Showing posts with label හෙළය. Show all posts
Showing posts with label හෙළය. Show all posts

Wednesday, July 2, 2014

'ලැට් වල' යනු ධනාත්මක තැනකි ( සුරපුරෙහි ධනාත්මක පැතිකඩ )

ඡායරූපය http://in.reuters.com වෙබ් අඩවියෙනි
අපි මොනවා කිව්වත් මේ ආණ්ඩුව තරම් ජනතාවට ඉතා සුබවාදී ආදර්ශ දුන්න තවත් රජයක් නැති තරම්.

කාලයක් අධිකරණය කියන වචනේ දැක්කහමත් වරදක් කළ නොකළ සියළු දෙනාම සීරුවෙන් හිටගත්තා. අධිකරණයේ තීන්දු ගැන අපහාසාත්මකව කතා කළා කියලා අපේ රටේ ප්‍රසිද්ධ ඌරෙක් හිරේ ගියා. අධිකරණට අහිතක් වෙන වචනයක්වත් මාධ්‍ය වලින් වගේම කට වචනයෙන්වත් පිටවුනේ නෑ. අපි එච්චරම බයෙන් හිටියේ. අධිකරණය උතුම් කියලත් කවුදෝ කොහේදෝ කියලා තිබුණා.

ඒත් අධිකරණයේ ඉහළම තනතුරේ හිටපු ඇත්තිට බේබි නෝනා, හෙර, වංචාකාරී වගේ නම්බුනාම ප්‍රසිද්ධියේම කියලා, නින්දා කරලා පන්න ගන්න මේ ආණ්ඩුව පුදුමාකර උනන්දුවකින් ක්‍රියා කළා. අන්තිමේදී අධිකරණයටත් වඩා දියවන්නාවේ සත්තුවත්ත උතුම් කියලත් තීන්දුව දුන්නා. ලංකාවේ ඉන්න වලත්ත, හොර, තක්කඩි, මැරයෝ ඔක්කොම ඉන්න තැනටත් වඩා අධිකරණය පහළ වැටුනා කියලා දැනගත්තහම පුදුමාකාර සැහැල්ලුවක් දැනුනේ. දැන් ඉතිං හිතුමතේ අධිකරණයේ බලු තීන්දු ගැන  (බල්ලන් ගැන තීන්දු හොදේ) විවේචනය කරන්න ඇහැකි. අපි ගැන නොහිතන ආණ්ඩුවක් වුනා නම් මෙහෙම කරයිද?


ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ ඕනෑම වරදක් දුටු තැන අවම බලය පාවිච්චි කරලා ස්වර්ගමෝක්ෂ සම්පත්තිය බලන්න ෆ්‍රී ටිකට් අරන් දෙන උතුම් ආයතනයක්. වලහෙකුට ගුටි දීලා ඌ හාවෙක් බවට පාපොච්චාරණය කරවන්න පුළුවන් තරම් හැකියාවක් තියන ස්ථානයක්. එහෙව් පොලිසියේ ට්‍රැෆික් මහත්තයෙක් (ඔව් ඔව් අර වංගුවල ගස් මාරු සෙල්ලම් කරන, ඉනවටේ බදින එක කරවටේ දාගෙන ඉන්න අය තමා) එහෙම දැක්කහම අපේ ඩ්‍රැයිවර් උන්දැලගේ කකුල් දෙකම බ්‍රේක් එක උඩ නැගෙනවා. දස සිල් ගත්ත ඒබරං ආතා වගේ කොන්ද කෙලින් වෙනවා. සීට් බෙල්ට් ඉන වටේ එතෙනවා. සීට් එකේ මුත්‍රා නොයන ටික විතරයි.

