Wednesday, July 18, 2012

සැබෑ උරුමය සහ අන්තවාදය

නැවත නැවතත් කථා කිරීමට ආශාවක් නොවූවද, පහුගිය සතියක චතුෂ තුෂර කුමාර නොහොත් සුප්‍රසිද්ධ 'මාරයා' විසින් පළ කරණ ලද අදහස් කිහිපයක් වෙනත් සහෘදයෙකු මතක් කිරීමත්, හිතවත් රාමා විසින් මේ සම්බන්ධව ඉදිරිපත් කරණ ලද ලිපියකට පිළිතුරු දීමේදී මෙහි බරපතල ප්‍රථිවිපාකයන් වටහා ගැනීමත් මා පහත ලිපිය පළ කිරීමට හේතු වූ ආසන්නතම කරුණු වේ.




‎'මහානාම හිමි' ගේ සිට 'පනාපුත්‍ර කුහුඹුපැණියා' දක්වා ඉතිහාසය ඉකි බිඳුමක් බවට පත්කළ ඊනියා බඩගෝස්තරවාදීන් සහ මිරැන්ඩෝ වැනි අතිශයෝක්තිය හරහා උඩු ගං පිහිනීම ස්වයං වින්දනයක් කොට ගත් වඳුරු කුණුහරුප කාරයන් වත්මන් ඉතිහාස විකෘතියට සෘජුවම වගකිවයුතු බව මාගේ හැඟීමයි.

හෙළයන් පූර්ව 'විජය රාජ්‍යය' අවධියේ පවා දියුණු තාක්ෂනික සහ සංස්කෘතික උරුමයන් තම දෛනික කටයුතු වලදී යොදා ගත් බවට සාක්ෂි අපට කාලයක් තිස්සේ ලැබෙමින් පවතී. එය මිරැන්ඩෝලාගේ ගේ 'කොමිටල් එළි දැක්වීම්' හරහා රාවණාකරණයට ලක්වීම තුළින්, සත්‍යය උරුමයන් පිලිබඳ අතිශය සාරවත් කතිකාවතක් ඇතිවීමට තිබූ ඉඩකඩ ඉතා දුක්ඛදායක ලෙස ඇහීරී ඇත.

මහානාම හිමියන් මහාවංශය විහිළුවක් බවට පත්කර ඇත්තේ, බුදුන් ගේ ලංකා ගමන් තුන පිලිබඳව දක්වන සටහන් වලදී මහියංගනය, නාගදීපය, කැළණිය යන ස්ථාන ප්‍රධාන කොට පරිවාර සථාන 13ක්ද බුදු පා පහසට ලක් වුව බවත්, එකී ප්‍රධාන ස්ථාන විවිධ ගෝත්‍ර නියෝජනය කරණ හෙළයන්ගෙන් පිරි පැවතිය බවද දැක්වීමද,

එවන් ජනාකීර්ණ සහ ජන විසිරීමක් පැවති දේශය 700 පමණ මැරයින් සහ ස්ත්‍රී ලෝලීන් පිරිසක් විසින් ශිෂ්ඨාචාරකරණය කරණ ලද බවද, නව පරපුරක් (හෙළ) බිහි කළ බවද පැවසීම තුළින්ය. 

මෙවන් ඉතිහාස භක්ෂකයන් පාසල් පෙළ පොතේ සිට ජාතික පුවත්පත් දක්වා අරක්ගත් යුගයක 'මීවනපලානේ ජයරත්න' නැමති අන්වර්ථ නාමයක් හරහා 'වර්ගපූර්ණිකාව' තුළින් එම විකෘතිවාදී චින්තනයන්ට සියුම්ව නමුත් නිර්ධය ලෙස පහර ගැසීම, මම නම් ප්‍රශංසාවට ලක් කරමි. (විවේචන සහිතව)

32 comments:

  1. 1. අසත්‍ය ඉතිහාසය වෙනුවට සත්‍ය ඉතිහාසයට නිල පිළිගැනීමක් ලැබෙන්නේ කවදාද?

