Tuesday, June 19, 2012

ඇබෑර්තු ඇත! ඩේලි කමිෂන්...ෆ්‍රී සෙක්ස්...



Septal Defect හෙවත් 'ආවාර විකලතාව' රෝගය තේරෙන භාෂාවෙන් කිව්වොත් 'හදවතේ සිදුරු' මේ වෙනකොට අපේ රටේ කුප්‍රකට මාතෘකාවක්. දැන් අවුරුදු 10ක් විතර තිස්සේ පලු යනකම් මේ මාතෘකාව අපේ සෞඛ්‍යය බලධාරීන් වගේම අපි හැමෝම පට්ට ගැහුවා.


ඒත් මේ ලෙඩේ විලි ලැජ්ජා නැති විදිහට විකුණගෙන කන 'ජාවාරම්කාරයෝ' සෙට් එකක් දවසට රුපියල් 50,000 විතර හොයන්න හැමදාම එළියට බහින බව මම දැනගෙන හිටියත් මේ වංචාව දන්නේ නැති අපේ 'බ්ලොග් යාලුවෝ' ගැන බොක්කේ උපන් ගින්දර නිසාමයි මේක ගැන කියන්න හිතුනේ.



මේ ළඟදි  'ඊතලය' කියන සඟරාවෙන් මුන් ටිකේ රෙදි ගැලෙව්වා. (ගලවන්න මුන් ඇඳන් හිටියද කියල නම් මටත් සැකයි ) ඒත් මුන් නෙමේ වැඩේ අතෑරියේ. අපේ 'පොලෝසියේ' ඉන්නේ පගා කුක්කෝ නිසා මුන් ආයෙත් එළිපිට රෙදි ගලවගෙන නටනවා.


වැඩේ වෙන්නේ මෙහෙමයි.


බොසාගෙ නම 'රත්නසිරි' (ඇත්තම නම, ඕන් මම බොරු එහෙම කෙටුවෙ නෑ) මිනිහා හැමදාම උදේ 7 වෙද්දි කලින් නියම කර ගත්ත නැවතුම් පොළවල් කීපයකට 'ටොයෝටා හයිඑස් වෑන්' එකකින් එනවා. කලින් දැනුම් දීමක් කරල තිබ්බනම් ඒ වෑන් එකේ නැග්ග හැටියෙම අපිට රස්සාව හම්බ වෙනවා.


'රත්නසිරි' ය හරි, මිනිහගේ පවුල් 'කළු මැණිකා' හරි, රත්නසිරිගේ බෑනා සේම රත්නසිරිගේ පවුලගේ හොර මිනිහා වන 'සුරංග' අපිට 'සිඟිති මල් කැකුලක් බේරා ගනිමු' කියල තියන හරි, 'සිඟිති දැරියකගේ හදවත් සැත්කමට ආධාර පිණිසයි' කියල ගහල තියන ටිකට් පොත් වගයක් හරි දෙනවා. මේවයේ රුපියල් 50යි කියලත් ගහල තියෙනවා. ඒ දැරිවිගේ නම ටිකට් දෙකේ නම් දෙකක් විදිහට තියෙන්නේ. හැබැයි ගහල තියෙන්නේ එකම ෆොටෝ එක. ලෙඩේ 'හදවතේ සිදුරු'. හැබැයි ටිකට් දෙකට අනුව මේකට 'ඔපරේෂන්' කරන්න නිර්දේශ කරල තියෙන්නේ දොස්තරල දෙන්නෙක්. එක්කෙනෙක් 'ජයවර්ධනපුර රෝහලේ අනුර කපූර්ගේ වෙදතුමා' අනිත් කෙනා 'ලංකා හොස්පිටල්හි යොහාන් සමරසේකර වෙදතුමා'.


(ගමේ තියන කට කතාව අනුව නම් මේ 'කපූර්ගේ මහත්තයා' රුපියල් 15,000 වගේ පොඩි ගාණකටලු මේ ' නිර්දේශ සහතිකේ විකුණලා' තියෙන්නේ.)


