Monday, October 8, 2012

රෝම දෙවගනක් ගල්කිස්සෙදී පැහැර ගනී..(තවත් එක් පුවතක් පමණි)



ස්ථානය - බටහිර ඉන්දීය කොදෙව්ව, ගල්කිස්ස
කාල වකවානුව - සදාකාලිකයි

'ජස්ටිෂියා' නම් රෝම ජාතික මැදි වයස් කාන්තාවක් පසුගිය දිනක ගල්කිස්ස ප්‍රදේශයෙදී කළු පටියකින් දෙඇස් බැද දමා පැහැරගෙන ගොස් ඇත.

අවසන් වරට දකින විට වමතින් කෞතුකාගාරයෙන් සොරකම් කරණ ලද කඩුවක්ද, සුරතින් ජා.ඉ. බැංකුවෙන් සොරකම් කරණ ලද තරාදියක 'කොටස්' ද දරා සිට ඇති ඇය, ඇද සිට ඇත්තේ පාර දෘශ්‍යය ඉටි රෙද්දකින් මසන ලද කබායකි.

මෙය මේ කාන්තාවගේ නිරුවත දැක ඇයට අතවර කිරීමේ අභිලාෂයෙන් කරාටි පිළිබද ආචාර්‍ය් උපාධිදරයෙකු විසින් කළ බවට තමා සැක කරණ බවත් ඔහු ඉතා ඉක්මණින් නීතිය හමුවට පමුණුවන බවත් පොලිස්පති ආර්. දුමින්ද මහතා පැවසීය.

මේ පිළිබද අදහස් දැක්වූ ප්‍රවීන මාධ්‍යවේදී, අධිකරණ අමාත්‍යංශයේ අධික්ෂණ මන්ත්‍රී එස්. රදලියගොඩ (දේශශක්ති, එතෙර අභිමානී) මහතා ප්‍රකාශ කර සිටියේ මෙවැනි අපරාධකරුවන්ට දඩුවම් දීම සදහා පුරාතන රජකාලේ මෙන් උල තැබීමට  'යකඩ' උල් මේ වනවිට විදේශයකින් ආනයනය කිරීමටත් යකඩ දඩුකද කිහිපයක් තැනීමටත් සියළු කටයුතු සූදානම් බවයි.

මේ පිළිබදව විමසීම සදහා අප දැන් සම්බන්ධ කරගන්නේ සංස්කෘතික කටයුතු පිළිබද ඇමතිනී ජිනා ඒකනායක මැතිණියයි....