    2. අධ්‍යාපනයට නිවැරදි ඉතිහාසය ඇතුලත් වෙන්නේ කවදාද ?

    මේක (ඉල්)ලංකාව ... සමහර විට කවදාවත් ඒවා වෙන එකක් නැහැ...

    ReplyDelete
    Replies
    1. පහත සදහන් හේතු නිසා සත්‍යය යටපත් වේ යැයි විශ්වාස කරමි.

      1. නොවෙනස් වීමට මනුෂ්‍යය වර්ගයාගේ ඇති කැමැත්ත.
      2. බනානාලන්තය තුළ පරිපාලනය දුර්වල වීම.
      3. බඩගෝස්තරවාදීන්ගේ බලවත් බව.

      Delete
  2. මං නම් ඔය ඔක්කොම බලන් ඉන්නවා විතරයි

    ReplyDelete
    Replies
    1. ඒකත් බලාගෙන හියහම හොඳා... මොකෝ..ඕව වෙනස් වුනා කියළ අපිට වෙන සෙතක් තියනවා ඈ....

      Delete
    2. හා හා බලාගෙන ඉඳපල්ලකො රාවණා නැගිට්ටාම බොට තේරේවි. බලා නොඉඳ දැන්ම අංගනාවක් හොයාගත්තොත් එහෙම අවුලක් වෙන එකක් නෑ.

      Delete
  3. හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොම හිතුන වෙලාවන් නැතුවම නෙවේ...

      Delete
  4. මචන් මේක ගැන කියන්න ඕන..
    ඔය ඉතිහසය වෙනස් කිරිම හෝ කරන්න හැදීම අපි විතරක් කරන්න හදපු ඩෙයක් නෙවේ..
    ලොකේ හිටපු සහ දැනට ඉන්න සමහර ජාතීන් විසින් කරන ලද හෝ වර්තමානයේදී ද කරමින් පවතිනා වූ දෙයක්.
    ඒක ගැන හොද හෝ නරක ගැන අදහස් දැක්වීමට දැනුම මදි මුත් යම්තාක් දුරකට පැහැදිලි කිරීමට හැකි වේ යැයි සිතමි.
    මචන් තමන්ගේ ජාතිය ආර්යය බව හිට්ලර් කිව්වා කියල අපිට හිතුනට එක් ලේසි දෙයක් නෙවේ මචන්.. ඒකට උන්ට හොදටම සාක්ෂි තිබුනා.උන් ඒ සාක්ෂි උන්ට ඕන විදියට හරව ගත්තා..
    මචන් උන්ට උන්ගේ අධ්‍යාපන්යෙන් දුන්නේ ඒ දැනුම විතරයි... උන්ට ඉගැන්නුවේ උන් ලෝකේ ඉන්න පිරිසිදු ජාතිය කියලා..(type කරන්න ගියාම එපා වෙනවා බං..කෙටියෙන් කියන්නම්...)
    උබ සිංහල ඉකොලෙකට ගිහින් පොඩි උන්ගෙන් අහපන් ලෝකේ හරිම ආගම මොකක්ද කියලා.....
    උන් කියයි බුද්ධාගම කියල... හැබැයි උබ හොදට දන්නවා බුද්ධාගම ගැන උන්නට තියන ඩ්ගැනුම කොතෙක්ද කියල..
    වැඩක් නේ මචන් උන්නට කිසි අවබොදයක් නේ...(මාත් හිතනවා බුදුදහම හරි කියලා..නමුත් ඒක නිවරදිව තේරුම් ගන්න නම් ආර්ය මාර්ගයට පිවිසෙන්න ඕන නේ...)