ඇත්ත මේකයි, මේ නමින් පොඩි එකෙක් නැහැ. ෆොටෝ එක අනුන්ගේ. අම්මයි, තාත්තයි විදිහට රගපාන්නේ ගමේම ඩබලක්. රස්සාවට යන එවුන්ට දවසේ 'ටාගට්' එක රුපියල් 2000 (ටිකට් 40). ටාගට් කවර් නැත්නම් 'කමිෂන්' එක  30% විතරයි. ටාගට් කවර් නම් 50% කමිෂන්. මුන්ගේ ප්‍රධාන ආහාරය බුරියානි. බොන්නේ නම් 'ගල් අරක්කු'. ඒ සල්ලි නැති නිසා නම් නෙමේ. ඒ උන්ගේ 'ෆේවරිට් බ්‍රෑන්ඩ්' එක නිසා. රත්නසිරියගේ බෑණා 'සුරංග' නම් ඔය ජරාව බොන්නේ නෑ. මිනිහ ඒ සල්ලි ඉතුරු කරල හවසට 'පැකට්' එක 'දානව' විතරයි. තවත් කීප දෙනෙක් 'ගල්' වලට අමතරව පුරුද්දක් විදිහට හවස් වෙලා 'බොබ් මාලි ස්පෙෂල්' එහෙම පාවිච්චි කරනවා. නාසා එකට පස්සේ වැඩිම සැරයක් හඳට ගියේ මුන් ටික කියල තමා ගමේ එවුන්නම් කියන්නේ.


හොදම හරිය තියෙන්නේ දැන්. සෙනසුරාදා, ඉරිදා, පෝය සහ රජයේ නිවාඩු දවස් තමා මුන්ට රජ මඟුල්. එදාට යන්නේ 'ළඟ පාත' නෙමේ 'දුර ඈත'. හරියටම කිව්වොත් අනුරාධපුර, පොළොන්නරු, මහනුවර, කතරගම තමා ජනප්‍රියම 'ඉස්පොට්'. එදාට කල්ල මරේ. ඔක්කොම වගේ 'ටාගට් කවර්' කරනවා. ඒත් 'ඕවර් ටයිම්' කලාට පාඩු නැති බව තේරෙන්නේ හවස් වෙනකොට.


මුන් කොච්චර සල්ලි තිබ්බත් ඈත ගියහම නවතින්නේ පන්සල් වල. කාලයක් තිස්සේ පුරුදු කරගත්ත පන්සල් කීපයක් මුන් දන්නවා. රෑ හත අට වෙද්දී කාල, බීල, රීල ඔක්කොම ඉවර වෙලා කට්ටිය දෙන්නා දෙන්නා බෙදනවා. ඒ කාඩ් සෙල්ලම් කරන්න, කැරම් සෙල්ලම් කරන්න එහෙම නෙමේ. 'රති' සෙල්ලම් 'කොරන්න'. ඒකට ඔය දාන ශාලාවල එහෙම තියන ඩෙස් බංකු වලින් වට කරල ඉටි කොළ වලින් වහල 'ගෙස්ට් රූම්' උන්ම හදා ගන්නවා. ('කෙඳිරිලි සද්ද එහෙම ඇහුනට දැන්නම් අපිට ගානක් නෑ බන්'; කියල තමා මට අවුරුදු 2ක් තිස්සේ මේ රස්සාව කරන මගේ බොක්කේ ෆිට් එකක් මාත් එක්ක කිව්වෙ)


ඉතින් මුන්ගේ පවුල් ජීවිත ගැන එහෙම මගෙන් දැන් අහනව නෙමේ ඕන්.. මේ වැඩේ තියන පැණි රහට ලොල් වෙච්ච මුන්ගෙම කල්ලිය දැන් මේ වෙනකොට කල්ලි 4කට විතර කැඩිලා. ආයෙ මොකටද දවසම දුක් මහන්සි වෙලා 50% විතරක් ගන්නේ කියල හිතුන උන් දැන් මේක 'ස්වයං රැකියාවක්' විදිහට කරනවා. කොටින්ම එක කල්ලියක ලොක්ක විදිහට ඉන්න 'අතුල' මේ ලඟදි දවසක් කියල තිබ්බා 'අපේ ගමේ ඒක පුද්ගල ආදායම වැඩිකරන්න සැලකිය යුතු වැඩ කොටසක් අපි මේ වෙනකොටත් කරල තියනවා' කියල. ඇත්තටම 'රබර් කොපු' තිබ්බේ නැත්නම් 'ඒක පුද්ගල ආදායම විතරක් නෙමේ පුද්ගලයෝ ගානත්' මුන්ට වැඩි කරන්න තිබ්බා.

