Showing posts with label පාලනය. Show all posts
Showing posts with label පාලනය. Show all posts

Thursday, October 9, 2014

දැන්නම් ආශ්චර්‍ය ඔන්න මෙන්න (විදේශ කටයුතු පාදඩ කරණය)


ඕනෑම ශිෂ්ඨ යැයි සම්මත සමාජයක රාජ්‍ය නිළධාරීයෙකුට හෝ රාජ්‍ය නියෝජිතයෙකුට එරෙහිව බරපතල චෝදනාවක් එල්ල වූ විට ගන්න ක්‍රියාමාර්ගය වන්නේ, ඔහුගේ/ඇයගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඒ ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වරද ඔප්පු වුවහොත් වරදේ ස්වභාවය අනුව දඩුවම් ලබා දීමයි.

මහා බ්‍රිතාන්‍යයේ 'හිටපු' ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පහර දීම සම්බන්ධයෙන් සිදු වූ සිදුවීම් ශිෂ්ඨ යැයි සම්මත සමාජයකට කොතරම් දුරට ගැලපේදැයි අපට නැවත සිතා බැලීමට අවැසි නොවේ.

තමන්ට සිදු වූ අසාධාරණය පිළිබදව, සෘජුවම තමන් දරණ තනතුරට තමාව පත් කළ ජනාධිපතිවරයාට පැමිණිලි කිරීම සහ ඒ ගැන පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඩුවම් කරන තුරු තම තනතුරෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට අපිට චෝදනා කළ නොහැක්කේ, එය සම්මත ක්‍රියාවලියට පිටින් යෑමක් නොවන නිසාය.

නමුත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මේ ගැන ක්‍රියා කලේ කෙසේද? ජනාධිපතිවරයා කලේ චුදිතයාට දඩුවම ලෙස රාජ්‍ය තාන්ත්‍රික නිල සවාරියකට ආරාධනා කිරීම සහ පැමිණිලිකරුගේ ඉල්ලා අස්වීම ස්වාධීන පරීක්ෂණයකින් තොරවම පිළිගැනීමයි. කෙටියෙන් පැවසුවහොත් ' පැමිණිලිකරුට දඩුවම් කිරීමයි'
සම්මත සදාචාරයට ගරු කරන නායකයෙකු නම් අඩු තරමේ පරීක්ෂණ පවත්වා අවසන් වන තුරු හෝ වෛද්‍ය ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලා අස්වීම පිළි නොගැනීමටවත් ක්‍රියා කළ යුතුව තිබිණි. ඒ වෙනුවට ඉල්ලා අස්වීම පිළිගෙන ඔක්තෝම්බර් මස 3 දින සිට ක්‍රියාත්මකවන පරිදි ඔහුව තනතුරින් ඉවත් කර ස්වාධීන පරීක්ෂණයක් කිරීම සදහා පත් කර ඇත්තේ චූදිත සජින් වාස් අධීක්ෂණ මන්ත්‍රීධුරය දරණ, මේ පරහදීමට මුල් වූවා යැයි පැවසෙන ක්ෂෙනුකා සෙනෙවිරත්න ලේකම් ධූරය දරණ විදේශ කටයුතු අමාත්‍යාංශයටම වීම අප ශ්‍රී ලාංකීය ජනතාවට කළ බලවත් නින්දාවකි.

අඩුම තරමේ චූදිත මන්ත්‍රීවරයාගේ අධීක්ෂන මන්ත්‍රීධූරයවත් අත්හිටවූ නැති ජනාධිපතිවරයා හදිසියේම ක්‍රිස් නොනිස් මහතාගේ ඉල්ලා අස්වීම පිළිගත්තේ ඇයි? චූදිත සජින් වාස් මන්ත්‍රීවරයාට වතිකානයේදී ශුද්ධ වූ පාප් වහන්සේ මුණ ගැසීමේ අවස්ථාව වැලැක්වීමට මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මැදිහත් වී ඇත. ඊට හේතුව වී ඇත්තේද මෙම පහරදීම බව දැනගත් ජනාධිපතිවරයා, ඒ පිළිබද ක්‍රිස් නෝනිස් මහතාගෙන් විමසා ඇති අතර, එහිදි ක්‍රිස් නෝනිස් මහතා පවසා ඇත්තේ තමා පැමිණිලි කලේ ජනාධිපතිවරයාට පමණක් වන බවත්, කාදිනල්වරයා එම සිදුවීම පිළිබද විමසූ නිසා තතු පැවසූ බවතය. මේ පිළිබද උරණ වූ ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්වීම පිළිගත් බවද දැන් නොරහසකි.

සමහර විටෙක මෙරට රාජ්‍ය පාලකයෝ මල්වතු, අස්ගිරි නායක මාහිමිවරුන් බැහැදැක, අමූලික බොරු පොරොන්දු, ප්‍රකාශ සිදු කරනවා මෙන්, ක්‍රිස් නෝනිස්ද වෙලාවේ හැටියට බොරුවක් ගොතා කාදිනල් හිමියන්ව 'ඇන්දෙව්වේ' නැත්තේ ඇයිදැයි ජනධිපතිවරයා සිතුවා දැයි අපි නොදනිමු.

කෙසේ වෙතත් මේ හදිසි, අනිසි තීරණයේ පසු අරමුණ, තම මිත්‍ර මන්ත්‍රීවරයාට වතිකානයෙදී සිදු වූ අකරතැබ්බය වෙනුවෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සමග එකට එක කිරීමක්ද යන්න අපිට නිතැතින්ම එන සැකයකි.

මේ තත්වය යටතේ කොන්දක් ඇති කිතුණුවන් සහ රටේ මානව හිමිකම් උල්ලංඝන දකිමින්, මාධ්‍ය මර්ධනයන් දකිමින්, ඒවා නැතැයි ලොවට හඩා ගා කියූ දෛවයේ සරදමකට ලක්වූ ක්‍රිස් නෝනිස් ආදි රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් තව දුරටත් මේ දූෂිත, අශිෂ්ඨ පාලනය සමග එක්ව රට වනසනවාද යන්න තීරණය කළ යුතු තීරණාත්මක හෝරාව දැන් උදා වී තිබේ.

ඒ තීරණය ගන්නට කලින් තවත් සජින් වාස්ලාගෙන් පා පහරවල් කනවාද නැද්ද යන්න ගැන තීරණය කිරීමද ඔවුන් සතුය.

Thursday, July 17, 2014

නිදහස් අධ්‍යාපනය තවදුරටත් නිදහස්ද? (උන්ගේ උරුමය අපේ කරුමය වූ හැටි)

(ඡායරූපය උපුටා ගැනීම http://indikacartoon.blogspot.com බ්ලොග් අඩවියෙනි)


මේ කතා කරන්න හදන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන නෙමේ. ඒ ගැන මුලින්ම කිව්වේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන එකම තැන ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය පමණක් නිසා, නිදහස් අධ්‍යාපනය එතැනට විතරක් ලඝු කිරීම අපි නොදැනුවත්වම සිද්ධ වෙන නිසා.


