Thursday, May 9, 2013

මාළු ලෑල්ලෙන් ඉගෙන ගැනීම (පාඩම් අංක 1)



දවස් කීපයක ඉදල අපේ පැත්තට මාළු අරන් එ සීයා ආවේ නෑ. අසනීප බවක් කිය කිය හිටපු නිසා අදත් නොඑයි කියල උපකල්පනය කරලා චූටියගේ තරමක් දුරින් තියන මාළු ලෑල්ලට ගියා. කාලයක් මුණ ගැහුනේ නැති නිසා චූටියා එක්ක ආගිය තොරතුරු කතා කරන අතරේ විදුලි බිල ගැන කතාවත් ඇදුනා.

'ගිය මාසේ කරන්ට් බිල 3000යි බන්. මෙතන ලයිට් තියෙන්නේ සී.එෆ්.එල්. විතරයි. ඒවත් දාන්නේ දවසට පැය තුනයි. තිබ්බ ඩීෆ්‍රිෂර් එකත් ගෙදෙට්ට ගිහින් දැම්මා මෙතන බිල වැඩි නිසා. දැන් ලබන මාසේ තව 1000න් විතර බිල වැඩි වුනහම ඉතිං මාළු ගන්න එන මිනිස්සුන්ගේ පිටින් තමා ඕක යවන්න වෙන්නේ'

ආයෙත් පුහු ව්‍යාපාරික ටෝක් අපි අතරේ වැඩක් නැතිබව දන්න චූටියා කෙලින්ම කියල දැම්ම. මාළු ඉදල හිටල හරි කන, අපි නොකෑවත් පොඩි එකාට කන්න දෙන මං වගේ සාමාන්‍ය මිනිස්සු ගැන ඇතිවුනේ දුකක් වගේම තරහක්.

චූටියගේ නොදන්න කම ගැන මම පුදුම වුනේ නෑ. ගල් බෝතලයක, මාළු කිලෝ එකක, අයිස් කිලෝ 10ක ගණං ඇරුණු කොට වෙන මොන කෙංගෙඩියකවත් ගණං මිනුං වගේම රටේ තොටේ වෙන දේවල් ගැනත් ඌ දන්න දෙයක් නෑ.

'බලං හිටහං රුපියල් දාහෙන් ෂේප් වෙන්න, ලබන මාසේ ඉදල අඩුම තරමේ රුපියල් පන්දාහක් වත් ලෑස්ති කරගනිං කරන්ට් බිල ගෙවන්න' 

'ඇයි යකෝ..එහෙම වෙන්නේ කොහොමද?.. මහින්දය කරන්ට් බිල අඩු කලානේ'

මම චූටියට දුන්න උත්තරේ ඇතුලේ ජාතික භාෂාවේ තියන මිහිරිම වචන කීපයක් තිබ්බ නිසා ඒක මෙතන දාන්න බෑ.

එක අතකින් චූටියට එහෙම බැනලා වැඩක් නෑ. අපේ රටේ වැඩිපුරම ඉන්නේ මේ චූටියල තමා. ඒ චූටියලට මේ රටේ ඉන්න පාලකයොත් හරි ආදරෙයි. නසරාණි වෙන්න වහින කාලෙත් අපෙන් කෙලවෙන ඉන්ධන ගැලපුම් ගාස්තුව, මුලු විදුලි පරිභෝජනයට අය කරන මුදලෙන් 40% බව වත්, ලොක්කා මැයි දවසේ දුන්න කැරට් අලයෙන් කලේ ඒකෙන් 25% ක්, වඩාත් පැහැදිලිව කිව්වොත් අලුතෙන් හැදෙන වැඩිවෙච්ච බිලෙන් 10% විතරක් අඩු කල එකවත් මේ චූටියල දන්නෙත් නෑ. ලොක්කා දෙන කැරට්වල ලස්සන නිසා මුන්ට තේරෙන්නෙත් නෑ. ඒ ඔක්කෝටම වඩා මුන්ට තේරිලා තියෙන්නේ ලොක්කා කරන්ට් බිල අඩු කලා කියල විතරයි, 80% වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩි කරලා කියල තේරෙන්නේ නෑ.

