Wednesday, September 4, 2013

චේතිය පරපුරේ කබ රාලගේ වික්‍රම (ඔබේ මුදල් හැට්ට අස්සේ හෝ සරම අස්සේ ගසා ගැනීමට කාලයයි)


ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක නගනු ලබන ප‍්‍රශ්නය - 2013.09.04

සෙන්ට‍්‍රල් ඉන්වෙස්මන්ට් ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී නැමති මූල්‍ය සමාගම බංකොලොත් වීම හේතුවෙන් 6000කට වැඩි තැන්පතුකරුවන් සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව තිබීම පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි. 

සෙන්ට‍්‍රල් ඉන්වෙස්මන්ට් ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී (CIFL නැමති මූල්‍ය සමාගම පසුගිය 2012 දෙසැම්බර් මාසයේ සිට තමන්ගේ තැන්පත්කරුවන් වෙත ඔවුන්ගේ තැන්පතුවලට අදාල පොලිය හෝ කල් පිරුණු තැන්පතු ආපසු ලබා දීම අත්හිටුවා තිබෙනවා. මේ හේතුවෙන් එම තැන්පතුකරුවන් බලවත් අර්බුදයකට මුහුණ පා ඇති තිබෙනවා. ඇතැමෙක් ජීවිතයේ සැඳෑ සමයේ ජීවනෝපාය සඳහා, ශල්‍යකර්ම ආදී හදිසි සෞඛ්‍ය වියදම් පියවා ගැනීම සඳහා, දරුවන්ගේ ආවාහ විවාහ කටයුතු සඳහා වූ වියදම් අපේක්ෂාවෙන් තමන්ගේ ඉතුරුම් මුදල් තැන්පත් කළ අයයි. මේ තත්වය තුළ ඔවුන්ට ජීවත්වීම සහ අනෙකුත් වියදම් සඳහා තමන්ගේ දේපළ විකිණීමටත් උකස් තැබීමටත් සිදුව තිබෙනවා.

CIFL ආයතනය තමන්ගේ ප‍්‍රචාරණ කටයුතු මගින් සහ මෙම සමාගම 2011 අංක 42 දරන ව්‍යාපාර පනත යටතේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ බලපත‍්‍රලාභී මුල්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කරනු ලැබ ඇති බව සඳහන් කිරීම මගින් CIFL සමාගම වෙනුවෙන් 6000කට වැඩි තැන්පත්කරුවන් ප‍්‍රමාණයක් ආකර්ෂණය කරගන්නා ලද අතර එම සමස්ත ආයෝජනය රුපියල් බිලියන 3.4ක් පමණ වෙනවා. 

කෙසේ වුවද සමාගම මූල්‍ය දුෂ්කරතාවයකට මුහුණ පා ඇති බව සඳහන් කරමින් පසුගිය දෙසැම්බර් මාසයේ සිට තැන්පත්කරුවන්ට පොලී මුදල් ගෙවීම අත්හිටවනු ලැබුවා. මේ වන විට ගෙවිය යුතුව ඇති එම පොලී මුදල පමණක් රුපියල් මිලියන 150 ඉක්මවනවා. නමුත් අධ්‍යක්ෂ මණ්ඩලය හා විධායක නිලධාරීන් විශාල වැටුප් හා දීමනා ලබමින් සිටි අතරතුර ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් තැන්පත්කරුවන් රාජ්‍ය බලය උපයෝගී කරගනිමින් තමන්ගේ තැන්පතු මුදල් නිදහස් කරගැනීමට කටයුතු කළා. තත්වය මෙසේ තිබියෙදීත් මහ බැංකුව මෙම මූල්‍ය සමාගමේ අධික්ෂණ කටයුතු නොසලකා හැර තිබූ අතර 2013 මැයි මාසය වන තෙක්ම ඊට අදාල පියවරක් ගැනීමට මහ බැංකුව අසමත් වුණා. අනතුරුව මැයි මාසයේ මහ බැංකුව විසින් රොස්කෝ සහ ස්වර්ණා මෙලෝනි යුවලට ආයතනයේ පරිපාලනය භාරදෙනු ලැබුවා. රොස්කෝ මෙලෝනි එහි සභාපති ධූරය සඳහා පත්වෙන්නේ සමාගමේ කිසිදු මුදලක් ආයෝජනයක් නොකරයි. සභාපති සහ උප සභාපති ලෙස ඔවුන් දෙදෙනා විසින් පිළිවෙළින් මැයි 22දාතමින් හා ජුනි 20 දාතමින් තැන්පතුකරුවන්ට දන්වා සිටින්නේ අදාල පොලී මුදල් සහ තැන්පතු මුදල් ලබාදීමට කටයුතු කරන බවත් ඉවසීමෙන් තමන් සමග රැඳී සිටින ලෙසත්ය.

