Wednesday, July 2, 2014

'ලැට් වල' යනු ධනාත්මක තැනකි ( සුරපුරෙහි ධනාත්මක පැතිකඩ )

ඡායරූපය http://in.reuters.com වෙබ් අඩවියෙනි
අපි මොනවා කිව්වත් මේ ආණ්ඩුව තරම් ජනතාවට ඉතා සුබවාදී ආදර්ශ දුන්න තවත් රජයක් නැති තරම්.

කාලයක් අධිකරණය කියන වචනේ දැක්කහමත් වරදක් කළ නොකළ සියළු දෙනාම සීරුවෙන් හිටගත්තා. අධිකරණයේ තීන්දු ගැන අපහාසාත්මකව කතා කළා කියලා අපේ රටේ ප්‍රසිද්ධ ඌරෙක් හිරේ ගියා. අධිකරණට අහිතක් වෙන වචනයක්වත් මාධ්‍ය වලින් වගේම කට වචනයෙන්වත් පිටවුනේ නෑ. අපි එච්චරම බයෙන් හිටියේ. අධිකරණය උතුම් කියලත් කවුදෝ කොහේදෝ කියලා තිබුණා.

ඒත් අධිකරණයේ ඉහළම තනතුරේ හිටපු ඇත්තිට බේබි නෝනා, හෙර, වංචාකාරී වගේ නම්බුනාම ප්‍රසිද්ධියේම කියලා, නින්දා කරලා පන්න ගන්න මේ ආණ්ඩුව පුදුමාකර උනන්දුවකින් ක්‍රියා කළා. අන්තිමේදී අධිකරණයටත් වඩා දියවන්නාවේ සත්තුවත්ත උතුම් කියලත් තීන්දුව දුන්නා. ලංකාවේ ඉන්න වලත්ත, හොර, තක්කඩි, මැරයෝ ඔක්කොම ඉන්න තැනටත් වඩා අධිකරණය පහළ වැටුනා කියලා දැනගත්තහම පුදුමාකාර සැහැල්ලුවක් දැනුනේ. දැන් ඉතිං හිතුමතේ අධිකරණයේ බලු තීන්දු ගැන  (බල්ලන් ගැන තීන්දු හොදේ) විවේචනය කරන්න ඇහැකි. අපි ගැන නොහිතන ආණ්ඩුවක් වුනා නම් මෙහෙම කරයිද?


ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ ඕනෑම වරදක් දුටු තැන අවම බලය පාවිච්චි කරලා ස්වර්ගමෝක්ෂ සම්පත්තිය බලන්න ෆ්‍රී ටිකට් අරන් දෙන උතුම් ආයතනයක්. වලහෙකුට ගුටි දීලා ඌ හාවෙක් බවට පාපොච්චාරණය කරවන්න පුළුවන් තරම් හැකියාවක් තියන ස්ථානයක්. එහෙව් පොලිසියේ ට්‍රැෆික් මහත්තයෙක් (ඔව් ඔව් අර වංගුවල ගස් මාරු සෙල්ලම් කරන, ඉනවටේ බදින එක කරවටේ දාගෙන ඉන්න අය තමා) එහෙම දැක්කහම අපේ ඩ්‍රැයිවර් උන්දැලගේ කකුල් දෙකම බ්‍රේක් එක උඩ නැගෙනවා. දස සිල් ගත්ත ඒබරං ආතා වගේ කොන්ද කෙලින් වෙනවා. සීට් බෙල්ට් ඉන වටේ එතෙනවා. සීට් එකේ මුත්‍රා නොයන ටික විතරයි.

මෙච්චර කල් එහෙම තිබ්බ පොලිසිය ගැන දැන් අපිට බය වෙන්න දෙයක් නෑ. දැන් ට්‍රැෆික් කොස්සෙක් හරි සාජෙක් හරි දැක්කහම (ඔන්න දැන්ම මහත්තයා කෑල්ල හැලුවා) සත  විසිපහකට ගණං ගන්න එපා. පුළුවන්නම් සීට් එකෙන් නැගිටල (ගරු කරන්න නෙමේ හොදේ) හීනියට අධෝමුඛයට ප්‍රාශ්වාස කරන්නත් ඉඩ දෙතැහැකි. ගෙම්බර් පාට් එකක් දැම්මොත්, දඩ කොළයක් එහෙම දික් කාලොත් සුද්ධ සිංහලෙන්ම උගේ උභය කුළයම පාරිශුද්ධ කරතැහැකි. ඒ විතරක් නම් මදෑ..උගේ ගෙවල් දොරවල් ඔක්කොම කුඩු සංසාර් වෙන්න ගිනි තිබ්බැහැකි. බල්ලෙක් වගේ රස්සාවෙන් දොට්ට දැම්මැහැකි. දැන් ඉතිං උන්ට බයේ නිකං පීචං වෙන්න ඕන නෑ. ජනතාවට හිතැති ආණ්ඩුවක් නොවුනනම් මෙහෙම තත්වයක් ඇති කරයිද?