මෙච්චර කල් එහෙම තිබ්බ පොලිසිය ගැන දැන් අපිට බය වෙන්න දෙයක් නෑ. දැන් ට්‍රැෆික් කොස්සෙක් හරි සාජෙක් හරි දැක්කහම (ඔන්න දැන්ම මහත්තයා කෑල්ල හැලුවා) සත  විසිපහකට ගණං ගන්න එපා. පුළුවන්නම් සීට් එකෙන් නැගිටල (ගරු කරන්න නෙමේ හොදේ) හීනියට අධෝමුඛයට ප්‍රාශ්වාස කරන්නත් ඉඩ දෙතැහැකි. ගෙම්බර් පාට් එකක් දැම්මොත්, දඩ කොළයක් එහෙම දික් කාලොත් සුද්ධ සිංහලෙන්ම උගේ උභය කුළයම පාරිශුද්ධ කරතැහැකි. ඒ විතරක් නම් මදෑ..උගේ ගෙවල් දොරවල් ඔක්කොම කුඩු සංසාර් වෙන්න ගිනි තිබ්බැහැකි. බල්ලෙක් වගේ රස්සාවෙන් දොට්ට දැම්මැහැකි. දැන් ඉතිං උන්ට බයේ නිකං පීචං වෙන්න ඕන නෑ. ජනතාවට හිතැති ආණ්ඩුවක් නොවුනනම් මෙහෙම තත්වයක් ඇති කරයිද?


අපිටත් ඕන වෙලා තිබ්බේ තජුහීද් ජමාත්, බොදු බලා සේනා වගේ තහනම් කරන්න තරම් කොන්දක් තියන මේ වගේ ආණ්ඩුවක්! (හෑ....එහෙම වුනේ නැද්ද තාම?)


සුබ අනාගතයක් !!!

(ඊයේ ලියපු එකක් නොදාන්නත් හිතලා, මාතලන් මාමා බුකියේ දාපු හෑල්ලක් දැකලා දාන්නම හිතුවේ. මෙන්න තැන්කියු එක මාතලන් මාමේ)

Friday, March 1, 2013

පෑගෙන්න කලින් රස බලන්න....(නූතන අසූචියේ පූර්වකථනය)



මුලදිම කියන්නම්, මේක ඊක්කා කතාවක්. ඔක්කාරෙට එන අය, මනෝ රූප ඉක්මනින් මැවෙන අය මෙතනින්ම කැපෙන්න. නැවත හමුවෙමු. බා...යි....

මෙන්න බා..යි....එක පැන්න ඔහෙලට කියන දේ...මේ ඊක්කා කතාව මම ගොතපු එකක් නෙමේ. කොහොමත් මං කියල ඔහොම ඈක්කා කතා ලියන එකෙක් ඈ.. අනාදිමත් කාලයක ඉදල හෙළයේ ජනවහරේ එන කතාවක්. මම කිව්ව කියල වෙනසක් නෑ. ඒත් වෙනස තමා මේකේ අද තියන, සමහර විට අදටත් වඩා හෙට තියන වලංගුබව. කොටින්ම අහවල් එක කන්නේ දැන්.

මෙන්න වැඩේ...

අපේ ගමේ හිටියා පට්ට ෆිට් පොරවල් දෙකක්. ඕනම අඩව්වකට එකට සෙට් වෙන්නේ. හලාල් වෙන්නෙත් එකට. (හලාල් යන්නෙහි සිංහල තේරුම 'අනුමත' යන්න බව මෛත්‍රියෙන් සලකන්න). මුන් දෙන්නගේ ගෙවල් තිබ්බේ එක ළග. කොටින්ම ළග ගෙදර සිවාට දුවන්න දෙන කොටත් මුන් දෙන්නා හුරේ දැම්මේ එකට.

මුන්ගෙන් එකෙක් වෙන ගමක ඉදල කාලෙකට කලින් මේ ගමට ආපු එකෙක්, මූ කිව්වට මූම නෙමේ, මුගේ සීයා තමා මෙහෙ ඇවිත් අනිත් එකාගේ ආච්චිගේ නංගිට ලයින් දාල අල්ලගත්තේ. මුගේ සීයා වෙලෙන්දා, හරි සල්ලිකාරයලු. පට්ට තොප්පි පාරක් ගමට බැස්සුවෙත්, පික්ෂු හැදෙන රැවුල් කට් එකක් මාකට් කලෙත් පොරලු.

මූ...අරූ...කිව්වට නම් කිව්වේ නෑනේ...කමක් නෑ.. ඕනේ නෑ..දිගටම මූ...අරූ...කියලම ගමු.