මේ අද වෙච්ච එක හුදකලා සිද්ධියක්. ගෙවල් පැත්තේ තියන සපත්තු හදන තැනට මම අද ගියේ මගෙ කැඩිච්ච බෙල්ට් එක හදාගන්න. බොහොම මහන්ස
ියෙන් හිටපු එතැන අයිති (සහ එකම සේවක ) අයියා රේඩියෝවේ යන බන්දුල ගුණවර්ධන එක්ක තියන සාකච්ඡාවක් උනන්දුවෙන් අහනවා. වෙනදට වඩා ගොඩක් රෑ වෙලා නිසා මම ඇහුවා දැන්ම යන්නේ නැද්ද කියලා.

'නෑ මල්ලි. මගේ දුවගේ වයස අයට දැනටමත් උ/පෙළ පන්ති පටන් අරන්. ඒත් මගේ කෙල්ලට ඉස්කෝලයක් නෑ. මොකක්ද චක්‍රලේඛයක් ගහපු නිසා සා/පෙළ හොදටම පාස් වුන කෙල්ලව ආණ්ඩුවේ එක ඉස්කෝලෙකටවත් දාන්න බැරිලු'


මම දිගටම විස්තර ඇහුවා....

මේ මනුස්සයා ගමේ කෙනෙක් නෙමේ. ගමට අලුතෙන් ආපු නිසා පොඩි කාලේ ගමේ ඉස්කොලෙට ළමයා දාගන්න බැරිවෙලා. දේශපාලකයෝ පස්සෙන් හිගාකන්න අකමැති නිසාම බොහොම මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින් තමන්ගේ එකම ළමයව මේ පැත්තේ තියන සාපේක්ෂව අඩු වියදම් ජාත්‍යන්තර පාසලකට (එන්සෙෆ් ජාත්‍යන්තර පාසල ) ඇතුලත් කරලා. දුව දැන් අ.පො.ස. සා/පෙළ දේශීය විෂය නිර්දේශයෙන් ඉහළින් සමත්. උ/පෙළ කරන්න ඒ ජාත්‍යන්තර පාසල් වල අවශ්‍ය පහසුකම් නැති නිසා වගේම ඒ දේ වෙනුවෙන් වියදම් කරන්න මේ මනුස්සයට අමාරුකම නිසත් (උ/පෙළ සදහා ජාත්‍යන්තර පාසල් ගාස්තු අධිකයි ) ඇයට සුදුසුකම් මත කොළඹ ආනන්ද බාලිකාවට ඇතුලත් කරන්න හොයලා බැහුවහම ඇය ඒ සදහා සුදුසු බවත්, ආනන්ද බාලිකාවෙන් ඇය ඇතුලත් කරගන්න කැමති බවත් දන්වලා. නමුත් ඒ සදහා අධ්‍යාපන ලේකම් අවසර දීලා නෑ. හේතුව මෑතකදී බන්දුල ගුණවර්ධන විසින් නිකුත් කරපු චක්‍රලේඛයක් නිසා.

ඒ චක්‍රලේඛයට අනුව ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගත්ත දරුවන් (සැ.යු. මේ ශ්‍රී ලංකා පුරවැසියන් වේ)රජයේ පාසල් වලට ඇතුලත් කරගැනීම සම්පූර්ණයෙන් තහනම්.

රේඩියෝ එකෙන් බන්දුල ඒ ගැන පැහැදිලි කරද්දි කිව්වේ, ජාතයන්තර පාසල්වලට ගිය දරුවන් පස්සේ කාලෙක ඉංග්‍රීසි මාධ්‍යයෙන් උ/පෙළ සදහා රජයේ පාසල්වලට ඇතුළත් කරගැනීමෙන් අනුරාධපුරේ අහිංසක ගොවියගේ දරුවට අවස්ථාව අහිමිවෙනවා කියලා.
'බැලූ බැල්මට ඒකත් ඇත්තනේ'...කියල පේන අයට මම මේ ටික කියන්නම්. මම මේ දේවල් දන්නේ මෑතක ඉදලා ප්‍රාථමික අධ්‍යාපන ආයතනයක් එක්ක බොහොම කිට්ටුවෙන් වැඩ කරන නිසා, ඔවුන්ගේ ප්‍රායෝගික ගැටළු අපිට තේරෙන නිසා.

1. නිදහස් අධ්‍යාපනය කියන්නේ තරාතිරම, මූල්‍යමය හැකියාව, පෙළපත ආදිය මත පදනම් නොවන අධ්‍යාපනයක් නම් ඒ අධ්‍යාපනයේ අයිතිය දුප්පත්, පෝසත් සියළු ශ්‍රී ලාංකීය දරුවන්ට තිබිය යුතු නොවේද?

2. මෙය ජාත්‍යන්තර පාසලක ඉගෙනගත් දරුවෙකු (පවා) සතු, අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් නොවේද?

3. එක ශ්‍රේණියේ සිට රජයට බරක නොවී 11 ශ්‍රේණිය දකවා දරුවන් වෙනුවෙන් තම මුදලින් අධ්‍යාපනය ලබා දීම, එම දෙමව්පියන් කරන වැරැද්දක් ලෙස අර්ථ දැක්විය හැකිද?

3.1 එසේ වේ නම් ජාත්‍යන්තර පාසල් තව දුරටත් පවත්වාගෙන යෑමට අවසර දෙන්නේ ඇයි?

4. ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත් දරුවකුගේ ඉංග්‍රීසි දැනුම සාපේක්ෂව ඉහළ වීමෙන් අනුරාධපුර ගොවියාගේ දරුවාට අසාධාරණයක් සිදුවන්නේ, රජයේ පාසල් වල අධ්‍යාපන තත්වයේ අඩුවක් නිසා මිසක් ජාත්‍යන්තර පාසලේ දරුවාගේ වැරැද්දක් නිසා නොවන බව බන්දුල නොදන්නවාද?

4.1 එසේ දන්නවා නම් කළ යුත්තේ රජයේ පාසල්වල ඉංග්‍රීසි අධ්‍යාපනය ඉහළ නැංවීම මිස ජාත්‍යන්තර පාසක් වල ඉගෙන ගත් දරුවන්ට වැට බැදීමද?

5. මැදපෙරදිග රැකියා කොට නැවත් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලංකාවට පැමිනෙන රටවිරුවන් යයි රජය ඉහළින් අගය කරන විදෙස් ශ්‍රමිකයන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය අහිමි කිරීමට බන්දුලට ඇති අයිතිය කුමක්ද?

6. ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ආරම්භ කළද, පසුකලෙක මූල්‍යමය අපහසුතා නිසා ජාත්‍යන්තර පාසල්වට දරුවන් යැවිය නොහැකි තත්වයක් උදා වූ බදු ගෙවන ශ්‍රී ලාංකීය පුරවැසියාගේ දරුවාට නිදහස් අධ්‍යාපනය අකැපද?