මේ කිසිදු මැදිහත්වීමක් තුළින් තැන්පත්කරුවන්ට විසඳුමක් නොලැබීම තුළ තැන්පත්කරුවන් සිය ගණනක් ආයතනය වෙත පැමිණ විරෝධය පෑමට කටයුතු කළා. ඒ අනුව මහ බැංකුව, CIFL ආයතනය ගොඩනැගීම සඳහා පිළියම් වාර්තාවක් ලබාදෙන ලෙස පීපල්ස් ලීසිං පීඑල්සී සමාගමට භාර කළා. කෙසේ වුවද එය විසින් කරන ලද නිර්දේශ මොනවාදැයි මේවන තුරුත් තැන්පතුකරුවන්ට කිසිවක් දැනුම්දීමට පියවර ගෙන නැහැ. එසේම අසරණභාවයට පත් තැන්පත්කරුවන් විසින් පිහිටුවාගත් සංගමය විසින් බලවත් ලෙස ඉල්ලීම් කිරීමෙන් අනතුරුව මහ බැංකු අධිපතිවරයා විසින් සාකච්ඡාවක් ලබාදී තිබුණා. එහිදී ඔවුන් තමන්ට සාධාරණයක් වේ යැයි අපේක්ෂා කළත් කිසිවෙකුටත් අදහස් ප‍්‍රකාශ කිරීමට ඉඩදී නොමැති මහ බැංකු අධිපතිවරයා තමන් කියන දේ පමණක් අසා සිටින ලෙසට තැන්පත්කරුවන් වෙත තර්ජනය කර තිබෙනවා. ලෝකයේ මෙවැනි ආයතනවලට ලබාදී ඇති විසඳුම් පරිදිම තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂයක් හෝ දෙකක් ලබාදී ආයතන වසා දැමීමට තමන්ට බලය පාවිචිචි කළ හැකි බවට ඔහු තර්ජනාත්මකව පවසා සිටිනවා.

එහෙත් මුදල් මණ්ඩලය යටතේ බලපත‍්‍රලාභී මුල්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කරනු ලැබීමෙන් අනතුරුව මෙසේ ආයතන කඩාවැටීමට ඉඩහැරීමට ඉඩදීමට මහ බැංකුවට නොහැකියි. මෙම කඩා වැටීමෙන් පෙන්නුම් කෙරෙන්නේ රජයේ පාර්ශවයෙන් සිදුවිය යුතු අධීක්ෂණය නිසි ලෙස සිදු නොවී ඇති බවයි. එසේම ආයතනය ස්වභාවිකව මරණයට පත්වන්නට ඉඩහැර කොමිස් මුදල් වෙනුවෙන් CIFL ආයතනය තවත් ආයෝජකයෙකු යටතට පැවරීමට මහ බැංකුව සූදානම් වන්නේදැයි සහ බංකොලොත් වූ ආයතනයේ කොටස් මිලදී ගැනීමට තමන්ට බලකෙරෙනු ඇත්දැයි තැන්පතුකරුවන් දැඩි බියට පත්වී සිටිනවා. මහ බැංකුවේ අධීක්ෂණ කටයුතු නිසි ලෙස සිදු නොවීමේත් ආයතන පරිපාලනයේ දූෂණ ක‍්‍රියා හා වැරදි කළමනාකරණය වෙනුවෙන් තමන් වගකිවයුතු නැති බව තැන්පතුකරුවන් දැඩිව අවධාරණය කරනවා. 

මේ තත්වය තුළ පැන නගින පහත ගැටලූවලට පිළිතුරු අදාල අමාත්‍යවරයා විසින් ගරු සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.
     
