල්ලකෝ මාස ගාණක් පෝස්ට් එකක් නොදා හිටියට තාම අර ඉස්සෙල්ලා පෝස්ට් එකේ උස්සපු කෑල්ල මුන් අතෑරලා නෑනේ)
ඕං ලෝක විනාසේ වෙලාවෙම (හරියටම 12ට ) මේ පෝස්ටුව දැම්මේ හොදේ...
ස්ථානය - බටහිර ඉන්දීය කොදෙව්ව, ගල්කිස්ස
කාල වකවානුව - සදාකාලිකයි
'ජස්ටිෂියා' නම් රෝම ජාතික මැදි වයස් කාන්තාවක් පසුගිය දිනක ගල්කිස්ස ප්‍රදේශයෙදී කළු පටියකින් දෙඇස් බැද දමා පැහැරගෙන ගොස් ඇත.
අවසන් වරට දකින විට වමතින් කෞතුකාගාරයෙන් සොරකම් කරණ ලද කඩුවක්ද, සුරතින් ජා.ඉ. බැංකුවෙන් සොරකම් කරණ ලද තරාදියක 'කොටස්' ද දරා සිට ඇති ඇය, ඇද සිට ඇත්තේ පාර දෘශ්‍යය ඉටි රෙද්දකින් මසන ලද කබායකි.
මෙය මේ කාන්තාවගේ නිරුවත දැක ඇයට අතවර කිරීමේ අභිලාෂයෙන් කරාටි පිළිබද ආචාර්‍ය් උපාධිදරයෙකු විසින් කළ බවට තමා සැක කරණ බවත් ඔහු ඉතා ඉක්මණින් නීතිය හමුවට පමුණුවන බවත් පොලිස්පති ආර්. දුමින්ද මහතා පැවසීය.
මේ පිළිබද අදහස් දැක්වූ ප්‍රවීන මාධ්‍යවේදී, අධිකරණ අමාත්‍යංශයේ අධික්ෂණ මන්ත්‍රී එස්. රදලියගොඩ (දේශශක්ති, එතෙර අභිමානී) මහතා ප්‍රකාශ කර සිටියේ මෙවැනි අපරාධකරුවන්ට දඩුවම් දීම සදහා පුරාතන රජකාලේ මෙන් උල තැබීමට 'යකඩ' උල් මේ වනවිට විදේශයකින් ආනයනය කිරීමටත් යකඩ දඩුකද කිහිපයක් තැනීමටත් සියළු කටයුතු සූදානම් බවයි.
මේ පිළිබදව විමසීම සදහා අප දැන් සම්බන්ධ කරගන්නේ සංස්කෘතික කටයුතු පිළිබද ඇමතිනී ජිනා ඒකනායක මැතිණියයි....
අර කියමනක් තියනවනේ 'බ්ලොග් ලෝකෙට දවසක් ආපු එකා පහුවදා බ්ලොග් එකක් දානවා' කියල. මමත් එහෙමම තමා. සාහිත්‍යාර්ථයෙන් දවසක් කිව්වට මමත් මාසයක් විතර තමා බ්ලොග් බල බලා විතරක් හිටියේ.
බුකියේ ස්ටේටස් දාල නිකං ඉන්නවා කියල දොස් මුරයක් දැම්ම රාමාගේ අඩවියේ රාමා තමා මාව බ්ලොග් ලෝකෙට තල්ලු කලෙ.
මොන හේතුවකට මන්දා, රාමගෙ බ්ලොග් එකෙන් පස්සේ මම ඇදිලා තිබුනේ 'රාජ්ගේ නවාතැන' දිහාවට. රාජ්ගේ බ්ලොග් එකේ තිබ්බ නිර්මාණශීලිත්වය දැක්කහම තමා ඇත්තටම බ්ලොග් එක පටන් ගන්න පන්නරය ලැබුණේ. ඒ කියන්නේ නොදැනීම රාජ් මේක පටන් ගන්න මට උදව් කරල තියනවා.
තව උදව් කරපු අයනම් බොහොමයක් ඉන්නවා. ඒත් නම් කියන්න ගියොත් මගෙන් අතපසු වීමක් වෙයි කියල හිතෙන නිසා, වචනයකින් හරි උදව් කළ හැමෝටම 'බොහොම ස්තුතියි'
මම බ්ලොග් ලෝකේ මොන්ටිසෝරියේ ඉන්න එකෙක්. මොන්ටිසෝරියෙදී ජිල් බෝල ගහල දිනල 'කුරුම්බැට්ටි මැෂිමක්' හම්බ උනත් අපිට ලොකු දෙයක්. හැබැයි වෙන කාට ඒක 'කුරුම්බැට්ටි මැෂිමක්' විතරක් වුනාට. ඒක මට 'සුපර් සොනික්' ජෙට් එකක්.
මම මේ වරෙන් ඔරෝ දාන්නේ වෙන මොකටවත් නෙමේ. මේ වසරේ පළමු වතාවට පවත්වන 'බස් රේඩියෝ බ්ලොග් සම්මාන 2012' 'නවක බ්ලොග්කරණය' වෙනුවෙන් නිර්දේශ වෙලා තියෙන බ්ලොග් අඩවි 3 අතරට මේ බ්ලොග් එකත් ඇතුළු වෙලා.
මේ වෙනුවන් ඔය ඇස් දෙක මේ බ්ලොග් එක උඩ තියාගෙන වෙහෙසුන ඔයාලටත්, යතුරු පුවරුව උඩට වෙලා ඇගිලි වලට දුක් දුන්න ඔයාලටත්, වාචිකව අදහස් කියපු, මූණපොතේදී කථා කල හැමෝටමත්, වෙනත් අඩවි වලදී මාත් එක්ක එකට හුරේ දාපු, ඇනකොටා ගත්ත හැමෝටමත් 'පිං සිද්ධ වේවා'
මගේ යතුරුපුවරුව කලබල වෙලා කියපු මොකක් හරි වචනෙකින් ඔය කාගෙවත් හිත රිදුනනම් සමාවෙන්න.
මට තියෙන්න මේ බ්ලොග් එක විතරක් උනාට මේ බ්ලොග් එක දිහා බලාගෙන ඉන්නේ මම විතරක් නෙමේ කියල මම දැන් දන්නවා.
ඒ හැමෝම වගේම මම වෙනුවෙනුත්, මම ජීවත් වෙන විශ්වය වෙනුවෙනුත් එදාට අදටත් වඩා හෙට මම Modern Patriot කෙනෙක් වෙන්නම්.
බුද්ධ රූප තියන මේස් දාන උන්ගේ කකුල් කකුල් කපපියෝ.
බුදු පිළිම පැත්තක තියල හෙළුවෙන් නටපු 'ඒකොන්' ගේ කොන කපපියෝ.
බෞද්ධ කොඩිය වන වන නටන උන්ගෙ දන්සල් වලට පණුවෝ ගහපියෝ.
සිංහ කොඩිය ඔලුව වටේ ඔතාගෙන ක්‍රිකට් බලන උන්ගේ කොන්ඩේ බූ ගාපියෝ.
අපේ ගාථා රැප් කරන ක්‍රිස්තියානි එවුන්ගේ කටට හෙණ ගහපියෝ.
බෞද්ධ කොඩිය බෙල්ල වටේ ඔතාගෙන ඉන්න වසලයන්ට බඩ පලෝ.
බනානා රිපබ්ලික් ප්‍රජාචාන්ච්‍රික (ප්‍රජාතාන්ත්‍රික යනු දොස් සහිත වචනයකි ) සමාජවාදී ( __කෙන්ද දන්නෑ) ජනරජයේ අතිගරු ටෙනිසන්තුමනි...මේ අවනඩුව ඔබතුමාගේ ශ්‍රී දෙසවනින් අසා, ශ්‍රී දෙනයන තුළින් දැක, ශ්‍රී මුඛයෙන් සිංහ ඝර්ජනා කොට වලක්වනු මැනවි.
ප.ලි. පහත සදහන් වාක්‍යය සහ ඉහත සදහන් පින්තූරය මෙහි අන්තර්ගත වචන සමග කිසිම පෑහීමක් නැති වග සුදු වෑන් රථයක් සේ ඔබට පැහදිලි බව විශ්වාස කරමි.