7. අනුරාධපුර අහිංසක ගොවියා ගැන කතා කරන බන්දුලගේ පුතා ඉගෙන ගන්නේ ඇමෙරිකාවේය. අවුරුදු 52ක් වයස අගම්පොඩි රංජිත්ව කහ ඉර උඩදී හප්පන වෙලාවේ චතුර පසන් ගුණවර්ධනට ලංකාවේ වලංගු රියදුරු බලපතක් තිබ්බෙත් නැත. ඒත් ඔහුගේ දඩුවම වූයේ රු.එක් ලක්ෂ හය දහසක දඩයකි. අත්හිටපූ සිර දඩුවමක් ලැබුණද...යළිත් ඇමෙරිකාවට පියෑඹූ පසන්ට කිසිසේත් එය අදාල වන්නේද නැත.

ලයිසන් නැති ඔබ මම කහ ඉර උඩදී ඝාතනයක් කළා නම් අපට කුමක් සිදු වේද? එවිට බන්දුලලාට අහිංසකයන්ගේ අයිතිවාසිකම් මතක් වන්නේ නැත.මේ මතක් වෙලා ඇත්තේත්, ඒ අහිංසකයන් නොමග යවන ප්‍රකාශ සිදුකරන්නේත් උ/පෙළ පංතිවල ළමුන් අඩුවන බවට මැසිවිලි නගන ජාත්‍යන්තර පාසල් හිමිකරුවන්ගේ දුක් ගැනවිල්ලට හිත උණුවෙලාදැයි අපිට සිතෙන්නේ මන්ද?

නිදහස් අධ්‍යාපනය යනු බන්දුලලාගේ සහ එස්බීලාගේ බූදලයක්ද?

(ඡායරූපය උපුටා ගැනීම http://indikacartoon.blogspot.com බ්ලොග් අඩවියෙනි)



Friday, April 18, 2014

සරම අස්සෙන් මතු වුණ බිත්තරේ කාගෙද? (ආශ්චර්‍යමත් නාවික කේන්ද්‍රය)

පින්තූරය www.ada.lk වෙබ් අඩවියෙනි 

එජාප මන්ත්‍රීවරුන් හම්බන්තොටදී පහර කෑමට ලක්වීම හෙළා දකිමින් පළවන නොයෙකුත් ප්‍රකාශ දුටු විට මා හට සිනහ පහළ විය.

මේ ප්‍රහාරයට සමබන්ධ වූයේ දකුණේ ලේ ඇති වීර දේශමාමකයින් පිරිසක් මිස අන් කවුරුත් නොවෙති. මේ ප්‍රහාරය සැලසුම් සහගතව කළ ප්‍රහාරයක් ලෙස අර්ථ දැක්වීම පදනම් විරහිත චෝදනාවක් වේ.

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ යනු හම්බන්තොට ජනතාවගේ ජීවිතයයි. ඒ බව මේ එජාප මන්ත්‍රීවරු නොදන්නවා නොවේ. ඒ බව දැන දැනම දිනකට සිය ගණනක් නැව් යන (කි.මී.20 පමණ ඈත මුහුද දෙසින්) හම්බන්තොට වරාය සහ දහස් ගණනක් මගීන්ට දිනපතා සෙත සලසන මත්තල ගුවන් තොටුපළ (මත්තල ගුවන් ප්‍රදර්ශනාගාරය නැරඹීමට දිනපතා 'බස්' මගීන් දහස් ගණනක් එන බව රහසක් නොවේ) පහත් කොට සැලකීමෙන් එජාප මන්ත්‍රීවරුන් කලේ රාජපක්ෂ පරම්පරාවම නින්දාවට පත් කිරීමකි.

පින්තූරය www.lankadeepa.lk වෙබ් අඩවියෙනි 

අනෙක් අතට කිසිසේත් මෙය සැලසුම් සහගත ප්‍රහාරයක් විය නොහැක. එසේ වූවානම් ප්‍රහාරකයන් සතුව ගිනි අවි තිබෙන්නට ඉඩකඩ වැඩිය. අඩුම තරමේ හම්බන්තොට නගරාධිපති අතවත් කැටපෝලයක් වත් තිබුනේ නැත. ඔවුන් සිදු කලේ ඔවුන්ගේ සරම් අස්සේ තිබූ අන්තිම බිත්තරය (කලින් තිබූ බිත්තර දෙකෙන් එකක් නාමල් මහත්තයාට ඡන්දය දුන් පසු හැලී ගියබව ඔවුන්ම පවසති ) එජාප මන්ත්‍රීන් වෙනුවෙන් පාවිච්චි කිරීම පමණි.

අනෙක් අතට හම්බන්තොට වරාය අයිති එහි වල හෑරූ රාජපක්ෂලාටය. ගල්බෝර දමා ගල කැඩූ ජයසේකරලාටය. වතුර නැතිව විවෘත කළ ලොව ප්‍රථම වරාය බවට පත් කළ ආචාර්‍ය වික්‍රමලාටය. මේ ඔවුන්ගේ පරම්පරාගත නින්දගම්වලින් ලැබුණු ආදයම් මිසක් ජාත්‍යන්තර ණය මුදල් නොවේ. එහෙව් තැනක් බලන්නට යන්නට තරම්, ශ්‍රේෂ්ඨාධිකරණයටත් වඩා උතුම් යැයි ආණ්ඩුව විසින් ප්‍රත්‍යක්ෂයෙන්ම දෙසා වදාළ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇත්තේ කුමන හයිකාරකමක්ද?

'මා රටේ අයිතිකාරයා නොවේ, තාවකාලික භාරකාරයෙක් පමණයි' යැයි කවුදෝ හීනියට කොදුරනවා මට හීනෙන් මෙන් ඇසෙන්නේ ඇයි?

Wednesday, November 13, 2013

තොප්පි සිමයියාව ඕවර්ටේක් කළ රේස් ජේමියා (චුයිංගම් ආතල්)



අපේ ගංතුලානේ තියන 'මරා'ණාධාර සමිතියේ මේ සැරේ රැස්වීමේ හරි හරි වැඩ වුනා. සමිතියේ මොන මංගල්ලෙටත් කඩා පාත් වෙන, සමිතියේ ඇත්තන්ට අධෝවාතයක් ගියත් සරම උස්සන් කෑගාන අල්ලපු ගමේ චන්ඩියා වෙන තොප්පි සිමයියා මේ සැරේ රැස්වීම කර ඇරලා. ගම්මු කියන්නෙනං සිමයියගේ ගෙදර උන්දෑ ලලිතක්කා මේ සැරේ රැස්වීමට ආවොත් කකුල් කඩනවා කියල කොරපු තර්ජනේට බයේ තමා උන්දෑ නාවේ කියල.



ඔය අස්සේ ගගෙන් එගොඩ ගමේ රේස් ජේමියට මේ සැරේ 'මරා'ණාධාර රැස්වීමට එන්න කියල බෝතල් අඩි පීරයියා පංයිඩයක් යවලා. අහල හං හතේම ප්‍රසිද්ධ සූදු කාරයෙක්, බජව් කාරයෙක් ඉතරක් නෙමේ වේසකං වලට අතහිත දෙන ඈයෙක් වෙච්ච ජේමියා මේ සැරේ රැස්වීමේ කතාවකුත් කොලාලු.

