Sunday, August 19, 2012

මගේ ලබන ආත්මේ (එන්න ස්වප්න ලෝකයට)



මගේ ලබන ආත්මයේ මා ප්‍රාර්ථනා කරනුයේ රිවස් ජීවිතයකි. ඒ ජීවිතය මරණයෙන් අවසන් වනු වෙනුවට මරණයෙන් ආරම්භ විය යුතුය. උපතෙන් අවසන් විය යුතුය.

මම මරසාන්න අත්දැකීම් විද ටිකෙන් ටික සුවයට පත් වෙමි.

මම මහළු මඩමේ ලෙඩ ඇදේ සිටිමි. නමුත් දිනෙන් දින නව දවසක් උදාවන විට ශරීරය වඩ වඩාත් ප්‍රාණවත් වන බව දැනේ. ක්‍රමයෙන් දිරා පත් වන ජීවිතයකට වඩා ඉතා පහසුවක්, සුවයක් වින්දනය කරමින් සිටිමි. 

මා මහළු මඩමෙන් දොට්ට දමන්නේ, මා වඩාත් ශක්තිමත් නිසාත් වඩාත් නිරෝගී නිසාත්, තාරුණ්‍යය මා වෙතින් පළා ගොස් නොමැති නිසාත්ය. මම මාස්පතා විශ්‍රාමික වැටුප් ලබන්නට පටන් ගනිමි. මා රාජකාරි ආරම්භ කරණ දිනයේම මා හට ත්‍යාග ලෙස රන් ආලේපිත ඉතා වටිනා අත් ඔරලෝසුවක් සහ විශාල මුදලක් දීමනාවක් ලෙසද ලැබෙන අතර මා වෙනුවෙන් ඉතා විශාල සාදයක් ද පවත්වනු ලැබේ.

මම වසර 40ක් රැකියාව කරමි. වැටුප් වල යම් යම් හීන විමක් ඇතද, මූලාරම්භයෙදී ලද විශාල මුදල සහ විශ්‍රාම වැටුප ඉතුරු කිරීමෙන් ලද මුදල ආයෝජනය කිරීමේ ප්‍රතිලාභ නිසා ජයග්‍රාහී ජීවිතයක් ගෙවමි. ඉතා තරුණ වයසේ මම විශ්‍රාම ගනිමි. මා ජීවිතයේ ගෙවූ සතුටුම කාලයක් වන්නේ විශ්‍රාම ගැනීමට ඉතා ආසන්න කාලයේ ගෙවූ රැකියා පුහුණු කාලයයි.

මම දැන් දැන් සාදවලට ඇබ්බැහි වෙමි. මත්පැන් ලෝලියෙක් වෙමි. නමුත් සෞඛ්‍යය තත්වය දිනපතා වඩාත් යහපත් වේ. මාගේ ප්‍රේම සම්බන්ධතා එන්න එන්නම කෙලිලොල් වෙයි. දැන් මා උසස් අධ්‍යාපනය සදහා සූදානම් විය යුතුය. මීළගට ප්‍රාථමික අධ්‍යාපනයයි. උසස් අධ්‍යාපනයක් ලද මා හට ප්‍රාථමික විභාග කිරි කජු මෙනි. කැපී පෙනෙන දස්කම් දක්වන මා හට පාසලෙන්, දෙමව්පියන්ගෙන් සහ වැඩිහිටියන්ගේන් ලැබෙන තෑගි, ප්‍රසංශා අඩුවක් නම් නොවේ.

මා හට කිසිම වගකීමක් නැත. ඉතා සැහැල්ලු අවසානයකට ළදරුවෙක් ලෙස කෙළි දෙළෙන් සූදානම් වෙමි. මව් කුසට රිංගා ගැනීම තරමක් අපහසු වුවද, ඒ තුළ මාස 9ක් පාවෙමින් ගත කරණ කාලය කොපමණ සුන්දරද? මෙය සුඛොපභෝගී තරු හතේ හෝටලයක් වැනිය. උණුසුම නොඅඩුව ලැබෙනතර, ආහාර පාන නිරායාසයෙන්ම මට ලැබේ.

හා..හා... ඇති ඇති...ඉතුරු ටිකත් මම ම කියන්න ඕන ඈ...දැන් ඉතින් හීන දැකපන් මටත් මෙහෙම උනොත් කියල...

23 comments:

  1. Replies
    1. කසාද හිරේ ගිය වුන්ට මේක බොක්කටම දැනෙනවද කොහෙද...

      Delete
  2. හැබෑටම එහෙම වුනොත් "නිවන" අතළග....

    ReplyDelete
    Replies
    1. විනාඩි ගාණකට හරි නියම ෆැන්ටසිය නේද....