යමක් කමක් තේරෙන්නෙ නැති තත්වෙක හිටියනම් හොදා කියල මට හිතුන බොහොමයක් වාර වලට මේ සිද්ධියත් එක හේතුවක් වුණා. මොකෝ අපි කරන්ට් බිල එනකම්මත්, ඒක ගෙවනකම්මත්, ඊටත් පස්සෙත් ඉන්නේ ලේ කෝප වෙලා. ඒත් චූටියා බිල එනකම් ආතල් එකේ ඉන්නවා. බිල ආවහම මාළුවල ගාණ වැඩි කරනවා. ඒකෙන් මාස් පඩි කාරයා වෙච්ච මං ගන්න මාළු ටිකටත් කෙල වෙන බව ඇත්ත. ඒත් වැඩේ හරිම සිම්පල්.

මමත් ඉගෙන ගත්තා හොද පාඩමක්. අනිත් දවසේ ඔය බඩු මිල, බදු වැඩි වුනහම ඕව ගනං ගන්නේ නෑ. වැඩි කරනවා මගේ පඩිය......හෑ..... "&#$@!&*@!#*!(#%@!

හා...බලන්න හොද නැද්ද විසදුම....

සැ.යු. ඉහත පින්තූරයේ සිටින මාළු වෙලෙන්දා අපේ චූටියා නොවන අතර, රෙද්ද උස්සා පෙන්වන්නේ 'අපවිත්‍ර' කාන්තාවක් නොවන බව සලකන්න.

32 comments:

  1. ලිපිය කියෙව්වෝ.... සහනාධාර තමා තාම අපට හුරු මලයෝ...

    ReplyDelete
    Replies
    1. හනේ නෑ නලියෝ....අපිට පුරුදු හිතින් බැන බැන වුනත් උන්ට වවාගෙන කන්න දෙන එක. සහනාධාර කියන වචනේ දැන් අවුට් ඔෆ් ඩේට්

      Delete
  2. මචං මට මේක පැහැදිලිව කියපං. දැන් අපි මොකද කරන්න ඕන? බිල නොගෙවා ඉන්න එකද? එහෙමත් නැත්තං ආණ්ඩුව වෙනස් කරලා රනිල්ට හරි ෆොන්සේකට හරි ආණ්ඩුව දෙන එකද? එහෙම දුන්නම රනිල් හරි ෆොන්සේකා හරි බිල අඩු කරයිද? නැත්තං වෙන මොනවා හරි වැඩ පිලිවෙලක් උඹ ගාව තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ටෝන් එක විදි දෙකක් විදිහට ගන්න පුළුවන්

      සාකැස්ටික් - බිල නොගෙවා ඉන්න එපා. ගෙවන්න. ලබන මාසේ බිලත් දැන්ම ගෙවන්න

      රියල් මීනිංග් - ගෙවන්න. රතු බිල එනකම් සහ රතු බිලට අනුව විසන්ධි කරන දිනය වෙනකම් විතරක් නොගෙවා ඉන්න. මේ ආණ්ඩු පෙරලියකට උත්සහයක් නෙමේ. ඒත් මේ දේවල් හරහා ඒවට පසුබිම සැකසෙන්න බෑ කියල කාටවත් කියන්නත් බෑ. ලංකාව තියෙන්නෙත් ලෝකෙ ඇතුලෙනෙ.

      ලංකාවේ විදුලි සම්බන්ධතා ආසන්න වශයෙන් ලක්ෂ 55ක් තියනවා. ලක්ෂ 14ක් රතුබිල එනකම් මාස දෙකක් ගෙවීම පරක්කු කලා නම් ලංවිම භාන්ඩාගාරෙට දරන්න බැරි වෙවා. (දැනටත් අමාරුයිනේ) පෞද්ගලික විදුලි බලාගාර 6ක් එක්ක තියන ගිවිසුම් නිසා ඒ ලක්ෂ 14 විදුලිය හදිසියේ විසන්ධි කරන්නත් බෑ. එහෙම කලොත් ලංකාවම හබක්.