අපිනං හිතා උන්නේ ජේමියා එන එකට ගමේ උන් දෝස්මුරයක් තියයි කියල. අනේ මොන! ජේමියා පැත්තක ඉදිද්දී සමිතියේ වෙච්චි ආරවුලක් ගැන කට කතා පතුරෝපු හාදයෝ දෙන්නට නම් ගමෙ උන් පන්න පන්න දෙසනවා ඕන් අද දැක්කා. 



ඒත්  රේස් ජේමියා වගේ එහෙකුට මේ ගං තුලාවේ ඔච්චර රගන්න දෙන්නේ ඇයි කියන පුරස්නේ අපේ හිතේ තියනවා. අනිත් කාරනේ තමා අර හාදයෝ දෙන්න වෙනුවෙන් විස්සෝප වෙන ඇත්තෝ එකෙක්වත් ජේමියා ආපු එකට මීක් නැති වෙච්චි එක. ඒ විතරක් නම් මදෑ, ඔය උන් ඔක්කොම  බොන්න වතුර ඩිංගක් ඉල්ලපු ගමේ උන් ටිකට සමිතියේ ලොක්කො ටික ගිනි පිම්බ වෙලේ කටේ බෙට්ට හිරවුනා වගේ උන්නා.


රටේ ඔක්කොම බවුද්දයෝ ටික වෙනුවෙන් ඉන්න සම්මේලනේද මොකක්ද එකේ, ලොකු පුටුවෙත් රේස්කාරයෙක් ඉන්න එකේ, ජේමියා ආව එක මොන කෙංගෙඩියක්ද කියල නොහිතෙනවත් නෙමේ ආයිබෝං.

පංචසීල පද පහට සූදුව නොවැටුනේ, ඒ කාලෙ උන්න උත්තමයෝ මේවා ගැන ඉර්දියෙන් දැකල වෙන්ටැ මයේ හිතේ.
   

Friday, August 9, 2013

ලයිසන්ලත් සක්විතිලාගේ හෙන ගහන CIFL වංචාව (ශ්‍රී ලංකා මහ බැංකුවේ බබා පාට්)


දුක් මහන්සියෙන් යමක් ඉතුරු කරගත් මිනිසුන්, ඉන් පසු ඒ ඉතිරිය තවත් වර්ධනය කරගන්න පෙළඹීම ස්වාභාවිකය. සක්විතිගෙන්, කොතලාවලගෙන් මට්ටු වූ මිනිසුන් මේ ඉතිරිය තැන්පත් කරන්නේ හොදින් සොයා බලාය. සොයා බලන්නට මිනිස්සුන්ට තියන හොදම ක්‍රමය මහ බැංකුවය. ශ්‍රී ලංකා මහ බැංකුව කලින් කලට ප්‍රසිද්ධ මාධ්‍ය වල, මහ බැංකුවේ අනුමත බැංකු සහ මූල්‍ය සමාගම් වල ලැයිස්තුවක් පළ කරයි. එම ආයතන වල කටයුතු, ක්‍රියාකාරීත්වය සොයා බලන්නට වෙනම දෙපාර්තමේන්තුවක් පවා ඇත.

CIFL (Central Investments & Finance PLC) යනු එලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත මූල්‍ය ආයතනයකි. 1966 ආරම්භ කර 2005 දෙසැම්බර් මස ලියාපදිංචි මුදල් සමාගමක් බවට පත් වී ඇති ආයතනය මේ වනවිට රටේ අසාර්තකම මූල්‍ය ආයතනය පමණක් නොව නූතන සක්විති බවට පත් වී ඇත.



Registration Certificate under the Finance Companies Act



CIFL හි මුදල් තැන්පත්කරුවන් හට දැනට මාස 7ක පමණ කාලයක් තිස්සේ තැන්පතු වලට අදාල පොලී මුදල් සහ කල්පිරුනු ස්ථිර තැන්පත්වල මුලික මුදල පවා ගෙවාගත නොහැකි තත්වයකට පත්ව ඇත.

මින් වසර 2කට පමණ ඉහත සිට ලෝ ප්‍රකට ක්‍රිකට් තරුවක් වන සනත් ජයසූරිය ඔවුන්ගේ අධ්‍යක්ෂ කෙනෙක් ලෙසත්, ඔහු CIFL ආයතනයේ සන්නාම තානාපති ලෙසත් ක්‍රියාකරන බව පවසමින්, එසේම ආයතනයේ නීතිමය වලංගුභාවය ඔප්පු කරමින්, තරමක් ඉහළ පොලී අනුපාත ලබා දෙන බව පවසමින් මෙම ආයතනය ඉතා සිග්‍රයෙන් මුදල් තැන්පත්කරුවන් තමන්ගේ ග්‍රහණයට නතු කරගැනීමට සමත් වූහ.



Sanath Jayasuriya As CIFL Brand Ambassador


ජීවිතයේ සැදෑ සමය ගෙවීමට තමන් උපයාගත් අර්ථ සාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් මෙහි තැන්පත් කර එහි පොළියෙන් ජීවත්වන වැඩිහිටි පුරවැසියන් සේම, තම ඉඩ කඩම් විකුණා ගත් මුදල් අනාගත අයෝජනයක් වෙනුවෙන් යොදවනතෙක් තැන්පත් කර ඇති තැන්පත්කරුවන් දක්වා 5000කට අධික තැන්පත්කරුවන් CIFL ආයතනයේ අත්තනෝමතික මූදල් පාලනය හේතුවෙන් මේ වනවිට අන්ත අසරණ තත්වයකට පත්ව ඇත. 

සක්විති වෙත මුදල් ලබා දුන් ජනතාව මෙන් නොව, මොවුන් මේ මුදල් තැන්පත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව කෙරෙහි තිබෙන විශ්වාසය මත පදනම්ව බව මේ තැන්පත්කරුවන් සමග කතාබස් කිරීමේදී මැනවින් පසක් වේ. නමුත් මේ පිළිබදව විමසීමට මහ බැංකුවට ගිය සමහර තැන්පත්කරුවන්ගෙන් මහ බැංකු නිළධාරීන් අසා ඇත්තේ 'ඇයි ඕගොල්ලො ඔතන සල්ලි දැම්මේ?' කියාය.


මේ වනවිට මේ ගැන සොයා බැලීමට මහ බැංකුව නිළධාරියෙක් පත් කර ඇති නමුත්, මෙහිදී මහ බැංකුව වගකීම් පැහැර හරිමින් ක්‍රියා කළ ආකාරයක් පැහැදිලිව පෙනේ. එමෙන්ම නිර්ලජ්ජිත මහ බැංකු නිළධාරී CIFL ආයතනයේ කළමණාකාරීත්වයේ වෙනසක් සහ කොටස් හිමිකාරීත්වයේ වෙනසක් මෙම කඩාවැටීමට හේතු වූ බවත්, නව කොටස් හිමියන් සහ නව ආයෝජන පිළිබදව එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව නොමග යැවූ බවත් ප්‍රකාශ කොට අත සෝදා ගැනීමට සූදානම් වෙති. අපට ඇති ප්‍රශ්ණය වන්නේ ශ්‍රි ලංකා මුදල් මණ්ඩලයේ පිළිගත්, ලියාපදිංචි මුදල් සමාගමක මූල්‍යමය ශක්තිය මෙවන් තත්වයක් දක්වා බිද වැටෙනතෙක් මහ බැංකුව සිටියේ බක්න්නිලාගෙන, බඩ උලාගෙන, බට කලියාගෙනදැයි කියාය.