      Delete
  3. හි හි..නියම පෝස්ට් එක..මාත් හිතන්න ඕන ලබන ආත්මයක් ගැන :)

    ReplyDelete
    Replies
    1. මොනවද ඇත්තය හිමාවිට හිතුනේ...කොහොමද නවලෝක මුදලාලි වගේ වුනොත්..එන්න එන්නම බහින කලාව වෙයිනෙ...

      Delete
  4. නියම අයිඩියා එකක්. ඇත්තටම එන්න එන්න නරක් වෙනව වෙනුවට හොඳ වෙනව නම් සෑහෙන වෙනසක් ඇතිවේවි. තමුන්ගෙ වයසක කාලෙ රැකබලා නොගන්න දරුවන් වෙනුවෙන් තීරණ ගන්න දෙමව්පියන්ට පුළුවන් වෙනව.
    මට මතක් උනේ අර විද්ධ චිත්‍රයේ කතාව. ඒ ලේඛකයා නම් මතක නෑ. මිනිහා තරුණ වෙනකොට චිත්‍රෙ වයසට යන?

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම්..ඕකේ සමාජ විද්‍යාත්මක පැත්ත මට මතක් වුනේ නෑනේ. හැබැයි තව ජොලි ජොලි සීන් මතක් වුනා...මේ අකුරු කොටන්න කම්මැලි නිසා සමරි එකක් දැම්මේ.

      Delete
  5. Replies
    1. රැඩිකල් වෙලා ප්‍රැක්ටිකල් වුනා නම්....

      Delete
  6. රස්සාව කරල ඉවර වෙලා ඉගන ගන්න එක නැත්තම් සිරාවටම තාත්විකයි. පට්ට ආතල් ගන්න පුළුවන් එහෙමනං ....

    ReplyDelete
    Replies
    1. ඇයි බොල...උඹට මතකම නැද්ද...වැඩියම ආතල් ගත්තේ ඉගෙන ගන්න කාලෙ බව...ඒ කාලේ ඉගෙන ගන්න තිබ්බට වැඩියම කලේ ඉගෙන ගන්න එකයැ...

      Delete
    2. හැක්... ඒකනෙ උඹ ඔහොමයි මම මෙහෙමයි අපේ අනිත් එවුන් එහෙමයි. ඉගෙනගත්තු උන් හොඳ තැං වලයි ඉන්නෙ... ලොල්ය...

      Delete
    3. අප විසින් දැන් කන කටු ඒ දවස්වල ඉගෙනීම වෙනුවෙන් කෑවානම්, අද මේ කටු කන්නේ වෙන එකෙකි. අවුරුදු 2ක ආතල් දිවි ඇති තෙක් කටුවලට හැරුණු අපූරුව...

      Delete
  7. හීනෙන්වත් ඔහොම එකක් වෙනවා නම් කොච්චර ආතල්ද. :)

    ReplyDelete
    Replies
    1. අම්මප බන්..හීනෙන දකින්නෙම බය වෙන සීන්නේ...මේ වගේ එකක් දැක්කනම් නැගිටිනකම්වත් ෆන් එකේ ඉන්නවා.

      Delete
  8. okkoma possitive eawane... uba liyala nahane job eke demotion hambena eawa...isokole di kollongen guti kana ewa... kalisame chuuu kara ganna eawa...

    ReplyDelete
    Replies
    1. //වැටුප් වල යම් යම් හීන විමක් ඇතද// සහ //මව් කුසට රිංගා ගැනීම තරමක් අපහසු වුවද// කියල ලිව්වේ නෙගටිව් ඒව ගැන තමා. ඕව වැඩිය ලියල බලන උන්ගේ ෆැන්ටසිය කඩන්න ඕනයෑ...අනිත් අතට කොල්ලන්ගෙන් ගුටි කන ඒවා, කලිසමේ චූ යන ඒවා මොනවද බන් දැන මේ ලොකු වෙලා අපි කන කැවිලියි, නාන ගූ තොගෙයි ගැන හිතුවහම.

      Delete
  9. Replies
    1. මරුවා ට කෝචොක් පාරක් දාගෙන ඉන්න පුළුවන් නේ....

      Delete
  10. අඩේ සෝක් බන් මෙහෙම වෙන්න තියෙ නම්

    ReplyDelete
    Replies
    1. ට්‍රයි එකක් දීපන්..හරි ගොයොත් කියපන්....හැබැයි ආයෙත් උඹ 'ඔහෑ..ඔහෑ...' ගාන්න කලින් කියපන්. නැත්නම් ඉතින් අපිට තේරෙන එකක්යෑ...

      Delete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.