Monday, July 23, 2012

ඉන්දියන් 'පොලිස් රැවුල'




දවස් කීපයකට කලින් රාජ් ගේ පොලිස් කථාවක් දැක්ක. කාලෙකට කලින් දුමියගේ අල්ලපු රටේ එවුන්ට කෝචොක් දැම්ම ලිපියත්,  ලඟදි කියෙව්වා. මේ ලිපි දෙකම කියෙව්වේ එකම දවසේ. ඉතින් මටත් කාලෙකට කලින් අහපු කථාවක් මතක් වුනා.


මේකත් පොලිස් කථාවක්. හැබැයි මේක ඉතින් පොලිස් කිව්වට ලංකාවේ පොලිස් නෙමේ. ඉන්දියන් පොලිස්. ඉන්දියන් පොලිස් කිව්වහම ඉතින් දන්නවනේ. අපේ ලංකාවේ පොලිසියටත් වඩා අන්ත ජරා කියල. දැකල ඇතිනේ අර පරණ හින්දි චිත්‍රපටිවල එහෙම වලිය ඉවරවෙන කොට සයිරන් එකත් දා ගෙන එන්නේ.


සාමාන්‍යයෙන් අපිට වුනත් ඉන්දියන් පොලිස් කිව්වහම මැවෙන්නේ ඔය උඩින් ඉන්න පොලිස් මාමගේ රූපටය සමාන රූපයක්නෙ. උඩු රැවුල වවල, පහළට කරකෝලා, මරුමුස් පෙනුමට, යටි ගිරියෙන් කෑ ගහන.....


ඉන්දියාවේ පොලිසිය එහෙම රැවුල වවනෙනේ තමන්ගේ ආධිපත්‍යය පෙන්නන්නලු. කොටින්ම ඉන්දියාවේ 'මධ්‍ය ප්‍රදේශ්' ප්‍රාන්ත රජය මධ්‍ය ප්‍රදේශ් පොලිසියෙ අයට මාසෙකට ඉන්දියන් රුපියල් 30 ක දීමනාවකුත් ගෙවනවා, උඩු රැවුල වවනවට.


කොහොමින් කොහොම හරි කථාව මෙහෙමයි. ඔය ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් වල 'බෝපාල්' පොලිසියේ කට්ටියක් පුරුදු වෙලා හිටියලු හැමදාම එක හෝටලේකින් දවල් කෑම කන්න. හැබැයි මුන් ටික කවදාවත් සල්ලි නම් දෙන්නේ නෑලු. ඔය අතරේ බෝපාල් පොලිසියට අළුතෙන් එන පොලිස් මහත්තුරුත් අනිත් අයව අනුගමනය කරලා ඒ හොටලෙන්ම කාල සල්ලි නොදී මාරු වෙනවලු. මේක කොච්චර පාඩු වුනත් අර හෝටලේ අයිතිකාරයා මුන්ගේ හැටි දන්න නිසා පාඩුව දරාගෙන පාඩුවෙ ඉන්නවලු.


මේක කොච්චර සාමාන්‍යය සිද්ධියක් වුනාද කිව්වොත් යුනිෆෝම් නැතත් නිකං කාලා යන උන්ගෙන් සල්ලි ඉල්ලන්නවත් යන්නේ නැහැලු.  හැබැයි අර 'රැවුල' නිසා ලේසියෙන්  අඳුනගන්න පුලුවන් නිසා පොලිසියෙ නොවන උන් නිකං කාලා ගියොත් පට ගාල බඩු මාට්ටු වෙනවලු.


ඔන්න දවසක් මීට කලින් දැකලම නැති, හෙන ඇට්ටර පෙනුමක් තියන එකෙක් මේ හෝටලේට ඇවිත් දන්න කියන හැම කෑම ජාතියක්ම ඕඩර් කරනවලු. මුලු ලෝකෙ කෑම එදාම ඉවර වෙයි කියල බයට වගේ කාගෙන කාගෙන යනවලු. දැන් කැෂියර් කූඩුවෙ ඉන්න හාදයා මිනිහගේ ෂුවර් නැති පෙනුම හින්ද  හොඳට මූ ගැන ඇහැ ගහගෙනලු හිටියෙ.


මෙන්න දැන් මිනිහ කාල ඉවරලු. අයිස් ක්‍රීම් එකකුත් ඕඩර් කලාලු. ඒකත් ඉවරලු. තව බීම එකකුත් ඉල්ලුවලු. ඒකත් ඉවරලු. මෙන්න දැන් නැගිට්ටලු. වේටර් මල්ලිගෙන් බිල ගැනවත් ඇහුවෙ නැහැලු. දැන් ටික ටික ඔක්කොම කට්ටිය මිනිහ දිහාම බලාගෙන ඉන්නවලු. මිනිහ කැෂියර් මල්ලිත් පහු කරගෙන පාරට බැහැල යන්නලු දැන් හදන්නේ.


තව බලා හිටියොත් මූ මාරුවෙනවා කියල දැන ගත්ත කැෂියර් මල්ලි බැස්සලු පාරට. උඩු රැවුලත් නැති නිසා මූ පොලිස් කාරයෙක් නොවන බවත් ෂුවර්ලු.