      මේ බලපෑම මත අඩුම තරමේ මහනුවර කාර් රේස් එකක් වත් නවතීනේ නේද... :-P

      Delete
    2. මචං ප්‍රශ්නයක් අහපුවාම ඒකට වටේ නොයා කෙලින් උත්තරයක් දීපං.

      Delete
    3. ඇයි ඔයා දැක්කේ නැද්ද?

      //ගෙවන්න. රතු බිල එනකම් සහ රතු බිලට අනුව විසන්ධි කරන දිනය වෙනකම් විතරක් නොගෙවා ඉන්න.//

      Delete
  3. මාළු නෙමෙයි සියළුම දේවල් වල මිළ ඉහල යන එක කිසි සේත් නවත්තන්න බෑ. විදුලිය කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ මූලීකම අමුද්‍රව්‍ය.....

    කොහොමත් පිත්තක් අරගෙන ගිහින් මාළු අල්ලගෙන කන සයිස් එකක් තමයි ඉස්සරහට එන්නේ.. ආශ්චර්ය කෙසේ වෙතත්.. සිරිමාගේ යුගේ නම් බුදු ෂුවර්....

    ReplyDelete
    Replies
    1. සිරිමාගේ යුගේ - පහළ ඉන්න සහන්ගේ ලිපියක් කියවල ආවේ දැන්.

      මම ලිව්වේ ඇත්තම අත්දැකීමක්, ආයේ ප්‍රභන්ධ වචනයක්වත් නෑ. මාළු කියන්නේ බොහොම සුළු දෙයක්, මේ හරහා කෙළ වෙන අනිත් දේවල් එක්ක බැලුවහම.

      Delete
  4. මචන් පේට්‍රි මෙතන අවුල අපේ බන් . චූටියා ලස්සනට ජීවත් වෙනවා . උබලා අපි අර ඒදන්ඩේ යන්න බැරි පණ්ඩිතයෝ වගේ . අපි හිතනවා

    මේකේ යන්න පුලුවන්ද ?
    හයිය හත්තිය තියේද ?
    මැද්දෙදි කඩන් වැටේද ?
    දෙපැත්තට වැනෙයිද ?
    වැනුනොත් මොන දෙයියන්ටද කියන්නේ ?
    දෙයියෝ අහයිද අපේ දුක ?
    පහළ වතුර තියේද ?
    වතුර ගැඹුරද ?
    වතුර නැද්ද ?
    වතුර නැතුව ගල් උඩට පත බෑවිලා තුනටිය පනීද ?
    ඒදන්ඩේ නොයා දියේ පීනන් යන්න පුලුවන්ද ?
    මට පීනන්න පුලුවන්ද ?
    කෙන්ඩ පෙරලෙයිද ?
    එහා ඉවුරේ මොනවද තියෙන්නේ මෙච්චර බලු දුකක විඳගෙන යන්න ?


    ඔන්න ඔහොම හිතලා අන්තිමට නොයා ඉන්නවා උබලා අපි වගේ උන්.

    චූටිලා යස අගේට ඒදන්ඩේ යනවා.


    මේකට මොකද හත් ඉලව්වේ කරන්නේ ...? ඇත්තටම මචන් පේට්‍රියෝ අපිට මේකේ යාගන්න පුළුවන් වේවිද මචන්....? ( චලිත සමීකරණ , පීඩන සංතුලනය , බිඳ වැටුම් ලක්ෂය සාදමින් ............ )

    ReplyDelete
    Replies
    1. අවුල අපේ නෙමේ අපේ දෙමව්පියන්ගේ, මොන මගුලකට අධ්‍යාපනයක් දුන්නද මන්දා... අපේ කරුමෙට දුමින්ද සිල්වා සින්ඩ්‍රෝමයවත් හැදෙන්නේ නෑනේ අපිට.