තවත් මෙය දුරදිග ගොස්, තවත් වැලිවේරියක් පුරහල CIFL ආයතනය ඉදිරිපිටි ඇති නොවේවායි අපගේ ඒකායන පැතුමයි. ඒ පැතුම ඉටු කිරීමට උරදීම ශ්‍රී ලංකා මහ බැංකු නිළධාරීන්ගේ පරම යුතුකමයි.



(මෙය හිතුමතේ හෝ CIFL ආයතනයේ නමට හානිකිරීම පිණිස වෙළද අරමුණකින් පළ කළ ලිපියක් නොව වගකීම් සහගතව සොයා බලා පළ කළ ලිපියකි. එසේම මේ ආයතනය නිවැරදි මාර්ගයට පැමිනේවි යැයි මාස 6කට අධික කාලයක් ඉවසා බලාසිට ලියන ලද ලිපියක් බව වගකීමෙන් පවසමි.)

මේ අසාධරණය නිසා අසරණ වූ තැන්පත්කරුවන් එකතු වී 'CIFL තැන්පතු හිමියන්ගේ සංගමය' (CIFL Deposit Holders Association) නමින් නීතිමට වලංගුභාවයක් සහිත සංගමයක් පිහිටුවාගෙන ඇත. එහි බ්ලොග් අඩවියේ සබැදිය පහත දැක්වේ.


http://cifldha.blogspot.com




Thursday, May 9, 2013

මාළු ලෑල්ලෙන් ඉගෙන ගැනීම (පාඩම් අංක 1)



දවස් කීපයක ඉදල අපේ පැත්තට මාළු අරන් එ සීයා ආවේ නෑ. අසනීප බවක් කිය කිය හිටපු නිසා අදත් නොඑයි කියල උපකල්පනය කරලා චූටියගේ තරමක් දුරින් තියන මාළු ලෑල්ලට ගියා. කාලයක් මුණ ගැහුනේ නැති නිසා චූටියා එක්ක ආගිය තොරතුරු කතා කරන අතරේ විදුලි බිල ගැන කතාවත් ඇදුනා.

'ගිය මාසේ කරන්ට් බිල 3000යි බන්. මෙතන ලයිට් තියෙන්නේ සී.එෆ්.එල්. විතරයි. ඒවත් දාන්නේ දවසට පැය තුනයි. තිබ්බ ඩීෆ්‍රිෂර් එකත් ගෙදෙට්ට ගිහින් දැම්මා මෙතන බිල වැඩි නිසා. දැන් ලබන මාසේ තව 1000න් විතර බිල වැඩි වුනහම ඉතිං මාළු ගන්න එන මිනිස්සුන්ගේ පිටින් තමා ඕක යවන්න වෙන්නේ'

ආයෙත් පුහු ව්‍යාපාරික ටෝක් අපි අතරේ වැඩක් නැතිබව දන්න චූටියා කෙලින්ම කියල දැම්ම. මාළු ඉදල හිටල හරි කන, අපි නොකෑවත් පොඩි එකාට කන්න දෙන මං වගේ සාමාන්‍ය මිනිස්සු ගැන ඇතිවුනේ දුකක් වගේම තරහක්.

චූටියගේ නොදන්න කම ගැන මම පුදුම වුනේ නෑ. ගල් බෝතලයක, මාළු කිලෝ එකක, අයිස් කිලෝ 10ක ගණං ඇරුණු කොට වෙන මොන කෙංගෙඩියකවත් ගණං මිනුං වගේම රටේ තොටේ වෙන දේවල් ගැනත් ඌ දන්න දෙයක් නෑ.

'බලං හිටහං රුපියල් දාහෙන් ෂේප් වෙන්න, ලබන මාසේ ඉදල අඩුම තරමේ රුපියල් පන්දාහක් වත් ලෑස්ති කරගනිං කරන්ට් බිල ගෙවන්න' 

'ඇයි යකෝ..එහෙම වෙන්නේ කොහොමද?.. මහින්දය කරන්ට් බිල අඩු කලානේ'

මම චූටියට දුන්න උත්තරේ ඇතුලේ ජාතික භාෂාවේ තියන මිහිරිම වචන කීපයක් තිබ්බ නිසා ඒක මෙතන දාන්න බෑ.

එක අතකින් චූටියට එහෙම බැනලා වැඩක් නෑ. අපේ රටේ වැඩිපුරම ඉන්නේ මේ චූටියල තමා. ඒ චූටියලට මේ රටේ ඉන්න පාලකයොත් හරි ආදරෙයි. නසරාණි වෙන්න වහින කාලෙත් අපෙන් කෙලවෙන ඉන්ධන ගැලපුම් ගාස්තුව, මුලු විදුලි පරිභෝජනයට අය කරන මුදලෙන් 40% බව වත්, ලොක්කා මැයි දවසේ දුන්න කැරට් අලයෙන් කලේ ඒකෙන් 25% ක්, වඩාත් පැහැදිලිව කිව්වොත් අලුතෙන් හැදෙන වැඩිවෙච්ච බිලෙන් 10% විතරක් අඩු කල එකවත් මේ චූටියල දන්නෙත් නෑ. ලොක්කා දෙන කැරට්වල ලස්සන නිසා මුන්ට තේරෙන්නෙත් නෑ. ඒ ඔක්කෝටම වඩා මුන්ට තේරිලා තියෙන්නේ ලොක්කා කරන්ට් බිල අඩු කලා කියල විතරයි, 80% වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩි කරලා කියල තේරෙන්නේ නෑ.

යමක් කමක් තේරෙන්නෙ නැති තත්වෙක හිටියනම් හොදා කියල මට හිතුන බොහොමයක් වාර වලට මේ සිද්ධියත් එක හේතුවක් වුණා. මොකෝ අපි කරන්ට් බිල එනකම්මත්, ඒක ගෙවනකම්මත්, ඊටත් පස්සෙත් ඉන්නේ ලේ කෝප වෙලා. ඒත් චූටියා බිල එනකම් ආතල් එකේ ඉන්නවා. බිල ආවහම මාළුවල ගාණ වැඩි කරනවා. ඒකෙන් මාස් පඩි කාරයා වෙච්ච මං ගන්න මාළු ටිකටත් කෙල වෙන බව ඇත්ත. ඒත් වැඩේ හරිම සිම්පල්.

මමත් ඉගෙන ගත්තා හොද පාඩමක්. අනිත් දවසේ ඔය බඩු මිල, බදු වැඩි වුනහම ඕව ගනං ගන්නේ නෑ. වැඩි කරනවා මගේ පඩිය......හෑ..... "&#$@!&*@!#*!(#%@!