අඩෝ..ව්...කෑවනම් සල්ලි දීල පලයං ඩෝව්...


හෙ...හේ...මල්ලි... ඇයි උඹ තර්ජෙනෙද? ඇයි උඹල වෙනදටත් පොලිෂියෙන් සල්ලි ගන්නවද? අද විතරක් ඉල්ලන්නෙ...


මේ ගොන් පාට් දාන්න එපා ඩෝ...උඹ කොහෙද පොලිෂියෙ..උඹව අපි මීට කලින් දැකලත් නෑ..නොදැක්කත් කමක් නෑ...පොලිෂියෙනම් කෝ උඹේ උඩු රැවුල....


පොරට ඒත් ගාණක් නෑලු. නෝන්ඩියට වගේ හිනා වෙන ගමන් මිනිහ හිමින් සැරේ පාත් කලාලු මිනිහගේ කලිසමේ ෂිප් එක....අන්ඩර් වෙයාර් එකත් පාත් කෙරුවලු....


හෙ...හේ....මල්ලි මම 'රහස් පොලිෂියේ'....


(හිනා ගියෙ නැති අය 'කුචි මැෂිමක්' ගන්න, තේරුනෙ නැති අය වැඩිහිටියෙක්ගෙන් අහගන්න)

17 comments:

  1. හෙහ් හෙහ් හේ....... අන්න නියම රහස් පොලිස්.
    පොලිස් කතා ගනනාවක් තියනව කියන්න. මම පොලිස් කතා ලිව්වට පස්සෙ දවසෙ මේ පැත්තෙ පොලිසියක ඕඅයිසී මහත්තයට තුන්දෙනෙක් ගහල. මං හිතන්නෙ තාම ඉස්පිරිතාලෙ.
    මම ඉස්සරම ලිව්ව සෑම් අයිය කියල කෙනෙක් ගැන කතාවක්. එයාටත් තියෙන්නෙ පොලිස් ෂේප්එකක්. ඒත් ඇඹිලිපිටියෙ කාර්යාලෙක වැඩකලේ. සාමාන්‍යයෙන් පොලීසියෙ උදවිය කවදාවත් බස්‍එකක ගියාට ටිකට් ගන්නෙ නෑනේ. මෙයා ඉස්සෙල්ලම බස්එකට නැග්ග දවසෙ කොන්ද මල්ලි අහල පොලිසියෙද කියල. මෑනුත් ඔව් කියල. එදා ඉඳල බස්එකේ යන්නෙ පිනට. පස්සෙ දවසක බස්එකේ උදවිය සෑම්ගැන හොයල බලල. පොලිසියෙ නෙවේ කියල හොයාගෙන. ඊට පස්සෙ දවසෙත් බස්එකට නැග්ගම විස්තර අහල. වැඩේ මාට්ටු උනාට පස්සෙ පිනට ගියටිකට හරියන්න හොඳට නෙලල.

    ReplyDelete
    Replies
    1. සෑම් ටත් කියන්න තිබ්බා රහස් පොලිසියේ කියල... අර ඕ.අයි.සී. මහත්තයාට ගහපු එකටනම් උඹත් වග කියන්න ඕන. උඹ තමා ඔය පොලිස් කථා දාල මිනිස්සුව ෆෝම් කරල ගන්නේ....හෙ.හේ....

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. රාමා ට වෙච්චි දේ....හි...හි...

      Delete
  3. ඒකේ තේරුම ඉන්දියාවෙ රහස්පොලීසියත් රහස් තැන්වල රැවුල වවනවා..... :D

    ReplyDelete
    Replies
    1. :D , හුටා!!!

      මම එතනදී අවශ්‍ය ප්‍රමාණයට වල් වුනේ නැහැ..

      Delete
    2. ඒ කියන්නේ සුමිත් අයියා අවශ්‍යය ප්‍රමාණයට වල් කියන එකද? හෙ...හේ...

      Delete
  4. හික්ස් කලින් කොහෙන් හරි අහලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්...මාත් මේක අහල දැන් කාලයක් වෙනවා... :-)

      Delete
  5. රහස් පොලිසියෙන් "හොරා පොලිස්" කරන ගමන් වෙන්න ඇති කාලා යන්න එන්න ඇත්තේ :D

    ReplyDelete
    Replies
    1. හොරා කන්න ඕන නම් රැවුල වවන්න...ඉන්දියා ස්පෙෂල්...

      Delete
  6. "පවුල රැකේ"

    ReplyDelete
    Replies
    1. පවුලත් රහස් පොලිසියෙ නම්....

      Delete
  7. ඉන්දියාවෙ හිටියනං මේ විදියට නිකම්ම කන්න පුලුවං

    ReplyDelete
    Replies
    1. කොහොමද එතනත් රැවුල නොතිබ්බනම්...හිකිස්...තමා..

      Delete
  8. බලපුවාම කඩේ එවුන් මෙච්චර කල් කන්න දීල තියෙන්නේ රැවුලට නේ??

    ReplyDelete
    Replies
    1. අල්ලපු රටේ උං ඔහොම්මමයි ක්සැන්ඩරයෝ

      Delete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.