අපිටත් ඕන වෙලා තිබ්බේ තජුහීද් ජමාත්, බොදු බලා සේනා වගේ තහනම් කරන්න තරම් කොන්දක් තියන මේ වගේ ආණ්ඩුවක්! (හෑ....එහෙම වුනේ නැද්ද තාම?)


සුබ අනාගතයක් !!!

(ඊයේ ලියපු එකක් නොදාන්නත් හිතලා, මාතලන් මාමා බුකියේ දාපු හෑල්ලක් දැකලා දාන්නම හිතුවේ. මෙන්න තැන්කියු එක මාතලන් මාමේ)

8 comments:

  1. පෝඩ්ඩක් හිටහන් ඕන බඹරේ නවතින්න ඉස්සර අනිත් පැත්තටත් කරකිලා ඇඹරිලා විසිවෙලා එක එක විකාර වෙනවා.. මොන සෙල්ලම් දැම්මත් හති වැටිලා හරි ඉවර වෙන වෙලාවක් එනවා...

    ReplyDelete
    Replies
    1. //මොන සෙල්ලම් දැම්මත් හති වැටිලා හරි ඉවර වෙන වෙලාවක් එනවා...//

      වෙලාව එද්දි පෙරහැර ගිහින් අලි බෙටිත් සුද්ද කරල තියෙයිද ???

      Delete
  2. හිහි
    හැම කෙනාටම ටිකට් හම්බෙනව..
    ඒත් කවුරුවත් දන්නෙ නෑ එක්ස්පයර් ඩේට් එක...
    එහෙව් එකක් නෑ කියල තමා හිතං ඉන්නෙ...
    හිහි..
    මෙයාල ඉක්මණටම පස්ස ඇණ ගනියි

    ReplyDelete
  3. ඇයි මොකද්ද වෙලා තියෙන්නෙ? මට නං තේරුනේ නැත

    ReplyDelete
  4. මෑන් අස්වෙලා කියන්නේ. තව ටික දවසකින් අර ගුටි කාපු (හෝ ගුටි ගහගත්ත) මේජර් අයියට උන දේම වෙයි මයෙ හිතේ..

    ReplyDelete
  5. \\\අධිකරණයේ තීන්දු ගැන අපහාසාත්මකව කතා කළා කියලා අපේ රටේ ප්‍රසිද්ධ ඌරෙක් හිරේ ගියා.\\\

    මේ ඌරාව හිරේ දැම්මේ ඇත්තටම ඒකටම නෙමෙයි නේද?
    උන් ඔක්කොම එකයි බන්. මේ බඹරේ නැවතුනාම ආයෙත් අපිම වයින් කොරාලා කරකවලා බලාන ඉන්නවනේ..ඕන් මාත් ජීවිතේ පලමුවන සැරයට ලියාපදිංචි උනා බඹරේ කරකවන්න. ග්‍රාමයා ඇෆිඩවිට් එකකුත් ඉල්ලුවා අවුරුදු 23ක් පිටරටය හිටියේ මීට ඉස්සර අම්මට සිරි ලංකාවේ බඹර කරකවලා නැතිය කියලා දිවුරලාම කියන්නය කියලා...
    අර රාලහාමි ගොයියා ඉල්ලා අස් උනාය කියලනේ කිව්වේ..ඌටත් අබ සරණ යන්න වෙයි මයෙ හිතේ

    ReplyDelete
  6. අධිකරණය චොර කරලා දාලා ව්‍යවස්ථාදායකයත් ශේප් එකේ දිය කරලා දැම්මම ඉතුරු වෙන්නේ විධායකේ විතරනේ බං.එතකොට රාජ්‍ය වියදම අඩු වෙනවනේ.ඒක ගැන හිතලයි ඔය ඔහොම කරගෙන යන්නේ.

    ReplyDelete
  7. මේ රජයේ හුඟක් තීන්දු තීරණ ගැන කතා කරන්න ගියොත් ඉතින් ඒකේ ඉවරයක් වෙන්නේ නෑ..

    ReplyDelete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.