    කොහොම උනත් උබ දන්නවා නේද LTTE ගැන.. උන් පවා උන්ගේ එවුන්ට ඉගැන්නුවේ තමන්ගේ ජාතියට තම් දේශය නොලැබුන විදිය.. ඕවා ගැන විවෘත වෙන්නැ.. විෂේශයෙන් ඔය වගේ කරුනකට...
    උබ දන්නවද මචන්...
    ඔය වගේ දෙවල් නැති කරන්න ඕන පැහැදිලි හා ශක්තිමත් කරුනු වලින්ම තමයි..

    පිටිදූවගේ වැරදි අදහස පරදවන්න ඕන වගේ... නැතිව වෙන ක්‍රම නෑ...

    කොහොම නමුත් "වර්ගපූර්ණිකාව" හෙන සිරා .. cool බ්ලොග් 1ක්..
    no comment for content in their

    ReplyDelete
    Replies
    1. බොහොම වටිනා විග්‍රහයක්. සමාවෙන්න රිප්ලයි කරන්න වෙච්ච ප්‍රමාදයට.

      හිට්ලර් බිහි වුනේ හිට්ලර් සමාජගත කරපු මතයට එරෙහිව ප්‍රභල, සාධණීය හඩක් නැගුනේ නැති නිසා. මම හෙතුවාදියෙක් නෙමේ. හැබැයි ඇත්ත ඉතිහාසයක් ඔප්පු කරන්න අතිශයෝක්තියටත් එහා ගිය පට්ට පල් මිථ්‍යාව වපුරනවට මම විරුද්ධයි.

      බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් අපිට දුන්න දෛර්‍යයට.

      Delete
  5. වර්ගපූර්ණිකාව කරන්නෙ මේ මොහොතේ කළයුතුම දෙයක්, නැත්නම් මේ කෙළින පිස්සු කොහෙන් නතරවෙයිද කියන්න බෑ. අපිට ප්‍රාමාණික දැනුමක් නැති හින්දා ඒ එක්ක ගැටෙන්න බැරිවුනත් "හෝමියෝපති" ක්‍රමයට වර්ගපූර්ණිකාව ඒක කරනවා. දැන් ගැටළුව තියෙන්නෙ මේ සංවාදට්‍ය වඩාත් පුළුල්ව සමාජගත කරන්නෙ කොහොමද කියන එකයි.

    ReplyDelete
    Replies
    1. සමාජගත කරන්න කලින් අපිට බ්ලොග් ලෝකය ඇතුලෙම ඉන්න (මනසින්) නොදරුවන්ට මෙක කොටල පොවන්න වෙනවා.

      සමාවෙන්න රිප්ලයි එක පරක්කු උනාට.

      Delete
  6. වර්ගපුර්නිකාව කියන්නේ කාලින අවශ්‍යතාවයක් ඒත් එහි පලවන දේ බ්ලොග් එක බලන අයගෙන් 50 % ක් වත් තේරුම් ගන්නවද කියන එක නම් ගැටළුවක්. Gossip එකේ ජයේට තියෙන minus marks දැක්කම ඒක පැහැදිලියි නේද? ගොඩක් අයට ඒක joke site එකක් විතරයි. මේ වගේ ලිපි වලින් සැබෑ අරමුණ හැමෝටම පැහැදිලි කරන ඒක නම් ලොකු දෙයක්.
    UDANA

    ReplyDelete
    Replies
    1. ගොසිප් එකේ මයිනස් මාක්ස් ගැන මන් සැලෙන්නෙ නෑ, ඔවුන් කවදා හෝ මාව දැනගත්තාම ඔවුන්ට දෙපාරකට හිනා යාවි.
      1. වර්ගපූර්ණිකාව සැබෑ ලෙසම කියවීමෙන්
      2. තමන් මෙච්චර කාලයක් ‍රැවටිලා වල්ගෙ පාගගෙන සිටීම ගැන

      Delete
    2. කරනවා අගය
      ඔබ කරන මෙහෙය..
      එහි අවසන් ඵලය
      ගැන නම් බොහෝ සැකය!

