Showing posts with label යථාර්තය. Show all posts
Showing posts with label යථාර්තය. Show all posts

Thursday, July 17, 2014

නිදහස් අධ්‍යාපනය තවදුරටත් නිදහස්ද? (උන්ගේ උරුමය අපේ කරුමය වූ හැටි)

(ඡායරූපය උපුටා ගැනීම http://indikacartoon.blogspot.com බ්ලොග් අඩවියෙනි)


මේ කතා කරන්න හදන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන නෙමේ. ඒ ගැන මුලින්ම කිව්වේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන එකම තැන ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය පමණක් නිසා, නිදහස් අධ්‍යාපනය එතැනට විතරක් ලඝු කිරීම අපි නොදැනුවත්වම සිද්ධ වෙන නිසා.


මේ අද වෙච්ච එක හුදකලා සිද්ධියක්. ගෙවල් පැත්තේ තියන සපත්තු හදන තැනට මම අද ගියේ මගෙ කැඩිච්ච බෙල්ට් එක හදාගන්න. බොහොම මහන්ස
ියෙන් හිටපු එතැන අයිති (සහ එකම සේවක ) අයියා රේඩියෝවේ යන බන්දුල ගුණවර්ධන එක්ක තියන සාකච්ඡාවක් උනන්දුවෙන් අහනවා. වෙනදට වඩා ගොඩක් රෑ වෙලා නිසා මම ඇහුවා දැන්ම යන්නේ නැද්ද කියලා.

'නෑ මල්ලි. මගේ දුවගේ වයස අයට දැනටමත් උ/පෙළ පන්ති පටන් අරන්. ඒත් මගේ කෙල්ලට ඉස්කෝලයක් නෑ. මොකක්ද චක්‍රලේඛයක් ගහපු නිසා සා/පෙළ හොදටම පාස් වුන කෙල්ලව ආණ්ඩුවේ එක ඉස්කෝලෙකටවත් දාන්න බැරිලු'


මම දිගටම විස්තර ඇහුවා....

මේ මනුස්සයා ගමේ කෙනෙක් නෙමේ. ගමට අලුතෙන් ආපු නිසා පොඩි කාලේ ගමේ ඉස්කොලෙට ළමයා දාගන්න බැරිවෙලා. දේශපාලකයෝ පස්සෙන් හිගාකන්න අකමැති නිසාම බොහොම මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින් තමන්ගේ එකම ළමයව මේ පැත්තේ තියන සාපේක්ෂව අඩු වියදම් ජාත්‍යන්තර පාසලකට (එන්සෙෆ් ජාත්‍යන්තර පාසල ) ඇතුලත් කරලා. දුව දැන් අ.පො.ස. සා/පෙළ දේශීය විෂය නිර්දේශයෙන් ඉහළින් සමත්. උ/පෙළ කරන්න ඒ ජාත්‍යන්තර පාසල් වල අවශ්‍ය පහසුකම් නැති නිසා වගේම ඒ දේ වෙනුවෙන් වියදම් කරන්න මේ මනුස්සයට අමාරුකම නිසත් (උ/පෙළ සදහා ජාත්‍යන්තර පාසල් ගාස්තු අධිකයි ) ඇයට සුදුසුකම් මත කොළඹ ආනන්ද බාලිකාවට ඇතුලත් කරන්න හොයලා බැහුවහම ඇය ඒ සදහා සුදුසු බවත්, ආනන්ද බාලිකාවෙන් ඇය ඇතුලත් කරගන්න කැමති බවත් දන්වලා. නමුත් ඒ සදහා අධ්‍යාපන ලේකම් අවසර දීලා නෑ. හේතුව මෑතකදී බන්දුල ගුණවර්ධන විසින් නිකුත් කරපු චක්‍රලේඛයක් නිසා.

ඒ චක්‍රලේඛයට අනුව ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගත්ත දරුවන් (සැ.යු. මේ ශ්‍රී ලංකා පුරවැසියන් වේ)රජයේ පාසල් වලට ඇතුලත් කරගැනීම සම්පූර්ණයෙන් තහනම්.

රේඩියෝ එකෙන් බන්දුල ඒ ගැන පැහැදිලි කරද්දි කිව්වේ, ජාතයන්තර පාසල්වලට ගිය දරුවන් පස්සේ කාලෙක ඉංග්‍රීසි මාධ්‍යයෙන් උ/පෙළ සදහා රජයේ පාසල්වලට ඇතුළත් කරගැනීමෙන් අනුරාධපුරේ අහිංසක ගොවියගේ දරුවට අවස්ථාව අහිමිවෙනවා කියලා.
'බැලූ බැල්මට ඒකත් ඇත්තනේ'...කියල පේන අයට මම මේ ටික කියන්නම්. මම මේ දේවල් දන්නේ මෑතක ඉදලා ප්‍රාථමික අධ්‍යාපන ආයතනයක් එක්ක බොහොම කිට්ටුවෙන් වැඩ කරන නිසා, ඔවුන්ගේ ප්‍රායෝගික ගැටළු අපිට තේරෙන නිසා.

1. නිදහස් අධ්‍යාපනය කියන්නේ තරාතිරම, මූල්‍යමය හැකියාව, පෙළපත ආදිය මත පදනම් නොවන අධ්‍යාපනයක් නම් ඒ අධ්‍යාපනයේ අයිතිය දුප්පත්, පෝසත් සියළු ශ්‍රී ලාංකීය දරුවන්ට තිබිය යුතු නොවේද?

2. මෙය ජාත්‍යන්තර පාසලක ඉගෙනගත් දරුවෙකු (පවා) සතු, අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් නොවේද?

3. එක ශ්‍රේණියේ සිට රජයට බරක නොවී 11 ශ්‍රේණිය දකවා දරුවන් වෙනුවෙන් තම මුදලින් අධ්‍යාපනය ලබා දීම, එම දෙමව්පියන් කරන වැරැද්දක් ලෙස අර්ථ දැක්විය හැකිද?

3.1 එසේ වේ නම් ජාත්‍යන්තර පාසල් තව දුරටත් පවත්වාගෙන යෑමට අවසර දෙන්නේ ඇයි?

4. ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත් දරුවකුගේ ඉංග්‍රීසි දැනුම සාපේක්ෂව ඉහළ වීමෙන් අනුරාධපුර ගොවියාගේ දරුවාට අසාධාරණයක් සිදුවන්නේ, රජයේ පාසල් වල අධ්‍යාපන තත්වයේ අඩුවක් නිසා මිසක් ජාත්‍යන්තර පාසලේ දරුවාගේ වැරැද්දක් නිසා නොවන බව බන්දුල නොදන්නවාද?

4.1 එසේ දන්නවා නම් කළ යුත්තේ රජයේ පාසල්වල ඉංග්‍රීසි අධ්‍යාපනය ඉහළ නැංවීම මිස ජාත්‍යන්තර පාසක් වල ඉගෙන ගත් දරුවන්ට වැට බැදීමද?

5. මැදපෙරදිග රැකියා කොට නැවත් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලංකාවට පැමිනෙන රටවිරුවන් යයි රජය ඉහළින් අගය කරන විදෙස් ශ්‍රමිකයන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය අහිමි කිරීමට බන්දුලට ඇති අයිතිය කුමක්ද?

6. ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ආරම්භ කළද, පසුකලෙක මූල්‍යමය අපහසුතා නිසා ජාත්‍යන්තර පාසල්වට දරුවන් යැවිය නොහැකි තත්වයක් උදා වූ බදු ගෙවන ශ්‍රී ලාංකීය පුරවැසියාගේ දරුවාට නිදහස් අධ්‍යාපනය අකැපද?

7. අනුරාධපුර අහිංසක ගොවියා ගැන කතා කරන බන්දුලගේ පුතා ඉගෙන ගන්නේ ඇමෙරිකාවේය. අවුරුදු 52ක් වයස අගම්පොඩි රංජිත්ව කහ ඉර උඩදී හප්පන වෙලාවේ චතුර පසන් ගුණවර්ධනට ලංකාවේ වලංගු රියදුරු බලපතක් තිබ්බෙත් නැත. ඒත් ඔහුගේ දඩුවම වූයේ රු.එක් ලක්ෂ හය දහසක දඩයකි. අත්හිටපූ සිර දඩුවමක් ලැබුණද...යළිත් ඇමෙරිකාවට පියෑඹූ පසන්ට කිසිසේත් එය අදාල වන්නේද නැත.

ලයිසන් නැති ඔබ මම කහ ඉර උඩදී ඝාතනයක් කළා නම් අපට කුමක් සිදු වේද? එවිට බන්දුලලාට අහිංසකයන්ගේ අයිතිවාසිකම් මතක් වන්නේ නැත.මේ මතක් වෙලා ඇත්තේත්, ඒ අහිංසකයන් නොමග යවන ප්‍රකාශ සිදුකරන්නේත් උ/පෙළ පංතිවල ළමුන් අඩුවන බවට මැසිවිලි නගන ජාත්‍යන්තර පාසල් හිමිකරුවන්ගේ දුක් ගැනවිල්ලට හිත උණුවෙලාදැයි අපිට සිතෙන්නේ මන්ද?

නිදහස් අධ්‍යාපනය යනු බන්දුලලාගේ සහ එස්බීලාගේ බූදලයක්ද?

(ඡායරූපය උපුටා ගැනීම http://indikacartoon.blogspot.com බ්ලොග් අඩවියෙනි)



Wednesday, July 2, 2014

'ලැට් වල' යනු ධනාත්මක තැනකි ( සුරපුරෙහි ධනාත්මක පැතිකඩ )

ඡායරූපය http://in.reuters.com වෙබ් අඩවියෙනි
අපි මොනවා කිව්වත් මේ ආණ්ඩුව තරම් ජනතාවට ඉතා සුබවාදී ආදර්ශ දුන්න තවත් රජයක් නැති තරම්.

කාලයක් අධිකරණය කියන වචනේ දැක්කහමත් වරදක් කළ නොකළ සියළු දෙනාම සීරුවෙන් හිටගත්තා. අධිකරණයේ තීන්දු ගැන අපහාසාත්මකව කතා කළා කියලා අපේ රටේ ප්‍රසිද්ධ ඌරෙක් හිරේ ගියා. අධිකරණට අහිතක් වෙන වචනයක්වත් මාධ්‍ය වලින් වගේම කට වචනයෙන්වත් පිටවුනේ නෑ. අපි එච්චරම බයෙන් හිටියේ. අධිකරණය උතුම් කියලත් කවුදෝ කොහේදෝ කියලා තිබුණා.

ඒත් අධිකරණයේ ඉහළම තනතුරේ හිටපු ඇත්තිට බේබි නෝනා, හෙර, වංචාකාරී වගේ නම්බුනාම ප්‍රසිද්ධියේම කියලා, නින්දා කරලා පන්න ගන්න මේ ආණ්ඩුව පුදුමාකර උනන්දුවකින් ක්‍රියා කළා. අන්තිමේදී අධිකරණයටත් වඩා දියවන්නාවේ සත්තුවත්ත උතුම් කියලත් තීන්දුව දුන්නා. ලංකාවේ ඉන්න වලත්ත, හොර, තක්කඩි, මැරයෝ ඔක්කොම ඉන්න තැනටත් වඩා අධිකරණය පහළ වැටුනා කියලා දැනගත්තහම පුදුමාකාර සැහැල්ලුවක් දැනුනේ. දැන් ඉතිං හිතුමතේ අධිකරණයේ බලු තීන්දු ගැන  (බල්ලන් ගැන තීන්දු හොදේ) විවේචනය කරන්න ඇහැකි. අපි ගැන නොහිතන ආණ්ඩුවක් වුනා නම් මෙහෙම කරයිද?


ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ ඕනෑම වරදක් දුටු තැන අවම බලය පාවිච්චි කරලා ස්වර්ගමෝක්ෂ සම්පත්තිය බලන්න ෆ්‍රී ටිකට් අරන් දෙන උතුම් ආයතනයක්. වලහෙකුට ගුටි දීලා ඌ හාවෙක් බවට පාපොච්චාරණය කරවන්න පුළුවන් තරම් හැකියාවක් තියන ස්ථානයක්. එහෙව් පොලිසියේ ට්‍රැෆික් මහත්තයෙක් (ඔව් ඔව් අර වංගුවල ගස් මාරු සෙල්ලම් කරන, ඉනවටේ බදින එක කරවටේ දාගෙන ඉන්න අය තමා) එහෙම දැක්කහම අපේ ඩ්‍රැයිවර් උන්දැලගේ කකුල් දෙකම බ්‍රේක් එක උඩ නැගෙනවා. දස සිල් ගත්ත ඒබරං ආතා වගේ කොන්ද කෙලින් වෙනවා. සීට් බෙල්ට් ඉන වටේ එතෙනවා. සීට් එකේ මුත්‍රා නොයන ටික විතරයි.