    01. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ බලපත‍්‍රලාභී මුල්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමෙන් තැන්පතුකරුවන් වෙත ලබාදී ඇති රැුකවරණය කුමක්ද?

    02. මෙමආයතනය කඩාවැටෙන තුරු අදාල ක‍්‍රියාවලිය මහ බැංකුව විසින් අධීක්ෂණය නොකළේ මන්ද?

    03. අගෝස්තු 26 දාතමින් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් යොමු කරන ලද ලිපියේ තැන්පතුකරුවන් 60%ක කොටස් ගත යුතු බවට අධ්‍යක්ෂ මණ්ඩලයට යෝජනා කරනු ලැබ ඇත්ද?

    04. තැන්පතුකරුවන්ට අදාල තැන්පතු මුදල් හා නියමිත පොලී මුදල් ගෙවීමේ සැලැස්ම කුමක්ද?

    05. ආයතනයේ කඩාවැටීමට වගකිවයුතු අධ්‍යක්ෂ මණ්ඩලයට හා නිලධාරීන්ට එරෙහිව ගනු ලැබ ඇති පියවර කවරේද?


22 comments:

  1. කබරාල කියන්නේ අමු හොරෙක්.. අනික අර කිව්වා වගේ මහ බැංකුව අධීක්ෂණය කරන්නේ අහවල් එකද කියලා තමයි අහන්න තියෙන්නේ. පුමුඛ බැකුවේ සල්ලි දාපු උනුත් තවමත් අනාතයි. උගෙ අම්මගෙම ආර්ථිකයක් තමයි තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ප්‍රමුඛ, ඉන්ඩ්‍රස්ට්‍රියෙල් ෆයිනෑන්ස් දෙකම සම්පූර්ණයෙක් බංකොලොත් වුනා. මුදල් තැන්පත් කරපු අයට කොටස් වශයෙන් දෙන්න පොරොන්දු වෙලා බෝලෙ බැස්සුවා. කොටස් කීපයක් ගෙවලා නැවැත්තුවා. කිසිම වගකීමක් තියන වගක් පෙන්නේ නෑ. දැන්නම් හොදම වැඩේ ඉස්සර කාලේ කලා වගේ වත්තේ වලක් හාරල සල්ලි වලලන එක.

      දැන් දැන් මේක පුපුරන්න හොදටම ළගයි. කෙන්රිච් ෆයිනෑන්ස් එකට තව ඉතාම කෙටි කාලයයි, ඊටත් පස්සේ පීපල්ස් ලීසිං. මේ ඔක්කොම කිව්වේ මහ බැංකුවේ අනුමත ඒවා විතරයි.

      Delete
  2. 01. අනෙකුත් සමාගම් කෙරෙහි ලබාදී ඇති රැකවරණය කුමක්ද..?
    02. මීටපෙර සෙලින්කෝ, ප්‍රමුඛ බැංකුව වැනි ආයතන කඩාවැටෙද්දී අධීක්ෂණය කලාද ?
    03....
    04. අනෙකුත් මුල්‍ය ආයතන සඳහා ඇති එවන් වූ සැලසුම් කවරේද..?
    05. මින්පෙර එවැනි දේ සිදුවූ විට ගත ක්‍රියාමාර්ග කවරේද..?

    ශ්‍රී ලංකාවේ මහා බැංකුව තමන්ට අදාළ දෙහර න් හැම දේම කරයි.
    පසුගිය මස අප ආයතනයේ සංවත්සරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ දේශකයා වූයේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාය . එවිට අපි ඉතාමත් සාරගර්භ දේශනයක් බලාපොරොත්තු වුනේ ඔහුගේ දේශපාලන දර්ශනය කුමක් වුවත් වෘත්තිකයන්ගේ සභාවකදී වෘත්තිමය මට්ටමේ කතාවක් ඇසීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් ඇසීමට සිදු වුයේ විමල් වීරවශ අච්චුවේ දේශනයකි. මහින්ද චින්තනයේ වරුනාව විනා කියූ දෙයක් නැත.