__ක කහනවට....
දේවාලේ කපුවා දේවාලේ ඇතුලේ රිව්වත් මොකෝ....
තොටලග උනාට මට ලග නෑ....
අරින්නේ ඌ නම් ___ දික් කරල කෙළ පොඩ්ඩකුත් දුන්නහම මොකෝ...
ඉතිහාසය වෙනස් වී අප දැන සිටි, බලාපොරොත්තුව සිටි අනාගතයද වෙනස් වන ලකුණු පහළ වෙයි.
මෑත අනාගතය තුළ මානව ඉතිහාසය ආරම්භයෙන් පසු උදා වූ අදුරුතම යුගය උදාවන බවට පෙරමග සලකුණු පහළ වෙමින් පවතී.
ඔබ ආර්ථිකය සමෘදිමත් කර ගැනීමට යුරෝපයට, ඇමෙරිකාවට හෝ ඕෂනියාවට යෑමට සිතුවා නම් එය කෙටි කාලීන සුවයක් සදහා විය හැකිදැයි සිතීමට දැන් කාලය එළඹ තිබේ.
තම ආගම සහ විශ්වාසය වඩාත් 'සාමකාමී' බව තර්ක කරමින් එම ප්‍රකාශය ඔප්පු කිරීමට සියළුම ආගම් එකිනෙකා හා සටන් වැදීමට සියළු කටයුතු මේ වනවිට ප්‍රසිද්ධියේ සහ අප්රසිද්ධියේ සුදානම් වෙමින් පවති. මේ 'ශුද්ධ වූ' ගැටුම යුරෝපය හරහා ආසියාව ආක්‍රමණය කිරීමටත් ඉන් පසු උතුරු ඇමෙරිකාව සහ ඕෂනියාව වෙන් වෙන්ව ගිල ගන්නටත් සැරසේ.
දකුණු ඇමෙරිකාවේ බොහෝ රටවල් මේ ගැටුම්වලට සෘජුව සහ වක්‍රව 'හුරේ' දමන බවක් පෙනෙන්නට ඇති නිසාත්, බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව තුළ මේ වනවිටත් ඉතා වේගයෙන් ඉස්ලාම් දහම පැතිර යමින් පවතින නිසාත්, ඔබ ඔවුන් කෙරෙහි බලාපොරොත්තු තබා ගතයුතු නොවේ.
ඔබට අවශ්‍යය සමෘදිමත්, සාමකාමී ජීවිතයක් නම් අප්‍රිකාවේ ඝානාව හෝ මොරොක්කෝව ඔබට හොද විකල්ප වේ.
මා ඊයේ රෑ හදිසියෙ හීනයක් දුටිමි. එහිදී අපි කවුරුත් දන්නා ටෙනිසන් මහතා හදිසියේම 'ටෙනිසන් ජන හමු' තියන්නට සිතයි. මහ රෑ මගේ යටි බඩ කොර නොවන්නට ඉතා රසවත් කථාවක් නොමිලේ නැරඹීමට මටත් අවස්ථාව ඇති වනු නිසැකය. මේ ඒ හීනේ කථාවයි. (සැ.යු. මෙය හීනයක්ම පමණක් වන අතර මේ හරහා ටෙනිසන්තුමා ට යම් අපහාසයක් සිදු වෙයි නම් මා හට කමා කළ මැනවි, එසේත් බැරි නම් හීන ලෝකයෙදී මටද අපහාස කළා මැනවි)
මේ අපේ ටෙනිසන් තුමාය. අපි ඔහු ගැන ආඩම්බර විය යුත්තේ ඔහු සැබෑ දක්ෂයෙක් නිසාය. ඔහුට හදිසියේ මහජනයා හමුවන්න සිතෙන්නේ මැතිවරණයක් කටේ ඇති විටය, ඒත් හමුවන්නේ මැතිවරණය පවත්වන පලාත්වල මහජනතාව පමණි. අපි ඉන්නේ කොළඹය. හොද වෙලාවට අපිටනම් ප්‍රශ්ණ 'ඇත්තේම' නැත.
ටෙනිසන් ජන හමුව ඉතා හොදය, පැසසිය යුතුය. ඊට සහභාගිවන බහුතර ජනතාව ඉතා බුද්ධිමත්ය. කොච්චර බුද්ධිමත්ද කියතොත් තමන්ට තියෙන ඇත්තම ප්‍රශ්ණ වලට ටෙනිසන් තුමා දිය යුතු පිළිතුරු ඔවුන් තමන්ගේ අවස්ථාව ලද විගස තම ප්‍රශ්ණය ලෙස ඉදිරිපත් කරයි. උදාහරණ ලෙස උතුරු නැගෙනහිර සංවර්ධනයේ තරම ගැන ටෙනිසන් වචනයක්වත් කථා නොකලද ප්‍රශ්ණය අසන්නා කීවේ ඉතා විශාල ලෙස උතුරු නැගෙනහිර සංවර්ධණය සදහා මුදල් වෙන් කර ඇති බවයි. (හිකිස්) සොරි....හචිමක් ගියා.....
මේ වෙනකම් හරියට ප්‍රශ්ණයක් ඇහුවේ එකම එක කොල්ලෙක් විතරය. ඒ 'උතුරු ඉන්දියාවටත් දෙනවා කිව්ව විදුලිය කෝ?' කියාය. මෙන්න ටෙනිසන් උතුමා කලබල වූවේය (වූ සේක ද මන්දා) මොනවාදෝ ෆයිල් ටිකක් පෙරලා තව තව බලාගාර හදන බවත්, සාම්පූර් වලත් එකක් හදන බවත්, 95 දී තිබ්බාට වඩා විදුලි අවශ්‍යතාව වැඩි වූ බවත්, එය හිතා ගන්න බැරි වූ බවත් කිව්වේය.
ඉදිරි විදුලි අවශ්‍යතාව ගැන දැනීමක් ගන්න බැරි වූයේ උතුමාට ඉන්න 1000 ට කිට්ටු ටෙනිසන් උපදේශකයන්ගේ වැරැදද නිසාය. ඔවුන් සදහා මාසයකට වෙන් කරණ මුදල රු.කොටි 30කට වැඩිය. මේ සදහා ටෙනිසන්තුමා පළි නැත. මේ උපදේශකයන් ච.බ.කු. හෝ ර.වි. පත් කළ අය විය යුතුය. (හිකිස්) ආයෙත් සොරි මෙයා....
අපේ ටෙනිසන් තුමාට භාෂා තුනම ඉස්සර පුළුවන් වුනත්, ළගදී සිට රාජකාරි අධික බැවින් දැන් දෙමළ මතක නැත. ඊටත් වඩා අර අහිංසක දෙමළ පරිවර්තකයාට රස්සාවත් නැතිව යන එක ගැන එතුමා සංවේදීය.
කොහොම වුනත් තාම ටෙනිසන් ජන හමුව සජීව ලෙස යන්නේය. මා නම් හැම සතියේම ටෙනිසන් ජනහමු තියනවාට කැමතිය. ඒ මම සිකුරාදා රෑ යන හොල්මන් ෆිල්ම් වලට කැමති නැතිය. මේක බැලුවොත් අඩුම තරමේ ලේ වත් පිරිසිදු වෙනවාය.
මට මෙතනින් පෝස්ට් එක නවත්වන්න වෙනවාය. ඒ මගේ යටි බඩ කොරවෙලා තියන නිසාය. ඒ චූ බරටද නැත්නම් හිනා වෙලා වැඩි කමටද දන්නේ නැත.
සුරපුරයක් වන් අප ලක් අපට දිවයිනේ භාරකරු ඔබය...
ටෙනිසන් උතුමනි...ඔබ වහන්සේ ගැන අපට ඇති ආඩම්බරය විස්තර කිරීමට මා හට වචන නැත.