මෙච්චර කල් එහෙම තිබ්බ පොලිසිය ගැන දැන් අපිට බය වෙන්න දෙයක් නෑ. දැන් ට්‍රැෆික් කොස්සෙක් හරි සාජෙක් හරි දැක්කහම (ඔන්න දැන්ම මහත්තයා කෑල්ල හැලුවා) සත  විසිපහකට ගණං ගන්න එපා. පුළුවන්නම් සීට් එකෙන් නැගිටල (ගරු කරන්න නෙමේ හොදේ) හීනියට අධෝමුඛයට ප්‍රාශ්වාස කරන්නත් ඉඩ දෙතැහැකි. ගෙම්බර් පාට් එකක් දැම්මොත්, දඩ කොළයක් එහෙම දික් කාලොත් සුද්ධ සිංහලෙන්ම උගේ උභය කුළයම පාරිශුද්ධ කරතැහැකි. ඒ විතරක් නම් මදෑ..උගේ ගෙවල් දොරවල් ඔක්කොම කුඩු සංසාර් වෙන්න ගිනි තිබ්බැහැකි. බල්ලෙක් වගේ රස්සාවෙන් දොට්ට දැම්මැහැකි. දැන් ඉතිං උන්ට බයේ නිකං පීචං වෙන්න ඕන නෑ. ජනතාවට හිතැති ආණ්ඩුවක් නොවුනනම් මෙහෙම තත්වයක් ඇති කරයිද?


අපිටත් ඕන වෙලා තිබ්බේ තජුහීද් ජමාත්, බොදු බලා සේනා වගේ තහනම් කරන්න තරම් කොන්දක් තියන මේ වගේ ආණ්ඩුවක්! (හෑ....එහෙම වුනේ නැද්ද තාම?)


සුබ අනාගතයක් !!!

(ඊයේ ලියපු එකක් නොදාන්නත් හිතලා, මාතලන් මාමා බුකියේ දාපු හෑල්ලක් දැකලා දාන්නම හිතුවේ. මෙන්න තැන්කියු එක මාතලන් මාමේ)

Friday, April 18, 2014

සරම අස්සෙන් මතු වුණ බිත්තරේ කාගෙද? (ආශ්චර්‍යමත් නාවික කේන්ද්‍රය)

පින්තූරය www.ada.lk වෙබ් අඩවියෙනි 

එජාප මන්ත්‍රීවරුන් හම්බන්තොටදී පහර කෑමට ලක්වීම හෙළා දකිමින් පළවන නොයෙකුත් ප්‍රකාශ දුටු විට මා හට සිනහ පහළ විය.

මේ ප්‍රහාරයට සමබන්ධ වූයේ දකුණේ ලේ ඇති වීර දේශමාමකයින් පිරිසක් මිස අන් කවුරුත් නොවෙති. මේ ප්‍රහාරය සැලසුම් සහගතව කළ ප්‍රහාරයක් ලෙස අර්ථ දැක්වීම පදනම් විරහිත චෝදනාවක් වේ.

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ යනු හම්බන්තොට ජනතාවගේ ජීවිතයයි. ඒ බව මේ එජාප මන්ත්‍රීවරු නොදන්නවා නොවේ. ඒ බව දැන දැනම දිනකට සිය ගණනක් නැව් යන (කි.මී.20 පමණ ඈත මුහුද දෙසින්) හම්බන්තොට වරාය සහ දහස් ගණනක් මගීන්ට දිනපතා සෙත සලසන මත්තල ගුවන් තොටුපළ (මත්තල ගුවන් ප්‍රදර්ශනාගාරය නැරඹීමට දිනපතා 'බස්' මගීන් දහස් ගණනක් එන බව රහසක් නොවේ) පහත් කොට සැලකීමෙන් එජාප මන්ත්‍රීවරුන් කලේ රාජපක්ෂ පරම්පරාවම නින්දාවට පත් කිරීමකි.

පින්තූරය www.lankadeepa.lk වෙබ් අඩවියෙනි 

අනෙක් අතට කිසිසේත් මෙය සැලසුම් සහගත ප්‍රහාරයක් විය නොහැක. එසේ වූවානම් ප්‍රහාරකයන් සතුව ගිනි අවි තිබෙන්නට ඉඩකඩ වැඩිය. අඩුම තරමේ හම්බන්තොට නගරාධිපති අතවත් කැටපෝලයක් වත් තිබුනේ නැත. ඔවුන් සිදු කලේ ඔවුන්ගේ සරම් අස්සේ තිබූ අන්තිම බිත්තරය (කලින් තිබූ බිත්තර දෙකෙන් එකක් නාමල් මහත්තයාට ඡන්දය දුන් පසු හැලී ගියබව ඔවුන්ම පවසති ) එජාප මන්ත්‍රීන් වෙනුවෙන් පාවිච්චි කිරීම පමණි.

අනෙක් අතට හම්බන්තොට වරාය අයිති එහි වල හෑරූ රාජපක්ෂලාටය. ගල්බෝර දමා ගල කැඩූ ජයසේකරලාටය. වතුර නැතිව විවෘත කළ ලොව ප්‍රථම වරාය බවට පත් කළ ආචාර්‍ය වික්‍රමලාටය. මේ ඔවුන්ගේ පරම්පරාගත නින්දගම්වලින් ලැබුණු ආදයම් මිසක් ජාත්‍යන්තර ණය මුදල් නොවේ. එහෙව් තැනක් බලන්නට යන්නට තරම්, ශ්‍රේෂ්ඨාධිකරණයටත් වඩා උතුම් යැයි ආණ්ඩුව විසින් ප්‍රත්‍යක්ෂයෙන්ම දෙසා වදාළ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇත්තේ කුමන හයිකාරකමක්ද?

'මා රටේ අයිතිකාරයා නොවේ, තාවකාලික භාරකාරයෙක් පමණයි' යැයි කවුදෝ හීනියට කොදුරනවා මට හීනෙන් මෙන් ඇසෙන්නේ ඇයි?

Tuesday, February 18, 2014

මම ජ.වි.පෙ. ට ඡන්දය නොදීමට හේතු සහ තවත් කතා....


අද මහරගම රැස්වීම පවත්වන්නේ පහුගිය දෙවැනිදා ජ.වි.පෙ. 7වන ජාතික මහා සමුලුව පවත්වලා මේ රට මුහුණ දුන් අර්බුද පිළිබඳව සාකච්ඡා කරලා මීට වඩා හොඳ උසස් සමාජයක් නිර්මාණය කිරීම සඳහා වැඩපිළිවෙලක් සම්මත කරගෙන ඒ සඳහා පක්‍ෂයට නව නායක මණ්ඩලයක් පිහිටුවීමෙන් අනතුරුවයි. 7වන ජාතික සමුළුවේදී සිදුවුණේ හුදු නායක මණ්ඩලවල වෙනසක් පමණක් නොවේ. ජනතාව මුහුණ දෙන අසීරුතාවයන් හඳුනාගෙන ඒ වෙනුවට ජනතාවාදී පාලනයක් හදන අලුත් වැඩපිළිවෙලක්ද සම්මත කරගත්තා.

අපේ රටේ ජනතාව මොකක්ද කියමින් ඉන්නේ? ගොවිජනතාව තමන් ලබාගත් අස්වැන්නට නිසි මිලක් නැහැ කියලා අඳෝනාවක් තියෙනවා. ධීවර ජනතාව තමන් නෙලා ගන්නා මාළු සම්පතට නිසි මිලක් නැහැ කියලා අඳෝනාවක් කියනවා. වැඩ කරන ජනතාවට තමන් ලබන වැටුප ජීවිතය ගැටගහගන්න බැහැ කියලා අඳෝනාවක් තිබෙනවා. ව්‍යාපාරික ප‍්‍රජාව ව්‍යාපාර කරගන්න බැරි තත්වයක් උදාවෙලා. තරුණයින්ට රස්සාවක් සොයාගන්න බැරි අර්බුදයක්, සිංහල, දෙමළ, මුස්ලිම් අසමගිය වර්ධනය වුණු වටපිටාවක්, ජාත්‍යන්තරය හමුවේ රට මහත් අර්බුදයකට පත්වුණු කාලයක් උද්ගතවෙලා. හැම දෙනාගෙම හඬ වෙලා තිබෙන්නේ මේ රටට මෙහෙය යන්න දෙන්න එපා එය වෙනස් කරන්න ඕනෑ කියන හැගීමයි. ඔබගේ එම සිතුවිලි යථාර්ථයක් කරන දිනය වැඩි ඈතක නොවේ. ඔබ කුස තුළ ඉන්න දරුවන්, ඇකයේ ඉන්න දරුවන්ට, අතේ එල්ලී කිරි බොන දුවා දරුවන්ට හොඳ රටක් ඕනෑ. රනිල්ට, මහින්ද රාජපක්‍ෂට මේ රට හදන්න බැහැ. අවුරුදු 66ක් තිසිසේ වසර 33 ගානේ රට පාලනය කරලා ඒ පක්‍ෂ දෙකම රට අඟලක්වත් ඉදිරියට ගන්න බැහැ කියලා ඔප්පු කරලා තිබෙනවා.

මහින්ද රාජපක්‍ෂ ප‍්‍රධාන කේන්ද්‍ර 5ක් ගැන කිව්වාව. දැනුමේ කේන්ද්‍රය, බලශක්ති කේන්ද්‍රය, නාවික කේන්ද්‍රය, ගුවන් කේන්ද්‍රය, වෙළඳ කේන්ද්‍රය. පහුගිය චොගම් සමුළුවේදී සංචාරක කේන්ද්‍රය කියලා තව එකකුත් එකතු වුණා. අපේ රටේ බලශක්ති කේන්ද්‍රය හදන්නේ හදල මාස 32ක් ඇතුළත 26 වතාවක් කැඩුණු නොරොච්චෝලේ තියාගෙන. විදුලිබල මණ්ඩලය 2011-2012 වර්ෂ දෙකේ පාඩුව රුපියල් කෝටි 8042යි. ගොවීන්ට විශ‍්‍රාම වැටුප දෙන්න යන්නේ කෝටි 100යි. රෝහල්වලට බෙහෙත්ටික දෙන්න වෙන්කරලා තිබෙන්නේ කෝටි 900යි. සමෘද්ධියට වෙන් කරන්නේ කෝටි 1,400යි. බලශක්ති කේන්ද්‍රය හදන්න යන විදුලිබල මණ්ඩලයේ පාඩුව කෝටි 8,042යි. තෙල් සංස්ථාව පසුගිය වසර දෙකට කෝටි 18,415ක් පාඩු ලබලා තියෙනවා. ජනතාවට බදු ගහල දඩ ගහල ගන්න මුදල් ගිලින බහිරවයන් බවට පත්වෙලා. අපේ රට බංකොලොත් කරලා. ගුවන් කේන්ද්‍රයක් කරන්න තිබෙන ආයතන දෙක තමයි මිහින් ලංකා සහ එයාර් ලංකා. පහුගිය වසර කිහිපය තුළ කෝටි ගණන් පඩුයි.

මත්තල ගුවන් තොටුපොල ගුවන්යානා බස්සවන්න ශත පහක් අයකරන්නේ නැති ගුවන් තොටුපොලවල් බවට පත්වෙලා. කටුනායක ඩොලර් 5,000ක් අයකරනවා. මත්තල ඩොලර් 2,500ක් අයකරමින් සිටියා. ඒකත් මහින්ද රාජපක්‍ෂලා ගැසට් ගහලා ඉවත් කරනවා. දැන් මේක හුලං කේන්ද්‍රයක් බවට පත්වෙලා. කුඩු, එතනෝල්, කැසිනෝවලින් කේන්ද්‍රයක් හදලා තිබෙනවා. දැනුමේ කේන්ද්‍රයක් කරනවා කියලා මහ ලොකුවට කථා කළාට 2005දී දළ ජාතික නිෂ්පාදිතයෙන් 3.59%ක් අධ්‍යාපනයට වෙන් කරපු ආණ්ඩුව 2013දී එය 1.4%ක් දක්වා කප්පාදු කරනවා. දැනුමේ කේන්ද්‍රයක් හදන්නේ මේ විදියට සාමාන්‍ය ජනතාවගේ දරුවෝ අධ්‍යාපනයෙන් පළවා හැරලද? නාවික කේන්ද්‍රයක් කරන්නේ නැව් එන්නේ නැති හම්බන්තොට වරායෙන්ද? කොළඹ වරායේ අලුත් ජැටියක් හදුවා. ඒක 2042 වෙනකම් අයිතිය තිබෙන්නේ චීන රජයට. ඒ නිසා මේ රාජපක්‍ෂගේ කේන්ද්‍ර බුබුලු කේන්ද්‍ර බවට පත්වෙලා. ඒ වෙනුවට අර්බුද පහක් රට හමුවේ ගොඩනැගිලා. ආර්ථික අර්බුදය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසිවීම, කුඩු, කැසිනෝ, එතනෝල් ව්‍යාප්ත වීම, වංචා, දූෂණ, ජාතික ප‍්‍රශ්නය, ඒ අර්බුද පහයි. අවසානයේ රාජපක්‍ෂලා කේන්ද්‍ර පහක් වෙනුවට අර්බුද පහක් නිර්මාණය කරලා තිබෙනවා.