අරූ හිතා ඉන්නේ ඌ පට්ට වැඩ්ඩ කියල. නිකං බොරු මොකෝ මාත් වැඩිය කැමති ඌ වැඩ්ඩ කියල පිළිගන්න. අරූ ගමේ එකා කියල පොර ටෝක් දුන්නට ඌ දන්නැති, සද බැබලෙන සීන් කෝන් එක තමා පොරගේ සීයත්, සීයාගේ සියා එක්ක කොක්කක් දාගෙන මේ බජාර් එකට බැස්ස එකෙක් බව.

හරි දොරේ..මෙන්න ඔරිම..ජිනල් සීන් එක, ෂේප් එකයි පාරයි දාල කියන්නේ දැන් තමා..තොරණේ විස්තරේට කලින් පිං විකුණන එක අපේ සිරිත නොවැ.

අල වගේද ගෝවා.

මූ යනව දවසක් අරූ එක්ක හලාල් වෙන්න. මොනවද සීල් නෙමේ දොරේ..ගමේ එව්වා. අරූ තමා කිව්වේ ගන්න අපේ දේ කියල, වෙලේ සුදාගේ කස්ටා පොට් එකට සප් එකක් දෙමු කියල. 

'අම්ම ගහයි බැට් එකෙන්..මෙන්න පාර මැද්දේ 'ගොම් බෙට්ටක්' (ඈක්කා.....හ්) මූ කිව්වා...

'පල ඩෝහ් යන්න මේ ගොම් බෙට්ටක් නෙමේ..මේ මඩ තලියක්' අරූ කිව්වා...

'පික්ෂු පීකුදු...කිව්වලු..උඹට මෝල්ද ඩෝහ්...මේ ගොම් බෙට්ටක්' මූ ආයෙත් කිව්වා.

'අනේ උඹේ දන්න ආච්චිගේ ක්ලොත් එක, මේ මඩ තලියක් ඩෝ...බොරුනම් බලමුද පොඩ්ඩක් දිවේ ගාලා' අරූ කිව්වා...

'හරී....ම්ම්....ම්ම්ම්ම්.....මේ නම් ගොම් බෙට්ටක්...මට පට්ට ෂුවර්, උඹත් කාල බලපං' මූ කිව්වා...

'ම්ම්ම්.....ම්ම්ම්ම්ම්..පල පල ...මේ මඩ තලියක්' අරූ තෙපර බෑවා...

මූ - 'අහ්...ආයෙත් ටිකක් කාල බලමු....ම්ම්ම්... මේ ගොම් බෙට්ටක් බොල'

අරූ තව ටිකක් කාල - 'නෑ...නෑ....මේ මඩ තලියක්'

මූ තව ටිකක් කාල - 'මට ෂුවර් මේ ගොම් බෙට්ටක්'

හුටා දැන් ගොම් බෙට්ටක්, හරි මඩ තලියක් හරි වේවා..මේ බෙට්ට ඉවර වෙන්න ළගයි. අන්තිම ටික තියෙන්නේ. මුන් දෙන්නගේ කටවල් වලින් එන අජූත ගද එක්ක ගත්තහම, සුදාගේ වෙල් ෆැන්ටා තව හොදා...

මොනව කොරන්නද, අවුල චකබ්ලාස් කරන්නත් ඕන නිසා අරූ අන්තිම ටිකත් හූරගෙන කෑවා...

මොනව්ද බලමු අරූ කියන්නේ දැන්...

'අඩ්ඩඩ්ඩා...දැන්නේ ඩෝ තේරුණේ මේ ගොම් බෙට්ටක්වත්, මඩ තලියක්වත් නෙමේ.....මේ බලු බෙට්ටක්' (ඊ...ක්කා....ද?)

හරි දැන් බලමු මූ කොහොමද වර්ඩින් දෙන්න කියල...

'මටත් මුල ඉදල ටිකක් සැකේ තිබ්බා ඩෝ...ඒත් කමක් නෑ හොද වෙලාවට උඹට තේරුණේ දැන්...තව ටිකෙන් අපි දෙන්නට පෑගෙනවා ඕක, දැන් අවුලක් නෑ' (ම්ම්මාහ්හ්හ් - කිස් එකකි)

හරි...චැප්ටර් ක්ලෝස්... දැන් පලයව් යන්න....

ඇ....මොකක්ද...කවුද මුං..කියල ඇහුවද?