හා...බලන්න හොද නැද්ද විසදුම....

සැ.යු. ඉහත පින්තූරයේ සිටින මාළු වෙලෙන්දා අපේ චූටියා නොවන අතර, රෙද්ද උස්සා පෙන්වන්නේ 'අපවිත්‍ර' කාන්තාවක් නොවන බව සලකන්න.

Saturday, April 20, 2013

පවිත්‍රා මගේ කටට එබූ ඒ සුන්දර අත ( කෝ මගේ හක්කේ දත )



සමාවෙන්න අවුරුද්දට කලින් හම්බවුන සල්ලි වලට වෙච්ච දේ ගැන හොයල බලන්නවත් වුනේ නෑ රෙද්දේ රෙවෙන්න දීලා තියනවා අපේ දේශප්‍රේමී ආණ්ඩුව. පෝස්ට් එකක් ලියන්න වෙලාවක් නෑ. ලයිට් ඔෆ් කරල, ලැපත් ඔෆ් කරල මෛත්‍රී භාවනාව කරන්න තියෙනවා.

මේකත් පිළි අරගෙන ආණ්ඩුවට බැනල අපේ ලේ පුච්චගෙන නිකං ඉමුද? නැත්නම් දැන්වත් දැනෙන්න මොනව හරි කරමුද? හැමදාමත් බලා හිටියහම අපි ගැන දුක හිතෙයි කියල හිතුවද?



(කාටුන් එක ලක්බිම පත්තරෙන් ඉස්සුවේ, ඒකේ ගහලම තියනවා දැක්කනේ)

Friday, March 22, 2013

අහෝ...ජිනීවා (ලබන මාර්තුව තෙක්)



ජිනීවා තියෙන්නේ දියවන්නාව පැත්තේ යැයි සිතෙන තරමට එ.ජා. මානව හිමිකම් කමිටු යෝජනාව පැන යා හැකි මාතෘකාවක සීමාවෙන් ඔබ්බට ගමන් කර ඇත. සුමාන දෙකකට පසු සහ ලබන පෙබරවාරි අවසන වනතෙක් යලි කරලියට නොඑන මාතෘකාවක් බව දැන දැනම මේ නීරස මාතෘකාව ගැන පසු විවරණයක් කිරීමට සිත් විය.

මුලින්ම මේ යෝජනාවේ අන්තර්ගත කරුණු වලින් ප්‍රධානම කාරණය වන LLRC කමිටු වාර්තාව ගන විමසා බලමු. මෙය රටේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවක් වන අතර මෙය ආරම්භයේ පටන්ම රටේ ඇති වූ හෝ ඇති විය හැකි ජනවාර්ගික ගැටළුවලට පිළිතුරක් සෙවීමේ අභිලාෂයෙන් සකස් වූවක් නොවේ. එසේ වූවා නම් ඕනෑම අයෙකුට සාක්ෂි ලබා දිය හැකි යයි රෑ ප්‍රවෘත්ති වලින් සංදර්ශණ කිරීමෙන් ඔබ්බට ගොස් මෙය සැබෑ වශයෙන්ම ජනතාව අතරට ගොස්, ජනතා අත්දැකීම් සහ අදහස් වලින් නිර්මිත වාර්තාවක් විය යුතුව තිබිණි. උතුරු නැගෙනහිර ජනවාර්ගික ප්‍රශ්ණයට පිළිතුරු සොයන මේ වාර්තාව අඩංගු වැඩිමනක් කරුණු වලට සාක්ෂි ලබා ගැනීමේ කටයුතු වලින් 80% සිදු වූයේ කොළඹ පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ ආයතනයේදී වීමම මෙහි වලංගු භාවය ප්‍රශ්ණයට නැගෙන අවස්ථාවකි.

ඇත්තට මුහුණ දිය යුතුය. මේ වාර්ථාව හදිසියේ සම්පාදනයට හේතු වූයේ දරුස්මාන් වාර්තාව හරහා ජාත්‍යන්තරව නැගෙමින් පැවති විරෝධය යටපත් කිරීමේ අවස්තාවාදී අරමුණ මිසක් ජනවාර්ගික ගැටළුවට පිළිතුරු සෙවීමේ අවස්ථානෝචිත අරමුණ නොවේ.

කෙසේ හෝ මෙම වාර්ථාව ජාත්‍යන්තර අවධානය දිනාගත් වාර්තාවක් බවට පත් විය. එසේ නොවුනත් එය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වාර්ථාවක් බවට පත් වූ බැවින් එය අඩු ලුහුඩුකම් පැවතියද එය ක්‍රියාත්මක කිරීමේ වගකීමක්, යුතුකමක් සහ අයිතිවාසිකමක් රජය සතු වේ. එය ඇමෙරිකාව, ඉන්දියාව හෝ යුරෝපය පමණක් නොව විපක්ෂයවත් බල කරන තෙක් කල් මැරීමට අවශ්‍ය නොවේ.

මේ වාතාවරණය තුළ ඇමෙරිකාව ප්‍රමුඛ අධෝ මුඛ කැසීම් ඇති බටහිරවාදීන්ට රටේ ස්වෛරීභාවය ප්‍රශ්ණ කිරීමට උඩගෙඩි දීමේ වටපිටාවක් ඇති කිරීමට මේ අදූරදර්ශී පාලනය 'සමත්' විය. මාධ්‍ය මර්ධනය, නිතිය හෑල්ලුවට ලක් කිරීම, ප්‍රසිද්ධ මැර ක්‍රියා, දේශපාලන පලිගැනීම් මෙන්ම එළිපිට සිදු කරන වංචා ආදිය ගැන ITN එකෙන් එහා ලෝකයක් ඇති බව දන්නා කිසිවෙකුට හෝ අප විසින් පැහදිලි කීරීම අවශ්‍ය නොවන බව දනිමි.

ඇමෙරිකාව හෝ යුරෝපයට පමණක් නොව ඉන්දියාවට පවා මේ ප්‍රශ්ණය පිටින් තම රටේ පෞද්ගලික න්‍යාය පත්‍ර සාක්ෂාත් කර ගැනීමට එහා ගිය අරමුණක් නැති බව පැහැදිලිව පෙනේ. ඇමෙරිකාව තම සුපුරුදු හෙළුවෙන් සිට හූ කියා චන්ඩි පාට් දැමීමේ න්‍යායට අවතීර්ණව ඇති අතර, ඇමෙරිකාව් බෙට්ටත් සුවද යැයි අදහන යුරෝපයට දෙමළ ඩයස්පෝරාවේ මුදල් සහ පාවෙන ඡන්ද මේ තීරණය ගැනීමට අමතර උපකාරයක් වූ බව නොරහසකි. දකුණු ආසියාව තුළ ආධිපත්‍යය පැතිරීමේ අමන ආසාවෙන් මුසපත් වී ඇති ඉන්දියාවට තමිල්නාඩුව තුළ ඇති ඡන්ද පදනම මිසක, තමිල්නාඩු ජනතාවගේ සැබෑ අදහස මේ තීරණය බලපෑම් කළ බවක් නොපෙනේ.