(මේ දැන් දැන ගැනීමට ලැබුනේ ටෙනිසන්තුමාට අපහාස කරණ අයට කිසිම නීතිමය පියවරක් නොගන්නා ලෙස පොලිස්පති තුමාට එතුමාම උපදෙස් දී ඇති බවයි, බලන්න අපි කොච්චර ආඩම්බර වෙන්න ඕනද ඈ.. )
මගේ ලබන ආත්මයේ මා ප්‍රාර්ථනා කරනුයේ රිවස් ජීවිතයකි. ඒ ජීවිතය මරණයෙන් අවසන් වනු වෙනුවට මරණයෙන් ආරම්භ විය යුතුය. උපතෙන් අවසන් විය යුතුය.
මම මරසාන්න අත්දැකීම් විද ටිකෙන් ටික සුවයට පත් වෙමි.
මම මහළු මඩමේ ලෙඩ ඇදේ සිටිමි. නමුත් දිනෙන් දින නව දවසක් උදාවන විට ශරීරය වඩ වඩාත් ප්‍රාණවත් වන බව දැනේ. ක්‍රමයෙන් දිරා පත් වන ජීවිතයකට වඩා ඉතා පහසුවක්, සුවයක් වින්දනය කරමින් සිටිමි.
මා මහළු මඩමෙන් දොට්ට දමන්නේ, මා වඩාත් ශක්තිමත් නිසාත් වඩාත් නිරෝගී නිසාත්, තාරුණ්‍යය මා වෙතින් පළා ගොස් නොමැති නිසාත්ය. මම මාස්පතා විශ්‍රාමික වැටුප් ලබන්නට පටන් ගනිමි. මා රාජකාරි ආරම්භ කරණ දිනයේම මා හට ත්‍යාග ලෙස රන් ආලේපිත ඉතා වටිනා අත් ඔරලෝසුවක් සහ විශාල මුදලක් දීමනාවක් ලෙසද ලැබෙන අතර මා වෙනුවෙන් ඉතා විශාල සාදයක් ද පවත්වනු ලැබේ.
මම වසර 40ක් රැකියාව කරමි. වැටුප් වල යම් යම් හීන විමක් ඇතද, මූලාරම්භයෙදී ලද විශාල මුදල සහ විශ්‍රාම වැටුප ඉතුරු කිරීමෙන් ලද මුදල ආයෝජනය කිරීමේ ප්රතිලාභ නිසා ජයග්‍රාහී ජීවිතයක් ගෙවමි. ඉතා තරුණ වයසේ මම විශ්‍රාම ගනිමි. මා ජීවිතයේ ගෙවූ සතුටුම කාලයක් වන්නේ විශ්‍රාම ගැනීමට ඉතා ආසන්න කාලයේ ගෙවූ රැකියා පුහුණු කාලයයි.
මම දැන් දැන් සාදවලට ඇබ්බැහි වෙමි. මත්පැන් ලෝලියෙක් වෙමි. නමුත් සෞඛ්‍යය තත්වය දිනපතා වඩාත් යහපත් වේ. මාගේ ප්‍රේම සම්බන්ධතා එන්න එන්නම කෙලිලොල් වෙයි. දැන් මා උසස් අධ්‍යාපනය සදහා සූදානම් විය යුතුය. මීළගට ප්‍රාථමික අධ්‍යාපනයයි. උසස් අධ්‍යාපනයක් ලද මා හට ප්‍රාථමික විභාග කිරි කජු මෙනි. කැපී පෙනෙන දස්කම් දක්වන මා හට පාසලෙන්, දෙමව්පියන්ගෙන් සහ වැඩිහිටියන්ගේන් ලැබෙන තෑගි, ප්‍රසංශා අඩුවක් නම් නොවේ.
මා හට කිසිම වගකීමක් නැත. ඉතා සැහැල්ලු අවසානයකට ළදරුවෙක් ලෙස කෙළි දෙළෙන් සූදානම් වෙමි. මව් කුසට රිංගා ගැනීම තරමක් අපහසු වුවද, ඒ තුළ මාස 9ක් පාවෙමින් ගත කරණ කාලය කොපමණ සුන්දරද? මෙය සුඛොපභෝගී තරු හතේ හෝටලයක් වැනිය. උණුසුම නොඅඩුව ලැබෙනතර, ආහාර පාන නිරායාසයෙන්ම මට ලැබේ.
හා..හා... ඇති ඇති...ඉතුරු ටිකත් මම ම කියන්න ඕන ඈ...දැන් ඉතින් හීන දැකපන් මටත් මෙහෙම උනොත් කියල...
මෙච්චර කාලයක් කතා නොකරපු මාතෘකාවක් පටන් ගත්තේ හිතවත් බ්ලොග් අවකාශයේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලීමක් කරන්න. මේ උත්සහයෙන් වෙනසක් කරන්න හැකි වුනොත් ඒකෙන් පොදුවේ මුලු රටේම ඉන්න සියළුම මිනිස්සුන්ට, විශේෂයෙන් අන්තර්ජාලය භාවිතා කරන, මාර්ගගත ගණුදෙනු (Online Transactions) සිදු කරන සියළු දෙනාට බොහොමයක් ප්‍රයෝජනවත් වේවි. ඇත්තටම කිව්වොත් ජාතික කාර්යයක්.
පේ පෑල් (PayPal) කියන්නේ අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාව. ඒක පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුනත් අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්රකාශිත සම්මතය ලෙස හදුන්වන්න පුළුවන්.
අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා.
ගෙවීම් ලබාගැනීම සඳහා PayPal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුනත් ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit Or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි නිසා එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට වෙලා තියනවා.
ප්‍රධාන ප්රශ්නය.
ශ්‍රී ලාංකිකයන්ට PayPal හරහා ඕනෑම අයෙකු වෙත මුදල් යවන්න පුළුවන් වුනත් කිසිම අයෙකුගෙන් මුදල් ලබාගැනීම කරන්න බැහැ.
මේ නිසා වෙනත් සංකීර්ණ ගෙවීම් ක්‍රම හරහා මුදල් ඉල්ලන ශ්‍රී ලාංකික සේවා සපයන්නන්ගෙන් භාණ්ඩ හා සේවා ලබාගන්නවාට වඩා පහසු ක්‍රමයකින් (ඒ කියන්නේ PayPal භාවිතයෙන්) සේවා සපයන ඉන්දියානු ජාතිකයන් වගේ අයගෙන් සේවයන් ලබාගැනීම පාරිභෝගිකයන් සිදු කරනවා. (උදා: වෙබ් අඩවි නිර්මාණය, ග්‍රැෆික් නිර්මාණය, දත්ත ඇතුළත් කිරීම්)
තනිවම හා කණ්ඩායම් වශයෙන් මෙම සේවා සපයා මුදල් උපයන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ඉන්නව වුනත් PayPal ශ්‍රී ලංකාවට සහය නොදැක්වීම ශ්‍රී ලංකාව තුළට මුදල් ගෙනෙන මෙම පිරිසට ඉමහත් බාධාවක් වී තියනවා. අපි හැමෝම දන්නවා මේ ක්‍රමය ඉතාම වේගයෙන් ප්‍රචලිත වන විදේශ විණිමය උපයන ක්‍රමයක් බව. මෙම සේවාවන් 'Business Process Outsourcing' (ව්‍යාපාරික සේවා පිටතට පැවරීම) යන නමින් හදුන්වනවා.
දැනට මොවුන් අනුගමනය කරන එක් ක්‍රමයක් තමා වෙනත් රටක ව්‍යාජ ලිපින යොදාගෙන PayPal ගිණුම් තැනීම. ඒත් එහෙම කිරීමෙන් සියළු මුදල්ද PayPal ගිණුමද අහිමිවීමේ අවදානම තියනවා.
ගැටළුවට හේතුව.
ඉහත දක්වපු විදිහට භාවිතය සීමා කරන්න හේතුව විමසල බලන්න අවශ්‍යයයි.
ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ යල් පැනගිය නීති ලෝකයේ හා ජනතාවගේ අවශ්‍යතා අනුව යාවත්කාලීන කරන්න අකමැති නිසා PayPal ආයතනයට තමන්ගේ සේවාවන් ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි වෙලා තියනවා.
විසදුම.