ආණ්ඩුවේ මාධ්‍යයක් තිබෙනවා නයි ටී එන් එක කියලා. උදේ 7ට, 12ට ඒකට එන ඇමතිවරු අපේ රටේ ආර්ථික වර්ධනය ඉහළ ගිහිල්ලා කියලා මහා බරපතල වචන දාලා කියනවා. රට හැටට හැටේ නැගලා යනවා කියනවා. රටක ආර්ථිකය ඉහළ යනවානම් කඩේ බිස්නස් ටික වැඩිවෙන්න ඕනෑ. තරුණ තරුණියන්ට රස්සා බිහිවෙන්න ඕනෑ. බඩුමිල අඩුවෙන්න ඕනෑ. අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් වැඩිවෙන්න ඕනෑ. රෝහල්වලට, බෙහෙත්වලට වෙන් කරන මුදල් වැඩිවෙන්න ඕනෑ. නමුත් දැන් කඩේ බිස්නස් අඩු වෙලා. රස්සා අඩුවෙලා. අධ්‍යාපනයට මුදල් කපලා. මරණාසන්න ලෙඩාටත් රෝහලේ බෙහෙත් ටික නැහැ. ඒත් මහින්ද කියනවා ආර්ථිකය නැගලලු කියලා. ලංකා ඉතිහාසයේ ඉතා නරකම ආකාරයට ආර්ථිකය කඩා වැටෙන යුගයක් මේක. රට ණය උගුලක හිරවෙලා. පහුගිය 2012දී රටේ ආදායම රුපියල් බිලියන 1,051යි. දඩ ගහලා, බදු ගහලා තරුණ තරුණියන්ගේ කසාදෙටත් රුපියල් 5,000ක් අයකරලා ආණ්ඩුව උපයා ගත්තේ එච්චරයි. නමුත් ඒ වර්ෂයේ ණය වෙනුවෙන් රුපියල් බිලියන 1,074ක් ගෙවන්න වුනා. රටේ මුලු ආදායම ණය පොලී වාරිකය ගෙවන්න මදි. ඉතිරි සියල්ල කරන්න සිදුවෙලා තිබෙන්නේ ණයට. රාජ්‍ය අංශයට වැටුප් දෙන්නේ ලංකා බැංකුවෙන් ණය අරගෙන. මුලු රටම දුවන්නේ බැංකු අයිරාවකින්.

ආණ්ඩුව ජනතාවගේ ආහාරපානවලට බදු ගහනවා. පහුගිය අයවැයෙන් කොත්තමල්ලි කිලෝවකට රුපියල් 202ක බද්දක් ගැහුවා. සූදුරු කිලෝ එකකට රු. 52ක් සීනි වලට රු.30ක්, සුදු ලූණුවලට රු.40ක්, පරිප්පුවලට රු.22ක්, ලොකු සැමන් ටින් එකකට රු.105ක් ගානේ ජනතාව ආණ්ඩුවට බදු ගෙවනවා. රාජපක්‍ෂලාට සල්ලි හොයන්න වෙලා තිබෙන්නේ ජනතාවගේ එදිනෙදා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට බදුගහලා. ඒ විතරක් නෙවෙයි, ආණ්ඩුව අධ්‍යාපනයට, සෞඛ්‍යයට වැය කරන වියදනුත් කපනවා.

මේ මහින්ද රාජපක්‍ෂ කියන්නේ මාධ්‍යවලින් ගොඩනගන ලද ප‍්‍රබන්ධයක් පමණයි. සුනාමි ව්‍යසනය වෙලාවේ මුදල් වංචා කරපු නායකයෙක්. 2004දී ජනතාව මහා ව්‍යසනයකට පත්වෙලා ඉද්දී පිටරටවලින් එවපු සල්ලි තමන්ගේ අක්කගේ නමට හරවලා කොල්ල කාපු නායකයෙක්. බලයට ආපු ගමන් මාධ්‍ය ආයතනවලට පහර දුන්නා. මහින්ද රාජපක්‍ෂට එරෙහිව මාධ්‍ය වාර්තා පළවෙන්නේ නැහැ. සමහර නාළිකාවල මහින්ද රාජපක්‍ෂගේ නම වෙනුවට ඇහෙන්නේ බීප් ශබ්දය. රෝහණ විජේවීරගේ මස්සිනා යකා නටයි කියලා පත්තරවල මුල් පිටුවේ පළ කළාට ඇත්තටම පිස්සු කෙලින ශී‍්‍ර ලන්කන් එයා ලයින් සමාගමේ නිශාන්ත වික‍්‍රමසිංහ මහින්ද රාජපක්‍ෂගේ මස්සිනා කියලා ලියන්නේ නැහැ. සිරස මාධ්‍ය ආයතනයට දෙපාරක් බෝම්බ ගැහුවා. ඉරුදින, සන්ඩේ ලීඩර් මුද්‍රණාලයට ගිණි තැබුවා. අධි ආරක්‍ෂිත කලාපයේ තිබුණු සියතට බෝම්බ ගැහුවා. ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිණි තිබ්බා. යාපනයේ උදයන් කාර්යාලයට කිහිප සැරයක් වෙඩි තබා ගිණිබත් කළා. ලසන්ත වික‍්‍රමතුංග ඇතුලු මාධ්‍යවේදීන් 11ක් ඝාතනය කළා. පොද්දල ජයන්තගේ කකුල කැඩුවා. උපාලි තෙන්නකෝන්ට තර්ජනය කළා. මේවට සම්බන්ධ කිසිවෙකු අත්අඩංගුවට ගත්තේ නැහැ. ඒ සියල්ල පිටුපස සිටියේ ආණ්ඩුවයි. මාධ්‍ය ආයතන බිය ගන්වලා පාලනය කරනවා. සමහර මාධ්‍ය ආයතන සල්ලි දීලා අරගෙන තිබෙනවා. සමහර මාධ්‍ය ආයතනවල කර්තෘවරුන්ගේ දරුවන් ජනාධිපතිවරයාගේ මුදල්වලින් පිටරට ශිෂ්‍යත්වවලට ගියා. ඉතින් ඒ අය මහින්ද රාජපක්‍ෂට විරුද්ධව ලියනවද? අපේ රටේ ඇත්ත මාධ්‍යවලින් වාර්තා වෙන්නේ නැහැ.

අපේ රටේ මිනිස්සු ගෙවල් කඩන්න එපා කියනකොට සුදු වෑන් වලින් උස්සනවා. අගවිනිසුරුතුමිය දිවිනැගුම පනතට එරෙහිව තීන්දුවක් දුන්නු නිසා එළවලා දානවා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් අභියෝගයට ලක්වෙලා. අපේ රට ජාත්‍යන්තරයට හොඳ වේදිකාවක් වෙලා. සමහරු රනිල් එක්ක එකතු වෙලා මානව හිමිකම් රකින්න වේදිකාවවලට නගිනවා. අපි ඉතා වගකීමෙන් කියනවා මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් ආරක්‍ෂා කරන්න පුලුවන් ජනතා විමුක්ති පෙරමුටණට පමණයි කියලා. අපේ රට කුඩු, එතනෝල්වලින් පිරිලා. අද කුඩු එන්නේ ගෝණි ගණන්. මේ කුඩු ගෙනාවේ අපේ දරුවන්ට පොවන්න. පකිස්ථානයේ කාමින් ගම්පොල තියෙන අගමැතිවරයාගේ ගෙදර දන්නේ කොහොමද? ඒ නිසා පැහැදළි සම්බන්ධයක් මේ අය අතර තිබෙනවා. එතනෝල් කන්ටේනර් ගණන් ගේනවා. එක කන්ටේනරයකින් ලක්‍ෂ 1100ක් පමණ උපයනවා. නාන්න තරම් රටට අරක්කු ගේන්නේ කවුද? දැන් අරක්කු මුදලාලිලා කුඩු මුදලාලිලා ආණ්ඩු කරන තත්වයට පත්වෙලා. වයඹ ස්කාගාරය ජොන්ස්ටන් ඇමතිවරයාගේ. හිඟුරාන අරක්කු ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ. කුඩු කැසිනෝ රේස් බයි රේස් කාරයන්ගෙන් හැදුනු සන්ධාන ආණ්ඩුවක් මේක. සුදු පිරුවට ඇඟලාගත් අය හොරු එක්ක ලගිමින් කුඩු නැතිකරනන් කථා කරනවා.

මහින්ද රාජපක්‍ෂලාගේ කල්ලිය කෝටි ප‍්‍රකෝටි ගණන් හොරකම් කරනවා. පහුගිය දවසක මහින්දානන්දගේ බිරිඳ දික්කසාද වෙන්න ලක්‍ෂ 5000ක වන්දියක් ඉල්ලුවා. බිරිඳ දන්නවා මහින්දානන්දට ඒ තරම් ධනයක් තිබෙනවා කියලා. මේ තරම් ධනය කාගේද? මේවා මහජන මුදල්. මහින්දානන්ද කියන්නේ ලොකු හොරෙක් නෙවෙයි. පොඩි හොරු මෙහෙමනම් ලොකු හොරු කොහොම ඇත්ද? මහින්ද රාජපක්‍ෂගේ තුන්වැනි පුතා රෝහිත රාජපක්‍ෂ පුවත්පතකට කියලා තිබුණා මොනවාහරි ගන්න හිතුනාම මිල ගණන් බලන්නේ නැහැ කියලා. ඔහු පළඳින්නේ ලුවී විටෝන් සපත්තු කියලා කියලා තිබුණා. ලුවී විටෝන් සපත්තු ජෝඩුවක් ලක්‍ෂ එකහමාරක් විතර වෙනවා. එහෙම වියදම් කරන්න මේ අයට ධනය ලැබුණේ කොහොමද? 2012.12.12. නාමල් රාජපක්‍ෂගේ කාල්ටන් කී‍්‍රඩා සමාජයේ ලැම්බෝ ගිණි වර්ගයේ රේසින් කාර් 19ක් ගෙනාවා. බදුරහිත වටිනාකම රුපියල් ලක්‍ෂ 933ක්. පුතා රේසින් කාර් ගේනකොට තාත්තා අයවැයෙන් රේසින් කාර්වල බදු අඩුකරනවා. නාමල් රාජපක්‍ෂට ලක්‍ෂ 933ක් කොහෙන්ද? මන්තී‍්‍රකමට පත්වෙලා අවුරුදු හතරයි. ඒ අවුරුදු 4 ඇතුළත නොකා නොබී හම්බ කළත් ඉතිරි කරන්න පුළුවන් වෙන්නේ ලක්‍ෂ 48ක් විතරයි. එයා ලංකා එකේ සභාපති මහින්ද රාජපක්‍ෂගේ මස්සිනා. අධ්‍යාපන සුදුසුකම සා.පෙළ අසමත්. එයා ලංකා එකේ පාඩුව කෝටි 7000ක් පමණ වෙනවා. මෙවර අයවැයෙන් එයා ලංකා එකට කෝටි 2600ක් වෙන් කරලා. සි.ටී.බී. එකට වෙන් කරන්නෙත් කෝටි 50යි. ගොවි විශ‍්‍රාම වැටුපට වෙන් කරන්නෙත් කෝටි 100යි. තමන්ගේ මස්සිනාට කෝටි 2,600ක් වෙන්කරනවා. මහජන මුදල් කෝටි ප‍්‍රකෝටි ගණන් අයථා ලෙස උපයා ගත් හැම මුදලක්ම රටේ ජනතාව අතට පත්කරන ජනතාවාදී පාලනය ගොඩනගන්න අවශ්‍ය වෙන්නේ ඒ නිසයි.