      //ඇත්තටම මචන් පේට්‍රියෝ අපිට මේකේ යාගන්න පුළුවන් වේවිද මචන්....//

      බුකියේ යාළුවෙක් කියල තිබ්බා, මෙහෙම රටක 'ආයුබෝවන්' කියල ප්‍රාර්ථනා කරන්නේ තරහකාරයෝ කියල.

      Delete
  5. අඩේ... අපේ යාලුවෙක්නෙ.. මේ... මං ආවා ඈ... දැන් කම්මැලියි.. වෙන වෙලාවක කියවන්නම්

    ReplyDelete
    Replies
    1. අඩෝව්...යාළුවන්ට ඔහොමද සලකන්නේ....

      Delete
  6. අපි මේවා මෙතන කොයිතරම් කතා කලත් කිසිම වෙලාවක බලධාරීන් අර අහවල් එක අඩු කරයි කියලා උඹ හිතනවද? අනික මචන් අපිට ලයිට් බිල ගන කියවන්න තියෙන්නේ තව පොඩි කාලයයි..! ඊට දුමින්ද මර්වින් රනිල් මහින්ද ඉන්ධන මත්තල වගේ මාතෘකා කිහිපයකින් එකක් හරි වෙන එකක් හරි අහඹුව තෝර ගන්න ඇහැකි වෙයි..!! අවුලක් ගන්න එපා..,ලංකාවේ තියෙන්න විද්දේ හාවට වැදුනේ පඳුරට ලයින් එකේ ආර්ථිකයක් නිසා ප්‍රභාකරන් කිව්වත් වගේ අපේ ලක්වැසි ජහමනයාට සති දෙකක් යනකොට ඔය ඔක්කොම අමතකයි..!!
    හම්මේ..!!!
    මට හරී සනීපයක් දැනෙනවා හසන්ත..!!

    ReplyDelete
    Replies
    1. //අපි මේවා මෙතන කොයිතරම් කතා කලත් කිසිම වෙලාවක බලධාරීන් අර අහවල් එක අඩු කරයි කියලා උඹ හිතනවද?//

      මේක කිව්වට උඹ ගැන මම වරදවා හිතන්නේ නෑ ලිෂ්. ඒත් මේ මානසිකත්වය ඇති කරන එක තමා ආණ්ඩුවේ බත් ගොටටන්ගේ ප්‍රධාන අවිය වුනේ. ඒ දේ නිසා පරණ පුරුදු විදිහට ගේ ඇතුලේ බැනල බැනල ලේ කෝප වෙලා නින්දට ගිහින් සති දෙකෙන් පස්සේ වෙන චෛතසිකයක් අල්ලගන්න එක අපිට පුරුදු වෙලා. මේක තමා අර පාපතරයන් ලබපු ලොකුම ජය.

      අපිවත් මේ මානසිකත්වයෙන් එළියට එමු. කාටවත් බැන බැන ඉන්නේ නැතිව.

      Delete
  7. එක අතකට මාළු ලෑල්ලේ චූටියා හරිම වාසනාවන්තයි. දෙන දෙයක් කාල ඉන්න බැරුව උඹල එනවා මෙතන ආණ්ඩු පෙරලන්න! දේශද්‍රෝහී හැත්ත! ලයිට් බිල් වැඩියි? ඉතිං මොකෝ? යකෝ තිස් අවුරුදු යුද්දෙන් අපේ රට ගොඩගනිපු රජ්ජුරුවෝ නේද? මොකා? නයිට් රේස්? අනේ යකෝ.. ඒ අපේ රජ්ජුරුවන්ගේ පුතා.. එතුමාගේ පුතා රේස් පැද්දම මොකෝ? උඹලට ඊරිසියාව. ජාතිද්‍රොහියෝ...

    ReplyDelete
    Replies
    1. බලහංකෝ ගල් බෝතලේ දාහකින් විතර වැඩි කරපු දවසට ඕකට වෙන දේ. එදාට මාළු ගාණ වැඩි කලොත් මම උගේ මාළු මන්නේ මගේ අතට ගන්නවා. මාළු කපන්න නෙමේ.