ආ නම් කිව්වේ නෑනේ නේද...
මුගේ නම - මොහමඩ්
අරූගේ නම - ධර්මපාල

තාම තේරුණේ නැත්ද ...ඉතිං මට මොකෝ...


හැබැයි ටක්කෙටම කියන්නම් උඹලට තේරෙන දවස ගැන..

දවසක් 'පොරක්' ඔය බලු බෙටි අනුභවය කරලා බඩේ රුදාවට පුක විකාගෙන ඉන්න අරූ ගාවටයි මූ ගාවටයි ඇවිත්, කටිනුයි පුකෙනුයි ලේ යන්නම බඩ විරේකයක් දෙයි. දීලා කියයි ලෙඩේ කම්මුතුයි කියල. එදාට හුරේ දාපං..කියපං ඌ තමා අප බේරාගත් වීරයා කියල. ආයෙත් බලු බෙට්ටක් කනකං, දැවිල්ල යන්නත් එක්ක ඌට පුක පූජා කරපං.

ඌ නාවත් ඔය ගද පුක කොල්ලකන්න, ගගෙන් එහා ගමේ බැරැක්ක මාමා නෑවිදින් අරින එකක් නෑ.

එදාට ගහපල්ලා අත්පුඩි...තාලේ අමතකනම් මෙන්න.

''එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා''


ප.ලි. කමෙන්ට් කීපයක් කියවගෙන යද්දී හිතුනා පෝස්ට් එක බර වැඩිද කියල. ඒක නිසා කියන්න පුළුවන් අමුම අමුවෙන් නොවුනත් පෝස්ට් එකට හානියක් නොවෙන්න මෙහෙම කියන්නම්.

මොහමඩ්, ධර්මපාල, සිවා....මේ හැමෝම දන්නවා උං මේ කන්නේ ජරාව කියල. හැබයි උං හිතා ඉන්නේ මේක ගොම් බෙටි, මඩ වගේ 'අහිංසක ජරාවක්' කියල. මේ 'අහිංසක ජරාව' කෑවගෙන් පස්සේ එන ප්‍රථිපලේ පුංචි බඩේ රුදාවක් බව දන්න මුං, ඒකට භය වෙන්නේ නෑ. දිගටම කනවා. ඒත් ගමටම පෙන්නන්නේ හැම ජරාවක්ම ඈ..ක්කා...කියල. කොටින්ම පාගන්නවත් හිරිකිතයි කියල.

ඒත් මුං නොදැන හෝ දැනගෙන කන්නේ 'අහිංසක ජරාව' නෙමේ, බලු බෙට්ටක්. ගිය සැරේ බලු බෙට්ටක් කාලා ඇතිවුණ බඩේ රුදාව මාමා ඇවිත් ලේ බඩ යන්න නන්දිකඩාල් හොස්පිටල් එකේදී බෙහෙත් දීලා ගොඩ දැම්මා. ඒත් මේ සැරේ.....මාමටත් බැරි වෙයි ගොඩ දාන්න....කෝකටත පරිස්සමෙන්...

අනේ මන්ද මීට වඩා කොහොම කියන්නද කියල. අමුවෙන්ම කියන්න මට නම් අම්මප හිරිකිතයි...

Sunday, February 10, 2013

සාරභූමිය (දේශපාලනාර්ථයෙන් ඔබ්බට දේශමාමකත්වය)