මේ වනවිට ජාත්‍යන්තරයෙන් විශාල අභියෝග රැසක් එල්ල වෙලා තිබෙනවා. සමහරු මහින්ද සිප වැළඳගෙන දෙපතුල ලෙව කකා ඇමරිකාවට තඩි බානවා. සමහරු ඇමරිකාව බදාගෙන මහින්දට තඩි බානවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ බෙදුම් රේඛාව හරියටම හඳුනාගෙන තිබෙනවා. මහින්ද රාජපක්‍ෂත් ඇමරිකාවත් එක පැත්තකට දාලා ජනතාව එක පැත්තක සිට ගන්න ඕනෑ. මේ මහින්ද රාජපක්‍ෂට ඕනෑ ලංකාවට එරෙහිව යෝජනා සම්මත වෙන්නයි. එතකොට තමයි එයාට පපුවට ගහගන්න පුළුවන්. ඇත්තටම යෝජනාව පරාජය කරන්න ඕනැ නම් හොඳ තානාපති සේවයක් හදන්න ඕනෑ. ඇමරිකාවේ තානාපතිධුරයට එව්වේ තේ කොළ මුදලාලි කෙනෙක්. රුසියාවට යැව්වේ මහින්ද රාජපක්‍ෂගේ පුංචි අම්මගේ පුතා. ඉතාලියට යැව්වේ නාවලගේ බැනට් කුරේ. මියන්මාරයේ ඉන්නේ දික්වැල්ලේ එච්. ආර්. පියසිරි. එයා 88-89 මානව හිමිකම් ආරක්‍ෂා කරපු විදිය අපි හොඳට දන්නවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්නේ කටුනායක පෞද්ගලික අංශයේ සේවකයින්ට වෙඩි තිබ්බා කියලා වරද පිළිගත්ත හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය. එයා කොහොමද මානව හිමිකම් ගැන කථා කරන්නේ?

ඒ නිසා මේ රටට ප‍්‍රබල විපක්‍ෂයක් ඕනෑ. පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් මේ ආණ්ඩුවට එරෙහිව සටන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. එ.ජා.ප.යට මේ රටේ විපක්‍ෂය වෙන්න පුළුවන්ද? එ.ජා.ප.යේ ප‍්‍රශ්නය නායකත්ව අර්බුදය නෙවෙයි. ඒ අයට තිබෙන ලොකුම ප‍්‍රශ්නය ප‍්‍රතිපත්තිවල අර්බුදයයි. මොකද මේ ආණ්ඩුව කි‍්‍රයාත්මක කරන්නේ යූ.ඇන්.පී, එකේ ප‍්‍රතිපත්ති. ඒ නිසා තමයි එජාපය පෞද්ගලික විශ්වවිද්‍යාල හදනකොට හදන තැන හරි නැහැ කියන්නේ. කැසිනෝ ගේනකොට යූ.ඇන්.පී. ආණ්ඩුව තියෙනවනම් මේ තරම් බදු සහන දෙන්නේ නැහැයි කියන්නේ. රවී කරුණානායකට, දයා ගමගේට ජෝන් සෙනෙවිරත්නට ආණ්ඩුවට එරෙහි වෙන්න බැහැ. ජනතාව සමග අත්වැල් බැඳගත් ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්නය වෙනුවෙන් අරගල කරන පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණ. අපි රට හදන වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. එය කරුණු පහකින් සමන්විතයි. ජනතාවාදී පාලනයක්, උසස් මානව සම්පතක්, නවීකරණය හා කාර්මීකරණය වූ රටක්, සාධාරණ සමාජයක්, නිවහල් මිනිසෙක් ගොඩනගන්න ඕනෑ. දැන් තිබෙන්නේ ජනතා මුදල් කොල්ල කන පාලනයක්. මේ රටේ විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයි. විධායක ජනාධිපති ධූරයේ ඉන්න මහින්ද රාජපක්‍ෂගේ සංකල්ප තමයි මේ රටේ නීතිය බවට පත්වෙන්නේ. රටේ මුලු ධනයෙන් 52%ක් තිබෙන්නේ මහින්දගේ අතේ. රටේ වැදගත් ආයතනවලින් 80%ක් පාලනය කරන්නේ මහින්ද රාජපක්‍ෂ. ඒ වගේම අපේ රටේ අමාත්‍යාංශ සීමා කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් තුළ ඇමති මණ්ඩලය 25කට සීමා කරනවා. අපි ආණ්ඩුවේ ඉන්නකොට කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, පශු සම්පත් සියල්ලම තිබුණේ එක අමාත්‍යාංශයක් යටතේ. දැන් අමාත්‍යාංශ කෑලි කෑලිවලට කඩලා.

ලෝකයේ උසස් තාක්‍ෂණය, උකහා ගනිමින් දියුණු ශී‍්‍ර ලංකාවක් හදන්න ඕනෑ. ලෝකයේ උසස් සිනමාව කලාව, සාහිත්‍යය මේ රටට කැඳවාගෙන එන්න ඕනෑ. එය ඔස්සේ රටේ ජනතාවගේ චින්තනයක් ගොඩනගන්න ඕනෑ. අද අන්තර් ජාලය, සන්නිවේදනය, දියුණු වෙලා තිබෙනවා. නමුත් අපේ රටේ රූපවාහිනීවල පෙන්වන්නේ ගෙවල්වල ප‍්‍රශ්න විතරයි. නවීන තාක්‍ෂණය මත පදනම් වූ සාධාරණ ප‍්‍රතිපත්ති මත ගොඩනැගුනු සාධාරණ සමාජයක්, මීට වඩා නවීනත්වයෙන් රටක් ගොඩනගන්න පුලූවන්. ඒ සඳහා දැක්ම, පරිත්‍යාගය, කැපවීම තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. මේ රටේ වෘත්තීයවේදීන්ට, ව්‍යාපාරිකයින්ට, තරුණයන්ට, කාන්තාවන්ටශිෂ්‍යයන්ට වමේ ව්‍යාපාරය හැරගිය අයට අපේ පක්‍ෂයෙන් ඈත් වී නිද්‍රාශීලීව ඉන්න අයට අපි ආරාධනා කරනවා ඒ සඳහා හොඳ පිම්මක් මේ පළාත් සභාවේදී ගමු. වැඩකරන ජනතාව හැටියට අපිට අපි හැමදෙනාටම ඒ දේ කරන්න පුළුවන්.

............................................................................................................

ඒ අතරතුර අපේ බුකි මිතුරු රවීෂ තිලකවර්ධන ඔහු ජ.වි.පෙ. ට ඡන්දය නොදීමට හේතුවන කාරණා ගැන ඉතා තර්කානුකූල විග්‍රයක් සිදුකර තිබිණි.

මා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය නොදීමට හේතු

1. මාක්ස් ලෙනින්වාදී න්‍යායික පදනමක් සහිත ජවිපෙ ජාතිකවාදී සහ වෙනත් දේශපාලන න්‍යායන් අවශෝෂණය කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වී තිබෙන ව්‍යාකූල තත්ත්වය තුළ ජවිපෙ න්‍යායික පදනම ස්ථාන ගත වන්නේ කුමන ආස්ථානයකද යන්න පිළිබඳ ඇති අවිනිශ්චිතතාවය

2. විජේවීරයන් විසින් ට්‍රොට්ස්කිවාදී දෘෂ්ඨිකත්වයක්ද සහිතව මාක්ස් ලෙනින්වාදීව නිර්මාණය කරන ලද න්‍යායන් කාලානුරූපීව විකාශනය නොවීම. යම් විකාශනයක් සිදු වූවා නම් එය ඉල්ලුම් සැපයුම් න්‍යාය මත පදනම්ව සිදු වූවක් මිස විද්‍යාත්මකව සිදු වූවක් නොවීම

3.බෝල්ෂෙවික් හැඩයේ සාම්ප්‍රදායික කොමියුනිස්ට් ලක්ෂණ පෙන්නුම් කරන ජවිපෙ ගෝලීය ධනවාදය සමග දක්වන ප්‍රතිරෝධයන් සමග නවීන ප්‍රවණතා කළමණාකරණය පිළිබඳ ඇති අවිනිශ්චිත බව

4.බලය රහිතව සිටියදී දූෂණය වංචාවෙන් තොර චාම් ජීවිත ගත කරන ජවිපෙ නායකයන් බලය ලැබුණු පසු ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඇති සැකය

මෙකී කරුණු සහ තවත් අවශේෂ කරුණු කිහිපයක් නිසා මා ජවිපෙට ඡන්දය නොදෙනු ලබන්නේ

1. සිමෙන්ති කොට්ට ගණං හෙරොයින් ගෙනා විට ඒවා නිදහස් කරන්න යැයි අගමැති කාර්‍යාලයෙන් ලියුම් නිකුත් වෙන රටකය

2. අවුරුද්දකට හැටදාහක් තරුණයන් වකුගඩු රෝගයෙන් විඳවා මිය යෑම ගැන අබමල් රේණුවක දෙයක් නොකරන පාලකයන් රටේ මුදල් මිලියන ගණනින් වියදම් කර දෙලොවටම වැඩක් නැති සැටලයිට් අභ්‍යාවකාශගත කරන රටකය

3. සංගක්කාර ට්‍රිපල් සෙන්චරිය ගසා ස්ටේඩියම් එකට බැට් එක උස්සනවා වගේ ගෑණු සීයක් දූෂණය කළ ප්‍රීතිය සැමරීමට පාටි දමන දේශපාලකයන් කිසිදු අරෝවකින් තොරව යෙහෙන් වැජඹෙන රටකය

4. මත්කුඩු සම්බන්ධ පාලකයන් එළවීමට ලෙහි අත් ගසා ශපථ කර පසුව එම පාලනයම යළිත් ස්ථාපිත කිරීම සඳහා මහජනතාවගෙන්ම මුදල් හිඟා කන ජඩ දේශපාලකයන් සිටින රටකය

මේ කොයි එක වුනත් මම තියා මගේ බල්ලාවත් මේ සම්මජ්ජාතියේ ජවිපෙට ඡන්දය දෙන එක නං වානාය.




Wednesday, November 13, 2013

තොප්පි සිමයියාව ඕවර්ටේක් කළ රේස් ජේමියා (චුයිංගම් ආතල්)



අපේ ගංතුලානේ තියන 'මරා'ණාධාර සමිතියේ මේ සැරේ රැස්වීමේ හරි හරි වැඩ වුනා. සමිතියේ මොන මංගල්ලෙටත් කඩා පාත් වෙන, සමිතියේ ඇත්තන්ට අධෝවාතයක් ගියත් සරම උස්සන් කෑගාන අල්ලපු ගමේ චන්ඩියා වෙන තොප්පි සිමයියා මේ සැරේ රැස්වීම කර ඇරලා. ගම්මු කියන්නෙනං සිමයියගේ ගෙදර උන්දෑ ලලිතක්කා මේ සැරේ රැස්වීමට ආවොත් කකුල් කඩනවා කියල කොරපු තර්ජනේට බයේ තමා උන්දෑ නාවේ කියල.



ඔය අස්සේ ගගෙන් එගොඩ ගමේ රේස් ජේමියට මේ සැරේ 'මරා'ණාධාර රැස්වීමට එන්න කියල බෝතල් අඩි පීරයියා පංයිඩයක් යවලා. අහල හං හතේම ප්‍රසිද්ධ සූදු කාරයෙක්, බජව් කාරයෙක් ඉතරක් නෙමේ වේසකං වලට අතහිත දෙන ඈයෙක් වෙච්ච ජේමියා මේ සැරේ රැස්වීමේ කතාවකුත් කොලාලු.

අපිනං හිතා උන්නේ ජේමියා එන එකට ගමේ උන් දෝස්මුරයක් තියයි කියල. අනේ මොන! ජේමියා පැත්තක ඉදිද්දී සමිතියේ වෙච්චි ආරවුලක් ගැන කට කතා පතුරෝපු හාදයෝ දෙන්නට නම් ගමෙ උන් පන්න පන්න දෙසනවා ඕන් අද දැක්කා. 



ඒත්  රේස් ජේමියා වගේ එහෙකුට මේ ගං තුලාවේ ඔච්චර රගන්න දෙන්නේ ඇයි කියන පුරස්නේ අපේ හිතේ තියනවා. අනිත් කාරනේ තමා අර හාදයෝ දෙන්න වෙනුවෙන් විස්සෝප වෙන ඇත්තෝ එකෙක්වත් ජේමියා ආපු එකට මීක් නැති වෙච්චි එක. ඒ විතරක් නම් මදෑ, ඔය උන් ඔක්කොම  බොන්න වතුර ඩිංගක් ඉල්ලපු ගමේ උන් ටිකට සමිතියේ ලොක්කො ටික ගිනි පිම්බ වෙලේ කටේ බෙට්ට හිරවුනා වගේ උන්නා.


රටේ ඔක්කොම බවුද්දයෝ ටික වෙනුවෙන් ඉන්න සම්මේලනේද මොකක්ද එකේ, ලොකු පුටුවෙත් රේස්කාරයෙක් ඉන්න එකේ, ජේමියා ආව එක මොන කෙංගෙඩියක්ද කියල නොහිතෙනවත් නෙමේ ආයිබෝං.

