Thursday, June 14, 2012

කටට කෙළ ඉනීම සහ දත් හිරි වැටීම...




මාස කීපයක් තිස්සේ යටි පතුලේ ඉදන් ඉස් මුදුනට යනකම් බ්ලොග් වල අoග උපාoග බැලුවට හැමදාම අමුඩේ ගහන්න පරක්කු කලා. අමුඩෙ ගහන්න තේරෙන්නෙ නැතිව හිටියත්, අර රාම කුමාරයාගේ හූ...ව නිසා මොන රෙද්දකින් හරි දැන්වත් විලි වහ ගන්න හිතුව.


රාජ් ගොයියත් කිව්වෙම දැන්නම් හෙලුවෙන් හිටිය ඇති කියල. 
කොහොම කොහොම හරි ඉස්ස ඉස්සෙල්ලා විලි වහගන්න හොද රෙද්දක් හොයා ගන්න ගොඩක් කල් ගියා. මෑතකදී රාජ් කිව්ව වගේ 'පරිපූර්ණ නිර්මාණ' බිහි කරන්න හිටියොත් හැමදාම හෙලුවෙන්. අනික් අතට අපේ මහ වෙදනා කිව්ව වගේ මේකත් 'හයිලි ඇඩික්ටිව්' වැඩක්. දවසක්, දෙකක් බ්ලොගක් පැත්තේ ආවොත්, කුඩු ගැහුවා වගේ තමා.



කොහොමින් කොහොම හරි කටට කෙළ උනනව වැඩි කමට කාල බලන්න තීරණය කලා...කාපු අය දත් හිරිවැටුනත් ඇඹුලට ආස නිසා දිගටම කන බව පේනවා..බලමු ඉතින් අපිත් කාලම.


මාස කීපයකට කලින් මගේ යාලුවෙකුත් අපි ඇඹුල් කනවා දැකල කටට කෙළ උනලා, අඹයක් කන්න හිතුවා. අඹයක් කිව්වට අඹයක් කන්නම නෙමේ, අඹුවක් ගන්න හිතුවා. (අපිනෙ දන්නෙ දත් විතරක් නෙමේ අත පයත් හිරි වැටෙනවා කියල )


කොහොමින් කොහොම හරි ඒකත් ජය සිරි මoගලම් කියල අපිත් පූර්ණ සහයෝගෙ දුන්නා. (පැණි හදටනම් අපේ උදව් එපා කියල ඌ කලින්ම කිව්වා )


ඌ කන කටු අපි කාල කාලයක් ගොහින් නිසා මම පොදු අත්දැකීම් දන්නවා උනත්, දවසක් මම පාරෙදි දැක්ක දෙයින් පුදුම උනා.


මෙන්න මූ ලව් කරන කාලෙටත් වඩා තදින් පවුලගේ අතින් අල්ලගෙන තුරුලු කරගෙන පාරෙ යනවා..එච්චර කතා බහක් දෙන්න අතරේ තිබ්බේ නැති උනත්, ලව නම් උපරිමයි වගේ. මට බලන් ඉන්න ලැජ්ජත් හිතුනා.


මෙන්න දැන් දවස් දෙකකට කලින් මූව මට පාරෙදී මූනටම සෙට් උනා. දන්නවනේ ඉතින් අපිත් මොනව උනත් ඕපස් වලට හරිම කෑදරයිනේ. පොඩි චැට් එකකට මෑන්ව ඇදල ගත්තා.


කොහොමද බන් පවුල් ජීවිතේ?


කියල වැඩක් නෑ බන්...තිත්ත වෙලා තියෙන්නේ..(හුටා... මම ජීවිතේට හිතුවෙ නෑ මූ මෙහෙම කියයි කියල )



හුටා....එතකොට උඹ නෙමේද ගිය බදාදා උඹෙ ගැනිගේ අතත් බදාගෙන හoදියේ හිටියේ.


මම තමා බන්....


යකෝ..... ඔච්චර එපා වෙලානම් උඹ ඔච්චර ආදරයෙන් අත් අල්ලගෙන හිටියෙ කාව රවට්ටන්නද?