කෙසේ හෝ LLRC වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සහ එහි සාර්ථකභාවය පිළිබද වාර්තා කිරීමෙදී මේ රජය ජාත්‍යන්තරය නොමග යැවූ අවස්ථා අතේ පත්තු වීම හරහා ඇමෙරිකාව මතුකරන කාරණා වලට නිසැකයෙන්ම පිළිගැනීමක් ඇති වී තිබීම පිළිබදව හොදම උදාහරණය නම් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් වෙනිසියුලාව පවා කමිටු වාර්තාවේ යෝජනා හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයට දැනුම් දීමයි.

කෙසේ වෙතත් ඇමෙරිකාවේ මේ නින්දිත උත්සහය ගිය වර මෙන්ම මෙවරද නිකම්ම නිකම් ඡන්දයක් පමණක් විනා,මේ දුර්දාන්ත පාලනය හේතුවෙන් තැලී පොඩිවී සිටින අහිංසක ශ්‍රී ලාංකිකයාට වින කරන තවත් ප්‍රයත්නයක් නොවේවායි ශ්‍රී ලාංකිකයෙක් ලෙස හදවතින්ම පතමි.

ප.ලි. කොච්චර මේ මගුල් දේශපාලන මාතෘකාවලින් එළියට පනින්න හැදුවත් බැරි හැටි...ලබන සැරේ නම් දානව වෙන සීන් එකක්..ඕං කිව්වා...

Wednesday, January 16, 2013

ඉහි ඉහි...මම විතලක් නෙමේ හොලකං කොලේ, නංගිත් හොලකං කොලා (විශේෂ ස්තුතිය නලීන් අයියාට)



හිතවත් බ්ලොග්කරුවකු වන නලීන් දිල්රුක්ෂ සහෝදරයා විසින් මාතලන් ගේ බ්ලොග් අඩවියේදී පළ කරන ලද අදහසක් දුටු විට මා හට මගේ කුඩා අවදියේ සිදුවීමක් මතක් වුණි. එය එම බ්ලොග් අඩවියේ අදහසක් ලෙස ඉදිරිපත් කිරීමට සිත් වුවද, අවසානයේ නතර වුයේ මෙහි ලිපියක් ලෙසිනි.

ප.ලි. කිහිප දෙනෙක් මෙය තේරුම් ගැනීමේදී දුෂ්කාරතාවට පත් වූ බව හැගී ගිය නිසා, තේරුම් ගැනීමේ පහසුව සදහා මෙම පෝස්ටුව කියවීමට ප්‍රථම මාතලන්ගේ පෝස්ටුව සහ කමෙන්ට් තීරුව කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.


......................................................................................................

මම පොඩි කාලේ, අපේ නංගී තාත්තගෙ පර්ස් එකෙන් නංගිගේ කැටේට දාන්න සත පනහක් උස්සන්න සපෝට් ඉල්ලනවා, මම බොක්කෙන් සප් එක දෙනවා. මොකෝ මම අම්මගෙනුයි තාත්තගෙනුයි සල්ලි මාටියා ගහන කොට මට සප් එක දෙන්නේ නංගි බබානේ. දවසක් මම දැක්ක තාත්තගේ පර්ස් එකේ කොළ පාට සල්ලි කොලයක් තියනවා, ලස්සන මොණරෙකුත් කොලේ ඇදල තිබ්බා. මම ඒක ඉස්සුවා. 

නංගි කිව්ව 'අනේ අයියේ ඕක ගන්න එපා, ඔය ලොකු සල්ලි කොලයක්' 

මම එයාව සත පහකට මායිම් කලේ නෑ. මම ඉස්සුවා, දිගටම ඒ වගේ කොළ ඉස්සුවා.

'ආයෙ එහෙම ඔහොම හොරකම් කලොත් මම අම්මට කියනවා' නංගි මට තර්ජනය කලා.

දෙන්නම් වැඩක් කියල මම වැඩේට බැස්සා. දිගටම මොණර කොළ ඉස්සුවා. ඒ එක්කම නංගි සත පනහ උස්සපු එක තාත්තට කිව්වා. ඒත් නංගි මම මොණර කොල උස්සපු එක තාත්තටවත් අම්මටවත් කිව්වේ නෑ. දැන් මට තවත් බයයි.

මම මෙච්චර දෙයක් කරලත් ඇයි එයා මාව අහු කරල දුන්නේ නැත්තේ කියල. නයාට බයට අපි නයාට ගහනවා වගේ මමත් නියම වැඩක් කලා, බය වැඩි කමට.

'මේ හොර නංගිව ගෙදරින් එළවමු' මම අම්මටයි තාත්තටයි කිව්වා. ඒත් මගේ හොරකම් ගැන තාත්තා දැනගෙන හිටිය බව, මම දැන ගත්තේ මේ වෙලාවෙදි.

'මේ උඹ මගෙන් මුකුත් අහගන්න එපා, උඹේ හොරකම් මම නොදන්නවා නෙමේ, එදා ගෙදරට හොරු පැන්න වෙලේ උඹ බය නැතිව පොලිසියට කියල අපිව බේරගත්ත නිසා මම ඉවසනවා, නැතිනම් දනී මං කරන වැඩේ' තාත්තා ගෝරනාඩු කලා.

තාත්තගේ සද්දේ නිසා මගේ සායම දිය වෙලා ගියා, අහල පහල හැමෝම මගේ කාඩ් එක දැන ගත්තා. අර එහා ගමේ ඉන්න 'එලිසබෙත් ආච්චි' විතරක් නෙමේ, ගගෙන් එහා පැත්තේ ගමක ඉන්න, 'ස්ටීවන්' බාප්පත් මේ ගැන ආරංචි වෙලා මට දෝෂාරෝපනය කලා.

මේක දැන ගත්ත අම්ම කිව්වේ මෙහෙම 'තෝ දැන ගනිං පුතේ, උඹල ඔය හොරකම් කරන්නේ, තාත්තයි අම්මයි බඩේ ගින්දරේ නොකා නොබී, දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි, ඔය අමාරු සල්ලි බයිසිකල් රේස් පදින්නයි තොගේ යාළු හැත්ත බුරුත්ත එක්ක ජෝගි නටන්නයි ගත්තට තොට හෙන වදියි' කියල.

ලැජ්ජාවෙන් බේරෙන්න මම නියම වැඩක් කලා, මම ගම පුරා ගැහුවා 'මඩ පත්තරයක්'. මට මේකට සප් එක දුන්නේ 'වැව ගාව ගෙදර' ඉන්න නදීයා.

මඩ පෝස්ටරේ මෙහෙම තිබ්බා....

'ඉහි ඉහි...මම විතලක් නෙමේ හොලකං කොලේ, නංගිත් හොලකං කොලා, මට විතලක් බයින එක නාකයි, නංගිටත් බනින්න'.

