Thursday, September 20, 2012

භයානක ඇත්ත කථාවක්.. (අනාගතයට පෙරවදනක්)




ඉතිහාසය වෙනස් වී අප දැන සිටි, බලාපොරොත්තුව සිටි අනාගතයද වෙනස් වන ලකුණු පහළ වෙයි.

මෑත අනාගතය තුළ මානව ඉතිහාසය ආරම්භයෙන් පසු උදා වූ අදුරුතම යුගය උදාවන බවට පෙරමග සලකුණු පහළ වෙමින් පවතී.

ඔබ ආර්ථිකය සමෘදිමත් කර ගැනීමට යුරෝපයට, ඇමෙරිකාවට හෝ ඕෂනියාවට යෑමට සිතුවා නම් එය කෙටි කාලීන සුවයක් සදහා විය හැකිදැයි සිතීමට දැන් කාලය එළඹ තිබේ.

තම ආගම සහ විශ්වාසය වඩාත් 'සාමකාමී' බව තර්ක කරමින් එම ප්‍රකාශය ඔප්පු කිරීමට සියළුම ආගම් එකිනෙකා හා සටන් වැදීමට සියළු කටයුතු මේ වනවිට ප්‍රසිද්ධියේ සහ අප්‍රසිද්ධියේ සුදානම් වෙමින් පවති. මේ 'ශුද්ධ වූ' ගැටුම යුරෝපය හරහා ආසියාව ආක්‍රමණය කිරීමටත් ඉන් පසු උතුරු ඇමෙරිකාව  සහ ඕෂනියාව වෙන් වෙන්ව ගිල ගන්නටත් සැරසේ.

දකුණු ඇමෙරිකාවේ බොහෝ රටවල් මේ ගැටුම්වලට සෘජුව සහ වක්‍රව 'හුරේ' දමන බවක් පෙනෙන්නට ඇති නිසාත්, බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව තුළ මේ වනවිටත් ඉතා වේගයෙන් ඉස්ලාම් දහම පැතිර යමින් පවතින නිසාත්, ඔබ ඔවුන් කෙරෙහි බලාපොරොත්තු තබා ගතයුතු නොවේ.

ඔබට අවශ්‍යය සමෘදිමත්, සාමකාමී ජීවිතයක් නම් අප්‍රිකාවේ ඝානාව හෝ මොරොක්කෝව ඔබට හොද විකල්ප වේ.

19 comments:

  1. අගම ධර්මය ගැන පොරවදන් දෙන්න ඕනෙ තරම් සිටිනවා. නමුත් ඒවායේ හරය ගැන මෙලෝහසරක් දන්නෙ නැහැ. කොටින්ම ආගම් කියන්නේ රැක ගැනීමට වඩා පිලිපැදීමට සුදුසු දෙයක් බවවත් අමතක කරලා, අනෙකාගේ ආගමේ වැරදි හොයනකොට මෙහෙම තමයි.

    ReplyDelete
    Replies
    1. මේ දවස් ටිකේම ධාතු ප්‍රදර්ශණයත් එක්ක බ්ලොග් වලත් මේ ගැන කථා වුනා. පෝලිමේ ඉන්න ගමන් ශ්‍රද්ධාව වැඩිවෙලා පෝලිම පනින අයට සුද්ධ සිංහලෙන් ජාතිය අමතන උපාසකලා නේ මෙහේ වැඩි. ඇයි බොරු කියන කොට තොප්පිය ගලවන ඉස්ලාම් භක්තිකයන්...

      Delete
  2. ඇත්ත, හැම අතින්ම පේන්න තියෙන්නේ එහෙම දෙයක් තමයි.

    අපි කොහේ යන්නද මේ ආශ්චර්යය දාලා...

    ප.ලි. එහෙම වුනොත් හපොයි අපේ ජීවනෝපාය ...

    ReplyDelete
    Replies
    1. ජීවනෝපාය ගැන කොහොම වෙතත් ජීවිතය ගැන වගේම දරුවන්ගේ අනාගතය ගැනත් බරපතලව හිතන්න කාලය ඇවිත්.

      Delete
  3. සියළු ආගම් අහෝසි කරන්න පුළුවන්නම් වඩා හොදයි, ඒත් ඒක යථාර්ථය නෙවෙයි.

    යම් දවසක ලෝකය මිනිසුන් විසින් විනාශ කරන්නෙ නම්, "ආගම" එහි සියළු බර දරනු ඇත.විශේෂයෙන්ම ඉස්ලාම් ආගම.

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියගේ කථාවෙත් ඇත්තක් තියනවා. ආගම කියන දේ නත්තලට පමණක් සීමා වෙච්ච රටක ඉන්න මගේ මස්සිනා කිව්ව විදිහට එහෙ ඉස්කෝල වල එක ළමයෙක් දන්නෙ නැහැලු අනිත් ළමයගේ ආගම. ඉස්කෝලෙ ආගම උගන්වන්නෙත් නෑ. හැබැයි සදාචාරය, හැදියාව උගන්වනවා. සමස්ථ සමාජයක් විදිහට උන් අපිට වඩා බොහොම ආචාරශීලියි.

      Delete
    2. ආගමේ ඓතිහාසික කාර්යභාරය අවසානයි. තවදුරටත් මිනිස්සුන්ට ආගමක් අවශ්‍ය නෑ.

      ආගම් එක්ක බැඳිලා ඉන්න මිනිස්සුන්ට වඩා එයින් නිදහස් මිනිස්සු අතිශයින්ම ඔෂ්ටයි.
      උදාහරණයක් විදියට ස්කැන්ඩිනේවියානු රටවල්වල මිනිස්සු මුස්ලිම් රටවල්වල ඉන්න මිනිස්සුන්ට වාඩා ශිෂ්ටයි.