පංචසීල පද පහට සූදුව නොවැටුනේ, ඒ කාලෙ උන්න උත්තමයෝ මේවා ගැන ඉර්දියෙන් දැකල වෙන්ටැ මයේ හිතේ.
   

Friday, August 9, 2013

ලයිසන්ලත් සක්විතිලාගේ හෙන ගහන CIFL වංචාව (ශ්‍රී ලංකා මහ බැංකුවේ බබා පාට්)


දුක් මහන්සියෙන් යමක් ඉතුරු කරගත් මිනිසුන්, ඉන් පසු ඒ ඉතිරිය තවත් වර්ධනය කරගන්න පෙළඹීම ස්වාභාවිකය. සක්විතිගෙන්, කොතලාවලගෙන් මට්ටු වූ මිනිසුන් මේ ඉතිරිය තැන්පත් කරන්නේ හොදින් සොයා බලාය. සොයා බලන්නට මිනිස්සුන්ට තියන හොදම ක්‍රමය මහ බැංකුවය. ශ්‍රී ලංකා මහ බැංකුව කලින් කලට ප්‍රසිද්ධ මාධ්‍ය වල, මහ බැංකුවේ අනුමත බැංකු සහ මූල්‍ය සමාගම් වල ලැයිස්තුවක් පළ කරයි. එම ආයතන වල කටයුතු, ක්‍රියාකාරීත්වය සොයා බලන්නට වෙනම දෙපාර්තමේන්තුවක් පවා ඇත.

CIFL (Central Investments & Finance PLC) යනු එලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත මූල්‍ය ආයතනයකි. 1966 ආරම්භ කර 2005 දෙසැම්බර් මස ලියාපදිංචි මුදල් සමාගමක් බවට පත් වී ඇති ආයතනය මේ වනවිට රටේ අසාර්තකම මූල්‍ය ආයතනය පමණක් නොව නූතන සක්විති බවට පත් වී ඇත.



Registration Certificate under the Finance Companies Act



CIFL හි මුදල් තැන්පත්කරුවන් හට දැනට මාස 7ක පමණ කාලයක් තිස්සේ තැන්පතු වලට අදාල පොලී මුදල් සහ කල්පිරුනු ස්ථිර තැන්පත්වල මුලික මුදල පවා ගෙවාගත නොහැකි තත්වයකට පත්ව ඇත.

මින් වසර 2කට පමණ ඉහත සිට ලෝ ප්‍රකට ක්‍රිකට් තරුවක් වන සනත් ජයසූරිය ඔවුන්ගේ අධ්‍යක්ෂ කෙනෙක් ලෙසත්, ඔහු CIFL ආයතනයේ සන්නාම තානාපති ලෙසත් ක්‍රියාකරන බව පවසමින්, එසේම ආයතනයේ නීතිමය වලංගුභාවය ඔප්පු කරමින්, තරමක් ඉහළ පොලී අනුපාත ලබා දෙන බව පවසමින් මෙම ආයතනය ඉතා සිග්‍රයෙන් මුදල් තැන්පත්කරුවන් තමන්ගේ ග්‍රහණයට නතු කරගැනීමට සමත් වූහ.



Sanath Jayasuriya As CIFL Brand Ambassador


ජීවිතයේ සැදෑ සමය ගෙවීමට තමන් උපයාගත් අර්ථ සාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් මෙහි තැන්පත් කර එහි පොළියෙන් ජීවත්වන වැඩිහිටි පුරවැසියන් සේම, තම ඉඩ කඩම් විකුණා ගත් මුදල් අනාගත අයෝජනයක් වෙනුවෙන් යොදවනතෙක් තැන්පත් කර ඇති තැන්පත්කරුවන් දක්වා 5000කට අධික තැන්පත්කරුවන් CIFL ආයතනයේ අත්තනෝමතික මූදල් පාලනය හේතුවෙන් මේ වනවිට අන්ත අසරණ තත්වයකට පත්ව ඇත. 

සක්විති වෙත මුදල් ලබා දුන් ජනතාව මෙන් නොව, මොවුන් මේ මුදල් තැන්පත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව කෙරෙහි තිබෙන විශ්වාසය මත පදනම්ව බව මේ තැන්පත්කරුවන් සමග කතාබස් කිරීමේදී මැනවින් පසක් වේ. නමුත් මේ පිළිබදව විමසීමට මහ බැංකුවට ගිය සමහර තැන්පත්කරුවන්ගෙන් මහ බැංකු නිළධාරීන් අසා ඇත්තේ 'ඇයි ඕගොල්ලො ඔතන සල්ලි දැම්මේ?' කියාය.


මේ වනවිට මේ ගැන සොයා බැලීමට මහ බැංකුව නිළධාරියෙක් පත් කර ඇති නමුත්, මෙහිදී මහ බැංකුව වගකීම් පැහැර හරිමින් ක්‍රියා කළ ආකාරයක් පැහැදිලිව පෙනේ. එමෙන්ම නිර්ලජ්ජිත මහ බැංකු නිළධාරී CIFL ආයතනයේ කළමණාකාරීත්වයේ වෙනසක් සහ කොටස් හිමිකාරීත්වයේ වෙනසක් මෙම කඩාවැටීමට හේතු වූ බවත්, නව කොටස් හිමියන් සහ නව ආයෝජන පිළිබදව එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව නොමග යැවූ බවත් ප්‍රකාශ කොට අත සෝදා ගැනීමට සූදානම් වෙති. අපට ඇති ප්‍රශ්ණය වන්නේ ශ්‍රි ලංකා මුදල් මණ්ඩලයේ පිළිගත්, ලියාපදිංචි මුදල් සමාගමක මූල්‍යමය ශක්තිය මෙවන් තත්වයක් දක්වා බිද වැටෙනතෙක් මහ බැංකුව සිටියේ බක්න්නිලාගෙන, බඩ උලාගෙන, බට කලියාගෙනදැයි කියාය.

තවත් මෙය දුරදිග ගොස්, තවත් වැලිවේරියක් පුරහල CIFL ආයතනය ඉදිරිපිටි ඇති නොවේවායි අපගේ ඒකායන පැතුමයි. ඒ පැතුම ඉටු කිරීමට උරදීම ශ්‍රී ලංකා මහ බැංකු නිළධාරීන්ගේ පරම යුතුකමයි.



(මෙය හිතුමතේ හෝ CIFL ආයතනයේ නමට හානිකිරීම පිණිස වෙළද අරමුණකින් පළ කළ ලිපියක් නොව වගකීම් සහගතව සොයා බලා පළ කළ ලිපියකි. එසේම මේ ආයතනය නිවැරදි මාර්ගයට පැමිනේවි යැයි මාස 6කට අධික කාලයක් ඉවසා බලාසිට ලියන ලද ලිපියක් බව වගකීමෙන් පවසමි.)

මේ අසාධරණය නිසා අසරණ වූ තැන්පත්කරුවන් එකතු වී 'CIFL තැන්පතු හිමියන්ගේ සංගමය' (CIFL Deposit Holders Association) නමින් නීතිමට වලංගුභාවයක් සහිත සංගමයක් පිහිටුවාගෙන ඇත. එහි බ්ලොග් අඩවියේ සබැදිය පහත දැක්වේ.


http://cifldha.blogspot.com




Thursday, May 9, 2013

මාළු ලෑල්ලෙන් ඉගෙන ගැනීම (පාඩම් අංක 1)



දවස් කීපයක ඉදල අපේ පැත්තට මාළු අරන් එ සීයා ආවේ නෑ. අසනීප බවක් කිය කිය හිටපු නිසා අදත් නොඑයි කියල උපකල්පනය කරලා චූටියගේ තරමක් දුරින් තියන මාළු ලෑල්ලට ගියා. කාලයක් මුණ ගැහුනේ නැති නිසා චූටියා එක්ක ආගිය තොරතුරු කතා කරන අතරේ විදුලි බිල ගැන කතාවත් ඇදුනා.

'ගිය මාසේ කරන්ට් බිල 3000යි බන්. මෙතන ලයිට් තියෙන්නේ සී.එෆ්.එල්. විතරයි. ඒවත් දාන්නේ දවසට පැය තුනයි. තිබ්බ ඩීෆ්‍රිෂර් එකත් ගෙදෙට්ට ගිහින් දැම්මා මෙතන බිල වැඩි නිසා. දැන් ලබන මාසේ තව 1000න් විතර බිල වැඩි වුනහම ඉතිං මාළු ගන්න එන මිනිස්සුන්ගේ පිටින් තමා ඕක යවන්න වෙන්නේ'

ආයෙත් පුහු ව්‍යාපාරික ටෝක් අපි අතරේ වැඩක් නැතිබව දන්න චූටියා කෙලින්ම කියල දැම්ම. මාළු ඉදල හිටල හරි කන, අපි නොකෑවත් පොඩි එකාට කන්න දෙන මං වගේ සාමාන්‍ය මිනිස්සු ගැන ඇතිවුනේ දුකක් වගේම තරහක්.

චූටියගේ නොදන්න කම ගැන මම පුදුම වුනේ නෑ. ගල් බෝතලයක, මාළු කිලෝ එකක, අයිස් කිලෝ 10ක ගණං ඇරුණු කොට වෙන මොන කෙංගෙඩියකවත් ගණං මිනුං වගේම රටේ තොටේ වෙන දේවල් ගැනත් ඌ දන්න දෙයක් නෑ.

'බලං හිටහං රුපියල් දාහෙන් ෂේප් වෙන්න, ලබන මාසේ ඉදල අඩුම තරමේ රුපියල් පන්දාහක් වත් ලෑස්ති කරගනිං කරන්ට් බිල ගෙවන්න' 

'ඇයි යකෝ..එහෙම වෙන්නේ කොහොමද?.. මහින්දය කරන්ට් බිල අඩු කලානේ'

මම චූටියට දුන්න උත්තරේ ඇතුලේ ජාතික භාෂාවේ තියන මිහිරිම වචන කීපයක් තිබ්බ නිසා ඒක මෙතන දාන්න බෑ.

එක අතකින් චූටියට එහෙම බැනලා වැඩක් නෑ. අපේ රටේ වැඩිපුරම ඉන්නේ මේ චූටියල තමා. ඒ චූටියලට මේ රටේ ඉන්න පාලකයොත් හරි ආදරෙයි. නසරාණි වෙන්න වහින කාලෙත් අපෙන් කෙලවෙන ඉන්ධන ගැලපුම් ගාස්තුව, මුලු විදුලි පරිභෝජනයට අය කරන මුදලෙන් 40% බව වත්, ලොක්කා මැයි දවසේ දුන්න කැරට් අලයෙන් කලේ ඒකෙන් 25% ක්, වඩාත් පැහැදිලිව කිව්වොත් අලුතෙන් හැදෙන වැඩිවෙච්ච බිලෙන් 10% විතරක් අඩු කල එකවත් මේ චූටියල දන්නෙත් නෑ. ලොක්කා දෙන කැරට්වල ලස්සන නිසා මුන්ට තේරෙන්නෙත් නෑ. ඒ ඔක්කෝටම වඩා මුන්ට තේරිලා තියෙන්නේ ලොක්කා කරන්ට් බිල අඩු කලා කියල විතරයි, 80% වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩි කරලා කියල තේරෙන්නේ නෑ.

යමක් කමක් තේරෙන්නෙ නැති තත්වෙක හිටියනම් හොදා කියල මට හිතුන බොහොමයක් වාර වලට මේ සිද්ධියත් එක හේතුවක් වුණා. මොකෝ අපි කරන්ට් බිල එනකම්මත්, ඒක ගෙවනකම්මත්, ඊටත් පස්සෙත් ඉන්නේ ලේ කෝප වෙලා. ඒත් චූටියා බිල එනකම් ආතල් එකේ ඉන්නවා. බිල ආවහම මාළුවල ගාණ වැඩි කරනවා. ඒකෙන් මාස් පඩි කාරයා වෙච්ච මං ගන්න මාළු ටිකටත් කෙල වෙන බව ඇත්ත. ඒත් වැඩේ හරිම සිම්පල්.

මමත් ඉගෙන ගත්තා හොද පාඩමක්. අනිත් දවසේ ඔය බඩු මිල, බදු වැඩි වුනහම ඕව ගනං ගන්නේ නෑ. වැඩි කරනවා මගේ පඩිය......හෑ..... "&#$@!&*@!#*!(#%@!

හා...බලන්න හොද නැද්ද විසදුම....

සැ.යු. ඉහත පින්තූරයේ සිටින මාළු වෙලෙන්දා අපේ චූටියා නොවන අතර, රෙද්ද උස්සා පෙන්වන්නේ 'අපවිත්‍ර' කාන්තාවක් නොවන බව සලකන්න.