ප. ලි. - මෙය ප්‍රභන්ධයක් නම් නොවේ. ඇත්ත මා අසා දැක ඇති අයුරින් හැකිතරම් නිවැරදිව ඉදිරිපත් කර ඇත. නම් ගම්ද උප්පැන්නේ අයුරින් නොදනිතත්, භාවිතයේ ඇති අයුරින් නිවැරදිය.

ඔයාල අහල දැකල තියෙන දේත් බෙදා හදා ගන්න මේක හොඳ අවස්ථාවක් ඔන්න...


අපි අළුත් නිසා වචනයක් දෙකක් කියල ගියොත් ගොඩක් හිතට සතුටුයි. එහෙම නෑ කියල අපේ හිතේ කිසි කහටක්නම් නෑ ඕන්...

18 comments:

  1. මම කිව්වේ බොරුද ? ඔය තියෙන්නේ සුපිරි ලිවිල්ලක් :)

    මම අහල තියෙනවා සමහර වෙලාවට ඔය ඇත්තටම රෝගී ළමයෙකුට ආධාර එකතු කරලා සනීප වුනාට, එහෙමත් නැතිනම් මිය ගියාට පස්සේ අර වගේ ජාවාරම් කාරයෝ නියම දෙමාපියන්ගෙන් වෛද්‍ය සහතික මිල දී ගන්නවා කියන කතාව.

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවකුත් තියනවා. මෙහෙ මේ කස්ටිය වැඩ පටන් ගත්තේ ඔය 'අතුල' කියන එකාගේ බිරින්දෑ ගේ වකුගඩු නරක් වුනහම. ඒ බැඳපු අළුත. දැන් ගෑනිට සනීප වෙලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. තාම රස්සාව කරගෙන යනවා.

      Delete
  2. අම්මට සිරි! හිඟන ව්‍යාපාර කොතෙකුත් තිබුනාට මේවගේ සීන් ඇත්ත කියලයි මම හිතාගෙන හිටියේ. මේක නිකංම හිඟාකෑමක් නෙවේ. ප්‍රොෆෙෂනල් විදියට කරන හිඟා කෑමක්. ඇයි ඉතිං චාටරුත් නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..ගන්න සල්ලිවලින් මුන් දියුණු වෙනවනම් හිතා හදා ගන්න තිබ්බා. ඒ සල්ලි වියදම් කරන්නෙත් දුරාචාරයට. එකයි බලපතලකම.

      Delete
  3. අපේ ගමෙත් ඔහොම සීන් එකක් තියෙනවා

    නිකන් ඉන්න ගෑනු ටික මෙහෙ හාමුදුරු කෙනෙක්ගෙන් අත්සන සහිත සීල එක තියෙන ටිකට් පොත් හාමුදුරුවන්ට සල්ලි ගෙවලා ගන්නවා.පසුව ඒගොල්ලෝ මේක වැඩි ගානට විකුනලා ලැබේ එයාලා ගන්නවා.කාටවත් සැකයක් නැහැ හාමුදුරුවන්ගේ විස්තර ටිකට් එකේ තියෙනවා තව අනාත නිවාසෙකට ආධාර පිනිස කියලත් තියෙනවා.කව්රු හරි කෝල් කරලා ඇහුවොත් හාමුදුරුවෝ කියනවා ආ මම තමා එයාලව එව්වේ මේ අනාත නිවාසේ දායිකාවෝ කියලා.ඒත් ඇත්තටම ඇති අනාත නිවාසෙකුත් නැහැ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... මේකෙන් වෙන්න ඇත්තටම අමාරුවේ වැටිල ඉන්න මිනිස්සු දිහාත් අපි කුකුසෙන් බලනවා. හැබැයි බහුතරය මෙහෙම තමයි.

      Delete
  4. අපේ පැත්තෙ කොල්ලෙකුත් ඔහොම ලෙඩවෙලා තිබුනා. අපේ තාත්තත් උදව්වක් විදිහට ටිකට් විකුනලා දුන්නා. කොල්ලගෙ ඔපරේෂන් එක හරිගිහින් සනීප වුනා.

    පස්සෙ කාලෙකනෙ වැඩේ දන්නෙ. අපේ නෑ කෙනෙක් මහ ඉස්පිරිතාලෙ ඩයල් එකක් ඒ ඔප්‍රේශන් එක නිකම් කරලා දීලා තිබුනෙ. ලෙඩා එක්කහු කරපු සල්ලි ටික හංගගෙන. පස්සෙ කාලෙක ගෙදරට බඩු මුට්ටු එහෙම ගත්තා..

