Showing posts with label පුනර්භවය. Show all posts
Showing posts with label පුනර්භවය. Show all posts
Sunday, August 19, 2012
මගේ ලබන ආත්මේ (එන්න ස්වප්න ලෝකයට)
මගේ ලබන ආත්මයේ මා ප්‍රාර්ථනා කරනුයේ රිවස් ජීවිතයකි. ඒ ජීවිතය මරණයෙන් අවසන් වනු වෙනුවට මරණයෙන් ආරම්භ විය යුතුය. උපතෙන් අවසන් විය යුතුය.
මම මරසාන්න අත්දැකීම් විද ටිකෙන් ටික සුවයට පත් වෙමි.
මම මහළු මඩමේ ලෙඩ ඇදේ සිටිමි. නමුත් දිනෙන් දින නව දවසක් උදාවන විට ශරීරය වඩ වඩාත් ප්‍රාණවත් වන බව දැනේ. ක්‍රමයෙන් දිරා පත් වන ජීවිතයකට වඩා ඉතා පහසුවක්, සුවයක් වින්දනය කරමින් සිටිමි.
මා මහළු මඩමෙන් දොට්ට දමන්නේ, මා වඩාත් ශක්තිමත් නිසාත් වඩාත් නිරෝගී නිසාත්, තාරුණ්‍යය මා වෙතින් පළා ගොස් නොමැති නිසාත්ය. මම මාස්පතා විශ්‍රාමික වැටුප් ලබන්නට පටන් ගනිමි. මා රාජකාරි ආරම්භ කරණ දිනයේම මා හට ත්‍යාග ලෙස රන් ආලේපිත ඉතා වටිනා අත් ඔරලෝසුවක් සහ විශාල මුදලක් දීමනාවක් ලෙසද ලැබෙන අතර මා වෙනුවෙන් ඉතා විශාල සාදයක් ද පවත්වනු ලැබේ.
මම වසර 40ක් රැකියාව කරමි. වැටුප් වල යම් යම් හීන විමක් ඇතද, මූලාරම්භයෙදී ලද විශාල මුදල සහ විශ්‍රාම වැටුප ඉතුරු කිරීමෙන් ලද මුදල ආයෝජනය කිරීමේ ප්‍රතිලාභ නිසා ජයග්‍රාහී ජීවිතයක් ගෙවමි. ඉතා තරුණ වයසේ මම විශ්‍රාම ගනිමි. මා ජීවිතයේ ගෙවූ සතුටුම කාලයක් වන්නේ විශ්‍රාම ගැනීමට ඉතා ආසන්න කාලයේ ගෙවූ රැකියා පුහුණු කාලයයි.
මම දැන් දැන් සාදවලට ඇබ්බැහි වෙමි. මත්පැන් ලෝලියෙක් වෙමි. නමුත් සෞඛ්‍යය තත්වය දිනපතා වඩාත් යහපත් වේ. මාගේ ප්‍රේම සම්බන්ධතා එන්න එන්නම කෙලිලොල් වෙයි. දැන් මා උසස් අධ්‍යාපනය සදහා සූදානම් විය යුතුය. මීළගට ප්‍රාථමික අධ්‍යාපනයයි. උසස් අධ්‍යාපනයක් ලද මා හට ප්‍රාථමික විභාග කිරි කජු මෙනි. කැපී පෙනෙන දස්කම් දක්වන මා හට පාසලෙන්, දෙමව්පියන්ගෙන් සහ වැඩිහිටියන්ගේන් ලැබෙන තෑගි, ප්‍රසංශා අඩුවක් නම් නොවේ.
මා හට කිසිම වගකීමක් නැත. ඉතා සැහැල්ලු අවසානයකට ළදරුවෙක් ලෙස කෙළි දෙළෙන් සූදානම් වෙමි. මව් කුසට රිංගා ගැනීම තරමක් අපහසු වුවද, ඒ තුළ මාස 9ක් පාවෙමින් ගත කරණ කාලය කොපමණ සුන්දරද? මෙය සුඛොපභෝගී තරු හතේ හෝටලයක් වැනිය. උණුසුම නොඅඩුව ලැබෙනතර, ආහාර පාන නිරායාසයෙන්ම මට ලැබේ.
හා..හා... ඇති ඇති...ඉතුරු ටිකත් මම ම කියන්න ඕන ඈ...දැන් ඉතින් හීන දැකපන් මටත් මෙහෙම උනොත් කියල...
Subscribe to:
Posts (Atom)