Friday, March 22, 2013

අහෝ...ජිනීවා (ලබන මාර්තුව තෙක්)



ජිනීවා තියෙන්නේ දියවන්නාව පැත්තේ යැයි සිතෙන තරමට එ.ජා. මානව හිමිකම් කමිටු යෝජනාව පැන යා හැකි මාතෘකාවක සීමාවෙන් ඔබ්බට ගමන් කර ඇත. සුමාන දෙකකට පසු සහ ලබන පෙබරවාරි අවසන වනතෙක් යලි කරලියට නොඑන මාතෘකාවක් බව දැන දැනම මේ නීරස මාතෘකාව ගැන පසු විවරණයක් කිරීමට සිත් විය.

මුලින්ම මේ යෝජනාවේ අන්තර්ගත කරුණු වලින් ප්‍රධානම කාරණය වන LLRC කමිටු වාර්තාව ගන විමසා බලමු. මෙය රටේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවක් වන අතර මෙය ආරම්භයේ පටන්ම රටේ ඇති වූ හෝ ඇති විය හැකි ජනවාර්ගික ගැටළුවලට පිළිතුරක් සෙවීමේ අභිලාෂයෙන් සකස් වූවක් නොවේ. එසේ වූවා නම් ඕනෑම අයෙකුට සාක්ෂි ලබා දිය හැකි යයි රෑ ප්‍රවෘත්ති වලින් සංදර්ශණ කිරීමෙන් ඔබ්බට ගොස් මෙය සැබෑ වශයෙන්ම ජනතාව අතරට ගොස්, ජනතා අත්දැකීම් සහ අදහස් වලින් නිර්මිත වාර්තාවක් විය යුතුව තිබිණි. උතුරු නැගෙනහිර ජනවාර්ගික ප්‍රශ්ණයට පිළිතුරු සොයන මේ වාර්තාව අඩංගු වැඩිමනක් කරුණු වලට සාක්ෂි ලබා ගැනීමේ කටයුතු වලින් 80% සිදු වූයේ කොළඹ පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ ආයතනයේදී වීමම මෙහි වලංගු භාවය ප්‍රශ්ණයට නැගෙන අවස්ථාවකි.

ඇත්තට මුහුණ දිය යුතුය. මේ වාර්ථාව හදිසියේ සම්පාදනයට හේතු වූයේ දරුස්මාන් වාර්තාව හරහා ජාත්‍යන්තරව නැගෙමින් පැවති විරෝධය යටපත් කිරීමේ අවස්තාවාදී අරමුණ මිසක් ජනවාර්ගික ගැටළුවට පිළිතුරු සෙවීමේ අවස්ථානෝචිත අරමුණ නොවේ.

කෙසේ හෝ මෙම වාර්ථාව ජාත්‍යන්තර අවධානය දිනාගත් වාර්තාවක් බවට පත් විය. එසේ නොවුනත් එය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වාර්ථාවක් බවට පත් වූ බැවින් එය අඩු ලුහුඩුකම් පැවතියද එය ක්‍රියාත්මක කිරීමේ වගකීමක්, යුතුකමක් සහ අයිතිවාසිකමක් රජය සතු වේ. එය ඇමෙරිකාව, ඉන්දියාව හෝ යුරෝපය පමණක් නොව විපක්ෂයවත් බල කරන තෙක් කල් මැරීමට අවශ්‍ය නොවේ.

මේ වාතාවරණය තුළ ඇමෙරිකාව ප්‍රමුඛ අධෝ මුඛ කැසීම් ඇති බටහිරවාදීන්ට රටේ ස්වෛරීභාවය ප්‍රශ්ණ කිරීමට උඩගෙඩි දීමේ වටපිටාවක් ඇති කිරීමට මේ අදූරදර්ශී පාලනය 'සමත්' විය. මාධ්‍ය මර්ධනය, නිතිය හෑල්ලුවට ලක් කිරීම, ප්‍රසිද්ධ මැර ක්‍රියා, දේශපාලන පලිගැනීම් මෙන්ම එළිපිට සිදු කරන වංචා ආදිය ගැන ITN එකෙන් එහා ලෝකයක් ඇති බව දන්නා කිසිවෙකුට හෝ අප විසින් පැහදිලි කීරීම අවශ්‍ය නොවන බව දනිමි.

ඇමෙරිකාව හෝ යුරෝපයට පමණක් නොව ඉන්දියාවට පවා මේ ප්‍රශ්ණය පිටින් තම රටේ පෞද්ගලික න්‍යාය පත්‍ර සාක්ෂාත් කර ගැනීමට එහා ගිය අරමුණක් නැති බව පැහැදිලිව පෙනේ. ඇමෙරිකාව තම සුපුරුදු හෙළුවෙන් සිට හූ කියා චන්ඩි පාට් දැමීමේ න්‍යායට අවතීර්ණව ඇති අතර, ඇමෙරිකාව් බෙට්ටත් සුවද යැයි අදහන යුරෝපයට දෙමළ ඩයස්පෝරාවේ මුදල් සහ පාවෙන ඡන්ද මේ තීරණය ගැනීමට අමතර උපකාරයක් වූ බව නොරහසකි. දකුණු ආසියාව තුළ ආධිපත්‍යය පැතිරීමේ අමන ආසාවෙන් මුසපත් වී ඇති ඉන්දියාවට තමිල්නාඩුව තුළ ඇති ඡන්ද පදනම මිසක, තමිල්නාඩු ජනතාවගේ සැබෑ අදහස මේ තීරණය බලපෑම් කළ බවක් නොපෙනේ.

කෙසේ හෝ LLRC වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සහ එහි සාර්ථකභාවය පිළිබද වාර්තා කිරීමෙදී මේ රජය ජාත්‍යන්තරය නොමග යැවූ අවස්ථා අතේ පත්තු වීම හරහා ඇමෙරිකාව මතුකරන කාරණා වලට නිසැකයෙන්ම පිළිගැනීමක් ඇති වී තිබීම පිළිබදව හොදම උදාහරණය නම් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් වෙනිසියුලාව පවා කමිටු වාර්තාවේ යෝජනා හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයට දැනුම් දීමයි.

කෙසේ වෙතත් ඇමෙරිකාවේ මේ නින්දිත උත්සහය ගිය වර මෙන්ම මෙවරද නිකම්ම නිකම් ඡන්දයක් පමණක් විනා,මේ දුර්දාන්ත පාලනය හේතුවෙන් තැලී පොඩිවී සිටින අහිංසක ශ්‍රී ලාංකිකයාට වින කරන තවත් ප්‍රයත්නයක් නොවේවායි ශ්‍රී ලාංකිකයෙක් ලෙස හදවතින්ම පතමි.

ප.ලි. කොච්චර මේ මගුල් දේශපාලන මාතෘකාවලින් එළියට පනින්න හැදුවත් බැරි හැටි...ලබන සැරේ නම් දානව වෙන සීන් එකක්..ඕං කිව්වා...

Friday, March 1, 2013

පෑගෙන්න කලින් රස බලන්න....(නූතන අසූචියේ පූර්වකථනය)



මුලදිම කියන්නම්, මේක ඊක්කා කතාවක්. ඔක්කාරෙට එන අය, මනෝ රූප ඉක්මනින් මැවෙන අය මෙතනින්ම කැපෙන්න. නැවත හමුවෙමු. බා...යි....

මෙන්න බා..යි....එක පැන්න ඔහෙලට කියන දේ...මේ ඊක්කා කතාව මම ගොතපු එකක් නෙමේ. කොහොමත් මං කියල ඔහොම ඈක්කා කතා ලියන එකෙක් ඈ.. අනාදිමත් කාලයක ඉදල හෙළයේ ජනවහරේ එන කතාවක්. මම කිව්ව කියල වෙනසක් නෑ. ඒත් වෙනස තමා මේකේ අද තියන, සමහර විට අදටත් වඩා හෙට තියන වලංගුබව. කොටින්ම අහවල් එක කන්නේ දැන්.

මෙන්න වැඩේ...

අපේ ගමේ හිටියා පට්ට ෆිට් පොරවල් දෙකක්. ඕනම අඩව්වකට එකට සෙට් වෙන්නේ. හලාල් වෙන්නෙත් එකට. (හලාල් යන්නෙහි සිංහල තේරුම 'අනුමත' යන්න බව මෛත්‍රියෙන් සලකන්න). මුන් දෙන්නගේ ගෙවල් තිබ්බේ එක ළග. කොටින්ම ළග ගෙදර සිවාට දුවන්න දෙන කොටත් මුන් දෙන්නා හුරේ දැම්මේ එකට.

මුන්ගෙන් එකෙක් වෙන ගමක ඉදල කාලෙකට කලින් මේ ගමට ආපු එකෙක්, මූ කිව්වට මූම නෙමේ, මුගේ සීයා තමා මෙහෙ ඇවිත් අනිත් එකාගේ ආච්චිගේ නංගිට ලයින් දාල අල්ලගත්තේ. මුගේ සීයා වෙලෙන්දා, හරි සල්ලිකාරයලු. පට්ට තොප්පි පාරක් ගමට බැස්සුවෙත්, පික්ෂු හැදෙන රැවුල් කට් එකක් මාකට් කලෙත් පොරලු.

මූ...අරූ...කිව්වට නම් කිව්වේ නෑනේ...කමක් නෑ.. ඕනේ නෑ..දිගටම මූ...අරූ...කියලම ගමු.

අරූ හිතා ඉන්නේ ඌ පට්ට වැඩ්ඩ කියල. නිකං බොරු මොකෝ මාත් වැඩිය කැමති ඌ වැඩ්ඩ කියල පිළිගන්න. අරූ ගමේ එකා කියල පොර ටෝක් දුන්නට ඌ දන්නැති, සද බැබලෙන සීන් කෝන් එක තමා පොරගේ සීයත්, සීයාගේ සියා එක්ක කොක්කක් දාගෙන මේ බජාර් එකට බැස්ස එකෙක් බව.

හරි දොරේ..මෙන්න ඔරිම..ජිනල් සීන් එක, ෂේප් එකයි පාරයි දාල කියන්නේ දැන් තමා..තොරණේ විස්තරේට කලින් පිං විකුණන එක අපේ සිරිත නොවැ.

අල වගේද ගෝවා.

මූ යනව දවසක් අරූ එක්ක හලාල් වෙන්න. මොනවද සීල් නෙමේ දොරේ..ගමේ එව්වා. අරූ තමා කිව්වේ ගන්න අපේ දේ කියල, වෙලේ සුදාගේ කස්ටා පොට් එකට සප් එකක් දෙමු කියල. 

'අම්ම ගහයි බැට් එකෙන්..මෙන්න පාර මැද්දේ 'ගොම් බෙට්ටක්' (ඈක්කා.....හ්) මූ කිව්වා...

'පල ඩෝහ් යන්න මේ ගොම් බෙට්ටක් නෙමේ..මේ මඩ තලියක්' අරූ කිව්වා...

'පික්ෂු පීකුදු...කිව්වලු..උඹට මෝල්ද ඩෝහ්...මේ ගොම් බෙට්ටක්' මූ ආයෙත් කිව්වා.

'අනේ උඹේ දන්න ආච්චිගේ ක්ලොත් එක, මේ මඩ තලියක් ඩෝ...බොරුනම් බලමුද පොඩ්ඩක් දිවේ ගාලා' අරූ කිව්වා...

'හරී....ම්ම්....ම්ම්ම්ම්.....මේ නම් ගොම් බෙට්ටක්...මට පට්ට ෂුවර්, උඹත් කාල බලපං' මූ කිව්වා...

'ම්ම්ම්.....ම්ම්ම්ම්ම්..පල පල ...මේ මඩ තලියක්' අරූ තෙපර බෑවා...

මූ - 'අහ්...ආයෙත් ටිකක් කාල බලමු....ම්ම්ම්... මේ ගොම් බෙට්ටක් බොල'

අරූ තව ටිකක් කාල - 'නෑ...නෑ....මේ මඩ තලියක්'

මූ තව ටිකක් කාල - 'මට ෂුවර් මේ ගොම් බෙට්ටක්'

හුටා දැන් ගොම් බෙට්ටක්, හරි මඩ තලියක් හරි වේවා..මේ බෙට්ට ඉවර වෙන්න ළගයි. අන්තිම ටික තියෙන්නේ. මුන් දෙන්නගේ කටවල් වලින් එන අජූත ගද එක්ක ගත්තහම, සුදාගේ වෙල් ෆැන්ටා තව හොදා...

මොනව කොරන්නද, අවුල චකබ්ලාස් කරන්නත් ඕන නිසා අරූ අන්තිම ටිකත් හූරගෙන කෑවා...