ජීවිතය යනු බ්ලොග් අඩවියකට තරම් නොවෙන සංකීර්ණ මාතෘකාවකි. එහෙත් එම සංකීර්ණ ජීවිතයේ අප නොපතන, නොසිතන අත්දැකීම් වලට අප මුහුණ දෙන්නේ නොදන්නා මොහොතකය. ජීවිතයම වෙනස් නොවූවද අහඹු අත්දැකීම් නිසා අප ජීවිත තුළ සිදුවන සුළු යැයි අප සිතන වෙනස්කම්, තව දුරටත් ලඝු කළ නොහැකි අවස්ථා අපට කොතෙකුත් අත්දැකීමට සිදුවනු ඇත. එවැනි වෙනස්කමකට භාජනය වීමි. මහ පොළව මත ජීවත් වන බව කොතෙක් පාරම් බෑවද අප ජීවත් වන්නේ ඒ සරු පස මත නොවන බව, ඒ සරු සාහිත්‍ය තුළ නොවන බව අපට පසක් වන්නට පටන් ගෙන ඇත. මා ඇමෙරිකානු ජාතික ලේඛිකා පර්ල් එස්. බක්ගේ, The Good Earth නව කථාවට අසීමිත ලෙස  පෙම් බදිමි. ඒ වාංලූන් කෙරෙහි  උපන් ඊර්ෂ්‍යාව මැඩ පවත්වා ගනිමිනි. ඔහු ඊර්ෂ්‍යා හිතෙන තරම් භූමියට පෙම් බදියි. නමුත් ජීවිතය දෙස බලන කෝණය වෙනස්වන්නට ආසන්නතම හේතුව වූයේ එය නොවේ. එය කෙනෙකුට එළි වන්නත් තවත් කෙනෙකුට එළි නොවන්නත් පුළුවන. එබැවින් ඔබ අපේක්ෂා භංගත්වයට පත් කරන්නට මා බලාපොරොත්තු නොවෙමි. එය මා නොපවසමි.

දිගු නිහැඩියාවකින් පසු අකුරු කරන්නට තැත් කරන්නේ ඔබ මාගෙන කිසිසේත් බලාපොරොත්තු නොවූ මාතෘකාවකි. මේ කෙටි ලිපිය හා සබැදි ලිපි කිහිපයක් ඉදිරියේදී අතරින් පතර ඔබට මුණ ගැහෙනු ඇත. ඒ ලිපි සියල්ල ඔබ බොහෝ දෙනාට, දේශපාලනාර්තයෙන් ඔබ්බට ගිය උතුම් වූ මාතෘභූමිය පිළිබද හැගීමක් ජනිත කෙරේවා යනු මගේ ප්‍රාර්ථනයයි.

මෙය දිගු කාලින පර්යේෂණයක එක් ප්‍රථිපලයකි.




කොබ්බෑ කොසොඹ දැති...කටු පිල නික දෙමට දැති...
ඉන් දැති පසක් ගෙන...ගොවියෝද වැඩ කරති...
ගවයෝද වැඩ කරති...දෙවියෝ ද රැක වරති...
මිහිකත වරම් ගෙන ...සැම දෙවි සරණ ලැබගෙන...
කොළ මඩින මේ කමත...සරු බැතෙන් පුරවමින...
මෙදා වර අස්වැන්න...සරු වෙන්න වර දෙන්න...
බත හදන බැත හැලුණ...පිදුරු ඉවතට ලන්න...
පිට කමත් කර ලන්න...වරම අප හට දෙන්න...



මගේ ගමේ ගොයි මහත්තුරු තමන්ගේ මේ කන්නේ අස්වැන්න කොළ මැඩීම කොරන අතරතුරේ කරන ගොයිකමකි ඔය. යාදින්නාවක් ස්වරයෙන් කියන මේ හෑල්ල අවසන 'වරම අප හට දෙන්න' යැයි ප්‍රධාන ගොයි ඇත්තං කියන විට සෙස්සෝ 'ආචීස් හබේස්' හඩගා කියනා වගා මා දැන ගත්තේ වයස අනූවටත් කිට්ටුකොට සිටින ගමේ පැරණි ගොයි සීයා කෙනෙකුන්ගෙනි. ඒත් එහි තේරුම පහදන්නට සීයාටද බැරි විය.

කොළ මැඩීමේදී, වට කැඩීමට හිමි වන තැන සුවිශේෂීය. මේ වෙනුවෙන් ගමේ ඉන්නා වැඩිහිටි නමුත් හයි හක්තිය ඇති කාර්‍යශූර ගොවියන් කිහිප දෙනෙක් එකතු වීම මගේ ගමේ සම්ප්‍රදාය වී ඇත. දෙදෙනෙකු වට කඩන තෙක්, හලා බෑම අවසන් කළ උදවිය මැඩුවන් ගොඩකට පිටදී සීපදයක් කියමින් මහ මැඩුවම තෙක් කල් මැරීම මේ උද්යෝගය බිදකුදු අඩු කරන්නට හේතු නොවිණි. කවුරු විවේක ගත්තද අම්බරුවන් දැක්කීම නම් නොනවත්වා සිදු වේ.