      නොහැකි මිනිසුන්ට සිතන්නට
      වීඇත ඔබ මහා විහිළුවක්
      මිනිසුන්ට හැකි සිතන්නට
      නැත ඔබ කර යමක්!

      කපන්නාවූ වලට අනෙකුන්
      වැටෙන්නට පෙර මිනිසුන්
      කරන්නාවූ දේ ඔබ
      පතන්නෙමි වන්නට සපල!

      Delete
    3. @ උදාන - ස්තුතියි ඔබේ අදහසට. ඔබ හරි ලොකුම ප්‍රශ්ණය තමා උපහාසය තේරුම් ගැනීමට අපේ මිනිසුන්ට ඇති බලවත් නොහැකියාව.

      @ ආචාර්ය මීවනපළානේ ජයරත්න - ඔබ තුමා සෘජුව කියපු දේ සහ නොකියපු දේ යන දේආකාරයේ දේවල්ම තේරුම් ගන්න බැරි එවුන් පිරිසක් ඉන්නවා. ඒ අයට ඔබතුම කියන විදිහට හිනා යන්නවත් දවසක් එයිද කියන එකයි බය.

      @ SUN - ඔබේ අදහසට මම එකගයි. බොහෝ කරුණු සත්‍යයි. නමුත් වර්ගපූර්ණිකාව තුළින් හරවත් 'යමක්' සිදු වී ඇති බව මගේ පිළිගැනීමයි.

      Delete
  7. ඇනෝ දාන්න පුළුවන් නිසා කෙලින්ම මෙතන කතා කරන්නම්. මහාවංසයට දැන් ටික කාලෙක ඉඳන් පුදුම විදියට ගහන එක සමහරුන්ගේ පුරුද්දක් වෙල. මහාවංසයේ යම් පරස්පරතා මෙන්ම අඩුපාඩුත් තිබෙනව, නමුත් අප කළ යුත්තේ ඒක හැකි තාක් සංගතව අනෙකුත් ඉතිහාස සාධකත් එක්ක යොදා ගැනීමයි. ඉහත ලිපියේ දැක්වුව වගේ බුදුන් ලංකාවට තෙවරක් වැඩි බවටත්, කකුසඳ කෝණාගම ආදී බුදුවරුන්ද මෙටට පාදස්පර්ෂය කළ බවත්, කුවේණියට කපු කැටීමේ තාක්ෂණය තිබුණ බවටත්, මැණික් පු‍ටුව ගැනත් සාධක තියෙන්නේ මහාවංසයේ.

    වර්ගපූර්ණිකාව තාමත් 20% කට වත් හරියට තේරිල නැති බවයි මට හිතෙන්නෙ. මන් හිතන්නෙ කොමෙන්ට් හරහා ඔබතුමන්ල සෘජුවම කතා කළොත් ගොඩක් අය තේරුම් ගනීවි. වර්ගපූර්ණිකාවේ නියම රසාස්වාදය කොමෙන්ට් වලදී ලැබුණත් දැන් කළ යුත්තේ රසාස්වාදය පැත්තකට දාල කෙලින්ම කියන එක. මන්ද යත් බ්ලොග් අවකාශයේ බොහෝ දෙනාට ව්‍යංගාර්ථය කියන දේ තේරුම් ගැනීමට නොහැකියි.

    මං කවුද කියල දන්නවනෙ :)

    ReplyDelete
    Replies
    1. වර්ගපූර්ණිකාවේ ව්‍යංගයෙන් කියන දේ තේරුම්ගන්න බැරි පිරිසට කෙළිංම කිව්වාය කියලා වෙනසක් වෙන්නේ නෑ.අනික කෙළිං කතාකරන්ඩ ගියොත් නිකං ගෝරි දාගන්නවට වඩා ඔය විදිහට සමාජගත වෙන එක හොඳයි.