    ReplyDelete
    Replies
    1. තැන්පත් කරුවන්ගේ සංගමයේ විධායක සභිකයෙක් ඉන්නවා, කබ රාල හූ.ඇන්.පියෙන් ඡන්දෙ ඉල්ලපු වෙලේ මූල්‍යමය උදව් කරපු එකෙක්. ඌ කියන විදිහට මූට තියෙන්න මවපු පුහු ප්‍රතිරූපයක්. සට්ටැඹිබවට හොදම නිදසුනක්.

      Delete
  3. උබ කිව්වත් වගේ තංගල්ලෙ බැංකුවෙ දාන්න කාලෙ හරි..

    මුන්ට කිසිම වගකීමක්, බැදීමක් නැති හැත්තක් !!

    ReplyDelete
    Replies
    1. තංගල්ල තමා හොදම තැන සෑමා. ඒත් ඉතිං මේ යන විදිහට රජකාලේ වගේ තන් බද්දකුත් මුන් ගැහුවොත් ඉන්කම් ටැක්ස් එකට බඩු මාට්ටු වෙනවා.

      Delete
    2. තං බද්දක් කෙසේ වෙතත් දැනටමත් තං බදාගෙන ගහනව බං..

      Delete
  4. නියම ආර්ථික ඝතකයා තමයි ඔය මහා බැංකුවේ ලොකු පුටුවේ ඉන්න එකා.
    දේශපාලනෙට ඍජුව සම්බන්ධ උන්ව මේ වගේ තනතුරු වලට පත්කිරීමේ විපාක තමයි මේ.

    ReplyDelete
    Replies
    1. දේශපාලන සම්බන්ධකම් තිබ්බත් කමක් නෑ, අර ලංකා බැංකුවේ හිටපු සභාපති වගේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න බැරි නම් යනවනම්.

      ඒත් කබ රාල කියන්නේ අංක එකේ ජාවාරම් කාරයෙක්. මෙතනදී දේශපාලකයන්ට එල්ල වෙන චෝදනව තමා අර කොන්ද කෙලින් තියන ආඩම්බරකාර පියාට, මෙච්චර කැබිනට් ඇමතිවරයෙක් ප්‍රසිද්ධියේ ආර්ථික ඝාතකයා කියල චෝදනා කරද්දිත් මූව හොයල බලල අයින් කරන්න පණ නැති එක.

      Delete
    2. මංජුල ඉස්සර නිවාඩ් කබ්‍රාල් ජනප්‍රිය උනේ වරලත් ගනකාධිකරණ ආයතනයේ ඉටි හොදම පාලකයෙක් හැටියට... එය අධ්‍යාපන ආයතනයක් .. එයට කට්ටිය ‍රැව‍ටුනා.. ඒ මිනිහ මයි කියල හිතිල චන්දෙදිත් වැඩ කලා..
      කබ්‍රාල් බැන්දෙ රේනුකා හෝටලය ඇතුලු ව්‍යාපාර හිමි රවි තම්බයියගෙ සොහොයුරිය..
      තම්බයියල නොයෙකුත් ජිල්මාට් වලට ප්‍රසිද්ධයි
      ඒ සෙට් එක එක්ක තමයි කබ්‍රාල් පිරමිඩ් සෙල්ලම කලේ...
      මහින්ද ගාවට පැන්නෙ ඕක වහගන්න..
      මූ මුලින්ම කලේ පිරමිඩ් ෆයිල් නැති කරපු එක...
      අපිට කතා කරන්න තිබුනෙ - මහ බැංකුව වගෙ තැනකට චූදිතයෙක් දානකොට - එදා කතා කලේ සන්ඩේ ලීඩර් එක විතරයි
      මෙයට පෙර කිසිම ආන්ඩුවක් - කළු පැල්ලමක් වත් තිබුන කෙනෙක් ඔතන තිබ්බෙ නෑ
      එදා ආන්ඩුව සමග සිටි - මේව නිහඩව බලා සිටි ජනතා විමුක්ති පෙරමුනටත් මේ පාපයෙන් ගැලවෙන්න බෑ ----- සුභග

