Friday, March 1, 2013

පෑගෙන්න කලින් රස බලන්න....(නූතන අසූචියේ පූර්වකථනය)



මුලදිම කියන්නම්, මේක ඊක්කා කතාවක්. ඔක්කාරෙට එන අය, මනෝ රූප ඉක්මනින් මැවෙන අය මෙතනින්ම කැපෙන්න. නැවත හමුවෙමු. බා...යි....

මෙන්න බා..යි....එක පැන්න ඔහෙලට කියන දේ...මේ ඊක්කා කතාව මම ගොතපු එකක් නෙමේ. කොහොමත් මං කියල ඔහොම ඈක්කා කතා ලියන එකෙක් ඈ.. අනාදිමත් කාලයක ඉදල හෙළයේ ජනවහරේ එන කතාවක්. මම කිව්ව කියල වෙනසක් නෑ. ඒත් වෙනස තමා මේකේ අද තියන, සමහර විට අදටත් වඩා හෙට තියන වලංගුබව. කොටින්ම අහවල් එක කන්නේ දැන්.

මෙන්න වැඩේ...

අපේ ගමේ හිටියා පට්ට ෆිට් පොරවල් දෙකක්. ඕනම අඩව්වකට එකට සෙට් වෙන්නේ. හලාල් වෙන්නෙත් එකට. (හලාල් යන්නෙහි සිංහල තේරුම 'අනුමත' යන්න බව මෛත්‍රියෙන් සලකන්න). මුන් දෙන්නගේ ගෙවල් තිබ්බේ එක ළග. කොටින්ම ළග ගෙදර සිවාට දුවන්න දෙන කොටත් මුන් දෙන්නා හුරේ දැම්මේ එකට.

මුන්ගෙන් එකෙක් වෙන ගමක ඉදල කාලෙකට කලින් මේ ගමට ආපු එකෙක්, මූ කිව්වට මූම නෙමේ, මුගේ සීයා තමා මෙහෙ ඇවිත් අනිත් එකාගේ ආච්චිගේ නංගිට ලයින් දාල අල්ලගත්තේ. මුගේ සීයා වෙලෙන්දා, හරි සල්ලිකාරයලු. පට්ට තොප්පි පාරක් ගමට බැස්සුවෙත්, පික්ෂු හැදෙන රැවුල් කට් එකක් මාකට් කලෙත් පොරලු.

මූ...අරූ...කිව්වට නම් කිව්වේ නෑනේ...කමක් නෑ.. ඕනේ නෑ..දිගටම මූ...අරූ...කියලම ගමු.

අරූ හිතා ඉන්නේ ඌ පට්ට වැඩ්ඩ කියල. නිකං බොරු මොකෝ මාත් වැඩිය කැමති ඌ වැඩ්ඩ කියල පිළිගන්න. අරූ ගමේ එකා කියල පොර ටෝක් දුන්නට ඌ දන්නැති, සද බැබලෙන සීන් කෝන් එක තමා පොරගේ සීයත්, සීයාගේ සියා එක්ක කොක්කක් දාගෙන මේ බජාර් එකට බැස්ස එකෙක් බව.

හරි දොරේ..මෙන්න ඔරිම..ජිනල් සීන් එක, ෂේප් එකයි පාරයි දාල කියන්නේ දැන් තමා..තොරණේ විස්තරේට කලින් පිං විකුණන එක අපේ සිරිත නොවැ.

අල වගේද ගෝවා.

මූ යනව දවසක් අරූ එක්ක හලාල් වෙන්න. මොනවද සීල් නෙමේ දොරේ..ගමේ එව්වා. අරූ තමා කිව්වේ ගන්න අපේ දේ කියල, වෙලේ සුදාගේ කස්ටා පොට් එකට සප් එකක් දෙමු කියල. 

'අම්ම ගහයි බැට් එකෙන්..මෙන්න පාර මැද්දේ 'ගොම් බෙට්ටක්' (ඈක්කා.....හ්) මූ කිව්වා...

'පල ඩෝහ් යන්න මේ ගොම් බෙට්ටක් නෙමේ..මේ මඩ තලියක්' අරූ කිව්වා...