බටපොතු පෙට්ටියක් හිසේ දරාගෙන එන ගොයි හාමිනේට හුළු අත්තෙන් මහ එළි කරන්න බොහෝවිට උදව් වන්නේ පවුලේම ගැටිස්සියෙකි. ඇඹුල රැගෙන එන ගොයි හාමිනේ කමත්වාසීන්ගේ නෙතට රස දසුනක් බව මා කිය යුතු නොවේ.


කළයක් ගෙන අසළ ලිදකින් ගගුල පුරාවාගෙන ඒම බොහෝ විට සිදු වන්න කොලු ගැටයෙක්ගේ අතිනි. කොටසක් කොටා බෑමට නිදහස් වුවද තව කොටහක් දිගටම මැඩුවම කරගෙන යන්නේ පුදුම හිතෙනසුළු ජවයකිනි. බැත ගොඩ ගැසීම නම් බොහෝ විට භාරගන්නේ ප්‍රධාන ගොවිතැන විසින්මය. කොටා බෑම අවසන් කළ කොටස හැන්දෑවට පැගිරි භෝග ඒදනවා නම් ඊට කාලවේලා නොගන්නේ තවමත් මැඩුවම කරන ගොයි උදවියට කොටා බෑමට ඉඩදිය යුතු නිසාය.


කමත් චාරිත්‍ර වල විශේෂත්වය වන්නේ ඒ සදහා ස්ත්‍රී පාර්ෂවයේ සහභාගීත්වය ඇඹුල සැකසීමට පමණක් බොහෝ විට සීමා වීම නිසාය. කොටින්ම බෝලත්ත ගෙන බෝල තිබීමේ සිට, යතුර ගෙන යතුරු බෑම වැනි කාරියක්ද, පාවර කෑ බැත ඉවත් කිරීම වැනි වෙහෙසකර නොවන වැඩක් පවා කෙරෙන්නේ පුරුෂ පාර්ශවයේ මහන්සියෙනි.


දැන් කාලයේ මෙන් බිම් සකස් කිරීමේ සිට වී ටික ගෙට ගන්නා තෙක් සියළු ගොවිතැන් කටයුතු යන්ත්‍ර සූත්‍රවලට පවරා නොතිබූ පුරාතන යුගයේ වී ගොවිතැන කෙරී ඇත්තේ චිරාගත සම්ප්‍රදායානුකූලව, පාරම්පරික සිරිත් වීරිත් අනුගමනය කරමින්, ගරු සරු පෙරදැරි භක්තියකිනි.

විශේෂයෙන් කොළ මැඩීමේදී (ගොයම් පෑගීමේදී) වඩාත් සුවිශේෂී වත් පිළිවෙත් චාරිත්‍ර විධි අනුගමනය කර ඇත. කමතේදී කතා කර ඇත්තේද වෙනම භාෂාවකි. උපයෝගී කරගන්නා බඩු බාහිරාදියද හදුන්වා ඇත්තේ ඒවාට ගැමි වහරේ භාවිතාවන සාමාන්‍ය නමින් නොව වෙනත් නම් වලිනි. එකල මෙන්ම මෙකලද බහුලව භාවිතාවන 'යකෝ' යන වදනත් 'හූ' කීමත් කමතේදී සපුරා තහනම් වූ බව දැන ගන්නට ලැබිණි.

මේ ලිපිය පුරා භාවිතා කරන ලද කමත් භාෂාවේ එන වචන බොහොමයක් බ්ලොග් ලියන, කියවන බොහොමයක් නොදන්නා බව දනිමි. එය අතිශයින් සාධාරණ වන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය තුල එවැන්නක් දැන ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථා අවම වීමයි. වුවමනාවෙන්ම හොයා බැලීමට ප්‍රථම මේ වචන මා දන්නා භාෂාව අසලකවත් නොතිබිණි. එහෙයින් ඉහත සදහන් නුපුරුදු වචන වල තේරුම සොයා මෙහි කමෙන්ටුවක් ලෙස පල කිරීමට ආරධනා කරමි. කෙසේ වෙත්ත දින දෙකකට පසු ඒවායේ තේරුම් ඔබ වෙත පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි.