      Delete
    2. @ ඇනෝ - මම දැන ගතිමි...මම සැක කලෙමි...

      @ දිනුක - වෙනසක් නොවෙන කථාව භාගයක් හරි, භාගයක් වැරදි. තමන් ට ඇත්ත තේරුම් ගියපු බව සමහර අය මට ඊ මේල් කරපු ලිපි වලිනුත් පහළ අකු දාපු කමෙන්ට් එකෙනුත් පැහැදිලියි. හැබැයි සමහරු මම කියපු ඒවත් මී ජයා ගෙම ගිණුමට බැර කරල ආයෙත් බයිට් උනා.

      Delete
  8. වර්ගපුර්නිකාව කියන්නේ ඇත්තටම අද තිබිය යුතුම වූ බ්ලොග් එකක්. හිනා යන්න හිතාගෙන කියවන්න ආව පිරිස පවා අද බොහෝ විටම නියම මාර්ගය දැකලා තියනවා දැකීමම ප්‍රශස්ත කාරණයක්. වල්ගේ පාගාගෙන, නැට්ට හපාගෙන දඟලන අයට දැනෙන්නේ ටිකක් සැරෙන් නැට්ට පෑගුනාම නේ.

    ReplyDelete
    Replies
    1. තාමත් නැට්ට පෑගිච්ච එවුන් ටිකක් ඉන්නව බන්..මම නම් දැන් ඒවා දැක්කහම 'හුකෑස්' කියනවා.

      රිප්ලයි පරක්කු වුනාට සොරි මචෝ

      Delete
  9. මීමාමටත් බයිට්ලු මම. හා හාThe Modern Patriot..තුති සොයුරේ. මාත් මීමාම වගේම ආඛ්‍යානයක් හොයන ගමන් තමා මේ.මොනා උනත් මාත් රාවණ පැටියෙක්නෙ දැන්.අපිව බයිට් කරනව කියපු එක නම් බයිට් වීමක් තමා.රාවණ ආර එළි පිට හැමෝටම පීනන්න නම් බයිට් වෙන එක පෙන්නන්න ඔනෙ වේවි ලඟදීම. ඔන්න මම මගේ බයිට වහගත්ත :). මම එහෙම කිව්වෙ නොදැනුනු බොහෝ දෙනා වෙනුවෙන්.මොකද තරමක ප්‍රතිශතයක් මේකවිය නොහැකිද කියන තැන ඉදන් කතා කරනව මට ඇහුන.ඒ පිරිස අඩු තමා.හැමෝගෙම ඇස් පාදන්නත් බෑ තමා...ගූගොඩ නොකා නොඉන්න එක හොඳ නැති දෙයක් නොවන බව බල්ලට තේරෙන්න කලින් බල්ල ගූගොඩ කාගෙන යන ගතියක් දැනුන.මම දන්න බල්ලො දෙන්නෙක් තුන් දෙනෙක් කනවද නොකනවද කියල හිත හිත ඉන්නව. ඒක ලොකු ජයක් නන් තමා.තව ඒ වගේ කිහිප් දෙනෙක්වත් ඇති. හැමෝම ගොඩ දාන්න නං ඕන් නෑ.වැඩේ දිනුක කිව්ව වගේ ගෝරි දාගන්නවට වඩා නං දාහෙන් සම්පතයි.මීවනත් කොමෙන්ටුත් එකම පිලේ බව තේරීම රසේ අඩු කරනව වගේ දැනෙනව. මාවත් සංවාදයට සහභාගි කරගත්තට තුති.

    ReplyDelete
    Replies
    1. වර්ගපූර්ණිකාව ඇතුලේ මගේ වචන සැර වැඩිනම් සොරි මල්ලි. උඹවත් මේක තෙරුම් ගත්ත එක ලොකු දෙයක්. තැන්කියු කිව්වා මේ පැත්තේ ආවට.