ශ්‍රී ලංකා රජය PayPal ආයතනය ශ්‍රී ලංකාවට සහය දක්වන්නට එකඟ කරවාගන්නේ නම් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති 21වැනි සියවසට ගැලපෙන පරිදි යාවත්කාලීන කරන්නේ නම් ශ්‍රී ලාංකිකයන්ට ලැබිය හැකි වාසි රැසක් තියනවා.
උදාහරණ.
1. eBay වැනි ජාලගත වෙළඳපොළවල් හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණිම හා එයට අදාළ මුදල් ලබාගැනීම.
2. සුළු හා මධ්‍යම පරිමාණ ග්‍රැෆික්, වෙබ් නිර්මාපකයන්, දත්ත ඇතුලත් කරන්නන් හට තමන්ගේ සේවා සපයා ඒ සඳහා අදාළ මුදල් ලබාගැනීම.
3. ඉහත කාරණා දෙක සඳහාම PayPal සහය දක්වන ඉන්දියාව වැනි රටවල් සමග සම මට්ටමෙන් තරග කරන්නට හැකි වීම.
4. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය හරහා ශ්‍රී ලංකාව තුළට පැමිණෙන මුදල් ප්‍රමාණය වැඩිවීම.
විසඳන මග.
1. PayPal Pte. Ltd. යනු ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි eBay Inc. ආයතනයේ උප ආයතනයකි. ශ්‍රී ලංකා රජය ඔවුන් සමග කටයුතු කොට ඔවුන්ගේ සේවා මෙරට වෙත ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ගැළපෙන අයුරින් වෙනස් කළ යුතුය.
2. PayPal ආයතනය මගින් අප ඉල්ලා සිටිය යුතු සේවා මේවායි,
* ඕනෑම මුදල් ප්‍රමාණයක් ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවේ අයෙකුගේ PayPal ගිණුමට ගෙන්වා ගැනීමේ පහසුකම.
* ශ්‍රී ලාංකිකයෙකුගේ PayPal ගිණුමේ ඇති මුදල් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකට ගෙන්වා ගැනීමේ පහසුකම.
මේ විසදුම් වෙනුවෙන් එකමුතුවක් තුළින් යමක් කරන්න කිහිප දෙනෙක් මේ වෙනකොටත් එකතු වෙලා තවත් අයව එකතු කරගනිමින් ඉන්නව කියන සුභවාදී පණිවිඩයත් අපිට දැනගන්න ලැබුනා. ඒ එය මේ වෙනුවෙන් මාර්ගගත ඉල්ලීමක් අත්සන් කරගනිමින් ඉන්නවා.
පහත තියන සබැදුම හරහා මේ ඉල්ලිමට සහයෝගය දැක්වීමට විනාඩියක් වැනි කෙටි කාලයක් වැය කරන්න කියල බ්ලොග් අවකාශයේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලනවා.
මාර්ගගත ඉල්ලීම ට අත්සන් කිරීම් (Online Petition)
ට්වීටර් (Twitter) ගිණුම
ෆෙස්බුක් (Facebook) ගිණුම
ප.ලි. මේ පිළිබද අපව දැනුවත් කළ සහ PayPal පහසුකම් අප රටට විවෘත කරගැනීමට වෙහෙස වී ක්‍රියා කරන, අප හිතවත් රාමාගේ අවඩියේ,
රාමා ට සහ ඒ වෙනුවෙන් ක්‍රියා කරන අනිත් සහෝදරයන්ට අපගේ විශේෂ ස්තුතිය.
තවද, මේ පිළිබදව පුළුල්ව දැනුවත් කිරීමට විජෙට්ටුවක් සැදීමට ක්‍රියා කරගෙන යන බව දැන ගැනීමට ලැබුණු අතර, ඒ සදහා ද ඔබෙගේ කාරුණික සහයෝගය ඉදිරියේදී අපේක්ෂා කරමු.
දේශපාලන විද්‍යාව නැමති විෂය ගැන මාගේ දැනුම අල්පය. නමුත් දේශපාලනය නැමති ප්‍රායොගික සාමාජීය ක්‍රියාව ගැන මා සතුවද කියවීමක් ඇත. ධනවාදයේ, ලිබරල් වාදයේ, සමාජවාදයේ, මාක්ස්වාදයේ හෝ වෙන මොනයම් වාදයකවත් ගුණ දොස් විමසීමට හෝ සංසංදනය කිරීමට වඩා 'යථාර්තවාදය' ගැන විමසීම මාගේ කැමැත්තයි. එනමුදු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මෙම කුමන හෝ වාදයක පැටලි සිටීම නිසා අපට මෙම වාද අමතක කර ප්‍රායෝගින දේශපාලනයක්
පිලිබඳ සංවාදයක් ඇරඹිය නොහැකිය.
අයි. ටී. එන්. එකෙන් පිටත ලෝකයක් ඇතැයි දන්නා සියළු දෙනා මේ වනවිට යම්තාක් දුරට මේ වනවිට රටක් ලෙස අප මුහුණ දෙමින් පවතින ආර්ථික, සාමාජීය, සංස්කෘතික සහ ආධ්‍යාත්මක පිරිහීම පිළිබද වැටහීමක් ලබා ඇති බව විශ්වාසය. රාවණ සංකල්පවලින් බැහැරව ශ්‍රව්‍යය දෘශ්‍යය ඉතිහාසයක් ගැන අප දන්නා මෑත ඉතිහාසයේ වසර සිය ගණන තුළද මෙවැනි පිරිහීම් නොතිබුනා නම් නොවේ. නමුදු පිරිහීමේ වර්ධනයක් සහ ඒවා සමාජයට විවෘතවීමේ ඉඩ හසර ඉතා ඉහල ලෙස වැඩිවීමක් මේ වන විට සිදු වී ඇති බවද නොරහසකි.
මෙම සමාජ යථාර්තයන් වලට පිළිතුරු සෙවීම සදහා ඉහත සදහන් කරන ලද සියළුම වාද වලට පාහේ අඩු වැඩියෙන් අප අවස්ථාව සලසා දී ඇත්තෙමු. එවන් වටපිටාවක් තුළ අප වර්තමානය වනවිට මුහුණ දෙන බිඳ වැටීම් වල කැපී පෙනෙන වර්ධනය යනු එකි දේශපාලනයන් තුළ පැවති බරපතල අඩුපාඩු සහ රැවටීම්ය.
පසුගිය සති කීපය තුළ මඩ ප්‍රචාර හැරුණු කොට වගකිවයුතු (යැයි අප කියනා) මාධ්‍යයන් තුළ අරක් ගත් ප්රමුඛ පුවත් සහ සුප්‍රසිද්ධ යථාර්තයන් කිහිපයක් දෙස අවධානය යොමු කිරීමෙන් මෙහි සත්‍යයතාවය ගැන වැටහීමක් ලබා ගැනීම දුෂ්කර නොවේ.
මේවා අරුමයන් නොවූවද දැන් දැන් අපි යම් සීමාවකට පැමිනෙමින් සිටීදෝයි මට
හැඟේ. ඒ සීමාව වන්නේ නැවත අප මව්බිම මේ සියළු අංශයන්ගෙන්, එක අංශයකින් හෝ අංශ කිහිපයකින් බරපතල ලෙස ඇද වැටීමයි. ගොඩ ගත් නොහැකි ලෙස ඇද වැටීමයි.
පාලනය කරන්නේ කුමන පිරිසද, කුමන පක්ෂයද යන්න පිලිබද මා හට ගැටළු නැත. නමුත් ඔවුන් පාලනයට යොදා ගන්නා න්‍යායන් පිළිබඳව නම් අතිශය තීරණාත්මක විග්රහ ඇත.