ඉස්ස ඉස්සෙල්ලම මේක ගැහුවේ හොරකම ආරන්චි වෙලා මට කොචොක් දාන 'මාතලගේ' ගේ ඉස්සරහ.

මොනව වුනත් මම පව්. නොදන්න කමටනේ හොරකං කලේ. නංගි වගේ ඈ..

තාම මම ගෙදර ඉන්නේ, නංගිව නම් පන්නලා දැම්මා..අපේ තාත්තයි, අම්මයි සංවේදි වැඩිද, නැත්නම් මෝඩද කියන්න මම දන්නේ නෑ. තාමත් මම එයාලගේ පොඩි පුතා.

මට හෙන වදියිද මගේ රත්තරං අයියේ..



මෙය හුදෙක් කථාවක් පමණක් බවත් මෙහිදී  නලීන් දිල්රුක්ෂ නම් සහෝදර බ්ලොග්කරුවාට පෞද්ගලික විරෝධතාවක් නොදක්වන බවත් මතක් කර සිටිමි. එසේම මෙහිදී ඇනෝ දැමීම සම්බන්ධව විරෝධතාවක් නොමැති මුත් සිදු වන පෞද්ගලික මඩ ප්‍රහාර මා හට ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් දන්වා සිටිමි.

Saturday, July 28, 2012

මව්බිම, යථාර්තය සහ ප්‍රායෝගිකත්වය



දේශපාලන විද්‍යාව නැමති විෂය ගැන මාගේ දැනුම අල්පය. නමුත් දේශපාලනය නැමති ප්‍රායොගික සාමාජීය ක්‍රියාව ගැන මා සතුවද කියවීමක් ඇත. ධනවාදයේ, ලිබරල් වාදයේ, සමාජවාදයේ, මාක්ස්වාදයේ හෝ වෙන මොනයම් වාදයකවත් ගුණ දොස් විමසීමට හෝ සංසංදනය කිරීමට වඩා 'යථාර්තවාදය' ගැන විමසීම මාගේ කැමැත්තයි. එනමුදු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මෙම කුමන හෝ වාදයක පැටලි සිටීම නිසා අපට මෙම වාද අමතක කර ප්‍රායෝගින දේශපාලනයක්  පිලිබඳ සංවාදයක් ඇරඹිය නොහැකිය.


අයි. ටී. එන්. එකෙන් පිටත ලෝකයක් ඇතැයි දන්නා සියළු දෙනා මේ වනවිට යම්තාක් දුරට මේ වනවිට රටක් ලෙස අප මුහුණ දෙමින් පවතින ආර්ථික, සාමාජීය, සංස්කෘතික සහ ආධ්‍යාත්මක පිරිහීම පිළිබද වැටහීමක් ලබා ඇති බව විශ්වාසය. රාවණ සංකල්පවලින් බැහැරව ශ්‍රව්‍යය දෘශ්‍යය ඉතිහාසයක් ගැන අප දන්නා මෑත ඉතිහාසයේ වසර සිය ගණන තුළද මෙවැනි පිරිහීම් නොතිබුනා නම් නොවේ. නමුදු පිරිහීමේ වර්ධනයක් සහ ඒවා සමාජයට විවෘතවීමේ ඉඩ හසර ඉතා ඉහල ලෙස වැඩිවීමක් මේ වන විට සිදු වී ඇති බවද නොරහසකි.

මෙම සමාජ යථාර්තයන් වලට පිළිතුරු සෙවීම සදහා ඉහත සදහන් කරන ලද සියළුම වාද වලට පාහේ අඩු වැඩියෙන් අප අවස්ථාව සලසා දී ඇත්තෙමු. එවන් වටපිටාවක් තුළ අප වර්තමානය වනවිට මුහුණ දෙන බිඳ වැටීම් වල කැපී පෙනෙන වර්ධනය යනු එකි දේශපාලනයන් තුළ පැවති බරපතල අඩුපාඩු සහ රැවටීම්ය.


පසුගිය සති කීපය තුළ මඩ ප්‍රචාර හැරුණු කොට වගකිවයුතු (යැයි අප කියනා) මාධ්‍යයන් තුළ අරක් ගත් ප්‍රමුඛ පුවත් සහ සුප්‍රසිද්ධ යථාර්තයන් කිහිපයක් දෙස අවධානය යොමු කිරීමෙන් මෙහි සත්‍යයතාවය ගැන වැටහීමක් ලබා ගැනීම දුෂ්කර නොවේ.

මේවා අරුමයන් නොවූවද දැන් දැන් අපි යම් සීමාවකට පැමිනෙමින් සිටීදෝයි මට  හැඟේ. ඒ සීමාව වන්නේ නැවත අප මව්බිම මේ සියළු අංශයන්ගෙන්,  එක අංශයකින් හෝ අංශ කිහිපයකින් බරපතල ලෙස ඇද වැටීමයි. ගොඩ ගත් නොහැකි ලෙස ඇද වැටීමයි.


පාලනය කරන්නේ කුමන පිරිසද, කුමන පක්ෂයද යන්න පිලිබද මා හට ගැටළු නැත. නමුත් ඔවුන් පාලනයට යොදා ගන්නා න්‍යායන් පිළිබඳව නම් අතිශය තීරණාත්මක විග්‍රහ ඇත.


පොදුවෙ ගත් කළ, මෙතුවක් කල අප කර මතින් පුටුවලට ආ සියළු දෙනාගේ අදොනාවන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ හඳුනාගත හැක. ඒවා නම් 'ධනවාදයට මානුෂික මුහුණුවරක්' සහ 'සමාජවාදයට ප්‍රායෝගිකත්වයක්' ය. ධනවාදයට මානුෂික මුහුණුවරක් දෙන්නට ආ සියල්ල අප හට ඒ කී අයුරින්ම මානුශික වෙස් මුහුණක් පමණක්  පළඳවා 'ගරා යක් නැටුම්' සහ 'ජසයා සහ ලෙන්චිනා' පෙන්වූහ. සමාජවාදයට ප්‍රායොගිකත්වයක් දෙන්නට ආ පිරිස 'රටේ ප්‍රායෝගිකත්වය' සමග එක පෙළට සිට ගන්නටවත් සමත් නොවූහ.

යථාර්තවාදය සහ ප්‍රායෝගිකතවය සංකළණය කොට දෙමුහුන් ප්‍රතිපත්ති පෙරදැරි කොට ගත් පාලනයක් ඉහත සාකච්ඡා කරන ලද ගැටළුවලට විසදුම් සපයාවී යන්න මාගේ නිගමනයයි. ඒ පදනම න්‍යායයන් සමග  සබැඳු කළ අප සතු න්‍යායාත්මක විසදුම් දෙකක් ඇත; යන්න මාගේ කියවීමයි.


1. මානුෂිකවාදී අනන්‍ය වූ දේශීය ධනවාදය
2. ප්‍රායෝගිකවාදී අනන්‍ය වූ දේශීය සමාජවාදය


මින් එකක් හෝ පරිබාහිර සාධණීය න්‍යායක් විත්තිවාචනය කිරීම ඔබගේ යුතුකමයි.