      Delete
  10. මහාවන්සය මෙන්බ රාවනා කතාවද පිලිගත නොහැක.මහා වන්සයට ඔබ්බෙන් වෙන දෙයක් තිබෙන්නට ඇති නමුත් ලෝකයා ඉදිරියේ ආඩම්බරයෙන් සිටීමට වර්තමානයක් ගොඩ නගාගෙන නොමැති අපටට එවැනි ඉතිහාසයක් සෙවීම වැඩක් නොවෙතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඕයි, දෙමලු තමා මේකෙ මුල් පදිංචි කාරයො.

      Delete
    2. @ ඇනෝ (ජුලි 22) - මහාවංශයේ මෙන්ම රාවණා කථාද සහමුලින්ම බැහැර කළ ද නොහැක. ඉතිහාසය පසෙක ලා වර්තමානයක් ගොඩ නගා ගත් කිසිම ජාතියක් සතුව තිරසාර සංවර්ධණයක් නැත.

      කෙසේ වෙතත් ඔබේ අදහසට ගරු කරමි. ස්තුතිවන්ත වෙමි.

      @ ඇනෝ (ජුලි 30) - දමිළ ලෙස ගත් කළ උතුරේ දමිළ ජනයාට දකුණේ සිංහළ ජනයා තරමටම ඈතට දිව යන ඉතිහාසයක් ඇත. ඒ අර්ථයෙන් ගත් කල ඔවුන් ද මෙහි මුල් පදිංචි කරුවන් පිරිසක් බව තරයේ අදහමි. එසේම මම දමිළ සහ සිංහළ අන්තවාදයට වෛර කරමි.

      Delete
  11. අලුත් අලුත් දෑ හදන්නේ නැති ජාතිය..... !!!!!!!!

    ReplyDelete
    Replies
    1. ලොව නොනගින අතර, අතීතය අමතක කරණ ජාතිය නැග්ග වේගෙන්ම බැස යයි.

      Delete
  12. මහානාම හිමියො ඇත්තටම මොකටද මහාවංශෙ ලිව්වෙ. මේ ගැනත් කතා කලා නම් හොදයි වගේ.

    ReplyDelete
    Replies
    1. නියම මාවතක්...යම්කිසි බ්ලොගයක් හරහා විවෘත වන්නේ නම් ආශාවෙන් සංවාදයට එකතු වෙමි.

