Saturday, September 29, 2012

මට තෝ විතරක් උනාට තොට ඉන්නේ මං විතරද...



අර කියමනක් තියනවනේ 'බ්ලොග් ලෝකෙට දවසක් ආපු එකා පහුවදා බ්ලොග් එකක් දානවා' කියල. මමත් එහෙමම තමා. සාහිත්‍යාර්ථයෙන් දවසක් කිව්වට මමත් මාසයක් විතර තමා බ්ලොග් බල බලා විතරක් හිටියේ.

බුකියේ ස්ටේටස් දාල නිකං ඉන්නවා කියල දොස් මුරයක් දැම්ම රාමාගේ අඩවියේ රාමා තමා මාව බ්ලොග් ලෝකෙට තල්ලු කලෙ.

මොන හේතුවකට මන්දා, රාමගෙ බ්ලොග් එකෙන් පස්සේ මම ඇදිලා තිබුනේ 'රාජ්ගේ නවාතැන' දිහාවට. රාජ්ගේ බ්ලොග් එකේ තිබ්බ නිර්මාණශීලිත්වය දැක්කහම තමා ඇත්තටම බ්ලොග් එක පටන් ගන්න පන්නරය ලැබුණේ. ඒ කියන්නේ නොදැනීම රාජ් මේක පටන් ගන්න මට උදව් කරල තියනවා.

තව උදව් කරපු අයනම් බොහොමයක් ඉන්නවා. ඒත් නම් කියන්න ගියොත් මගෙන් අතපසු වීමක් වෙයි කියල හිතෙන නිසා, වචනයකින් හරි උදව් කළ හැමෝටම 'බොහොම ස්තුතියි' 

මම බ්ලොග් ලෝකේ මොන්ටිසෝරියේ ඉන්න එකෙක්. මොන්ටිසෝරියෙදී ජිල් බෝල ගහල දිනල 'කුරුම්බැට්ටි මැෂිමක්' හම්බ උනත් අපිට ලොකු දෙයක්. හැබැයි වෙන කාට ඒක 'කුරුම්බැට්ටි මැෂිමක්' විතරක් වුනාට. ඒක මට 'සුපර් සොනික්' ජෙට් එකක්.

මම මේ වරෙන් ඔරෝ දාන්නේ වෙන මොකටවත් නෙමේ. මේ වසරේ පළමු වතාවට පවත්වන 'බස් රේඩියෝ බ්ලොග් සම්මාන 2012' 'නවක බ්ලොග්කරණය' වෙනුවෙන් නිර්දේශ වෙලා තියෙන බ්ලොග් අඩවි 3 අතරට මේ බ්ලොග් එකත් ඇතුළු වෙලා.

මේ වෙනුවන් ඔය ඇස් දෙක මේ බ්ලොග් එක උඩ තියාගෙන වෙහෙසුන ඔයාලටත්, යතුරු පුවරුව උඩට වෙලා ඇගිලි වලට දුක් දුන්න ඔයාලටත්, වාචිකව අදහස් කියපු, මූණපොතේදී කථා කල හැමෝටමත්, වෙනත් අඩවි වලදී මාත් එක්ක එකට හුරේ දාපු, ඇනකොටා ගත්ත හැමෝටමත් 'පිං සිද්ධ වේවා'

මගේ යතුරුපුවරුව කලබල වෙලා කියපු මොකක් හරි වචනෙකින් ඔය කාගෙවත් හිත රිදුනනම් සමාවෙන්න.


මට තියෙන්න මේ බ්ලොග් එක විතරක් උනාට මේ බ්ලොග් එක දිහා බලාගෙන ඉන්නේ මම විතරක් නෙමේ කියල මම දැන් දන්නවා.

ඒ හැමෝම වගේම මම වෙනුවෙනුත්, මම ජීවත් වෙන විශ්වය වෙනුවෙනුත් එදාට අදටත් වඩා හෙට මම Modern Patriot කෙනෙක් වෙන්නම්.

29 comments:

  1. මට තියෙන්න මේ බ්ලොග් එක විතරක් උනාට මේ බ්ලොග් එක දිහා බලාගෙන ඉන්නේ මම විතරක් නෙමේ කියල මම දැන් දන්නවා.// ඔව් ඔව්,, අපිත් බලාන ඉන්නේ. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ජයග්‍රණයත් ලැබිලා..බස් රේඩියෝ එකෙන් විතරක් නෙමේ. ඔබගේ ඇතුළු පහත කමෙන්ට් කරල තියන සහෝදර බ්ලොග් කරුවන්ගේ, කමෙන්ට් කරුවන්ගේ සුභ පැතුම් වලිනුත්.

      බොහොම ස්තුතියි.

      Delete
  2. සුභ පැතුම්. අර වගේ දෝස්මුරයක් දැම්මේ ලිවීමට ඇති හැකියාවත්, නිදහසේ අදහස් ප්‍රකාශ කරන හැටිත් දැකපු නිසා. වෙනත් විදියකට කියනවානම් බ්ලොග් කෙරුවාව ඇඟේ තියෙන බව දැකපු නිසා.

    ඔහොම යන්...