උඹ  හු#$^^%  කතා කරනවා.. ආදරෙන් නෙමේ යකෝ.......
'මම ඒ අල්ලගෙන හිටියෙ මගෙ ආත්ම ආරක්ෂාවට.'....


ඌ මට ගහන්න කලින් මම එතනින් දිරා මාරු උනා...

ප.ලි.  මගේ පළවෙනිම අමුඩෙ නිසා...හිල් තියන තැන පෙන්නුවොත් ඊලග අමුඩෙ ඉදලවත් මට හරියට මහ ගන්න පුලුවන්. 'කමෙන්ටුවක් අත ඇරල නූතන දේශප්‍රෙමියෙක් වෙන්න...' කියල ඕන් ඉල්ලුවා....


32 comments:

  1. ela ela..dhigatama liyanna..api enawa meka balanna..mekata followersla dana link ekak daanan blogger eke design->layout-> add a gadget gihin...ethakota ena ayata aye enna lesie..Sinhala Bloggers kei, Kottu ekei, thawa thiyena syndi wala register wenna..ethakota wholesale ei meka balanna..ehenam jaya wewa..singlish walin liwwata sorry wenna one..anik dawase heluwenma liyannam.. :)

    ReplyDelete
    Replies
    1. නියමයි..වැඩේ ගොඩ වගේ...දුන්න සප් එකට බොහොම පින්...

      Delete
  2. අමාරුම වැඩේ දැං අහවරයි. පටං ගත්තනේ... මාර ඒවා කියවන්න ළඟඳීම ලැබේවි යැයි සිතමු. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත...දිගටම ලියන කොට ට්‍රැක් එකට වැටෙයි...

      Delete
  3. බොහොම සන්තෝසයි. මම අරෙහෙම කිව්වේ බොක්කෙන්ම. මොකද මම වගේ අමාරුවෙන් වචන ගැට ගහ නොගන්න, වතුර වගේ චතුර විධියට ලියන්න හොඳ හැකියාවක් තියෙන බව පෙනිච්ච නිසා. සුභ පතනවා.

    අත දිග ඇරලා දේශප්‍රේමියෙක් වෙන්න කාලයක් නෙවෙයි මේක.. :D

    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා...ඔබතුමාගේ ලිපි බොහොම සාර්ථකයි..

      Delete
  4. බොහෝම සතුටුයි. තව මහතැන කෙනෙක් මේකට ආවට. අපි ලියමු ... ලියමු... දිගටම ලියමු. ලියාගෙන ලියාගෙන යත්දි කට්ටිය ආසිරි පතයි. ඒව ගැන නොහිතා දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිරි ගන්වන වචන වලට...ගල් මුල් තිබ්බොත් තමා 'මොරාල්' එක වැඩි වෙන්නේ.

      Delete
  5. "මගේ දෙකේ පන්තියේ මල් පෙරහැරට 'කැලණි පෙරහැර සයිස් ගිනි බෝල' කරකවනවා. කන්දක් විලිලා මී පැටියෙක් ගැහුවා වෙයිද බයට මට දැන් ටයිප් කරන්නත් අමතකයි වගේ..හප්පේ..."

    දෙකේ පන්තියෙන් පටන් අරන් ඉහලටම යන්න පුළුවන්නේ... පාත්තියට පෝර දාන්නත් එපැයි

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමා...මොකෝ අපි ඒ ලෙවල් කලේ 'ජාතික ලයිස්තුවෙන්' ඈ....එකින් එක උඩට ගිහින් නොවැ.

      Delete
  6. දිගටම ලියාගෙන යමු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි..ටික ටික පදම හරියයි.

      Delete
  7. //අපි ඇඹුල් කනවා දැකල//
    අහන්නත් සතුටුයි "අපේ බෝට්ටුවෙ" එකෙක් කියල.
    ඔය දකුණු පැත්තෙ තියන ඉඩට ගැජට් ටිකක් දාගන්න පුළුවන් ධනංජය කිව්ව විදියට. ට්‍රයි එකක් දීල බලන්න.