      Delete
  5. අංගෙ අම්මගෙ මූල්‍ය පාලනයක් තියන රටක්නේ මේක. මහා ලොකුවට දඬුවම්ල සක්විතිල හිටිය කාලෙ මුං කිව්වෙ අනුමත ආයතන වල විතරක් සල්ලි දාන්න කියල. කෙලවුනාම එකෙක්වත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමේ, මුන් CIFL එකට අවසර දීලා තියනවා, Your investment is secured by the Sri Lanka Deposits Insurance Scheme of the Central Bank of Sri Lanka කියල මිනිස්සුන්ට කියන්නත්. මේක අමුම අමු ඇන්දිල්ලක්. දැන් මූ කියනවා කිසිම වගකීමක් ගන්න බෑ කියල. ඒ දේ ඊයේ සරත් අමුණුගමත් පාර්ලිමේන්තුවෙදි කිව්වා. ඉතිං අපි බැංකුවල දාන සල්ලි ගැන කවුද වග කියන්නේ.

      Delete
  6. ස්තූතියි මචං මෙහෙම වත් මිනිස්සුන්ව දැනුවත් කරන එකට . . .

    ReplyDelete
    Replies
    1. බොහොම දෙනා ආර්ථිකේ ගැන කතා කරන කොට හිතාගෙන ඉන්නේ, 'අපි හෙව්වොත් අපි කනවා' කියල. ඒත් මේවා පිපිරිලා ආයෙ නැගිටින්න බැරිවෙලා ඉන්නකොට හිතෙයි, ඊට කලින් මොනවහරි කරන්න තිබ්බා නේද කියල. ඒත් එතකොට පරක්කු වැඩියි දුකා.

      ජ.වි.පෙ. ගැන මොන මත තිබ්බත් මාධ්‍ය අවදානය අරගෙන මහ බැංකුවේ කුමන්ත්‍රණ ගැන කියන්න උදව් කලේ තාම උන් විතරයි. ඒත් තැන්පත් කරුවන්ගේ සංගමයේ බොහොමයක් ආණ්ඩු ගැත්තෝ.

      Delete
  7. මචන් කබ්රාල් ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ.. ඒ මනුස්සයට බැනලා වැඩක් නැහැ.. ඒ මනුස්සයගේ පිටින් තමයි සේරම ටික යන්නේ දැන්... මට කියන්න තියෙන්නේ කබ්රාල්ට බැනලා වැඩක් නැහැ.

    ReplyDelete
  8. තංගල්ලේ බැංකුවේ දැම්මත් මුන් ඒකටත් ගහයි කියලයි මට බය,ඔලුව අතගාන ගමන් බෙල්ල ගලවල අතට දෙන පාලකයෝ ඉන්න රටනේ,කබ්රාල්ට බැනල වැඩක් නෑ ඌ ඉත්තෙක් විතරයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා.. මුල්‍ය ආයතනවල අධීක්ෂණය තනිකර බොරුවක් උනේ මේ යකාගේ කාළේ.. එතෙක් කළකට ලංකාවේ උනේ "ප්‍රමුඛ" කඩා වැටීම විතරයි.. එහෙම වගකීමක් නැති නිළධාරින් සිටින නිසා තමයි මේ රට අගාධයට යන්නේ..

      Delete
  9. දැං මිනිස්සුන්ට බැංකු වල දාන්න සල්ලි ඉතිරිවෙනවද කියන එකනේ ප්‍රශ්නේ...

    ReplyDelete
  10. යකෝ මොන මඟුලටද මහ බැංකුවක්. ඕන එකෙකුට ඕන දෙයක් කරන්න පුළුවන් නම් අහවල් ලබ්බකටද අපේ සල්ලි වලින් පඩි දෙන්නේ. නොදකින් .. නොදකින්... නොදෝමකින් මෙහෙම රටක්.

    ReplyDelete
  11. බොහොම වැදගත් ලිපියක්. අන්තිමේදි බලපුවහම නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.

    ReplyDelete
  12. අර අයිටීඑන් එකේ චැට් & මියුසික් මෑතක් වෙනකම් ස්පොන්සර් කලේ කැන් රිච් කාරයෝ.ආන්ඩුව මේවා නොදැණගෙනද ඔහොම වැඩ කරන්නේ?

    ReplyDelete
  13. coming up next...
    ETI
    Kanrich
    Commercial Credit
    ...and many more...

    Source: senior officer of a leading finance company

    ReplyDelete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.