      Delete
  13. ආචාර්ය(යයි කියන) මීවනපලානේ ජයරත්නට,(මම මේ ටික වර්ගපූර්ණිකාවෙත් දැම්මා.ඒත් පල‍ වෙයිද නැද්ද දන්නෑ)
    මේ බිලොග් එක දැක්කම මටත් කමෙන්ට් කරන්න හිතුනා.රාවන කියන්නෙ අපි වගේම මේ ලංකාපුරයේ හිටපු කෙනෙක්.ඉතින් ඒ වගේ මේ රටේම කෙනෙක් මේ විදිහට උප‍හාසයට ලක් කරනවා කියන්නේ තමන්ගේ පවුලේ කෙනෙක් උප‍හාසයට ලක් කරනවා වගේ තමයි.අනෙක් පැත්තෙන් බැලුවම එහෙම උප‍හාසයට ලක් කරන කොට මේ රටත් එක්කයි උප‍හාසයට ලක්වෙන්නෙ.ඒක තමන්ගෙ ‍අම්මව අප‍හාසයට,උප‍හාසයට ලක් කරනවා වගේ වැඩක්.‍රාවණ හොඳ උනත් නරක උනත් අපේ රටේ හිටපු ර‍ජෙක්.එයාගෙ නරක ගතිගුණ වගේම හොඳ ගතිගුණත් තියෙන්න ඇති.ඒවගේම රාමගෙත් හොඳ ගතිගුණ වගේම නරක ගතිගුණත් තියෙන්න ඇති.ඒත් ඉන්දියානුවෝ රාමගේ නරක ගතිගැන කියන්නෙ නෑ.හොඳ ගති ගැන කියලා රාම ගැන ආඩම්බර වෙනවා.‍අපිත් ඉන්දියානුවන්ගේ කීම අහලා ලාංකිකයෙක් උනු රාවණට අප‍හාස,උප‍හාස කර කර ඉන්දියානුවෙක් උනු රාම ගැන ආඩම්බර වෙනවා.ඒකද අපි කරන්න ඕන දේ.ඇයි අප‍ට බැරි රාවණට තිබුණු හොඳ ගතිගුණ ගැන හිතලා රාවණ ගැන ආඩම්බර වෙන්න. අපේ ඉතිහාසය ගැන දැනගන්න අපිත් කැමතියි.ඒ ඉතිහාසය දියුණු උනත් නොදියුණු උනත් කරුණාකර ඒ ඉතිහාසයට ගරහන්න එපා.උප‍හාසයට ලක් කරන්න එපා.මොකද ඒක ඔයාගෙත් ඉතිහාසය නිසා.ඔයා ඉතිහාසය විකෘති කරන අය‍ උප‍හාසයට ලක් කරනවා කියලා කරන්නේ අපේ හෙල ඉතිහාසය උප‍හාසයට ලක් කිරීමක්.ඔයාට ඒ අයට පිළිතුරු දෙන්න ඕන නම් මේ වගේ වැඩ නොකර එයාලගේ තර්කයන් බිඳින්න පුලුවන් සාක්ෂි ඍජුව ඉදිරිපත් කරන්න.ඒවගේම මේකෙ දාපු ගොඩක් කමෙන්ට් කි‍යවනකොටත් කණගාටුවක් දැනෙන්නෙ.අපේ රට මේ විදිහට පිරිහෙන්නත් හේතුව ඔයා වගේ තමන්ගේ ඉතිහාසය අප‍හාසයට,උප‍හාසයට ලක් කරන අය නිසා කියලයි මට නම් හිතෙන්නෙ.සමහර විට ඒක ඔයාට තියෙන මානසික රෝගයක් නිසා වෙන්න පුලුවන්.ඒකට විසඳුම මේ වගේ බ්ලොග් ලියන එක නෙමෙයි.ඒකෙන් වෙන්නෙ ඔය ලෙඩේ තව අයට බෝ වෙන එක.ඒක නිසා කරුණාකර ඔය ලෙඩේට ඉක්මනට බෙහෙත් ගන්න නැත්නම් තව අයට බෝ නොකර ඉන්න ඒකත් රටට කරන සේවයක්.- ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. සහෝදරයා...මම මී ජයා නොවේ. ඒත් මම මි ජයාව කියවන විදිහ මෙහෙමයි.

      මී ජයා රාවණා ට නෙලන්නේ නැත. ඔහුට ඒ සදහා උවමනාවක්ද නැත. ඔහු නෙලන්නේ රාවණා නම විකුණමින් පට්ට කෙබර ඇද බාන බඩගෝස්තරවාදීන්ටය. තම පැවතම සදහා රාවණා රජු වේශ්‍යාවක් කළ 'ඊනියා' රාවණාවාදින්ටය.

      මේ හේතුවෙන් ගත් කළ, 'සැබෑ' රාවණාවාදීන් සත්‍ය වශයෙන්ම මී ජයාට ණය ගැතිය.

      ඔබගේ අදහසට ගරු කරමි. ස්තුතියි!

      Delete
  14. ඉන්ද්‍රජිත්August 19, 2012 at 11:05 AM

    ගොඩක් පහුවෙලා මේකට අවේ. අන්තිමට කමෙන්ට් කරපු ඇනෝ මොඩම මෝඩ කතාවක් කියලා තියෙනවා දැකලා කතා නොකර බැරිවුනා.