'පික්ෂු පීකුදු...කිව්වලු..උඹට මෝල්ද ඩෝහ්...මේ ගොම් බෙට්ටක්' මූ ආයෙත් කිව්වා.

'අනේ උඹේ දන්න ආච්චිගේ ක්ලොත් එක, මේ මඩ තලියක් ඩෝ...බොරුනම් බලමුද පොඩ්ඩක් දිවේ ගාලා' අරූ කිව්වා...

'හරී....ම්ම්....ම්ම්ම්ම්.....මේ නම් ගොම් බෙට්ටක්...මට පට්ට ෂුවර්, උඹත් කාල බලපං' මූ කිව්වා...

'ම්ම්ම්.....ම්ම්ම්ම්ම්..පල පල ...මේ මඩ තලියක්' අරූ තෙපර බෑවා...

මූ - 'අහ්...ආයෙත් ටිකක් කාල බලමු....ම්ම්ම්... මේ ගොම් බෙට්ටක් බොල'

අරූ තව ටිකක් කාල - 'නෑ...නෑ....මේ මඩ තලියක්'

මූ තව ටිකක් කාල - 'මට ෂුවර් මේ ගොම් බෙට්ටක්'

හුටා දැන් ගොම් බෙට්ටක්, හරි මඩ තලියක් හරි වේවා..මේ බෙට්ට ඉවර වෙන්න ළගයි. අන්තිම ටික තියෙන්නේ. මුන් දෙන්නගේ කටවල් වලින් එන අජූත ගද එක්ක ගත්තහම, සුදාගේ වෙල් ෆැන්ටා තව හොදා...

මොනව කොරන්නද, අවුල චකබ්ලාස් කරන්නත් ඕන නිසා අරූ අන්තිම ටිකත් හූරගෙන කෑවා...

මොනව්ද බලමු අරූ කියන්නේ දැන්...

'අඩ්ඩඩ්ඩා...දැන්නේ ඩෝ තේරුණේ මේ ගොම් බෙට්ටක්වත්, මඩ තලියක්වත් නෙමේ.....මේ බලු බෙට්ටක්' (ඊ...ක්කා....ද?)

හරි දැන් බලමු මූ කොහොමද වර්ඩින් දෙන්න කියල...

'මටත් මුල ඉදල ටිකක් සැකේ තිබ්බා ඩෝ...ඒත් කමක් නෑ හොද වෙලාවට උඹට තේරුණේ දැන්...තව ටිකෙන් අපි දෙන්නට පෑගෙනවා ඕක, දැන් අවුලක් නෑ' (ම්ම්මාහ්හ්හ් - කිස් එකකි)

හරි...චැප්ටර් ක්ලෝස්... දැන් පලයව් යන්න....

ඇ....මොකක්ද...කවුද මුං..කියල ඇහුවද?

ආ නම් කිව්වේ නෑනේ නේද...
මුගේ නම - මොහමඩ්
අරූගේ නම - ධර්මපාල

තාම තේරුණේ නැත්ද ...ඉතිං මට මොකෝ...


හැබැයි ටක්කෙටම කියන්නම් උඹලට තේරෙන දවස ගැන..

දවසක් 'පොරක්' ඔය බලු බෙටි අනුභවය කරලා බඩේ රුදාවට පුක විකාගෙන ඉන්න අරූ ගාවටයි මූ ගාවටයි ඇවිත්, කටිනුයි පුකෙනුයි ලේ යන්නම බඩ විරේකයක් දෙයි. දීලා කියයි ලෙඩේ කම්මුතුයි කියල. එදාට හුරේ දාපං..කියපං ඌ තමා අප බේරාගත් වීරයා කියල. ආයෙත් බලු බෙට්ටක් කනකං, දැවිල්ල යන්නත් එක්ක ඌට පුක පූජා කරපං.

ඌ නාවත් ඔය ගද පුක කොල්ලකන්න, ගගෙන් එහා ගමේ බැරැක්ක මාමා නෑවිදින් අරින එකක් නෑ.

එදාට ගහපල්ලා අත්පුඩි...තාලේ අමතකනම් මෙන්න.

''එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා''


ප.ලි. කමෙන්ට් කීපයක් කියවගෙන යද්දී හිතුනා පෝස්ට් එක බර වැඩිද කියල. ඒක නිසා කියන්න පුළුවන් අමුම අමුවෙන් නොවුනත් පෝස්ට් එකට හානියක් නොවෙන්න මෙහෙම කියන්නම්.