      Delete
    3. [ස්කැන්ඩිනේවියානු රටවල්වල මිනිස්සු මුස්ලිම් රටවල්වල ඉන්න මිනිස්සුන්ට වාඩා ශිෂ්ටයි.]

      ස්කැන්ඩිනේවියානු රටවල් වල, දෙමාපියන් කතෝලික නං, දරුවන් කතෝලික විදියටම හදන්ඩ ඕනය කියල නීතියක් තියෙනව උන්නැහේ අහල නැත්ද?

      Delete
  4. ආගමට නං මොකක්දෝ වෙලා තියනව. මහ වෙදන කිව්ව වගේ පිලිපදිනු වෙනුවට අනුන්ට බලෙන් පිලිගැන්වීමට යාමේ අවුල තමයි මේ. අවුරුදු තිස් ගනනක බුද්ධාගම් කාරයෙක් විදියට ම‍ෙග් අත්දැකීම් අනුව බස් එකක යනකොට එදාට වඩා වැඩි පිරිසක් අද බෝධියක් පිලිමයක් ලඟදි පශ්චාත් භාගය උස්සනව. ඒත් අමාරුවෙන් යන මිනිහෙකුට සීට්එකක් දෙන්න කෙනෙක් ඉන්නෙ එහෙමත් වෙලාවක. එදා පන්සලට යනකොට මිනිස්සු ඇන්දෙ තමුන්ට පුළුවන් විදියේ පාට අඩු මොකක් හෝ ඇඳුමක්. අද ඊට වඩා ලස්සන අලුත් සුදු ඇඳුම් ඇඳගෙන පන්සල් යනව. ඒත් බුද්ධාගමේ හරය හිතේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය පුකෙන් වැඳීම නම් වැඩිපුරම කරන්නෙ හින්බුඩ්ඩො, උන්ට කණාටු කැන්ද ගහක් දැක්කත් ඇති.

      Delete
    2. රටේ ඉහළ ඉදල පහලට යනකම් තියෙන්න ප්‍රදර්ශණකාමට වෙච්චි කොට ඒකට අනුරූපව ආගමත් වෙනස් වෙන එක පුදුමයකුත් නෑ. අපේ ගමේ පන්සලේ මේ දවස්වල වස්කාලයට බෝධි පූජා තියනවා. ස්පීකර් බැදලා සරුවට වැඩේ යනවා. තමන් දායකත්වය ගන්න දවසට වැරදිලාවත් ලොකු හාමුදුරුවෝ හරියට 'දායක පිංවතුන්ගේ' ජාතකේ කිව්ව නැත්නම් 'අපිනම් ආයේ පන්සලට පේරු දානෙවත් දෙන්න නෑ' කිය කිය බනිනවා මට ඕනතරම් ඇහිල තියනවා.

      Delete
  5. ලෝක විනාශය පැමිණෙන බව තමයි පේන්නෙ. හැබැයි ගොඩක් අය හිතපු විදියට ඒළියන් (ඒ=එම, ළියන්=කාන්තාවන්) ගෙන් වන පීඩාවක් නොවන බව සමහරු පවසනව.

    ReplyDelete
    Replies
    1. ඒළියන් (ඒ=එම, ළියන්=කාන්තාවන්) ගෙන වෙන පීඩා ගැන මෙච්චර දන්නේ මී ජයා කසාද බැදලද?

      Delete
    2. නැතිව නැතිව. ඒකනේ මේ කියන්නෙ.

      Delete
  6. ඝානාවේ හෝ මොරොක්කෝවේ වගේ රටක අපිට ජීවත් වෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. හොද ප්‍රශ්ණයක්. සංස්කෘතික අසමානතාවය අනුව නම් බොහොම දුෂ්කරයි තමා. ඒත් මේ වෙන සන්තෑසි අනුව වෙන රටකට ගිහින් චක බ්ලාස් වෙනවට වඩා හොදයි.

      මේ රටවල් දෙකම පිහිටල තියෙන්නෙ අප්‍රිකාවේ, ඝානාව තමා මෙයින් වඩාම සුදුසු.

      හේතු කීපයක් පමණක්....

      1. ලොව දෙවැනියට සහ අප්‍රිකාවෙ වැඩිම දළ දේශීය නිශ්පාදනයේ වර්ධනයක් ඇති රට.
      2. ලොව සාම දර්ශකය අනුව 50 ස්ථානයේ පවතින රට
      3. අති විශිෂ්ඨ සමාජ සහයෝගීතාවය.

      Delete
  7. රැල්ලට ලියලාද...... අපිට ආදරෙන් ලියලාද.......... නැත්තං අවබෝධයෙන්ම ලියලාද.........

    දෙන්නකො උත්තර

    ReplyDelete
    Replies
    1. රැල්ලට ත්, අවබෝධයක් ලබා ගෙනත් මිස කාටවත් ඇති ආදරයකට නොවේ. කාට මොනව වුනත් මට පාන්යෑ බං...

      Delete
  8. මම හිතාගන ඉන්නේ පුංචි දුපතක් හදලා මමයි මගේ පවුලේ එවුනුයි විතරක් ඉන්න. නැතිනම් හරි යන්නේ නෑ. මුන් හෙටානිද්ද එකේකා ආපහු මරාගන්න හදන්නේ. දැන් ආපහු රටේ සෙට් එකක් යුද්ධයක් ඇති කරන්න හදනවා.

    ReplyDelete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.