Saturday, July 28, 2012

මව්බිම, යථාර්තය සහ ප්‍රායෝගිකත්වය



දේශපාලන විද්‍යාව නැමති විෂය ගැන මාගේ දැනුම අල්පය. නමුත් දේශපාලනය නැමති ප්‍රායොගික සාමාජීය ක්‍රියාව ගැන මා සතුවද කියවීමක් ඇත. ධනවාදයේ, ලිබරල් වාදයේ, සමාජවාදයේ, මාක්ස්වාදයේ හෝ වෙන මොනයම් වාදයකවත් ගුණ දොස් විමසීමට හෝ සංසංදනය කිරීමට වඩා 'යථාර්තවාදය' ගැන විමසීම මාගේ කැමැත්තයි. එනමුදු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මෙම කුමන හෝ වාදයක පැටලි සිටීම නිසා අපට මෙම වාද අමතක කර ප්‍රායෝගින දේශපාලනයක්  පිලිබඳ සංවාදයක් ඇරඹිය නොහැකිය.


අයි. ටී. එන්. එකෙන් පිටත ලෝකයක් ඇතැයි දන්නා සියළු දෙනා මේ වනවිට යම්තාක් දුරට මේ වනවිට රටක් ලෙස අප මුහුණ දෙමින් පවතින ආර්ථික, සාමාජීය, සංස්කෘතික සහ ආධ්‍යාත්මක පිරිහීම පිළිබද වැටහීමක් ලබා ඇති බව විශ්වාසය. රාවණ සංකල්පවලින් බැහැරව ශ්‍රව්‍යය දෘශ්‍යය ඉතිහාසයක් ගැන අප දන්නා මෑත ඉතිහාසයේ වසර සිය ගණන තුළද මෙවැනි පිරිහීම් නොතිබුනා නම් නොවේ. නමුදු පිරිහීමේ වර්ධනයක් සහ ඒවා සමාජයට විවෘතවීමේ ඉඩ හසර ඉතා ඉහල ලෙස වැඩිවීමක් මේ වන විට සිදු වී ඇති බවද නොරහසකි.

මෙම සමාජ යථාර්තයන් වලට පිළිතුරු සෙවීම සදහා ඉහත සදහන් කරන ලද සියළුම වාද වලට පාහේ අඩු වැඩියෙන් අප අවස්ථාව සලසා දී ඇත්තෙමු. එවන් වටපිටාවක් තුළ අප වර්තමානය වනවිට මුහුණ දෙන බිඳ වැටීම් වල කැපී පෙනෙන වර්ධනය යනු එකි දේශපාලනයන් තුළ පැවති බරපතල අඩුපාඩු සහ රැවටීම්ය.


පසුගිය සති කීපය තුළ මඩ ප්‍රචාර හැරුණු කොට වගකිවයුතු (යැයි අප කියනා) මාධ්‍යයන් තුළ අරක් ගත් ප්‍රමුඛ පුවත් සහ සුප්‍රසිද්ධ යථාර්තයන් කිහිපයක් දෙස අවධානය යොමු කිරීමෙන් මෙහි සත්‍යයතාවය ගැන වැටහීමක් ලබා ගැනීම දුෂ්කර නොවේ.

මේවා අරුමයන් නොවූවද දැන් දැන් අපි යම් සීමාවකට පැමිනෙමින් සිටීදෝයි මට  හැඟේ. ඒ සීමාව වන්නේ නැවත අප මව්බිම මේ සියළු අංශයන්ගෙන්,  එක අංශයකින් හෝ අංශ කිහිපයකින් බරපතල ලෙස ඇද වැටීමයි. ගොඩ ගත් නොහැකි ලෙස ඇද වැටීමයි.


පාලනය කරන්නේ කුමන පිරිසද, කුමන පක්ෂයද යන්න පිලිබද මා හට ගැටළු නැත. නමුත් ඔවුන් පාලනයට යොදා ගන්නා න්‍යායන් පිළිබඳව නම් අතිශය තීරණාත්මක විග්‍රහ ඇත.


පොදුවෙ ගත් කළ, මෙතුවක් කල අප කර මතින් පුටුවලට ආ සියළු දෙනාගේ අදොනාවන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ හඳුනාගත හැක. ඒවා නම් 'ධනවාදයට මානුෂික මුහුණුවරක්' සහ 'සමාජවාදයට ප්‍රායෝගිකත්වයක්' ය. ධනවාදයට මානුෂික මුහුණුවරක් දෙන්නට ආ සියල්ල අප හට ඒ කී අයුරින්ම මානුශික වෙස් මුහුණක් පමණක්  පළඳවා 'ගරා යක් නැටුම්' සහ 'ජසයා සහ ලෙන්චිනා' පෙන්වූහ. සමාජවාදයට ප්‍රායොගිකත්වයක් දෙන්නට ආ පිරිස 'රටේ ප්‍රායෝගිකත්වය' සමග එක පෙළට සිට ගන්නටවත් සමත් නොවූහ.