මොහමඩ්, ධර්මපාල, සිවා....මේ හැමෝම දන්නවා උං මේ කන්නේ ජරාව කියල. හැබයි උං හිතා ඉන්නේ මේක ගොම් බෙටි, මඩ වගේ 'අහිංසක ජරාවක්' කියල. මේ 'අහිංසක ජරාව' කෑවගෙන් පස්සේ එන ප්‍රථිපලේ පුංචි බඩේ රුදාවක් බව දන්න මුං, ඒකට භය වෙන්නේ නෑ. දිගටම කනවා. ඒත් ගමටම පෙන්නන්නේ හැම ජරාවක්ම ඈ..ක්කා...කියල. කොටින්ම පාගන්නවත් හිරිකිතයි කියල.

ඒත් මුං නොදැන හෝ දැනගෙන කන්නේ 'අහිංසක ජරාව' නෙමේ, බලු බෙට්ටක්. ගිය සැරේ බලු බෙට්ටක් කාලා ඇතිවුණ බඩේ රුදාව මාමා ඇවිත් ලේ බඩ යන්න නන්දිකඩාල් හොස්පිටල් එකේදී බෙහෙත් දීලා ගොඩ දැම්මා. ඒත් මේ සැරේ.....මාමටත් බැරි වෙයි ගොඩ දාන්න....කෝකටත පරිස්සමෙන්...

අනේ මන්ද මීට වඩා කොහොම කියන්නද කියල. අමුවෙන්ම කියන්න මට නම් අම්මප හිරිකිතයි...

47 comments:

  1. සැර බාල කරපු ටොක්කක්.. :)

    ReplyDelete
    Replies
    1. ටොකු කාලවත් හැදෙයිද? අඩුම තරමේ මේ ටොක්කක් කියලවත් තේරෙයිද?

      Delete
  2. පැන පැන දෙයි බැට් එකෙන් කියපි!!! කොහොමත් අපේ උන්ට රහ ගුණ තේරෙන්න බෙට්ට පුකේ හිරවෙනකම්ම ඉන්ඩ ඕනෙනේ!

    ReplyDelete
    Replies
    1. අන්න හරි..හිරවුණ දාට පුක විකාගෙන දගලනවා...බඩ පණුවන්ගේ අම්ම මතක් කර කර....

      Delete
  3. අල්ලල ගූ කැව්වත් තේරෙන්නෙ නෑ.. සම හරක්ට... පට්ට උපමාව මචෝ....

    ReplyDelete
    Replies
    1. ඇයි මාතලන්.. ගූ රහ කර කර කන සත්තු ජාතියකුත් ඉන්නවනේ. උන් මේවා කෑවත් කමක් නෑ, බඩේ රුදාව හැදුනහම අරින පඩ වලින් අපේ ගෙවලුත් හද ගහන එක තමා ඉවසන්න බැරි.

      Delete
    2. හා හා ඌරා හරාම් බොලව්

      Delete
  4. (ම්ම්මාහ්හ්හ් - කිස් එකකි )

    කියන්ට දෙයක් ඉතුරු නැත....

    ReplyDelete
  5. හරියටම හරි මචං... දෙගොල්ලොම කරන්නෙ මග ඇරලා යන්න ඕන බලු බෙට්ට කාලා ඇඟ පුරාම ගාගන්න එක තමයි.... ඊට පස්සෙ 'උඹ ගඳයි' කියලා දෙන්න දෙන්නට කියා ගන්නවා. මාමත් දන්නවා දඩාවතේ යන බල්ලෝ ඉන්නකං කට්ටිය බලු බෙටි පස්සේ දුවනවා කියලා... කවුරුත් අලුතෙන් ඇවිත් අරින්න ඕනෙ නෑ බං.. අපි අපිටම ඇතිවෙන්න ඇරගන්නවනේ..