      Delete
    2. දෙයියනේ වැඩි කරහන්!!

      Delete
  8. උඹේ පඩිය ඉතින් උබට නං වැඩි කරන්ඩ පුළුවන් , එතකොට බං අනිත් එකාල

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්...මා...මයේ දෙයියා....

      ඔය රෙද්ද තමා බං මම මේ දත කාගෙන අහන්නේ.

      Delete
  9. ලයිට් බිල නෙවෙයි ප්‍රශ්නයක් වෙන්නෙ අනෙකුත් භාණ්ඩ හා සේවා වල මිළ ගණනුයි.

    ReplyDelete
    Replies
    1. මේක මගේ ඇත්තම (100%) අත්දැකීමක් සුමිත් අයියේ. නවගමුව පත්තිනි දේවාලෙට මීටර් 700 විතර කඩුවෙල පැත්තට වෙන්න තාම චූටියගේ මාළු ලෑල්ල තියනවා.

      මේ ඔය සමස්ථයෙන් එක නිදර්ශකයක් විතරයි. සමහරවිට අපිට අඩුම බලපෑමක් කරන එකක්.

      Delete
  10. මාළු කන්න කියල නීතියක් ඇත්තෙත් නෑ.. ලයිට් දාන්න ඕනමයි කියල ඇත්තෙත් නෑ. ඒවා බොලාට ඕන නිසා කරන දේවල්. ඒවට ආණ්ඩුවට වග කියන්න බෑ.. අඩු ගානේ ලොක්කා දෙන සහනෙවත් අපට වැඩක් නෑ.. හරිනේ...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත බන්... :-D

      මාළු කන්න කියලවත්, ලයිට් දාන්න කියලවත් විතරක් නෙමේ, කොහොමත් නීතියක් ඇත්තෙ නැහැනේ මෙහේ (නෑ නෑ කළුතර බෝධිය ගාව අනවසරෙන් මල් විකුණන අයට තියනවා, මරදානේ බඩුවලට තියනවා, යකඩ සුධර්මන්, කුඩු දුමියා, මර්ඩර් ධර්මසිරි, රේප් සුනිල් ට නෑ)

      Delete
  11. කතාව කලින් ලිපියෙ කරන් යාමට වඩා ( මේ ලිපියත් ඒ ගැනම නිසා ) මෙහි කරන් යෑම පහසුය.

    "ඔය කකුලෙන් ඇදීමෙන් සිද්ධ වෙන්නේ වක්‍රාකාරෙන් එන සහන කොහොම වෙතත්, තවත් ලැම්බෝගිනි ගෙන්වන්න, රජ මාලිග හදන්න වගේම ටී.වී. චැනල් පටන් ගන්න තවත් චාන්ස් දෙන එකයි. අපි ගැන අනුකම්පා කරලා ජනතාව ඉල්ලන්නේ නැතුව සහන දුන්න අවස්ථා එහෙම තියනවද?"

    අපේ ලයිට් බිල වැඩි උනේ මේ කියන එවා නිසා නම් සහ විදුලි බල මන්ඩලය ලාභ ලබනවා නම් විදුලි බිල අඩු කිරිම(සහන දීම ) බොහෝ වටිනා මෙන්ම සාර්ථක වටිනා කතාවකි.


    එසේම "සහන දීම" ගැන ගැන ඔබ හරියට තේරුම් ගෙන ඇති බව මට නොපෙනේ.

    "සහන" දෙන්නේ නම් ඒ දෙන්නේද අපේම සල්ලි වලිනි. අපි කෙලින්ම නොගෙව්වුවත් වක්‍රාකාරයෙන් හෝ මුලු වියදමම ගෙවමු. මෙතෙක්ද ගෙවා තිබේ. නැතිනම් විදුලි බල මන්ඩලය මේ වන විට වැසී තිබිය යුතුය.

    ReplyDelete
  12. මාළු කන්න බැරිනම් මස් කාපල්ලා....