මොනව්ද බලමු අරූ කියන්නේ දැන්...

'අඩ්ඩඩ්ඩා...දැන්නේ ඩෝ තේරුණේ මේ ගොම් බෙට්ටක්වත්, මඩ තලියක්වත් නෙමේ.....මේ බලු බෙට්ටක්' (ඊ...ක්කා....ද?)

හරි දැන් බලමු මූ කොහොමද වර්ඩින් දෙන්න කියල...

'මටත් මුල ඉදල ටිකක් සැකේ තිබ්බා ඩෝ...ඒත් කමක් නෑ හොද වෙලාවට උඹට තේරුණේ දැන්...තව ටිකෙන් අපි දෙන්නට පෑගෙනවා ඕක, දැන් අවුලක් නෑ' (ම්ම්මාහ්හ්හ් - කිස් එකකි)

හරි...චැප්ටර් ක්ලෝස්... දැන් පලයව් යන්න....

ඇ....මොකක්ද...කවුද මුං..කියල ඇහුවද?

ආ නම් කිව්වේ නෑනේ නේද...
මුගේ නම - මොහමඩ්
අරූගේ නම - ධර්මපාල

තාම තේරුණේ නැත්ද ...ඉතිං මට මොකෝ...


හැබැයි ටක්කෙටම කියන්නම් උඹලට තේරෙන දවස ගැන..

දවසක් 'පොරක්' ඔය බලු බෙටි අනුභවය කරලා බඩේ රුදාවට පුක විකාගෙන ඉන්න අරූ ගාවටයි මූ ගාවටයි ඇවිත්, කටිනුයි පුකෙනුයි ලේ යන්නම බඩ විරේකයක් දෙයි. දීලා කියයි ලෙඩේ කම්මුතුයි කියල. එදාට හුරේ දාපං..කියපං ඌ තමා අප බේරාගත් වීරයා කියල. ආයෙත් බලු බෙට්ටක් කනකං, දැවිල්ල යන්නත් එක්ක ඌට පුක පූජා කරපං.

ඌ නාවත් ඔය ගද පුක කොල්ලකන්න, ගගෙන් එහා ගමේ බැරැක්ක මාමා නෑවිදින් අරින එකක් නෑ.

එදාට ගහපල්ලා අත්පුඩි...තාලේ අමතකනම් මෙන්න.

''එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා''


ප.ලි. කමෙන්ට් කීපයක් කියවගෙන යද්දී හිතුනා පෝස්ට් එක බර වැඩිද කියල. ඒක නිසා කියන්න පුළුවන් අමුම අමුවෙන් නොවුනත් පෝස්ට් එකට හානියක් නොවෙන්න මෙහෙම කියන්නම්.

මොහමඩ්, ධර්මපාල, සිවා....මේ හැමෝම දන්නවා උං මේ කන්නේ ජරාව කියල. හැබයි උං හිතා ඉන්නේ මේක ගොම් බෙටි, මඩ වගේ 'අහිංසක ජරාවක්' කියල. මේ 'අහිංසක ජරාව' කෑවගෙන් පස්සේ එන ප්‍රථිපලේ පුංචි බඩේ රුදාවක් බව දන්න මුං, ඒකට භය වෙන්නේ නෑ. දිගටම කනවා. ඒත් ගමටම පෙන්නන්නේ හැම ජරාවක්ම ඈ..ක්කා...කියල. කොටින්ම පාගන්නවත් හිරිකිතයි කියල.

ඒත් මුං නොදැන හෝ දැනගෙන කන්නේ 'අහිංසක ජරාව' නෙමේ, බලු බෙට්ටක්. ගිය සැරේ බලු බෙට්ටක් කාලා ඇතිවුණ බඩේ රුදාව මාමා ඇවිත් ලේ බඩ යන්න නන්දිකඩාල් හොස්පිටල් එකේදී බෙහෙත් දීලා ගොඩ දැම්මා. ඒත් මේ සැරේ.....මාමටත් බැරි වෙයි ගොඩ දාන්න....කෝකටත පරිස්සමෙන්...

අනේ මන්ද මීට වඩා කොහොම කියන්නද කියල. අමුවෙන්ම කියන්න මට නම් අම්මප හිරිකිතයි...

Wednesday, January 16, 2013

ඉහි ඉහි...මම විතලක් නෙමේ හොලකං කොලේ, නංගිත් හොලකං කොලා (විශේෂ ස්තුතිය නලීන් අයියාට)



හිතවත් බ්ලොග්කරුවකු වන නලීන් දිල්රුක්ෂ සහෝදරයා විසින් මාතලන් ගේ බ්ලොග් අඩවියේදී පළ කරන ලද අදහසක් දුටු විට මා හට මගේ කුඩා අවදියේ සිදුවීමක් මතක් වුණි. එය එම බ්ලොග් අඩවියේ අදහසක් ලෙස ඉදිරිපත් කිරීමට සිත් වුවද, අවසානයේ නතර වුයේ මෙහි ලිපියක් ලෙසිනි.

ප.ලි. කිහිප දෙනෙක් මෙය තේරුම් ගැනීමේදී දුෂ්කාරතාවට පත් වූ බව හැගී ගිය නිසා, තේරුම් ගැනීමේ පහසුව සදහා මෙම පෝස්ටුව කියවීමට ප්‍රථම මාතලන්ගේ පෝස්ටුව සහ කමෙන්ට් තීරුව කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.


......................................................................................................

මම පොඩි කාලේ, අපේ නංගී තාත්තගෙ පර්ස් එකෙන් නංගිගේ කැටේට දාන්න සත පනහක් උස්සන්න සපෝට් ඉල්ලනවා, මම බොක්කෙන් සප් එක දෙනවා. මොකෝ මම අම්මගෙනුයි තාත්තගෙනුයි සල්ලි මාටියා ගහන කොට මට සප් එක දෙන්නේ නංගි බබානේ. දවසක් මම දැක්ක තාත්තගේ පර්ස් එකේ කොළ පාට සල්ලි කොලයක් තියනවා, ලස්සන මොණරෙකුත් කොලේ ඇදල තිබ්බා. මම ඒක ඉස්සුවා. 

නංගි කිව්ව 'අනේ අයියේ ඕක ගන්න එපා, ඔය ලොකු සල්ලි කොලයක්' 

මම එයාව සත පහකට මායිම් කලේ නෑ. මම ඉස්සුවා, දිගටම ඒ වගේ කොළ ඉස්සුවා.

'ආයෙ එහෙම ඔහොම හොරකම් කලොත් මම අම්මට කියනවා' නංගි මට තර්ජනය කලා.

දෙන්නම් වැඩක් කියල මම වැඩේට බැස්සා. දිගටම මොණර කොළ ඉස්සුවා. ඒ එක්කම නංගි සත පනහ උස්සපු එක තාත්තට කිව්වා. ඒත් නංගි මම මොණර කොල උස්සපු එක තාත්තටවත් අම්මටවත් කිව්වේ නෑ. දැන් මට තවත් බයයි.

මම මෙච්චර දෙයක් කරලත් ඇයි එයා මාව අහු කරල දුන්නේ නැත්තේ කියල. නයාට බයට අපි නයාට ගහනවා වගේ මමත් නියම වැඩක් කලා, බය වැඩි කමට.

'මේ හොර නංගිව ගෙදරින් එළවමු' මම අම්මටයි තාත්තටයි කිව්වා. ඒත් මගේ හොරකම් ගැන තාත්තා දැනගෙන හිටිය බව, මම දැන ගත්තේ මේ වෙලාවෙදි.

'මේ උඹ මගෙන් මුකුත් අහගන්න එපා, උඹේ හොරකම් මම නොදන්නවා නෙමේ, එදා ගෙදරට හොරු පැන්න වෙලේ උඹ බය නැතිව පොලිසියට කියල අපිව බේරගත්ත නිසා මම ඉවසනවා, නැතිනම් දනී මං කරන වැඩේ' තාත්තා ගෝරනාඩු කලා.

තාත්තගේ සද්දේ නිසා මගේ සායම දිය වෙලා ගියා, අහල පහල හැමෝම මගේ කාඩ් එක දැන ගත්තා. අර එහා ගමේ ඉන්න 'එලිසබෙත් ආච්චි' විතරක් නෙමේ, ගගෙන් එහා පැත්තේ ගමක ඉන්න, 'ස්ටීවන්' බාප්පත් මේ ගැන ආරංචි වෙලා මට දෝෂාරෝපනය කලා.

මේක දැන ගත්ත අම්ම කිව්වේ මෙහෙම 'තෝ දැන ගනිං පුතේ, උඹල ඔය හොරකම් කරන්නේ, තාත්තයි අම්මයි බඩේ ගින්දරේ නොකා නොබී, දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි, ඔය අමාරු සල්ලි බයිසිකල් රේස් පදින්නයි තොගේ යාළු හැත්ත බුරුත්ත එක්ක ජෝගි නටන්නයි ගත්තට තොට හෙන වදියි' කියල.

ලැජ්ජාවෙන් බේරෙන්න මම නියම වැඩක් කලා, මම ගම පුරා ගැහුවා 'මඩ පත්තරයක්'. මට මේකට සප් එක දුන්නේ 'වැව ගාව ගෙදර' ඉන්න නදීයා.

මඩ පෝස්ටරේ මෙහෙම තිබ්බා....

'ඉහි ඉහි...මම විතලක් නෙමේ හොලකං කොලේ, නංගිත් හොලකං කොලා, මට විතලක් බයින එක නාකයි, නංගිටත් බනින්න'.

ඉස්ස ඉස්සෙල්ලම මේක ගැහුවේ හොරකම ආරන්චි වෙලා මට කොචොක් දාන 'මාතලගේ' ගේ ඉස්සරහ.

මොනව වුනත් මම පව්. නොදන්න කමටනේ හොරකං කලේ. නංගි වගේ ඈ..

තාම මම ගෙදර ඉන්නේ, නංගිව නම් පන්නලා දැම්මා..අපේ තාත්තයි, අම්මයි සංවේදි වැඩිද, නැත්නම් මෝඩද කියන්න මම දන්නේ නෑ. තාමත් මම එයාලගේ පොඩි පුතා.

මට හෙන වදියිද මගේ රත්තරං අයියේ..



මෙය හුදෙක් කථාවක් පමණක් බවත් මෙහිදී  නලීන් දිල්රුක්ෂ නම් සහෝදර බ්ලොග්කරුවාට පෞද්ගලික විරෝධතාවක් නොදක්වන බවත් මතක් කර සිටිමි. එසේම මෙහිදී ඇනෝ දැමීම සම්බන්ධව විරෝධතාවක් නොමැති මුත් සිදු වන පෞද්ගලික මඩ ප්‍රහාර මා හට ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් දන්වා සිටිමි.

Friday, December 21, 2012

නූතන බහුරූ කෝලම (බෙලිඅත්තේ අපේ කොල්ලෙක්)



මාර ආතල් සීන් එක. ජෙනරාල ආවා මුලින්ම, කැටයත් එක්ක. දෙන්නා විජේදාස අයියත් එක්ක චැට දාගෙන ඉන්න කොට, මෙන්න බැස්සා කොට්ටේ රවියා. ජෙනරාල් මාමට අතට අත දීලා විජේදාස අයියත් එක්ක කඩ්ඩෙන් කොටා ගත්තා.

මෙන්න එනවා රැවුල් අනුර කුමාරයා ලැජ්ජාවෙන ඇඹරි ඇඹරි. ඇඹරුණ ඇඹරිල්ලට මං හිතුවෙම පොර සෝෆා එකේ ඇන්දේ ඉද ගනියි කියල. කොහොම හරි යන්තම් සෝෆා එකේ විට්ටම අල්ලගෙන කෝට්ටේ රවිය ගාව ඉදගෙන කොහොමද මෙයා කියල රවියගේ බඩට තට්ටුවක් දැම්ම. රවිය හොද එකා ඌත් ඉතින් යන්තම් රෙන්ට් එකට ගත්ත හිනාවක් දැම්මා.

අම්මද බොල මේං එනවා ප්‍රධාන නළුවා මරා...අනේ අම්මප මූ ගමේ එකා වෙච්චි මොනව උනත් හොද එකා. හැබැයි ආවේ කොල්ලො ටික වැඩේ අවුල් කලේ මොකෝ කියල බලන්නද දන්නේ නෑ. විජේදාසයට මුලින්ම නිවුස් එක ඇවිත් තිබ්බ නිසා පෙරමගට ගොස් පා දොවල පිළි ගත්තා මරාව. එක්කං ගියා ඇතුලට....