    ReplyDelete
    Replies
    1. මාමා ඉස්සෙල්ලා බඩේ රුදාව ලේ බඩ යවල හරි ගොඩ දැම්මා. ඒකට මම මුකුත් කියන්නෑ. හැබැයි ඊට පස්සේ ප්‍රෝ බයෝටික් ටිකක්වත් බඩට වැටෙන්න කලින් ආයෙත් ජරාව කෑවොත් මාමා නෙමේ මාමාගේ මුත්තා ආවත් ගොඩ ඒම බොරු.

      Delete
  6. හික්....

    ඒක නෙමේ අන්න දැන් කොලොම්පුරේ බල්ලන්ට කක්කි දාන්නත් තහනම්ලු පාරේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තහනම් වුනාට ඔය දාන්නේ බං. ඇයි දැක්කේ නැත්ද රහ කර කර කන එවුන් එහෙම.

      සුභ වේවා!!! අහවල් එක ලැබේවා!!!

      Delete
  7. මෙන්න සුපිරි ලියැවිලි.. උපමා උත්ප්‍රාස ආයි කියල වැඩක් නෑ..මේ මලදානේ තේරුං ගන්න සමාජයක් නැති එකනේ වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නලීන් අයියේ...මෙතන ප්‍රශ්ණ කීපයක් තියනවා

      1. උත්ප්‍රාසය මැජික් වීම නිසා නොතේරීම.
      2. අළුතෙන් පෘථිවියට බැසි ජාතියානුරාගී දෙවියන් බ්ලොග් ගත් වීම.
      3. තේරුණාට ඊට වඩා බලු බෙටි රස බව සිතීම.
      4. අජූත උනත් බෙටි කා හැදෙන බඩේ අමාරුවෙන් ගොඩ යාමට සිතීම.

      Delete
  8. Replies
    1. ...ගහන්න ඕන නේද බලු බෙටි කන වුන්...

      Delete
  9. නියමයි පේට්‍රියට් නියමයි.
    බොබසේ ට මේ කතාව ඊයකින් යවන්න ක්‍රමයක් නැතෙයි. උපරිම විදියට ඉලක්කෙටම දුන්නා නේද?

    ReplyDelete
    Replies
    1. බො බ සේ අන්තවාදයට පසුබිම සැකසුවා වෙන්න පුළුවන්, ඒ හා සමානවම සමහර විට ඊටත් වඩා රහස් ජිහාඩයත් මේකට වග කියන්න ඕන.

      හොයල බලපු විදිහට බො බ සේ ටිකක් මැදුම් පිළිවෙත පැත්තට එන්න හදන කොට අනිත් පැත්තට ඇදල දාන කට්ටියක් බිහි වෙලා. ප්‍රධාන එක තමා 'සිංහල රාවය'. අර මරාගෙන මැරෙන අය ඉන්නවා කියන්නේ...හිකිස්....

      මේකට එක්කහු වෙලා වටවෙලා අසූචි කන වුන්ට නම්, කෙලවුනත් කමක් නෑ. ඒත් හත් දෙයියනේ මුන්ගේ අධෝ වාතේ ගද මේ අහක ඉන්න අපිත් ඉවසන්න ඕනෙද..

      Delete
  10. ඊයා මෙයා.. කක්කා කතා අපි නං ඕව කන්නෑ.. මොහොමඩුයි ධර්මපාලයි කෑවට.. චික් චික්.. ගදත් එනවා බං...හැබැයි එකක් පැට්රියට්... මේක විද්දට වැදුන බව දන්නෙත් නැතිව ඇති.. ඒකයි පුරස්නේ...

    ReplyDelete
    Replies
    1. විද්ද බව නොතේරෙන කතාව ගැන නම් මටත් සැකයි බන්. සමහර විට නොතේරෙනවත්ම නෙමේ, තේරුනේ නෑ වගේ හිටියහම බඩ නොයයි කියල හිතනවා.

      Delete
  11. හ්ම්..... බලාගෙන ඉඳිමු!

    ReplyDelete
    Replies
    1. වෙන මොනව කරන්නද බං. මටත් කියන්න තියෙන්නේ..

      මට පිස්සු වගේ ඕයි . .
      වගේ නෙමේ ඕයි . .
      හොදටම පිස්සු ඕයි !!!

      කියල තමා.....

      Delete
  12. ගූ කන එකේ ඉවරයක් නෑ.....වෙන කන්න දේකුත් නෑ.....