පොදුවෙ ගත් කළ, මෙතුවක් කල අප කර මතින් පුටුවලට ආ සියළු දෙනාගේ අදොනාවන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ හඳුනාගත හැක. ඒවා නම් 'ධනවාදයට මානුෂික මුහුණුවරක්' සහ 'සමාජවාදයට ප්‍රායෝගිකත්වයක්' ය. ධනවාදයට මානුෂික මුහුණුවරක් දෙන්නට ආ සියල්ල අප හට ඒ කී අයුරින්ම මානුශික වෙස් මුහුණක් පමණක්
පළඳවා 'ගරා යක් නැටුම්' සහ 'ජසයා සහ ලෙන්චිනා' පෙන්වූහ. සමාජවාදයට ප්‍රායොගිකත්වයක් දෙන්නට ආ පිරිස 'රටේ ප්‍රායෝගිකත්වය' සමග එක පෙළට සිට ගන්නටවත් සමත් නොවූහ.
යථාර්තවාදය සහ ප්‍රායෝගිකතවය සංකළණය කොට දෙමුහුන් ප්‍රතිපත්ති පෙරදැරි කොට ගත් පාලනයක් ඉහත සාකච්ඡා කරන ලද ගැටළුවලට විසදුම් සපයාවී යන්න මාගේ නිගමනයයි. ඒ පදනම න්‍යායයන් සමග
සබැඳු කළ අප සතු න්‍යායාත්මක විසදුම් දෙකක් ඇත; යන්න මාගේ කියවීමයි.
1. මානුෂිකවාදී අනන්‍ය වූ දේශීය ධනවාදය
2. ප්රායෝගිකවාදී අනන්‍ය වූ දේශීය සමාජවාදය
මින් එකක් හෝ පරිබාහිර සාධණීය න්‍යායයක් විත්තිවාචනය කිරීම ඔබගේ යුතුකමයි.
දවස් කීපයකට කලින් රාජ් ගේ පොලිස් කථාවක් දැක්ක. කාලෙකට කලින් දුමියගේ අල්ලපු රටේ එවුන්ට කෝචොක් දැම්ම ලිපියත්,
ලඟදි කියෙව්වා. මේ ලිපි දෙකම කියෙව්වේ එකම දවසේ. ඉතින් මටත් කාලෙකට කලින් අහපු කථාවක් මතක් වුනා.
මේකත් පොලිස් කථාවක්. හැබැයි මේක ඉතින් පොලිස් කිව්වට ලංකාවේ පොලිස් නෙමේ. ඉන්දියන් පොලිස්. ඉන්දියන් පොලිස් කිව්වහම ඉතින් දන්නවනේ. අපේ ලංකාවේ පොලිසියටත් වඩා අන්ත ජරා කියල. දැකල ඇතිනේ අර පරණ හින්දි චිත්‍රපටිවල එහෙම වලිය ඉවරවෙන කොට සයිරන් එකත් දා ගෙන එන්නේ.
සාමාන්‍යයෙන් අපිට වුනත් ඉන්දියන් පොලිස් කිව්වහම මැවෙන්නේ ඔය උඩින් ඉන්න පොලිස් මාමගේ රූපටය සමාන රූපයක්නෙ. උඩු රැවුල වවල, පහළට කරකෝලා, මරුමුස් පෙනුමට, යටි ගිරියෙන් කෑ ගහන.....
ඉන්දියාවේ පොලිසිය එහෙම රැවුල වවනෙනේ තමන්ගේ ආධිපත්‍යය පෙන්නන්නලු. කොටින්ම ඉන්දියාවේ 'මධ්‍ය ප්‍රදේශ්' ප්‍රාන්ත රජය මධ්‍ය ප්‍රදේශ් පොලිසියෙ අයට මාසෙකට ඉන්දියන් රුපියල් 30 ක දීමනාවකුත් ගෙවනවා, උඩු රැවුල වවනවට.
කොහොමින් කොහොම හරි කථාව මෙහෙමයි. ඔය ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් වල 'බෝපාල්' පොලිසියේ කට්ටියක් පුරුදු වෙලා හිටියලු හැමදාම එක හෝටලේකින් දවල් කෑම කන්න. හැබැයි මුන් ටික කවදාවත් සල්ලි නම් දෙන්නේ නෑලු. ඔය අතරේ බෝපාල් පොලිසියට අළුතෙන් එන පොලිස් මහත්තුරුත් අනිත් අයව අනුගමනය කරලා ඒ හොටලෙන්ම කාල සල්ලි නොදී මාරු වෙනවලු. මේක කොච්චර පාඩු වුනත් අර හෝටලේ අයිතිකාරයා මුන්ගේ හැටි දන්න නිසා පාඩුව දරාගෙන පාඩුවෙ ඉන්නවලු.
මේක කොච්චර සාමාන්‍යය සිද්ධියක් වුනාද කිව්වොත් යුනිෆෝම් නැතත් නිකං කාලා යන උන්ගෙන් සල්ලි ඉල්ලන්නවත් යන්නේ නැහැලු.
හැබැයි අර 'රැවුල' නිසා ලේසියෙන්
අඳුනගන්න පුලුවන් නිසා පොලිසියෙ නොවන උන් නිකං කාලා ගියොත් පට ගාල බඩු මාට්ටු වෙනවලු.
ඔන්න දවසක් මීට කලින් දැකලම නැති, හෙන ඇට්ටර පෙනුමක් තියන එකෙක් මේ හෝටලේට ඇවිත් දන්න කියන හැම කෑම ජාතියක්ම ඕඩර් කරනවලු. මුලු ලෝකෙ කෑම එදාම ඉවර වෙයි කියල බයට වගේ කාගෙන කාගෙන යනවලු. දැන් කැෂියර් කූඩුවෙ ඉන්න හාදයා මිනිහගේ ෂුවර් නැති පෙනුම හින්ද
හොඳට මූ ගැන ඇහැ ගහගෙනලු හිටියෙ.
මෙන්න දැන් මිනිහ කාල ඉවරලු. අයිස් ක්‍රීම් එකකුත් ඕඩර් කලාලු. ඒකත් ඉවරලු. තව බීම එකකුත් ඉල්ලුවලු. ඒකත් ඉවරලු. මෙන්න දැන් නැගිට්ටලු. වේටර් මල්ලිගෙන් බිල ගැනවත් ඇහුවෙ නැහැලු. දැන් ටික ටික ඔක්කොම කට්ටිය මිනිහ දිහාම බලාගෙන ඉන්නවලු. මිනිහ කැෂියර් මල්ලිත් පහු කරගෙන පාරට බැහැල යන්නලු දැන් හදන්නේ.
තව බලා හිටියොත් මූ මාරුවෙනවා කියල දැන ගත්ත කැෂියර් මල්ලි බැස්සලු පාරට. උඩු රැවුලත් නැති නිසා මූ පොලිස් කාරයෙක් නොවන බවත් ෂුවර්ලු.
අඩෝ..ව්...කෑවනම් සල්ලි දීල පලයං ඩෝව්...
හෙ...හේ...මල්ලි... ඇයි උඹ තර්ජෙනෙද? ඇයි උඹල වෙනදටත් පොලිෂියෙන් සල්ලි ගන්නවද? අද විතරක් ඉල්ලන්නෙ...
මේ ගොන් පාට් දාන්න එපා ඩෝ...උඹ කොහෙද පොලිෂියෙ..උඹව අපි මීට කලින් දැකලත් නෑ..නොදැක්කත් කමක් නෑ...පොලිෂියෙනම් කෝ උඹේ උඩු රැවුල....
පොරට ඒත් ගාණක් නෑලු. නෝන්ඩියට වගේ හිනා වෙන ගමන් මිනිහ හිමින් සැරේ පාත් කලාලු මිනිහගේ කලිසමේ ෂිප් එක....අන්ඩර් වෙයාර් එකත් පාත් කෙරුවලු....
හෙ...හේ....මල්ලි මම 'රහස් පොලිෂියේ'....
(හිනා ගියෙ නැති අය 'කුචි මැෂිමක්' ගන්න, තේරුනෙ නැති අය වැඩිහිටියෙක්ගෙන් අහගන්න)
නැවත නැවතත් කථා කිරීමට ආශාවක් නොවූවද, පහුගිය සතියක චතුෂ තුෂර කුමාර නොහොත් සුප්‍රසිද්ධ 'මාරයා' විසින් පළ කරණ ලද අදහස් කිහිපයක් වෙනත් සහෘදයෙකු මතක් කිරීමත්, හිතවත් රාමා විසින් මේ සම්බන්ධව ඉදිරිපත් කරණ ලද ලිපියකට පිළිතුරු දීමේදී මෙහි බරපතල ප්රථිවිපාකයන් වටහා ගැනීමත් මා පහත ලිපිය පළ කිරීමට හේතු වූ ආසන්නතම කරුණු වේ.

