Monday, October 8, 2012

රෝම දෙවගනක් ගල්කිස්සෙදී පැහැර ගනී..(තවත් එක් පුවතක් පමණි)



ස්ථානය - බටහිර ඉන්දීය කොදෙව්ව, ගල්කිස්ස
කාල වකවානුව - සදාකාලිකයි

'ජස්ටිෂියා' නම් රෝම ජාතික මැදි වයස් කාන්තාවක් පසුගිය දිනක ගල්කිස්ස ප්‍රදේශයෙදී කළු පටියකින් දෙඇස් බැද දමා පැහැරගෙන ගොස් ඇත.

අවසන් වරට දකින විට වමතින් කෞතුකාගාරයෙන් සොරකම් කරණ ලද කඩුවක්ද, සුරතින් ජා.ඉ. බැංකුවෙන් සොරකම් කරණ ලද තරාදියක 'කොටස්' ද දරා සිට ඇති ඇය, ඇද සිට ඇත්තේ පාර දෘශ්‍යය ඉටි රෙද්දකින් මසන ලද කබායකි.

මෙය මේ කාන්තාවගේ නිරුවත දැක ඇයට අතවර කිරීමේ අභිලාෂයෙන් කරාටි පිළිබද ආචාර්‍ය් උපාධිදරයෙකු විසින් කළ බවට තමා සැක කරණ බවත් ඔහු ඉතා ඉක්මණින් නීතිය හමුවට පමුණුවන බවත් පොලිස්පති ආර්. දුමින්ද මහතා පැවසීය.

මේ පිළිබද අදහස් දැක්වූ ප්‍රවීන මාධ්‍යවේදී, අධිකරණ අමාත්‍යංශයේ අධික්ෂණ මන්ත්‍රී එස්. රදලියගොඩ (දේශශක්ති, එතෙර අභිමානී) මහතා ප්‍රකාශ කර සිටියේ මෙවැනි අපරාධකරුවන්ට දඩුවම් දීම සදහා පුරාතන රජකාලේ මෙන් උල තැබීමට  'යකඩ' උල් මේ වනවිට විදේශයකින් ආනයනය කිරීමටත් යකඩ දඩුකද කිහිපයක් තැනීමටත් සියළු කටයුතු සූදානම් බවයි.

මේ පිළිබදව විමසීම සදහා අප දැන් සම්බන්ධ කරගන්නේ සංස්කෘතික කටයුතු පිළිබද ඇමතිනී ජිනා ඒකනායක මැතිණියයි....


30 comments:

  1. ඇත්තමයි! ඔය කාන්තාවට කාලෙක ඉඳල අතවර වෙනව නොවැ. අද මාත් ලිව්වෙ ඔයගැන තමා.

    ReplyDelete
    Replies
    1. රාජ්ගේ පෝස්ට් එකට කමෙන්ටුවක් දාන්න ගිහින් තමා මේක ලියවුනේ. ඔන්න ලිංකුවකුත් ඒ පැත්තේ දැම්ම.

      Delete
  2. මටනම් ඔය අම්මණ්ඩි ගැන විශ්වාසයක් නෑ. ගෑණි හොදනම් මෙහෙම දේවල් වෙයියැ..?

    ReplyDelete
    Replies
    1. ඔච්චර හොද නම් ඉටිකොළ වලින් ඇදගෙන පාරෙ යයි ඈ...ටක්කෙටම හරි වගේ...

      Delete
  3. පව් අප්පා ලංකාවේ වැඩිපුරම අතවර වෙන්නෙ ඔය උන්දැට වෙන්ඩ ඇති.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ..එයා දෙක. එක උඹයි මායි අනිත් එවුනුයි.

      Delete
  4. මටත් කියන්න තියෙන්නේ. තරාදියයි කඩුවයි බිමින් තියලා කුඩු පැකට් එකකුයි සල්ලි මිටියකුයි අත් දෙකේ තියාගෙන හෙළුවෙන් උන්න නම් ඉවරයි. අපරාදකාරයෝ 96% එලියේ ඉන්න නම් අධිකරණයක් ඕන නෑනේ.. ඔබේ ළිපිය ඉතා නිර්මානශීලීයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ එන එකට. ලොකු ධෛර්‍යයක් අපිට. කොයි කිල්ලෝටෙත් හුණු ටික ටික තියනවනේ. රටේ ව්‍යවස්ථාදායකයත්, විධායකයත් අතර වෙනසක් නැති එකේ, අධිකරණයවත් කෙලින් තිබ්බ නං අපිටත් එල්ලෙන්න පිදුරු ගහක් තියේ.