    ReplyDelete
    Replies
    1. අඩුම තරමේ කොල්ලගේ ගෙදර වුන් සල්ලි එකතු කල පරමාර්ථය බොරුවක් නෙමේ කියල හිත හදාගන්න පුළුවන්. හැබැයි ගහපු බොරු නිසා ඊළඟ ආත්මෙදිත් ලෙඩම තමා.

      Delete
  5. හොඳ සමාජ පර්යේෂණ ලිපියක් ...ස්තුතියි දිගමට ලියන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට. මේක ඇත්තටම මම පොඩි කාලෙ ඉඳල දැක්ක දෙයක්. මෙක අපේ ගමේ අයට සාමාන්‍යයකරණය වෙලා. ඒත් දැන් දැන් විරුද්ධව කෑ ගහන පිරිස වැඩි වෙනවා.

      Delete
  6. අපේ ටවුමෙත් හැමදාම වගේ වෑන් එකක ඉන්නවා මේ වගේ සෙට් එකක්...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් සෝදිසි කරල බලන්න. මේ කට්ටියම වෙන්න පුළුවන්. මේ අය නම් දන්න කියන අයව දැනුවත් කරන්න. නැත්නම් පවු අහිoසක මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරපුවා නරුමයන් රැලකගේ වැරදි වැඩ වලට නාස්ති වෙනවා.

      Delete
  7. බොහොම වටිනා සමාජ ගවේෂණයක්. දිගටම ලියන්න අපි එනවා කියවන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට. ඔබේ පැමිණීම අපිට දිරි දීමක්.

      Delete
  8. ඔන්න මගෙනුත් මල් මිටක්...
    නමට ‍විතරක් දේශපේමී නොවීම ගැන ආඩම්බරයි ඔබ ගැන..

    මේකෙම තියන තව පැත්තක් තමා හමුදා සුභ සාධනය වෙනුවෙන් දිනුම් ඇදීම් කරන බවට ප්‍රකාශ කරමින් විකුණන ටිකට් පොත්..
    පිට එවුන්ට අහු වුනාට දුක නෑ.. මම ගමේම එකෙකුටත් අහුවුනා..

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ උන් දවසක් මගෙනුත් පාරෙදි ඉල්ලන්න ආවා. මම හිටියේ 'ෆුල් ෆේස්' හෙල්මට් එකක් දාලා. මම මුකුත් කිව්වේ නෑ. හෙල්මට් එක විතරක් ගැලෙව්වා. සල්ලි ගන්න ආපු එකා තප්පරෙන් දිරා මාරු.

      බොහොම ස්තුතියි මෙහෙ ආවට. රිප්ලයි කරන්න පරක්කු උනාට සමාවෙන්න.

      Delete
  9. Oya kathawa eththa, ape town eke, hema angaharuwadatama van ekak enawa lamayekta papuwe hilak kiyala ticket wikunaganna. GALGAMUWA TOWN (ANURADHA PURA - KURUNEGALA ROAD)

    ReplyDelete
  10. මේ කතාව ඇත්තම බව මමත් හොඳින්ම දන්නවා. ළමයෙක්ගෙ පින්තූරයක් දාගත්තහම හුඟක් දෙනෙක්ට අනුකම්පාව උපදිනවනෙ. අනික බස් එකක එහෙම විකුණන්න ගත්තහම, බොරු බව දැන දැනත් අනික් මිනිස්සු බලන් ඉන්න හින්ද ගොඩක් මිනිස්සු සල්ලි දෙනවා. ඉස්පිරිතාලෙන් ලෙඩේ ගැන සඳහන් කරලා දෙන කාඩ් එක පාවිච්චි කරල, (තමන්ගෙ හරි අනුන්ගෙ හරි) එහෙම නැත්නම් මොකක් හරි දිය වෙච්ච කොළයක් සිය පාරක් විතර ෆොටෝ කොපි කරල ඔය ජාවාරම කරගෙන යන්නෙ. සමහර වෙලාවට ඔය කාඩ්වල තියෙන්නෙ වෙන මොකවත් ලෙඩක්. රජයේ රෝහල්වල ඔය සැත්කම්වලට මුදල් ගන්නෙ නැහැ.

    ReplyDelete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.