'මහානාම හිමි' ගේ සිට 'පනාපුත්‍ර කුහුඹුපැණියා' දක්වා ඉතිහාසය ඉකි බිඳුමක් බවට පත්කළ ඊනියා බඩගෝස්තරවාදීන් සහ මිරැන්ඩෝ වැනි අතිශයෝක්තිය හරහා උඩු ගං පිහිනීම ස්වයං වින්දනයක් කොට ගත් වඳුරු කුණුහරුප කාරයන් වත්මන් ඉතිහාස විකෘතියට සෘජුවම වගකිවයුතු බව මාගේ හැඟීමයි.
හෙළයන් පූර්ව 'විජය රාජ්‍යය' අවධියේ පවා දියුණු තාක්ෂනික සහ සංස්කෘතික උරුමයන් තම දෛනික කටයුතු වලදී යොදා ගත් බවට සාක්ෂි අපට කාලයක් තිස්සේ ලැබෙමින් පවතී. එය මිරැන්ඩෝලාගේ ගේ 'කොමිටල් එළි දැක්වීම්' හරහා රාවණාකරණයට ලක්වීම තුළින්, සත්‍යය උරුමයන් පිලිබඳ අතිශය සාරවත් කතිකාවතක් ඇතිවීමට තිබූ ඉඩකඩ ඉතා දුක්ඛදායක ලෙස ඇහීරී ඇත.
මහානාම හිමියන් මහාවංශය විහිළුවක් බවට පත්කර ඇත්තේ, බුදුන් ගේ ලංකා ගමන් තුන පිලිබඳව දක්වන සටහන් වලදී මහියංගනය, නාගදීපය, කැළණිය යන ස්ථාන ප්‍රධාන කොට පරිවාර සථාන 13ක්ද බුදු පා පහසට ලක් වුව බවත්, එකී ප්‍රධාන ස්ථාන විවිධ ගෝත්‍ර නියෝජනය කරණ හෙළයන්ගෙන් පිරි පැවතිය බවද දැක්වීමද,
එවන් ජනාකීර්ණ සහ ජන විසිරීමක් පැවති දේශය 700 පමණ මැරයින් සහ ස්ත්‍රී ලෝලීන් පිරිසක් විසින් ශිෂ්ඨාචාරකරණය කරණ ලද බවද, නව පරපුරක් (හෙළ) බිහි කළ බවද පැවසීම තුළින්ය.
මෙවන් ඉතිහාස භක්ෂකයන් පාසල් පෙළ පොතේ සිට ජාතික පුවත්පත් දක්වා අරක්ගත් යුගයක 'මීවනපලානේ ජයරත්න' නැමති අන්වර්ථ නාමයක් හරහා 'වර්ගපූර්ණිකාව' තුළින් එම විකෘතිවාදී චින්තනයන්ට සියුම්ව නමුත් නිර්ධය ලෙස පහර ගැසීම, මම නම් ප්‍රශංසාවට ලක් කරමි. (විවේචන සහිතව)
යටම ඇති ලිපි ගොනුව - උඩට ගන්නෙත්,
උඩම ඇති ලිපි ගොනුව - නැති කරන්නෙත් මමයි....
බලපතක් අත නැතිව - රිය පදින්නෙත්,
වැරදිකර නොකල ලෙස - යලි ගෙදර එන්නෙත් මමයි....
පුතා ජාතික පාසලට - දමා ගන්නෙත්,
ඕනෑම පලාතකට - මාරුව දා ගන්නෙත් මමයි....
හොරෙන් ලී පටවලා - ඉරා ගන්නෙත්,
දඩ මසක් එලාගෙන - රහ කරන්නෙත් මමයි....
අවේලාවේදි ලෙඩෙක් - බලා එන්නෙත්,
හොර සුරා පෙරාගෙන - විකුණන්නෙත් මමයි....
ටෙන්ඩරය වැඩි වුවද - අඩුව ගන්නෙත්,
රටින් එන බඩු ටිකේ - බදු අඩු කරන්නෙත් මමයි....
ලැබුණු හැඳුනුම්පතේ - වෙනස දන්නෙත්,
උප්පැන්න සහතිකේ - නම වෙනස් කලෙත් මමයි....
බැරි වැඩක් කර ගන්න මෙහෙ එන්න,
ලිස්සල යන්න හැකි 'අල්ලස' යි....ඒ මමයි....
සූර්යවංශය සහ රාවණ අධිරාජ්‍යය ගැන මෑතකදී පළ වූ සාරවත් කතිකාවත් දුටුවිට හෙළ යකුන්ගේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ ගවේශනාත්මකව තොරතුරු විමසීමට මා සිත තුළ බලවත් ආශාවක් ඇති විය.
'වර්ගපූර්ණිකාව' බ්ලොගය කියවීම තුලින් මා ලද දිරි ගැන්වීම හේතු කොටගෙන වර්තමානයේ අප එදිනෙදා දකින අසන දේ රාවණවංශයට කෙලෙස නෑකම් කියයිද යන්න සොයා බැලුවෙමි. මා විසින් සොයාගත් කරුණු විශ්මය ජනකය. මෙවර මා ඔබත් සමඟ බෙදා ගන්නේ ඉන් එක කරුණක් පමණි.
අද බොහෝ පිරිසක් සුනඛයින් තම නිවසේ ආරක්ෂාවට ඇති කරතත්, සමහර සුනඛ වර්ගවලට පමණක් ඉතා වංශවත් නම් ඇති බව ඔබ සියළුදෙනා දන්නා බව නිසැකය. උන් අතරින් 'ඩොබර්මන්' නැමති සුනඛ වර්ගයට ඉතා විශාල පිළිගැනීමක් ඇතිබව අවිවාදිතය. 'ඩොබර්මන්' යනු පුරාතන හෙළ යකුන් විසින් ඇති කරණ ලද සුරතලෙක් බව පැවසුවොත් ඔබ විශ්මයට පත්වනු නිසැකය.
හෙළයින් නිවසේ ආරක්ෂාවට තබා ගත යුත්තේ 'ඩොබර්මන්' වර්ගයේ සුනඛයන් පමණි. මන්ද යත් අපට උන්ව අතිශයින් විශ්වාස කළ හැකි හෙයිනි. පුරාණ සූර්ය වංශික 'සුනඛාභිලන්ශකාරය' ටීකාවේ සඳහන් වන ආකාරයට 'ඩොබර්මන්' යන්නෙහි ගාම්භීර අරුතක් ඇත. එනම් 'නරය බිය වන්නේ ඇයි' යන්නයි. මෙහි පද බිඳීම මෙලෙසින් දැක්වේ. ඩො = ඩෝහ් = නරය, බර් = බිරාන්ත = බය, මන් = මන්ද = ඇයිද? නිසැකයෙන්ම ඔබ 'ඩොබර්මන්' ගැන ආඩම්බර විය යුතු නොවේද? ඌට ගරු කළ යුතු නොවේද?
කුණ්ඩලීණි දැහැනට සමවැදී සිටි සුර්ය වංශයේ ප්රථාපවත් රජු රාවණ, මෙම 'ඩොබර්මන්' සුනඛයන්ගේ බිහිවීම, පැවැත්ම සහ අවසානය දුටු බව සුනඛාභිලන්ශකාරයේ පැහැදිලිව සඳහන් වේ. මෙහිදී අනාගත යම් දිනක මොවුන් ලෝ වැසි පර දේශක්කාරයින් අතරත් ඉතා ජනප්‍රිය වන බවත් අවැසි හා අනවැසි සෑම අවස්ථාවේදීම පර නරයන් ඉදිරියේ නැට්ට වැනීමට යාමෙන් මුන්ගේ ප්‍රෞඩත්වයට හානිවන බවත්, එයම ඉක්මන් අවසානයකට මග පෑදිය හැකි බවත් සුනඛාභිලන්ශකාරයේ 'පර නර බුර' පරිච්ඡේදයේ දක්වා ඇත.