ආ..ආ....පොඩ්ඩක් දර්ශණය බාධා වෙනවා. කවුද දෙන්නෙක් හොරෙන් කැමරාව අස්සෙන් රිංගල මාරු වෙනවා. කවුද බොලේ මේ?....ජෙනරාල මාමයි කැටයයි නේද? මොනව උනත් ප්‍රතිපත්ති ගරුක එකා. අරූත් එක්ක නෝ කතා. පොර මාරු.

කෝ ඇත්තට මේ රා නිල්. විජේදාස මලත් ඌට ගාණක් නෑ. මූ ආවේ අන්තිමට. ඇයි යකෝ මෙච්චර මුගේ බඩ සරි කරන්න උදව් පදව් කරගෙන ඉන්න එකා වෙච්චි මූට මරාට කලින්වත් එන්න බැරි උන හැටි. ඔන්න සජිය නම් ආවේ හවස් වෙලා. ඒක නම් සාධාරණයි කියමුකෝ.

ඇත්තට මුන් ඔක්කොම ඇයි මේ විජේදාසයගේ ගෙදරට තකහනියක් ආවේ? මුකුත් මගුල් ගෙයක් වෙන්න බෑ. ඇයි විජේදාසය ඇදං උන්නේ සාමාන්‍යය විදිහට නොවැ. ගෙදර සරසලත් නෑ. මොකක් හරි වෙන්නැති. ඉතිං අපිට පාන්යෑ. මොනා වුනත් අපේ ලොක්කො ටික හරි හොද මිනිස්සු. වේදිකාවේ හෙන ගහපං කිව්වට, හයියෙන් පඩයක් ගියත් දුවල ඇවිත් බලනවා ගදද කියල.

ඒ මට හිතුන හැටි!

(විජේදාසයගේ කාඩ් එක දන්න විදිහටයි, මේ දවස්වල සිද්ධ වෙන දේවල් හැටියටයි මීට වඩා දෙයක් මට හිතෙන්නෙම නෑ, කොටින්ම බලහල්ලකෝ මාස ගාණක් පෝස්ට් එකක් නොදා හිටියට තාම අර ඉස්සෙල්ලා පෝස්ට් එකේ උස්සපු කෑල්ල මුන් අතෑරලා නෑනේ)

ඕං ලෝක විනාසේ වෙලාවෙම (හරියටම 12ට ) මේ පෝස්ටුව දැම්මේ හොදේ...

Monday, October 8, 2012

රෝම දෙවගනක් ගල්කිස්සෙදී පැහැර ගනී..(තවත් එක් පුවතක් පමණි)



ස්ථානය - බටහිර ඉන්දීය කොදෙව්ව, ගල්කිස්ස
කාල වකවානුව - සදාකාලිකයි

'ජස්ටිෂියා' නම් රෝම ජාතික මැදි වයස් කාන්තාවක් පසුගිය දිනක ගල්කිස්ස ප්‍රදේශයෙදී කළු පටියකින් දෙඇස් බැද දමා පැහැරගෙන ගොස් ඇත.

අවසන් වරට දකින විට වමතින් කෞතුකාගාරයෙන් සොරකම් කරණ ලද කඩුවක්ද, සුරතින් ජා.ඉ. බැංකුවෙන් සොරකම් කරණ ලද තරාදියක 'කොටස්' ද දරා සිට ඇති ඇය, ඇද සිට ඇත්තේ පාර දෘශ්‍යය ඉටි රෙද්දකින් මසන ලද කබායකි.

මෙය මේ කාන්තාවගේ නිරුවත දැක ඇයට අතවර කිරීමේ අභිලාෂයෙන් කරාටි පිළිබද ආචාර්‍ය් උපාධිදරයෙකු විසින් කළ බවට තමා සැක කරණ බවත් ඔහු ඉතා ඉක්මණින් නීතිය හමුවට පමුණුවන බවත් පොලිස්පති ආර්. දුමින්ද මහතා පැවසීය.

මේ පිළිබද අදහස් දැක්වූ ප්‍රවීන මාධ්‍යවේදී, අධිකරණ අමාත්‍යංශයේ අධික්ෂණ මන්ත්‍රී එස්. රදලියගොඩ (දේශශක්ති, එතෙර අභිමානී) මහතා ප්‍රකාශ කර සිටියේ මෙවැනි අපරාධකරුවන්ට දඩුවම් දීම සදහා පුරාතන රජකාලේ මෙන් උල තැබීමට  'යකඩ' උල් මේ වනවිට විදේශයකින් ආනයනය කිරීමටත් යකඩ දඩුකද කිහිපයක් තැනීමටත් සියළු කටයුතු සූදානම් බවයි.

මේ පිළිබදව විමසීම සදහා අප දැන් සම්බන්ධ කරගන්නේ සංස්කෘතික කටයුතු පිළිබද ඇමතිනී ජිනා ඒකනායක මැතිණියයි....


Thursday, September 20, 2012

භයානක ඇත්ත කථාවක්.. (අනාගතයට පෙරවදනක්)




ඉතිහාසය වෙනස් වී අප දැන සිටි, බලාපොරොත්තුව සිටි අනාගතයද වෙනස් වන ලකුණු පහළ වෙයි.

මෑත අනාගතය තුළ මානව ඉතිහාසය ආරම්භයෙන් පසු උදා වූ අදුරුතම යුගය උදාවන බවට පෙරමග සලකුණු පහළ වෙමින් පවතී.

ඔබ ආර්ථිකය සමෘදිමත් කර ගැනීමට යුරෝපයට, ඇමෙරිකාවට හෝ ඕෂනියාවට යෑමට සිතුවා නම් එය කෙටි කාලීන සුවයක් සදහා විය හැකිදැයි සිතීමට දැන් කාලය එළඹ තිබේ.

තම ආගම සහ විශ්වාසය වඩාත් 'සාමකාමී' බව තර්ක කරමින් එම ප්‍රකාශය ඔප්පු කිරීමට සියළුම ආගම් එකිනෙකා හා සටන් වැදීමට සියළු කටයුතු මේ වනවිට ප්‍රසිද්ධියේ සහ අප්‍රසිද්ධියේ සුදානම් වෙමින් පවති. මේ 'ශුද්ධ වූ' ගැටුම යුරෝපය හරහා ආසියාව ආක්‍රමණය කිරීමටත් ඉන් පසු උතුරු ඇමෙරිකාව  සහ ඕෂනියාව වෙන් වෙන්ව ගිල ගන්නටත් සැරසේ.

දකුණු ඇමෙරිකාවේ බොහෝ රටවල් මේ ගැටුම්වලට සෘජුව සහ වක්‍රව 'හුරේ' දමන බවක් පෙනෙන්නට ඇති නිසාත්, බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව තුළ මේ වනවිටත් ඉතා වේගයෙන් ඉස්ලාම් දහම පැතිර යමින් පවතින නිසාත්, ඔබ ඔවුන් කෙරෙහි බලාපොරොත්තු තබා ගතයුතු නොවේ.

ඔබට අවශ්‍යය සමෘදිමත්, සාමකාමී ජීවිතයක් නම් අප්‍රිකාවේ ඝානාව හෝ මොරොක්කෝව ඔබට හොද විකල්ප වේ.

Saturday, July 28, 2012

මව්බිම, යථාර්තය සහ ප්‍රායෝගිකත්වය



දේශපාලන විද්‍යාව නැමති විෂය ගැන මාගේ දැනුම අල්පය. නමුත් දේශපාලනය නැමති ප්‍රායොගික සාමාජීය ක්‍රියාව ගැන මා සතුවද කියවීමක් ඇත. ධනවාදයේ, ලිබරල් වාදයේ, සමාජවාදයේ, මාක්ස්වාදයේ හෝ වෙන මොනයම් වාදයකවත් ගුණ දොස් විමසීමට හෝ සංසංදනය කිරීමට වඩා 'යථාර්තවාදය' ගැන විමසීම මාගේ කැමැත්තයි. එනමුදු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මෙම කුමන හෝ වාදයක පැටලි සිටීම නිසා අපට මෙම වාද අමතක කර ප්‍රායෝගින දේශපාලනයක්  පිලිබඳ සංවාදයක් ඇරඹිය නොහැකිය.


අයි. ටී. එන්. එකෙන් පිටත ලෝකයක් ඇතැයි දන්නා සියළු දෙනා මේ වනවිට යම්තාක් දුරට මේ වනවිට රටක් ලෙස අප මුහුණ දෙමින් පවතින ආර්ථික, සාමාජීය, සංස්කෘතික සහ ආධ්‍යාත්මක පිරිහීම පිළිබද වැටහීමක් ලබා ඇති බව විශ්වාසය. රාවණ සංකල්පවලින් බැහැරව ශ්‍රව්‍යය දෘශ්‍යය ඉතිහාසයක් ගැන අප දන්නා මෑත ඉතිහාසයේ වසර සිය ගණන තුළද මෙවැනි පිරිහීම් නොතිබුනා නම් නොවේ. නමුදු පිරිහීමේ වර්ධනයක් සහ ඒවා සමාජයට විවෘතවීමේ ඉඩ හසර ඉතා ඉහල ලෙස වැඩිවීමක් මේ වන විට සිදු වී ඇති බවද නොරහසකි.

මෙම සමාජ යථාර්තයන් වලට පිළිතුරු සෙවීම සදහා ඉහත සදහන් කරන ලද සියළුම වාද වලට පාහේ අඩු වැඩියෙන් අප අවස්ථාව සලසා දී ඇත්තෙමු. එවන් වටපිටාවක් තුළ අප වර්තමානය වනවිට මුහුණ දෙන බිඳ වැටීම් වල කැපී පෙනෙන වර්ධනය යනු එකි දේශපාලනයන් තුළ පැවති බරපතල අඩුපාඩු සහ රැවටීම්ය.


පසුගිය සති කීපය තුළ මඩ ප්‍රචාර හැරුණු කොට වගකිවයුතු (යැයි අප කියනා) මාධ්‍යයන් තුළ අරක් ගත් ප්‍රමුඛ පුවත් සහ සුප්‍රසිද්ධ යථාර්තයන් කිහිපයක් දෙස අවධානය යොමු කිරීමෙන් මෙහි සත්‍යයතාවය ගැන වැටහීමක් ලබා ගැනීම දුෂ්කර නොවේ.

මේවා අරුමයන් නොවූවද දැන් දැන් අපි යම් සීමාවකට පැමිනෙමින් සිටීදෝයි මට  හැඟේ. ඒ සීමාව වන්නේ නැවත අප මව්බිම මේ සියළු අංශයන්ගෙන්,  එක අංශයකින් හෝ අංශ කිහිපයකින් බරපතල ලෙස ඇද වැටීමයි. ගොඩ ගත් නොහැකි ලෙස ඇද වැටීමයි.


පාලනය කරන්නේ කුමන පිරිසද, කුමන පක්ෂයද යන්න පිලිබද මා හට ගැටළු නැත. නමුත් ඔවුන් පාලනයට යොදා ගන්නා න්‍යායන් පිළිබඳව නම් අතිශය තීරණාත්මක විග්‍රහ ඇත.


පොදුවෙ ගත් කළ, මෙතුවක් කල අප කර මතින් පුටුවලට ආ සියළු දෙනාගේ අදොනාවන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ හඳුනාගත හැක. ඒවා නම් 'ධනවාදයට මානුෂික මුහුණුවරක්' සහ 'සමාජවාදයට ප්‍රායෝගිකත්වයක්' ය. ධනවාදයට මානුෂික මුහුණුවරක් දෙන්නට ආ සියල්ල අප හට ඒ කී අයුරින්ම මානුශික වෙස් මුහුණක් පමණක්  පළඳවා 'ගරා යක් නැටුම්' සහ 'ජසයා සහ ලෙන්චිනා' පෙන්වූහ. සමාජවාදයට ප්‍රායොගිකත්වයක් දෙන්නට ආ පිරිස 'රටේ ප්‍රායෝගිකත්වය' සමග එක පෙළට සිට ගන්නටවත් සමත් නොවූහ.

යථාර්තවාදය සහ ප්‍රායෝගිකතවය සංකළණය කොට දෙමුහුන් ප්‍රතිපත්ති පෙරදැරි කොට ගත් පාලනයක් ඉහත සාකච්ඡා කරන ලද ගැටළුවලට විසදුම් සපයාවී යන්න මාගේ නිගමනයයි. ඒ පදනම න්‍යායයන් සමග  සබැඳු කළ අප සතු න්‍යායාත්මක විසදුම් දෙකක් ඇත; යන්න මාගේ කියවීමයි.


1. මානුෂිකවාදී අනන්‍ය වූ දේශීය ධනවාදය
2. ප්‍රායෝගිකවාදී අනන්‍ය වූ දේශීය සමාජවාදය


මින් එකක් හෝ පරිබාහිර සාධණීය න්‍යායක් විත්තිවාචනය කිරීම ඔබගේ යුතුකමයි.