යථාර්තවාදය සහ ප්‍රායෝගිකතවය සංකළණය කොට දෙමුහුන් ප්‍රතිපත්ති පෙරදැරි කොට ගත් පාලනයක් ඉහත සාකච්ඡා කරන ලද ගැටළුවලට විසදුම් සපයාවී යන්න මාගේ නිගමනයයි. ඒ පදනම න්‍යායයන් සමග  සබැඳු කළ අප සතු න්‍යායාත්මක විසදුම් දෙකක් ඇත; යන්න මාගේ කියවීමයි.


1. මානුෂිකවාදී අනන්‍ය වූ දේශීය ධනවාදය
2. ප්‍රායෝගිකවාදී අනන්‍ය වූ දේශීය සමාජවාදය


මින් එකක් හෝ පරිබාහිර සාධණීය න්‍යායක් විත්තිවාචනය කිරීම ඔබගේ යුතුකමයි.



8 comments:

  1. කතිකාවක් ගොඩනැගිය හැකි සහ ගොඩනැගිය යුතු හොද මාතෘකාවක්......

    ReplyDelete
  2. මට දේශපාලන විද්‍යාව පිලිබඳ එහෙමට දැනුමක් නැහැ. එත් මම හිතන්නේ මොන තියරිය තිබ්බත් රටකට ඒක ගෙඩිය පිටින් බස්සන්න බැහැ. රටේ මිනිස්සුන්ගේ පවත්නා රටාවනුත් සමග ඒ තියරි කස්ටමයිස් වෙන්න ඕනි.ඒ කස්ටමයිස් කිරීම් බොක්කෙන්ම් සිදු විය යුතු ඒවා මිස "ජසයා හා ලෙන්චිනා" නාඩගම් නොවිය යුතුයි.

    ReplyDelete
  3. මේ දේශපාලන විද්‍යාව නම් මම නොදන්න විෂයක්. හැබැයි දරුණු ඝනයේ සමාජවාදයත්, ධනවාදයත් කියන දෙකම අංග විකලයි කියල මට නම් හිතෙනවා. ඒ ගැන කල්පනා කරන විට මගේ දේශපාලන කියැවීමක් තිබෙනවා. මේ බ්ලොග් එකේදිම අපි ඒ ගැන කතා කරමු. හොද මාතෘකාවක්.

    ReplyDelete
  4. මටත් දේශපාලනය ගැන ඇති දැනුමක් නෑ.හැබැයි රනිල් සාම ගිවිසුම ගහද්දි ඒකෙන් යුද්දෙ ඉවර කරන්ඩ බෑ කියලා මට තේරුණා වගේම මහිද දෙවෙනි පාර ඉල්ලද්දි රට කනවා කියලත් මටැ තේරුණා.සමාජවාදය හෝ ධනවාදය හෝ වේවා පාලක පක්ෂයක් සහ පාලිත පක්ෂයක් ලෙස කණ්ඩායම් දෙකක් පවතින තාක් අසාධාරණය නිමා වෙන්නේ නැත.යම් පුද්ගලයෙක් වටා බලයක් ඒකරාශී වීමෙන් පසු ඔහු එය සිය වාසියට යොදා ගැනීම වැළැක්විය හැකිද?

    ReplyDelete
  5. හොඳ ලිපියක්. කාරණාව හරියට හරි. ඒත් මගේ අදහස ඔය මොන දේ කරන්නත් කලින් කලයුතු දෙයක් තියනව‍. ඒ තමයි ක්‍රමය මොකක් උනත් මේ තියන විෂම දේශපාලනය තුරන් කිරීම. මේ උදවිය එක්ක නං "මොන ක්‍රමයක්වත් ඇතිකරන්න බැරිවීම"ට දෙන විසඳුම වඩා වැදගත්.

    ReplyDelete
  6. හ්ම්ම්..අගනා ලිපියක් සහෝ..

    ReplyDelete
  7. ඔබ ව්සින් යෝජනා කරන්නා වු ප්‍රවේශද්වයේ මුලික බල ආකෘතින් පවත්නා ක්‍රමයන්හීම අනුගාමි ප්‍රකාශනයෝය.සාමාන්‍යාර්ථය නම් වම සහ දකුණ යනු ඇපල් සහ දොඩම් බවයි. දෙකම පලතුරුය.

    ReplyDelete
    Replies
    1. නිවැරදියි සහෝදරයා. පවත්නා ක්‍රමයෙන් සම්පූර්ණයෙන් පරිභාහිර ක්‍රමයක් බලෙන් ප්‍රායෝගික බවට පත් කිරීමට උත්සහ දැරීම තුළින් ලද විනාශයන් අප අත් විද ඇත්තෙමු. නමුත් වචානාර්ථයෙන් ඔබ්බට ගිය මානුශිකත්වයක් සහ ප්‍රායෝගිකත්වයක් දේශපාලනය තුළට කැදවීම ඉතාම ඉක්මනින් කළ යුතුමය.

      ඔබගේ කියවීම ඔබගේ බ්ලොග් අඩවිය තුළින් වටහා ගෙන ඇති නිසා මම මෙසේ කියමි. ඇත්ත මම කියන්නේ 'තවත් එන එන හැටියට ගහු උළුවස්සා' න්‍යායක් තමා.

      බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට. ඔබේ අඩවියද ආශාවෙන් කියවමි.

      Delete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.