    ReplyDelete
    Replies
    1. කන්න දේවල් නැතුව නෙමේ බං. තාම මුං හිතන් ඉන්නේ මේ කන්නේ 'අහිංසක ජරාව', ඒ කියන්නේ ගොම, මඩ කියල. ජරාව බව පැහැදිලිවම දන්නවා...ඒත් යෝගට් එකෙන් ගොඩ යන්න පුළුවන් බඩේ රුදාවක් හැදෙයි කියල හිතං ඉන්නේ....පුහ්..

      Delete
  13. උඹ කියන්න හදන දේ කී දෙනෙකුට තේරෙයිද පේට්‍රියට්

    ReplyDelete
    Replies
    1. මට ඕක නොහිතුනාම නෙමේ හැලපෙ. තව අමුවෙන් කියන්න හිරිකිතයි බන්. මේ බෙටි කතාවට වඩා ඇතුලේ කතාව හරි හිරිකිතයි. තේරෙන භාෂාවෙන් ප.ලි. යක් කොටාගෙන ඉන්නේ. තව ටිකක් වෙලා බලල ඒකවත් දානවා.

      ඒකත් තේරුනේ නැත්නම් බ්ලොග වහල දානවා....

      Delete
  14. ඇත්තෝ කති බොති සුඛති.නැත්තන්ට බලු බෙටි රස කරවා කවති.

    ReplyDelete
    Replies
    1. අන්න හරි...නියම නිර්වචනය...

      Delete
  15. ඊළඟට කතා කරන්නේ මේ බල්ලා කාලා තියෙන්නේ සුපර් ක්‍රීම් ක්‍රැකර්ද වගේ ප්‍රශ්න. තාම මුලික පශ්චාත් මරණ පරීක්ෂණ අවධිය.

    ReplyDelete
    Replies
    1. මොහම්ඩ් උලමට ආදේශ කලොත් සුදීක අයියා හරි. ඒත් බහුතර මොහමඩ්ලා, ධර්මපාලලත් එක්ක තාම බෙටි රස විදිනවා. රුදාව ඉස්සරහට එන්නේ. කෙළ වුනාම අපිව බේරගන්න වීරයා ආයෙමත් පරම්පරා ගාණකින් ගොඩ. අපි නරි නාවනවා...

      Delete
  16. ඇත්තම කියනවනම් මේක මට තේරුණේ නෑ.

    ධර්මපාලට උපමා කළේ බො බ සේ ද? නොයෙසේ නම් කවුද...?
    මොහමඩ් ට උපමා කළේ උලමාව ද ? නෙයෙසේ නම් කවුද...?
    බලු බෙට්ටට උපමා කළේ කුමක් ද..?

    උත්ප්‍රාසාත්මක කතාකරණය ටිකක් අමාරු වැඩක්....ආවාට ගියාට කරන්න බෑ. සංයමයෙන් භාෂා ප්‍රයෝග හසුරුවන්න ඕන.
    මේ කතාවේ යටි පෙළෙන් තේරුම් ගතයුතු දේ උඩු පෙළිනුත් අමුවටම කියවෙනවා.එතකොට යටි පෙළේ අරුතක් නැති වෙනවා.
    ඒ නිසා මට නම් මේ පෝස්ට් එකට "පට්ටයි" කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියගේ කමෙන්ට් එක මම හැමදාම ආසාවෙන් බලා ඉන්න කමෙන්ට් එකක්. ගිය පෝස්ට් එකේ උඹේ කමෙන්ට් එක පෝස්ට් එකට වඩා දාහකින් වටිනවා. මේ සැරෙත් එහෙමයි.

      උඹේ අවංක අදහසට මම ගරු කරනවා. මේක හලාල් එක්ක පටලව ගන්න එපා. සුමිත් අයියා අහල ඇතිනේ තලේබාන් මොහමඩ්ල ගැනයි, තලේබාන් ධර්මපාලලා ගැනයි. හලාල් ඉවර වුනත් මේ අය තාම හරාම් වෙච්ච බලු බෙටි කනවා. බලන්න සිංහල රාවය දිහා එහෙම. ඉතුරු ටික උඹට හිතා ගන්න බැරි වෙන එකක් නෑ.

