Saturday, August 25, 2012

අපටත් රජකු පහළව ඇතේ! (ටෙනිසන් ජනහමු සතුටු සිතින් නරඹමු)



මා ඊයේ රෑ හදිසියෙ හීනයක් දුටිමි. එහිදී අපි කවුරුත් දන්නා ටෙනිසන් මහතා හදිසියේම 'ටෙනිසන් ජන හමු' තියන්නට සිතයි. මහ රෑ මගේ යටි බඩ කොර නොවන්නට ඉතා රසවත් කථාවක් නොමිලේ නැරඹීමට මටත් අවස්ථාව ඇති වනු නිසැකය. මේ ඒ හීනේ කථාවයි. (සැ.යු. මෙය හීනයක්ම පමණක් වන අතර මේ හරහා ටෙනිසන්තුමා ට යම් අපහාසයක් සිදු වෙයි නම් මා හට කමා කළ මැනවි, එසේත් බැරි නම් හීන ලෝකයෙදී මටද අපහාස කළා මැනවි)

මේ අපේ ටෙනිසන් තුමාය. අපි ඔහු ගැන ආඩම්බර විය යුත්තේ ඔහු සැබෑ දක්ෂයෙක් නිසාය. ඔහුට හදිසියේ මහජනයා හමුවන්න සිතෙන්නේ මැතිවරණයක් කටේ ඇති විටය, ඒත් හමුවන්නේ මැතිවරණය පවත්වන පලාත්වල මහජනතාව පමණි. අපි ඉන්නේ කොළඹය. හොද වෙලාවට අපිටනම් ප්‍රශ්ණ 'ඇත්තේම' නැත.

ටෙනිසන් ජන හමුව ඉතා හොදය, පැසසිය යුතුය. ඊට සහභාගිවන බහුතර ජනතාව ඉතා බුද්ධිමත්ය. කොච්චර බුද්ධිමත්ද කියතොත් තමන්ට තියෙන ඇත්තම ප්‍රශ්ණ වලට ටෙනිසන් තුමා දිය යුතු පිළිතුරු ඔවුන් තමන්ගේ අවස්ථාව ලද විගස තම ප්‍රශ්ණය ලෙස ඉදිරිපත් කරයි. උදාහරණ ලෙස උතුරු නැගෙනහිර සංවර්ධනයේ තරම ගැන ටෙනිසන් වචනයක්වත් කථා නොකලද ප්‍රශ්ණය අසන්නා කීවේ ඉතා විශාල ලෙස උතුරු නැගෙනහිර සංවර්ධණය සදහා මුදල් වෙන් කර ඇති බවයි. (හිකිස්) සොරි....හචිමක් ගියා.....

මේ වෙනකම් හරියට ප්‍රශ්ණයක් ඇහුවේ එකම එක කොල්ලෙක් විතරය. ඒ 'උතුරු ඉන්දියාවටත් දෙනවා කිව්ව විදුලිය කෝ?' කියාය. මෙන්න ටෙනිසන් උතුමා කලබල වූවේය (වූ සේක ද මන්දා) මොනවාදෝ ෆයිල් ටිකක් පෙරලා තව තව බලාගාර හදන බවත්, සාම්පූර් වලත් එකක් හදන බවත්, 95 දී තිබ්බාට වඩා විදුලි අවශ්‍යතාව වැඩි වූ බවත්, එය හිතා ගන්න බැරි වූ බවත් කිව්වේය.

ඉදිරි විදුලි අවශ්‍යතාව ගැන දැනීමක් ගන්න බැරි වූයේ උතුමාට ඉන්න 1000 ට කිට්ටු ටෙනිසන් උපදේශකයන්ගේ වැරැදද නිසාය. ඔවුන් සදහා මාසයකට වෙන් කරණ මුදල රු.කොටි 30කට වැඩිය. මේ සදහා ටෙනිසන්තුමා පළි නැත. මේ උපදේශකයන් ච.බ.කු. හෝ ර.වි. පත් කළ අය විය යුතුය. (හිකිස්) ආයෙත් සොරි මෙයා....

අපේ ටෙනිසන් තුමාට භාෂා තුනම ඉස්සර පුළුවන් වුනත්, ළගදී සිට රාජකාරි අධික බැවින් දැන් දෙමළ මතක නැත. ඊටත් වඩා අර අහිංසක දෙමළ පරිවර්තකයාට රස්සාවත් නැතිව යන එක ගැන එතුමා සංවේදීය.

කොහොම වුනත් තාම ටෙනිසන් ජන හමුව සජීව ලෙස යන්නේය. මා නම් හැම සතියේම ටෙනිසන් ජනහමු තියනවාට කැමතිය. ඒ මම සිකුරාදා රෑ යන හොල්මන් ෆිල්ම් වලට කැමති නැතිය. මේක බැලුවොත් අඩුම තරමේ ලේ වත් පිරිසිදු වෙනවාය.

මට මෙතනින් පෝස්ට් එක නවත්වන්න වෙනවාය. ඒ මගේ යටි බඩ කොරවෙලා තියන නිසාය. ඒ චූ බරටද නැත්නම් හිනා වෙලා වැඩි කමටද දන්නේ නැත.

සුරපුරයක් වන් අප ලක් අපට දිවයිනේ භාරකරු ඔබය...
ටෙනිසන් උතුමනි...ඔබ වහන්සේ ගැන අපට ඇති ආඩම්බරය විස්තර කිරීමට මා හට වචන නැත.