    ReplyDelete
    Replies
    1. මාළු එකා වගේ නෙමේ මස් කඩකාරයට ඩී ෆිෂර් එක නැතිවම බෑ.

      මේ එක නෙමේ උඹේ රගහල සදාකාලික නින්දෙද?

      Delete
  13. මචං උඹ සාකෑස්ටික් විදිහට කිව්වට, ඇත්තටම ඒක නෙමෙයිද විසඳුම?

    අපි ඉන්නේ ජනතාවට ඇහුම්කං නොදෙන, මුළු රාජ්‍ය පාලන යන්ත්‍රයම එක් පවුලක සුඛවිහරණය, සුරක්ෂිතභාවය වෙනුවෙන් ග්‍රහණය කරගත් පාලනයක් එක්ක. අමාත්‍යංශ යටතේ තියන විවිධ විෂයන් සම්බන්ධ දැනුමක් තියන ඇමතුවරු අපිට ඉන්නවද? දේශපාලන බලපෑමෙන් තොර පරිපාලනයක් තියනවද? වැරදිකාරයෝ දඬුවම් ලබනවද? වගවීමේ සම්ප්‍රදායක් තියනවද? මේ මොකුත් නැහැ බං.

    චූටියා හරි... ප්‍රායෝගිකව සහ කෙටි කාලීනව උඹලට කරන්න පුළුවන් එකම දේ උඹලගෙ පඩිය වැඩි කරගන්න එක. ලේසි නැති වෙන්න පුළුවන්. නමුත් බිලේ බර මිනිස්සුන්ට දැනෙන්න ගන්නකොට ඔය දේ අනිවාර්යයෙන් සිද්ධවේවි.

    ReplyDelete
  14. සමනල විප්ලවය ලියන්නෙත් ඉස්සර ටැබූ ලියපු කෙනාම ද?
    ReplyDelete
    Replies

    1.
    AnonymousMay 22, 2013 at 9:11 AM

    ටැබූ ඉන්නවා මේ වෙද්දීත් බ්ලොග් වල.අලුත් නමකින්,අලුත් බ්ලොග් එහෙකින්.පරණම බ්ලොග් ලියපු අය නම් පුද්ගලයාව හඳුනාගෙන ඉන්නේ මේ වෙද්දී.ඔබත් උත්සාහ කරන්න.ටැබුට හැංගෙන්න බැහැ.එයා ලියන වචනයක් වචනයක් ගානේ එයාව පේනවා.
    Delete
    2.
    AnonymousMay 22, 2013 at 9:33 AM

    ටැබූගේ ලක්ෂණ

    දේශපාලන විද්‍යාව ගැන දැනුම ඉතා ඉහළයි.
    සංකීර්ණ ගණිතය හැකියාව ඉතා ඉහළයි.
    භෞතික විද්‍යාව ගැන දැනුම ඉතා ඉහළයි.
    ව්‍යාපාරික දැනුම ඉතා ඉහළයි.
    සාහිත්‍යම දැනුම සාමාන්‍යයි.
    ජීව විද්‍යාව ගැන දැනුම ඉහළයි.
    විවිධ රටවල් ගැන දැනුම ඉහළයි.
    ලෝක දේශපාලනය දැනුම ඉහළයි.
    පරිගණක ගැන දැනුම ඉහළයි.
    කොකේන් භාවිතය සාමාන්‍යයි.
    ස්ත්‍රී ඇසුර සාමාන්‍යයි.
    වෙනත් මත් ද්‍රව්‍ය භාවිතය අල්පයි.
    එකිනෙකට වෙනස් හැසිරීම් ඉතා ඉහළයි.
    තම පුද්ගලික ජීවිතය ගැන එළි කිරීම අල්පයි.

    ReplyDelete
    Replies
    1. ලියන්නේ කවුද කියන එක වැදගත්ද?

      Delete
  15. මොඩන් මෙව්වා එකානනි නොලියන්නේ මන්ද

    ReplyDelete
    Replies
    1. බුකියට වැදුණොත් ඌ ආයේ එනවා බොරු අටමෝ...

      Delete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.