මේ හේතුවෙන්ම රාවණ රජු විසින් 'ඩොබර්මන්' ගේ නැට්ට කැපිය යුතු බවට නීතියක් පැනවූ අතර, මෙය අනාදිමත් කලක පටන් අද දක්වාද ලෝ වාසීන් නොකඩවා කර ගෙන එති. මෙම නියමය ඉතා පැහැදිලිව 'සුවාරපොළ' ප්‍රදේශයෙන් මෑතකදී සොයාගන්නා ලද සෙල් ලිපියක සඳහන් වන බව පැවසුවොත් ඔබ විශ්මයට පත් නොවී සිටීවිද? එය මෙසේම වෙයි. 'නර බිර-මන් පර නර නැ කැප නි කෂ'.
තවද සෙල් ලිපිය පිහිටන ලද ස්ථානය ගැන විමසා බෑලීමෙදී මෙය වඩාත් තහවුරු වේ. විමසිල්ලෙන් බලන්න 'සු=සුනඛ, වාර=වාරණ, පොළ = ස්ථානය'. මෙයින්ම මෙය 'සුනඛයින්ට වාරණයන් පැනවු ස්ථානය' බව ඔප්පු නොවෙයිද?
සටහන - 'සුනඛාභිලන්ශකාරය' ටීකාවේ පිටපත් ගැන මාගෙන් නොවිමසන මෙන් කාරුණිකව ඉල්ලමි. මන්ද යත්, එහි වත්මන් භාරකාරතුමාගෙන් ඒ සඳහා මට අවසර නොලැබුණු බැවිනි. එසේම 'සුවාරපොළ' අති පැරණි සෙල් ලිපි ඉතා මෑතකදී නිදන් හොරු විසින් විනාශ කර ඇති බව මා දැන ගත්තේ අද දින උදෑසනය. මෙය නෙතට කඳුලක් එක් කළද, මෑත අනාගතයේ මේ හෙළබිම බිහිවන මහා රාවණ අධිරදු ඔවුනට නිසි දඬුවම් දෙනු ඇත.
Septal Defect හෙවත් 'ආවාර විකලතාව' රෝගය තේරෙන භාෂාවෙන් කිව්වොත් 'හදවතේ සිදුරු' මේ වෙනකොට අපේ රටේ කුප්‍රකට මාතෘකාවක්. දැන් අවුරුදු 10ක් විතර තිස්සේ පලු යනකම් මේ මාතෘකාව අපේ සෞඛ්‍යය බලධාරීන් වගේම අපි හැමෝම පට්ට ගැහුවා.
ඒත් මේ ලෙඩේ විලි ලැජ්ජා නැති විදිහට විකුණගෙන කන 'ජාවාරම්කාරයෝ' සෙට් එකක් දවසට රුපියල් 50,000 විතර හොයන්න හැමදාම එළියට බහින බව මම දැනගෙන හිටියත් මේ වංචාව දන්නේ නැති අපේ 'බ්ලොග් යාලුවෝ' ගැන බොක්කේ උපන් ගින්දර නිසාමයි මේක ගැන කියන්න හිතුනේ.
මේ ළඟදි 'ඊතලය' කියන සඟරාවෙන් මුන් ටිකේ රෙදි ගැලෙව්වා. (ගලවන්න මුන් ඇඳන් හිටියද කියල නම් මටත් සැකයි ) ඒත් මුන් නෙමේ වැඩේ අතෑරියේ. අපේ 'පොලෝසියේ' ඉන්නේ පගා කුක්කෝ නිසා මුන් ආයෙත් එළිපිට රෙදි ගලවගෙන නටනවා.
වැඩේ වෙන්නේ මෙහෙමයි.
බොසාගෙ නම 'රත්නසිරි' (ඇත්තම නම, ඕන් මම බොරු එහෙම කෙටුවෙ නෑ) මිනිහා හැමදාම උදේ 7 වෙද්දි කලින් නියම කර ගත්ත නැවතුම් පොළවල් කීපයකට 'ටොයෝටා හයිඑස් වෑන්' එකකින් එනවා. කලින් දැනුම් දීමක් කරල තිබ්බනම් ඒ වෑන් එකේ නැග්ග හැටියෙම අපිට රස්සාව හම්බ වෙනවා.
'රත්නසිරි' ය හරි, මිනිහගේ පවුල් 'කළු මැණිකා' හරි, රත්නසිරිගේ බෑනා සේම රත්නසිරිගේ පවුලගේ හොර මිනිහා වන 'සුරංග' අපිට 'සිඟිති මල් කැකුලක් බේරා ගනිමු' කියල තියන හරි, 'සිඟිති දැරියකගේ හදවත් සැත්කමට ආධාර පිණිසයි' කියල ගහල තියන ටිකට් පොත් වගයක් හරි දෙනවා. මේවයේ රුපියල් 50යි කියලත් ගහල තියෙනවා. ඒ දැරිවිගේ නම ටිකට් දෙකේ නම් දෙකක් විදිහට තියෙන්නේ. හැබැයි ගහල තියෙන්නේ එකම ෆොටෝ එක. ලෙඩේ 'හදවතේ සිදුරු'. හැබැයි ටිකට් දෙකට අනුව මේකට 'ඔපරේෂන්' කරන්න නිර්දේශ කරල තියෙන්නේ දොස්තරල දෙන්නෙක්. එක්කෙනෙක් 'ජයවර්ධනපුර රෝහලේ අනුර කපූර්ගේ වෙදතුමා' අනිත් කෙනා 'ලංකා හොස්පිටල්හි යොහාන් සමරසේකර වෙදතුමා'.
(ගමේ තියන කට කතාව අනුව නම් මේ 'කපූර්ගේ මහත්තයා' රුපියල් 15,000 වගේ පොඩි ගාණකටලු මේ ' නිර්දේශ සහතිකේ විකුණලා' තියෙන්නේ.)
ඇත්ත මේකයි, මේ නමින් පොඩි එකෙක් නැහැ. ෆොටෝ එක අනුන්ගේ. අම්මයි, තාත්තයි විදිහට රගපාන්නේ ගමේම ඩබලක්. රස්සාවට යන එවුන්ට දවසේ 'ටාගට්' එක රුපියල් 2000 (ටිකට් 40). ටාගට් කවර් නැත්නම් 'කමිෂන්' එක 30% විතරයි. ටාගට් කවර් නම් 50% කමිෂන්. මුන්ගේ ප්‍රධාන ආහාරය බුරියානි. බොන්නේ නම් 'ගල් අරක්කු'. ඒ සල්ලි නැති නිසා නම් නෙමේ. ඒ උන්ගේ 'ෆේවරිට් බ්‍රෑන්ඩ්' එක නිසා. රත්නසිරියගේ බෑණා 'සුරංග' නම් ඔය ජරාව බොන්නේ නෑ. මිනිහ ඒ සල්ලි ඉතුරු කරල හවසට 'පැකට්' එක 'දානව' විතරයි. තවත් කීප දෙනෙක් 'ගල්' වලට අමතරව පුරුද්දක් විදිහට හවස් වෙලා 'බොබ් මාලි ස්පෙෂල්' එහෙම පාවිච්චි කරනවා. නාසා එකට පස්සේ වැඩිම සැරයක් හඳට ගියේ මුන් ටික කියල තමා ගමේ එවුන්නම් කියන්නේ.
හොදම හරිය තියෙන්නේ දැන්. සෙනසුරාදා, ඉරිදා, පෝය සහ රජයේ නිවාඩු දවස් තමා මුන්ට රජ මඟුල්. එදාට යන්නේ 'ළඟ පාත' නෙමේ 'දුර ඈත'. හරියටම කිව්වොත් අනුරාධපුර, පොළොන්නරු, මහනුවර, කතරගම තමා ජනප්‍රියම 'ඉස්පොට්'. එදාට කල්ල මරේ. ඔක්කොම වගේ 'ටාගට් කවර්' කරනවා. ඒත් 'ඕවර් ටයිම්' කලාට පාඩු නැති බව තේරෙන්නේ හවස් වෙනකොට.