(මේ දැන් දැන ගැනීමට ලැබුනේ ටෙනිසන්තුමාට අපහාස කරණ අයට කිසිම නීතිමය පියවරක් නොගන්නා ලෙස පොලිස්පති තුමාට එතුමාම උපදෙස් දී ඇති බවයි, බලන්න අපි කොච්චර ආඩම්බර වෙන්න ඕනද ඈ.. )

20 comments:

  1. //මේ වෙනකම් හරියට ප්‍රශ්ණයක් ඇහුවේ එකම එක කොල්ලෙක් විතරය.//

    කොල්ලාට නාථ දෙය්යන්ගේම පිහිටය ,

    ReplyDelete
  2. ජනාධිපති නිරතුරුවම මහජනයා හමුවීමට යා යුතු නැත එය කළ යුත්තේ, ප්‍රදේශයේ මහජන නියෝජිතයින්ය. ජනාධිපතිවරයාට කරන්න වෙනත් වැඩ තිබේ. එහෙත් අපේ වැනි රටවල්වල ජනාධිපතිවරුන්ට කරන්න තියෙන්නෙ, සුපර් ස්ටාර් බැලීම....සස්පැන්ඩරේ පිටින් නල්ලූර් කෝවිලේ අළු ගාගන්න යෑම....අසූහාරදාහේ පාන් පිංකන් වලට සහබාගීීම වගේ ගොන්පාට් විතරයි. රටේ මහජනයා කරන්නෙත් ඒවමනම් නායකයා ඊට සමගාමී වීමේ අරුමයක් ද නැත.

    ReplyDelete
  3. ටෙනිසන් තුමාටත් වැඩි ආණ්ඩු හිතවාදියෝ උනේ නිවේදක සෙට් එකය.පිලිකුල්ය,කුජීතය.

    ReplyDelete
    Replies
    1. ඕන්න ඔය කාරණාව ගැන මාත් පෝස්ටුවක් දාන්න හිටියෙ. වෙලාවට ලයිට් ගියා. කුජීතද කියලත් අහනව! ලොක්ක නං මොනව කිව්වත් මොකද තමුන්ගෙ ගැලවිල්ලටනේ. ඒත් මේ හිකනැල්ලු ටික ඊට වඩා විදියට කඩේ ගියේ. කොටින්ම බැලිල්ල එපාවුනේ ප්‍රශ්න උත්තර නිසා නෙවේ. නිවේදකයො නිසා.

      Delete
  4. හුණු පැකට්ටුවක් ද රැගෙන යන රාත්‍රී සංචාරය ඇරඹීමට කාලයයි මේ...

    ReplyDelete
  5. ආයුබෝ වෙවා මහ රජාණෙනි.....

    ReplyDelete
  6. මහා රජා බ්ලොග් බලන් නැතෙයි...

    ReplyDelete
  7. ආඩම්බරකාර තාත්තා අධ්‍යාපනේ ගැන කිව්වේ නැතෙයි??අපිට ඕවා බලන්ඩ වෙන්නෑනෙව.

    ReplyDelete
    Replies
    1. @ දිනුක

      z-score අවුල ගැනත් කෙල්ලෙක් ඇහුවා. ඒකට කිව්වේ ළමයින්ට අසාධාරණයක් සිදුවන්නට ඉඩ තබන්නේ නැහැ කියලා. ඒ වගේමයි අධිකරණයේ තීන්දුව එනකම් බලාගෙන ඉන්නවා කියලත් කිව්වා...

      Delete
  8. මමත් පොඩ්ඩක් වෙලා බැලුව....! ජෝක් බලනව කියල ඔච්චර බලන්න පුළුවනැයි කියල නිදා ගත්තා..

    ReplyDelete
  9. මම නම් රූප පෙට්ටියෙන් විහිලු බැලිල්ල නතර කරලා

    ReplyDelete
  10. ශ්‍රී රාවණ රජතුමාත් බලයට පත් වූවාට පසුව මාස්පතා "මහරජ ජන හමුව" පවත්වන්නට තීරණය කර ඇති බව අනාවැකිකරුවෝ පවසති. භාෂා ගණනාවක්ම ප්‍රගුණ කර ඇති ශ්‍රී රාවණ අධිරාජ්‍යයා ඒළියන්ලාගේ (ඒ=එම, ළියන්=කාන්තාවන්) ද ප්‍රශ්න වලට මැනැවින් පිළිතුරු දීම ඔබට බලාගත හැකි වනු නියතය.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අන්තිමටම ප්‍රශ්නේ අහපු බුවා හැම වචන දෙක තුනකටම සැරයක් "අතිගරු.... තුමනි" කියලා කිව්වා. ඌට ගාණක් ගෙව්වාද දන්නේ නැහැ එහෙම කියනවාට :D

      Delete
  12. අනේ ලින්ක් එකක් දීපල්ලා..

    ReplyDelete
  13. සම්පූර්ණ හැත්ත..... හිකිස් කිව්වලු.

    ReplyDelete
  14. METHANA JANADHI PATHI THUMEK GENA KIYANNE NAHENE. KIYANNE TENYSON COORAY GENE NE.

    ReplyDelete
  15. අනේ අපේ ටෙනිසන් තුමා!! ජය හේ!!!!

    ReplyDelete
  16. උබ දැක්කෙ නැද්ද අර යාපනේ කැම්පස් එකේ කොල්ලෙක් පොලිස් භාරයට අරන් තියෙද්දි, ඒ මව ජැනපති මීට් වුණ සීන් එක..

    ටෙනිය කැලේ ඕයි.. :)

    ReplyDelete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.