    ReplyDelete
    Replies
    1. ගැජට් ටිකනම් ගොඩ වගේ. ධනoජය හොයියා කිව්ව විදිහටම වැඩේ කොලා. මම අහල තියනවා කසාදේ වයස, පිරිමියාගේ දාර්ශණිකත්වයට අනුලෝමව සමානුපාතිකයි කියල. බලපු මම තාම අවුරුදු කීපයයිනේ.

      මම මුලින්ම මේ බ්ලොග් පැත්තේ ආවේ රාජ් ගේ නවාතැන නිසා. ඒකත් මතක් කරන එක හොදයි. මගෙන් සුභ පැතුම්!

      Delete
  8. තාම පිට පොට ගහගෙන එනවා විතරයිනේ..කුඹුර කොටද්දි බලඤ්ඤං...

    ReplyDelete
    Replies
    1. මාර කතා තමා එළි බහින්න තියෙන්නේ, ඉතින් මාරයෝ උඹ නැතුව කොහොමෙයි. දීර්ඝායු වේවා!

      Delete
  9. අඩෝවූ !!

    වලට බැස්සනම් සිරා ගේමක් දියන් ... හරී ...

    ReplyDelete
    Replies
    1. වලේ වල් කතා තියනවා..ඉස්සරහට බලමු. ආවට ස්තුතියි.

      Delete
  10. පටන් ගන්න අමාරු වුනාද? හැබැයි රජෝ ගෙනියන්න ඊටත් වඩා අමාරුයි!
    මං නං පටන් ගත්තේ කතන්දර 13 ක් ලියලා ස්ටොක් කරන් එතකොට අවුරුදු කාලක් දාන්න පුළුවන් සතියකට එක ගානේ කියලා හිතලා.

    මගේ සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. අන්න නියම අදහස. මට කතා තියනවා. හැබැයි හිතේ. ඔය කෙලිය මම කරන්න ගියානම් කල්පකෙට කතා නැතුව ඉන්න වෙනවා. මුල ඉදල දුන්න සප් එකට මෙන්න හිස නැමුවා.

      Delete
  11. ඔන්න අපිත් ආවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. කොන්ඩේ ළගදී කපලා වගේ..හිකිස්...

      Delete
  12. ඔය ඉන්නේ කස්ටිය.. :)

    එක දෙයක්, වර්ණ සංයෝජනය පිළිබඳව තරමක් අවධානය යොමු කලොත් හොඳයි. කළු පසුබිමේ තද නිල්, රතු වර්ණ භාවිතා කලාම ගොඩක් අයගේ ඇස් වලට අමාරුයි. කළු පසුබිමේ අවුලක් නැහැ. කැමතිනම් ලා වර්ණයක් පසුබිමටත්, අකුරු වලට ගැලපෙන තද වර්ණයකුත් දමලා බලන්න..

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බන්..මගේ ඇස් පෙනීම හොද නැතිබව උඹ දන්නවා නොවැ...

      කොහොම හරි පොඩි වෙනසක් කොලා. අලුත් 'ටෙම්ප්ලේට් එකක්'. එහෙම නැතුව මේ 'ටෙම්ප්ලේට් එකේම' පාට කොහොමෙයි වෙනස් කර ගන්නේ.

      Delete
    2. මේ හොඳා .. :)

      තියෙන එකම වෙනස් කරනවානම් CSS settings වෙනස් කරලා තරමක් දුරට ලුක් ඇන්ඩ් ෆීල් වෙනස් කරන්න පුළුවන්.

      Delete
  13. ඇබුල් නොවී ඇබුල් කන්න ලැබේවා .දිගු ගමනකට ආසිරි !

    ReplyDelete
    Replies
    1. තැන්කියු ලොකු ජෝන් අයියා...

      Delete
  14. අලුත් බ්ලොගක් නේද? හොදයි දිගටම ලියන්න
    මේවා අහද්දී බදින්නත් බය හිතෙනවා :D

    ජය වේවා

    ReplyDelete
    Replies
    1. අපෝ බය වෙන්න එපා...අනිවා බදින්න....අපිත් ආසයි අපේ කට්ටම තව එකෙක් හරි කනවනම්. මේ පැත්තේ සේන්දු වුනාට බොහොම ස්තුතියි.

      Delete
  15. ඔන්න අපිත් ආවා බලන්න.

    ReplyDelete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.