      Delete
  5. නීතියේ ස්වාධීනත්වය ගැන අපේ නොසැලකිල්ල ගැන මම මෙහෙමයි ලිව්වේ (අද උදේ දාපු පෝස්ට් එකේ)

    ඊයේ 20-20 ෆයිනල් තිබුනු දා මිනිස්සුන්ගේ අවදානය වෙන අතක තියෙන වාසිය බලාගෙනද මන්දා අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට ගහලා කපලා හොස්පිටල් එකේ . .

    අපි ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. . .

    රටේ නීතිය හැමෝටම සමානව සාධාරන වෙන්න, රට වෙනුවෙන් ගන්න තීරණ රටේ යහපතට මිසක් පවුලක අයට කොමිස් ගන්න ජාතියේ ඒවා නොවන ලෙස වග බලා ගන්න රටේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය තනි කනුවක් උඩ අස්ථාවරව තියෙන දෙයක් විදිහට නොවී එකිනෙකාගේ බලය හා තීරණ ගැන ඍජුව ප්‍රශ්න කල හැකි නිදහස් කනු තුනක් ලෙස (තනි කෙනෙක්ගේ අතේ තියෙන දෙයක් නොවන ලෙස) ස්ථාවර ව තියෙන්න ඕන දෙයක් කියලා අපි කතා කරනවා.

    මේ කතා කොයි තරම් කාලයක් තියෙයිද?

    සති දෙකයි පිංවතුනි සති දෙකයි . . .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පෝස්ට් එකක් ලියල තව දවස් දෙක තුනකින් හැරිල බලන කොට, පෝස්ට් එකේ දේශපාලනය හරි කාලීන ප්‍රශ්ණ ලිව්වොත්, වියදම් කරපු කාලය අපරාදේ කියල හිතෙන්න ගන්නවා

      වැරදි කාරයෝ පෙනි පෙනි කර අරින මේ ගෑනිට රෙද්ද අස්සේ තියන ලැජ්ජාව විකුණන අහිංසක ගෑණු නම් මාසෙකට පස් හය වතාවක් පේනවා. (සාධාරණීකරණය කරනවා නෙමේ)

      'හැමදාම අපිටත් කෙලවෙන රටේ ඉදල හිටල මේ ගෑනිටත් කෙළවුනාම මොකෝ' කියල මිනිස්සු අහන එකේ පුදුමයකුත් නෑනේ අයියේ.

      විශේෂයෙන් කියන්න ඕන, දුකා අයියා මේ පැත්තේ ආපු පළවෙනි වතාව මයේ හිතේ. ඒ ගැන මගේ හිතේ තියෙන්නෙ ලොකු සතුටක්. බොහොම සතුටුයි! පුළුවන් වෙලාවට ඇවිත් යන්න.

      Delete
  6. ඔය කොදෙව්වේ ඇය පැහැරගෙන දූෂණය කිරීම සාමාන්‍ය දෙයක්ලු.

    ReplyDelete
    Replies
    1. ඒක තමා. දැන් කවුරු කවුරුත් දන්නවා උස්සන්න ලේසි ක්‍රම.

      Delete
  7. ඔය ඇහැ බැදල තියෙන රෙද්ද ලිහල දාල ජිනා මැඩම්‍ගේ නඩේ වැඩකරා නං නරකද? එතන පොඩි හරි සාධාරණයක් තියෙනවා. ඕං කිව්ව ආ‍යිබොණ්ඩි

    ReplyDelete
    Replies
    1. ජිනා මැඩම් කිව්වේ සංස්කෘතික කටයුතු ඇමතිතුමිය ගැන වෙන්නැහැ මයේ හිතේ?

      Delete
  8. මොනවට ලන්දේසීන් මේ රටට ඔය කණ්‍යාව ගෙනාවද මන්ද? රටේම සිටින ජාවරම් කාරයොයි, කුඩ්ඩොයි, දේශපාලුවොයි, ඔය කාන්තාව දූෂණය කරලා දැන් නන්නත්තාර කරලා තියන්නේ. ලඟකදී සිට ඒ කාන්තාවගේ භාරකාරයන්ටත් වැඩේ දෙන්න වගේ සෙට් වෙන්නේ. අපි ක්‍රිකට් ගහලා, සැනකෙළි තියලා සමරමු.

    ReplyDelete
    Replies
    1. භාරකාරයොත් ගුටි කෑවට කමක් නෑ නේද වෙද මහත්තයෝ..ඔය උන්දැලමනේ ඔය ගෑනු මනුස්සයව නිරුවත් කරන්න උදව් කලේ.