    ප.ලි. - මේ දුෂ්කර කාල සීමාව අවසන් වුන ගමන් පොලීත් එක්ක අර පොලු තියපු වැඩේ කරල දෙනවා.. තරහ අවසර...

    ReplyDelete
    Replies
    1. භෞතිකව ගෙදරට කොටුවන උඹේ මගෙයි ජීවිතවල අස්වැසිල්ල බවට බ්ලොග් ලෝකය පත් වෙලා. උඹට බොහොම ස්තුතියි මිත්‍රයා.

      Delete
  3. දිගටම රැඳී සිටින්න මගෙන් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. දිගටම රැදී සිටීම තමා ලොකුම අභියෝගය. ඒ අභියෝගය තවත් වැඩි උනා මේ වැඩෙත් එක්ක. බොහොම ස්තුතියි මුළ ඉදලම මේ පැත්තෙ ඇවිත් අපිත් එක්ක හිටියට

      Delete
  4. Replies
    1. ජයස්සු තුහියං! බොහොම ස්තුතියි හැමදාම දුන්න සපොර්ට් එකට මචං.

      Delete
  5. සුභපැතුම් සහෝදරයා.
    කොහොම උනත් අද පෝය දවසෙ දෙන්න උපදෙසක් තියනව. බ්ලොග් අඩවියක් පටන් අරගෙන රීඩර්ස්ල අද්දවගන්න එක එච්චර අමාරු කටයුත්තක් නෙවේ. හැබැයි අපි කවද හරි අවිවේකී වෙලා කොමෙන්ටු දාන්න බැරිවුනොත් අපේ අඩවියට ඇවිල්ල බ්ලොග් කියවල කොමෙන්ටුවක් දාල යන උදවිය අඩු වෙනව‍. බොහොම හෙමින් උනත් මගේ අඩවියට දැන් ඒක වෙලා තියෙන්නෙ. තේරෙනව නේද (බ්ලොග්)ලෝකෙ හැටි! :)

    ReplyDelete
    Replies
    1. බොහොම වටින උපදේශයක්. බොහොම පිං. (පෝයනේ, වෙන මොනවද ඊට වඩා වටින්නේ)

      ත්‍රි ලක්ෂණය මත පදනම් වෙච්ච බෞද්ධ දර්ශණය තේරුම් ගැනීම සහ මධ්‍යම ප්‍රතිපදාව හැම දේටම විසදුම් දෙනවා කියල මම විශ්වාස කරන්නේ.

      රාජ් මගේ හැම පෝස්ට් එකකටම එකතු උන කෙනෙක්. බොහොම ස්තුතියි එක්ක මේ කාලේ රැදිල හිටියට. දිගටම රැදී ඉන්න බවත් විශ්වාසයි.

      Delete
  6. මමනම් ඔය බස් රේඩියෝ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.(ඇහෙන එපායැ රේඩියෝ ගැන දැනගන්න)
    ඒත් ඉදිරිගාමී යමක් සිදුවෙලා තියෙනවා නම් වඩා වටින්නෙ ඒකයි.

    මගෙනුත් සුබ පැතුම්....!

    ReplyDelete
  7. BUZZ Blog Award එකක් දිනූ The Modern Patriot ට උණුසුම් සුභ පැතුම්!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. නවක බ්ලොග්කරණය
    The Modern Patriot ලියන - Modern Patriot

    සුභ පැතුම් ඔබට

    ReplyDelete
  9. සුභ පැතුම්.. වෙලාවක එන්නම් ඔය පැත්තේ..

    ReplyDelete
  10. ඔබ ලද ජයග්‍රහණය හෘදයාංගම ව අගය කරමි. තව තවත් යහපත් ව නිර්මාණ කාර්යයේ යෙදෙන්නට සුබ ප්‍රාර්ථනා ද කර සිටිමි...!!

    ReplyDelete
  11. අගෙයි!!!!! අගෙයි!!!! සුභ පැතුම්!!!!

    ReplyDelete
  12. ජය ගත් ඔබට මාත් සුභපතනවා තව තවත් සාර්තක වේවා

    ReplyDelete
  13. හද පිරි සුබ පැතුම් සහෝදරයා

    ReplyDelete
  14. ඔයාගෙ ජයග්‍රහනයට මගේ උණුසුම් සුභ පැතුම් පිළිගන්න. තව තවත් නිර්මාණකරණයේ යෙදෙන්නට මෙය දිරියක් වේවා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  15. මං දැක්කා දිනලා කියලා. සුබපැතුම් ඈ........

    ReplyDelete
  16. සුබපැතුම්....!!! දිගටම ලියහන් බොසා. බොලා වගේ උන් හරි වටිනවා.

    ReplyDelete
  17. උණුසුම් සුභ පැතුම්!!!

    ReplyDelete
  18. ජයම වේවා! :)

    ReplyDelete
  19. බ්ලොග් එකක් පටන් අරන් පලවෙනි පෝස්ට් එක නොදා හිටියට දෙන සම්මානයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. දෙනවා දෙනවා. ඒක දෙන්නත් වචනයක් හරි කියන්න ඕන.

      Delete
  20. ජය වේවා...

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.