      Delete
    2. මට ඒක නොතේරුණා නෙවෙයි, මට කියන්න අවශ්‍ය වුනේ උඹේ ප්‍රයත්නය එච්චර සාර්ථක වෙලා නැහැ කියන එකයි.

      Delete
    3. ඒක වෙන්න පුළුවන්. සමස්තයට ආමන්ත්‍රණය කරන්න මගේ භාෂා ශෛලීය තව දියුණු වෙන්න ඕන. මම ඒකට උත්සහ කරනවා. සංවර්ධනාත්මක විවේචන අගයන්නේ ඒ නිසා.

      Delete
  17. විජය ලංකාවට අවේ සියා කියන එකා එක්ක අවුල්කරගෙන නෙන්නම්..එත් සමහරු නම් කියනව අපි එහෙම අල කරගත්තේ නැකියලා,ඒ කියන්නේත් එහා පැත්තේ එකාගේ පොකට් එකට වීදීන ගමන්.ආරේ ගතිනැරේ සීයාගේත් සීයගේ පුරුද්දනේ..........


    ReplyDelete
    Replies
    1. විජයගෙන් පැවතෙන සීන් එක ගැන නම් මටත් ලොකු අවුලක් තියනවා. ඒ ගැන මම මීට කලින් පෝස්ට් එකකත් කිව්වා. ඒ තර්කාණුකූල පදනමෙන්. ඒත් මේ දකින දේවල්වල හැටියට ඒකත් එහෙම නොවෙන්නත් බැරි නෑ.

      ස්තුතියි අදහසට..දිගටම වරෙන් මල්ලි...

      Delete
  18. යකෝ මෙහෙම කියෙව්වාම හිතෙනවා අපේ මෙහේ වෙන දේවල් බලන අල්ලපු රටේ උන් හෙට අනිද්දට කියයිද කියලා උඹ ලොරි ටෝක්ස් දුන්නට රටේම උන් කන්නේ බලුබෙටිනේ කියලා . .

    හියෑක් හූ .. ඊයා . .

    ReplyDelete
    Replies
    1. ඇයි උනුත් ඕකම තමා...උන්ගෙත් ආතල් හීනය අපේ එවුන්ට ඕවා කවන එක තමා.

      Delete
  19. මට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ..
    උඩ කට්ටිය කියලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ මොනව හරි කියහං බං.

      Delete
  20. හුටා! සෝස් නැතුවම කාලා නේ?
    ලනු කෑවා නම් කඹ රීපියව් කියලා කතාවක් තිබ්බා වන්සපෝනටයිම්.

    ReplyDelete
    Replies
    1. කඹ රෙන කොට තමා මුන්ට *කේ දැවිල්ල වැඩි වෙන්නේ. එකක් කාලා ඉවර වෙද්දි තව එකක් හොයා ගන්නවා. ඩූඩ් ව ආදරයෙන් දේශමාමකයෙක් කර ගන්නවා.

      Delete
  21. මේක නියමයි බන්....වදින තැන් වලට කතා නැතුවම වදිනවා....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන්. උඹල හරි මේ පෝස්ට් එක තේරුම් ගත්ත එක ලොකු හයියක්.

      Delete
  22. ආයේ නැ ඩෝ පට්ට පෝස්ට් එක..උපහාසය , සත්‍ය,
    යථාර්තය උපරිමේට තියෙනවා..මෙහෙම දෙයක් වත්
    තේරුම් ගන්න බැරි නම් ඒ අය ගැන කතා කරලා වැඩක්
    නැහැ...
    මට නම් එකෙම්ම superb ...!



    මේවා bulk මේල් හදල යවන්න ඕනේ පේට්‍රියෝ ...

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ. මේවා බල්ක් මේල් නෙමේ, කොටල පොවන්නයි වෙන්නේ. එකක් ඉවර වෙන කොට තව එකක් ගානේ අපේ එවුන්ට මේ තලේබාන් ආගම්කාරයෝ (අන්ත්වාදී බෞද්ධ, ඉස්ලාම්, හින්දු, කතෝලික) ගුලි බස්සනවා. මුන් රහ කරකර කනවා. උඹේ අගය කිරීමට නිහතමානීව සතුටුවෙනවා මචං.

      Delete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.