මුන් කොච්චර සල්ලි තිබ්බත් ඈත ගියහම නවතින්නේ පන්සල් වල. කාලයක් තිස්සේ පුරුදු කරගත්ත පන්සල් කීපයක් මුන් දන්නවා. රෑ හත අට වෙද්දී කාල, බීල, රීල ඔක්කොම ඉවර වෙලා කට්ටිය දෙන්නා දෙන්නා බෙදනවා. ඒ කාඩ් සෙල්ලම් කරන්න, කැරම් සෙල්ලම් කරන්න එහෙම නෙමේ. 'රති' සෙල්ලම් 'කොරන්න'. ඒකට ඔය දාන ශාලාවල එහෙම තියන ඩෙස් බංකු වලින් වට කරල ඉටි කොළ වලින් වහල 'ගෙස්ට් රූම්' උන්ම හදා ගන්නවා. ('කෙඳිරිලි සද්ද එහෙම ඇහුනට දැන්නම් අපිට ගානක් නෑ බන්'; කියල තමා මට අවුරුදු 2ක් තිස්සේ මේ රස්සාව කරන මගේ බොක්කේ ෆිට් එකක් මාත් එක්ක කිව්වෙ)
ඉතින් මුන්ගේ පවුල් ජීවිත ගැන එහෙම මගෙන් දැන් අහනව නෙමේ ඕන්.. මේ වැඩේ තියන පැණි රහට ලොල් වෙච්ච මුන්ගෙම කල්ලිය දැන් මේ වෙනකොට කල්ලි 4කට විතර කැඩිලා. ආයෙ මොකටද දවසම දුක් මහන්සි වෙලා 50% විතරක් ගන්නේ කියල හිතුන උන් දැන් මේක 'ස්වයං රැකියාවක්' විදිහට කරනවා. කොටින්ම එක කල්ලියක ලොක්ක විදිහට ඉන්න 'අතුල' මේ ලඟදි දවසක් කියල තිබ්බා 'අපේ ගමේ ඒක පුද්ගල ආදායම වැඩිකරන්න සැලකිය යුතු වැඩ කොටසක් අපි මේ වෙනකොටත් කරල තියනවා' කියල. ඇත්තටම 'රබර් කොපු' තිබ්බේ නැත්නම් 'ඒක පුද්ගල ආදායම විතරක් නෙමේ පුද්ගලයෝ ගානත්' මුන්ට වැඩි කරන්න තිබ්බා.
ප. ලි. - මෙය ප්‍රභන්ධයක් නම් නොවේ. ඇත්ත මා අසා දැක ඇති අයුරින් හැකිතරම් නිවැරදිව ඉදිරිපත් කර ඇත. නම් ගම්ද උප්පැන්නේ අයුරින් නොදනිතත්, භාවිතයේ ඇති අයුරින් නිවැරදිය.
ඔයාල අහල දැකල තියෙන දේත් බෙදා හදා ගන්න මේක හොඳ අවස්ථාවක් ඔන්න...
අපි අළුත් නිසා වචනයක් දෙකක් කියල ගියොත් ගොඩක් හිතට සතුටුයි. එහෙම නෑ කියල අපේ හිතේ කිසි කහටක්නම් නෑ ඕන්...
මාස කීපයක් තිස්සේ යටි පතුලේ ඉදන් ඉස් මුදුනට යනකම් බ්ලොග් වල අoග උපාoග බැලුවට හැමදාම අමුඩේ ගහන්න පරක්කු කලා. අමුඩෙ ගහන්න තේරෙන්නෙ නැතිව හිටියත්, අර රාම කුමාරයාගේ හූ...ව නිසා මොන රෙද්දකින් හරි දැන්වත් විලි වහ ගන්න හිතුව.
රාජ් ගොයියත් කිව්වෙම දැන්නම් හෙලුවෙන් හිටිය ඇති කියල.
කොහොම කොහොම හරි ඉස්ස ඉස්සෙල්ලා විලි වහගන්න හොද රෙද්දක් හොයා ගන්න ගොඩක් කල් ගියා. මෑතකදී රාජ් කිව්ව වගේ 'පරිපූර්ණ නිර්මාණ' බිහි කරන්න හිටියොත් හැමදාම හෙලුවෙන්. අනික් අතට අපේ මහ වෙදනා කිව්ව වගේ මේකත් 'හයිලි ඇඩික්ටිව්' වැඩක්. දවසක්, දෙකක් බ්ලොගක් පැත්තේ ආවොත්, කුඩු ගැහුවා වගේ තමා.
කොහොමින් කොහොම හරි කටට කෙළ උනනව වැඩි කමට කාල බලන්න තීරණය කලා...කාපු අය දත් හිරිවැටුනත් ඇඹුලට ආස නිසා දිගටම කන බව පේනවා..බලමු ඉතින් අපිත් කාලම.
මාස කීපයකට කලින් මගේ යාලුවෙකුත් අපි ඇඹුල් කනවා දැකල කටට කෙළ උනලා, අඹයක් කන්න හිතුවා. අඹයක් කිව්වට අඹයක් කන්නම නෙමේ, අඹුවක් ගන්න හිතුවා. (අපිනෙ දන්නෙ දත් විතරක් නෙමේ අත පයත් හිරි වැටෙනවා කියල )
කොහොමින් කොහොම හරි ඒකත් ජය සිරි මoගලම් කියල අපිත් පූර්ණ සහයෝගෙ දුන්නා. (පැණි හදටනම් අපේ උදව් එපා කියල ඌ කලින්ම කිව්වා )
ඌ කන කටු අපි කාල කාලයක් ගොහින් නිසා මම පොදු අත්දැකීම් දන්නවා උනත්, දවසක් මම පාරෙදි දැක්ක දෙයින් පුදුම උනා.
මෙන්න මූ ලව් කරන කාලෙටත් වඩා තදින් පවුලගේ අතින් අල්ලගෙන තුරුලු කරගෙන පාරෙ යනවා..එච්චර කතා බහක් දෙන්න අතරේ තිබ්බේ නැති උනත්, ලව නම් උපරිමයි වගේ. මට බලන් ඉන්න ලැජ්ජත් හිතුනා.
මෙන්න දැන් දවස් දෙකකට කලින් මූව මට පාරෙදී මූනටම සෙට් උනා. දන්නවනේ ඉතින් අපිත් මොනව උනත් ඕපස් වලට හරිම කෑදරයිනේ. පොඩි චැට් එකකට මෑන්ව ඇදල ගත්තා.
කොහොමද බන් පවුල් ජීවිතේ?
කියල වැඩක් නෑ බන්...තිත්ත වෙලා තියෙන්නේ..(හුටා... මම ජීවිතේට හිතුවෙ නෑ මූ මෙහෙම කියයි කියල )
හුටා....එතකොට උඹ නෙමේද ගිය බදාදා උඹෙ ගැනිගේ අතත් බදාගෙන හoදියේ හිටියේ.
මම තමා බන්....
යකෝ..... ඔච්චර එපා වෙලානම් උඹ ඔච්චර ආදරයෙන් අත් අල්ලගෙන හිටියෙ කාව රවට්ටන්නද?
උඹ හු#$^^% කතා කරනවා.. ආදරෙන් නෙමේ යකෝ.......
'මම ඒ අල්ලගෙන හිටියෙ මගෙ ආත්ම ආරක්ෂාවට.'....
ඌ මට ගහන්න කලින් මම එතනින් දිරා මාරු උනා...
ප.ලි. මගේ පළවෙනිම අමුඩෙ නිසා...හිල් තියන තැන පෙන්නුවොත් ඊලග අමුඩෙ ඉදලවත් මට හරියට මහ ගන්න පුලුවන්. 'කමෙන්ටුවක් අත ඇරල නූතන දේශප්‍රෙමියෙක් වෙන්න...' කියල ඕන් ඉල්ලුවා....
තාම හදාගෙන යනවා...පොඩ්ඩක් ඉන්න හොදේ....
ඇවිත් බැලුවට බොහොම පින්....