දිවයිනේ වෙනත් පලාත්වල වෙනත් වචන, වෙනස් සිරිත් විරිත් පවතින්නට, පැවතී තිබෙන්නට හැක. එසේම මා නොදන්නා බොහොමයක් කමත් වචන ඔබ සමහරක් දන්නා බවද විශ්වාසය. එම නිසා ඔබේ වටිනා අදහස් හරහා එම දැනුම සයිබර් පාඨකයන් සමග බෙදා ගන්නා ලෙස ඇරයුම් කර සිටිමි.


ආයු බොහෝ වේවා!



Wednesday, July 18, 2012

සැබෑ උරුමය සහ අන්තවාදය

නැවත නැවතත් කථා කිරීමට ආශාවක් නොවූවද, පහුගිය සතියක චතුෂ තුෂර කුමාර නොහොත් සුප්‍රසිද්ධ 'මාරයා' විසින් පළ කරණ ලද අදහස් කිහිපයක් වෙනත් සහෘදයෙකු මතක් කිරීමත්, හිතවත් රාමා විසින් මේ සම්බන්ධව ඉදිරිපත් කරණ ලද ලිපියකට පිළිතුරු දීමේදී මෙහි බරපතල ප්‍රථිවිපාකයන් වටහා ගැනීමත් මා පහත ලිපිය පළ කිරීමට හේතු වූ ආසන්නතම කරුණු වේ.




‎'මහානාම හිමි' ගේ සිට 'පනාපුත්‍ර කුහුඹුපැණියා' දක්වා ඉතිහාසය ඉකි බිඳුමක් බවට පත්කළ ඊනියා බඩගෝස්තරවාදීන් සහ මිරැන්ඩෝ වැනි අතිශයෝක්තිය හරහා උඩු ගං පිහිනීම ස්වයං වින්දනයක් කොට ගත් වඳුරු කුණුහරුප කාරයන් වත්මන් ඉතිහාස විකෘතියට සෘජුවම වගකිවයුතු බව මාගේ හැඟීමයි.

හෙළයන් පූර්ව 'විජය රාජ්‍යය' අවධියේ පවා දියුණු තාක්ෂනික සහ සංස්කෘතික උරුමයන් තම දෛනික කටයුතු වලදී යොදා ගත් බවට සාක්ෂි අපට කාලයක් තිස්සේ ලැබෙමින් පවතී. එය මිරැන්ඩෝලාගේ ගේ 'කොමිටල් එළි දැක්වීම්' හරහා රාවණාකරණයට ලක්වීම තුළින්, සත්‍යය උරුමයන් පිලිබඳ අතිශය සාරවත් කතිකාවතක් ඇතිවීමට තිබූ ඉඩකඩ ඉතා දුක්ඛදායක ලෙස ඇහීරී ඇත.

මහානාම හිමියන් මහාවංශය විහිළුවක් බවට පත්කර ඇත්තේ, බුදුන් ගේ ලංකා ගමන් තුන පිලිබඳව දක්වන සටහන් වලදී මහියංගනය, නාගදීපය, කැළණිය යන ස්ථාන ප්‍රධාන කොට පරිවාර සථාන 13ක්ද බුදු පා පහසට ලක් වුව බවත්, එකී ප්‍රධාන ස්ථාන විවිධ ගෝත්‍ර නියෝජනය කරණ හෙළයන්ගෙන් පිරි පැවතිය බවද දැක්වීමද,

එවන් ජනාකීර්ණ සහ ජන විසිරීමක් පැවති දේශය 700 පමණ මැරයින් සහ ස්ත්‍රී ලෝලීන් පිරිසක් විසින් ශිෂ්ඨාචාරකරණය කරණ ලද බවද, නව පරපුරක් (හෙළ) බිහි කළ බවද පැවසීම තුළින්ය. 

මෙවන් ඉතිහාස භක්ෂකයන් පාසල් පෙළ පොතේ සිට ජාතික පුවත්පත් දක්වා අරක්ගත් යුගයක 'මීවනපලානේ ජයරත්න' නැමති අන්වර්ථ නාමයක් හරහා 'වර්ගපූර්ණිකාව' තුළින් එම විකෘතිවාදී චින්තනයන්ට සියුම්ව නමුත් නිර්ධය ලෙස පහර ගැසීම, මම නම් ප්‍රශංසාවට ලක් කරමි. (විවේචන සහිතව)