      Delete
  9. ලංකාවේ නීතියක් නැහැනෙ.... මේ ව‍ගේ ෆැන්ටසි කතා වලින් වත් අපිට හිත හදාගන්න පුලුවන්...

    ලංකාව ගැන දැන් අදහස අත්ඇරල ඉවරයි... මේක මගුල් සක්වලක් වෙලා...

    හොද නිර්මාණශීලි පොස්ට් එකක්...තව දිගට ලිව්වනං ‍මොකද? මදි මදි වගේ..

    ReplyDelete
  10. ඇත්තටම අවුරුදු දහස්ගානක ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන ඒ වගේම මනා ශික්ෂණයකින් හෙබි අභිමානවත් ජාතියක් කියලා කියන අපේ මිනිස්සු අද අසාධාරණය ඉදිරියේ මේ තරම් ධීන වෙලා ඉන්නේ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක්.අල්ලපු ගෙදර එකාට නොදන්නා එකෙක් ඇවිත් *කේ ඇරලා ගියත් මට ඇරියේ නෑනේ කියලා හිනාවෙන්න තරම් අද අපේ මිනිස්සු පිරිහිලා.

    ReplyDelete
  11. ඔයි ඇන්ටිට කෙලපු එයාගෙම පුත්තරය දැං තමංගෙ ජාතකෙන් ඇන්ටිගෙ කුසෙන් වදාපු දරුවො කොරල පෙන්නනකොට දෙකොන වහං දියවන්නාවෙ මාළු ගනිනවයි කියන්නෙ.

    ReplyDelete
  12. දිනපතා අහන දකින දහසක් අමනකම් මැදත්, මේක ආරංචි උනාම ඇඟ සීතල වෙලා ගියා. අඩුමගනෙ කිසිම දෙයක් ලියාගන්න තරම්වත් බැරි තරමට අවුල් බවක්.

    ReplyDelete
  13. ඒ කාන්තාව පසුගිය කාලය පුරාවටම වෛශ්‍යා වෘත්තීයේ යෙදී ඇතෙයි වාර්තාවේ. හම්බන්තිඔට ටී. සුනාමි නම් ජපන් ජාතිකයෙක් සමග ඇයගේ අනියම් සබඳතාවක් ද තිබී ඇතැයි වාර්තාවෙ.

    ReplyDelete
  14. කන්‍යාව = කනෙන් ආව = කනෙන් රිංගා ආ .. :D

    ReplyDelete
  15. දැන් සෑහෙන කාලයක් මේකි භාරව උන්නේ මාමලා, ඉතින් අතවර කිරීම් අහන්නත් දෙයක්ද? මෙදා සැරේ නම් නැන්දම්මා කෙනෙක් ඇවිත් ඉන්න නිසා (ලෙස්බියං නොවේ නං) මේකිව හදල ගනීදෝ කියල හිතෙනවා.... හැබැයි පුතෝ ඔය ඇස් බැන්ද රෙදි පටිය හෙම ගලවනවා නෙවෙයි....

    ReplyDelete
  16. අනේ මචං.. මේ වෙද්දී ඔය උන්දැගේ දුෂණය වෙන්න තැනක් තියනවද?

    ReplyDelete
  17. ඔය ගෑනු කෙනා දැන් නමට විතරයි. ආයේ ගන්න දෙයක් නෑ. මකුළු දැලක් වගේ ලු.
    පට්ට නිර්මාණශීලී පෝස්ටුවක්!!

    ReplyDelete
  18. අනේ කොලුවෝ ඔය දැරිවී ඕනම ගස් බල්ලෙට්ට රෙද්ද උස්සනවාලු , අපේ මායියත් දැන් අනාගාමි වෙලා පන්සලේමයි. මට මේ -රි වාතේ ඉහටගහලා අඩිය උස්සලා ඇවිදගන්ඩත් බැ.

    තියන තැනකින් හොයලා මට ඔය දැරිවිගේ ටැලිපෝං නොම්බරය හොයලා දියං මයේ රත්තරං කොල්ලෝ

    ReplyDelete
  19. ෂිට් පවු අප්පා අහිංසක කෙල්ල....හම්බ වෙලා තිබ්බොත් අපිටත් උස්සන්න පොඩ්ඩක් දාපන් අයියේ.....

    ReplyDelete
  20. හැම එකාගෙන්ම දුෂණය වෙලා මොන විදිහේ එකෙක් ඉපදෙයිද මන්දා.

    ReplyDelete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.