    1. "ඉතිහාසය විකෘති කරන අය උපහාසයට ලක් කිරීම කියන්නේ ඉතිහාසය උපහාසයට ලක් කිරීමක් !"
    මේක හරියට 'අම්මට අපහාස කරපු එකාට ගහනවා කියන්නේ අම්මට ගැහීමක්..' කිව්වා වගේම කතාවක්. කියන එකාගේ මොලේ වයර් මාරුවීම මේකෙන් ඉන්ඩිකේට් වෙන නිසා මීට වෙනම පිළිතුරු බැඳීම අවශ්‍ය නැතැයි සිතමි.

    2. "...ඔයාට ඒ අයට පිළිතුරු දෙන්න ඕන නම් මේ වගේ වැඩ නොකර එයාලගේ තර්කයන් බිඳින්න පුලුවන් සාක්ෂි ඍජුව ඉදිරිපත් කරන්න"
    පිළිතුරු දෙන්න මොනවද 'ඒ අය' ඉදිරිපත් කරන ශාස්ත්‍රීය තර්ක? එක්කෙනෙක් හැමදාම කියාගෙන යන්නේ එයා විතරක් කියවපු 'රාවනා කතා' කියලා පුස්කොල පොතක් ගැන. (එකේ සේරම තියෙනවා, ඒ නිසා අපි පිළිගන්න ඕන.) ඒක පිළිතුරු බැඳිය යුතු ශාස්ත්‍රීය තර්කයක්ද? අපේ රටේ නිදන් වදුලු, බොරු කේන්දර විතරක් නෙවෙයි 'ගජබින්නාලන්කාරය' සහ 'මහාබින්නාලන්කාරය' කියල විහිලුවටම ගොතාපු පුස්කොල ලේඛනත් තියෙනවා.
    අනෙක් එක්කෙනා තනිකරම ලියන්නේ අතේ රෝල්. ඒවාටත් තර්කානුකූලව පිළිතුරු බඳින්න බැහැ. මොකද ප්‍රති තර්කයක් පටන්ගන්න නම් මුලින්ම තර්කයක් තියෙන්න වෙනවානේ.. 'අසවල් කන්ද එතනට ආවේ රාවනා ඒක ගෙනත් තියපු නිසා' කියලා කවුරුහරි කියනකොට ඒකට විරුද්ධව සාක්ෂි ඉදිරිපත් කරන්නේ කොහොමද? ඒවා බැහැරකළ යුත්තේ අවඥාවේ කෙවිටි කොනින් මිස සාක්ෂි විභාගයකින් නොවේ.

    හෙළ ඉතිහාසය විකෘති කරන උන්ට හිනාවුණා පළමුවැන්නා මීජයා නොවේ. 1955 දී පළමු මුද්‍රණය පිට වුන කේ. ජයතිලකයන්ගේ 'පුනරුත්පත්තිය' කෙටිකතා පොතේ තියෙනවා 'අහුමුලුව' ලියලා කතාවක්. ඒක කියවලා බලන්නකෝ. හෙළය ඔලුව උඩ තියාගෙන මෝඩ ආතල් ගන්න උන්ට අදටත් හිනාවෙන්න ඒක නියමයි. ඉතිහාසය කියලා එකක් තියෙන්නේ එක එක පිස්සන්ට ස්වයන්වින්දනයට වස්තු සැපයීමට නෙවෙයි.
    අදහස් දැක්වීමේ නිදහසට ගරුකිරීමක් ලෙස වුනත් කිසිදු ප්‍රමිතියකට නැති මේ වගේ පිස්සු කතාවලටත් ඉඩදීමෙන් බ්ලොග් එකේ කොලිටිය බහිනවා කියලයි මට හිතෙන්නේ. එත් ඉතින් එක උඹේ කැමැත්තනේ ..

    ReplyDelete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.