Saturday, April 20, 2013

පවිත්‍රා මගේ කටට එබූ ඒ සුන්දර අත ( කෝ මගේ හක්කේ දත )



සමාවෙන්න අවුරුද්දට කලින් හම්බවුන සල්ලි වලට වෙච්ච දේ ගැන හොයල බලන්නවත් වුනේ නෑ රෙද්දේ රෙවෙන්න දීලා තියනවා අපේ දේශප්‍රේමී ආණ්ඩුව. පෝස්ට් එකක් ලියන්න වෙලාවක් නෑ. ලයිට් ඔෆ් කරල, ලැපත් ඔෆ් කරල මෛත්‍රී භාවනාව කරන්න තියෙනවා.

මේකත් පිළි අරගෙන ආණ්ඩුවට බැනල අපේ ලේ පුච්චගෙන නිකං ඉමුද? නැත්නම් දැන්වත් දැනෙන්න මොනව හරි කරමුද? හැමදාමත් බලා හිටියහම අපි ගැන දුක හිතෙයි කියල හිතුවද?



(කාටුන් එක ලක්බිම පත්තරෙන් ඉස්සුවේ, ඒකේ ගහලම තියනවා දැක්කනේ)

31 comments:

  1. ආණ්ඩුවට දැනෙන දෙයක් කරන්න ලංකාවේ මිනිස්සු එකතු වෙන්නේ නෑ ,අපි අනික් රට වල මිනිස්සුන්ට වඩා නියුට්‍රල් ජාතියක් .

    ReplyDelete
    Replies
    1. මිනිස්සු එනවා. 2002 දී ආන්ඩුව පෙරලුවෙත් එහෙමයි. එතනදි මිනිස්සු දෙන්නෙක් ජීවිත පිදුවා. මිනිස්සු මැරෙන්න උනත් එනවා. 72 දිත් ආවා, 88-89 දිත් ආවා. නමුත් ඒ සඳහා නායකත්වයක් අවශ්‍යයි.

      Delete
    2. හැමදාම නියුට්‍රල් කිය කිය සාප කර කර හිටියට වැඩක් නෑ බුවා. 21 වෙනිදා සිද්ධ වෙන දේ ගැනවත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.

      සමාවෙන්න කමෙන්ට් කරන්න පරක්කු වුණාට.

      Delete
    3. 21 මොකක් වෙයිද , ලාල් කාන්තලා මීට කලින් "මහා දැවැන්ත උද්ඝෝෂණ " කලේ අන්න ඒ වගේ හෝ ඊට වඩා ජුන්ඩක් හොඳ වෙයි

      Delete
  2. සිරාවටම එහෙම කලා නං අනිවා අඩු කරන්ඩ වෙනවා, කොහෙද තමන් ගැන විතරනක් හිතන කාල කන්නි මිනිස්සු එක්ක එහෙම කරන්නේ

    ReplyDelete
    Replies
    1. උබ කියපු කතාව හරියටම හරි මචන්..අනික ඉතින් එලියට බැස්සොත් ඉතින් ලැබෙන දෙයත් හිතාගන්ට පුලුවනිනේ..එක නිසා කටපුක වහගෙන ඉන්න තමයි වෙන්නේ..ඔය කිව්වට ඊළඟ චන්දෙදිත් මහින්ද මාමටම කතිරේ ගහයි..

      Delete
    2. @ අටම්, ටික්කා,

      මිනිස්සු එහෙම අයත් ඉන්නවා. නමුත් මේක දරාගන්න බැරි මිනිස්සු වැඩියි. විශේෂයෙන් හම්බකරන්න ඇත්තටම දුක් විදින මිනිස්සුන්ට. ඒ නිසා හරියට සංවිධානය වුනොත් විශ්වාස කරන්න පුළුවන් නායකත්වයක් හැදුනොත් මිනිස්සුන්ගේ බලය යට කරන්න කාටවත් බෑ.

      සමාවෙන්න කමෙන්ට් කරන්න පරක්කු වුණාට.

      Delete
  3. මහ කාලකන්නි රටක් අප්පා මේකනම් දැන්

    ReplyDelete
    Replies
    1. රටට බැනල වැඩක් නෑ බං. මේ රට රත්තරං. මිනිස්සුන්ට පොදුවේ බැනල වැඩක් නෑ. අවුල තියෙන්නේ මේ සිස්ටම් එකෙයි. ඒත් සිස්ටම් ගැන හිතන්න කලින් දැනට තියන සිස්ටම් එකේ ඉන්න ගල් අණ්ඩයෝ ගැන හිතන්න වෙනවා.

      සමාවෙන්න කමෙන්ට් කරන්න පරක්කු වුණාට.

      Delete
  4. ඕක කරන්න බැහැ , කරත් ඕක හරියන්නේ
    නැහැ ..අනේ මට නම් බැහැ .මට වැඩ තියෙනවා .P

    ReplyDelete
    Replies
    1. අන්න හරි සහන්. ටිපිකල් ශ්‍රී ලාංකීය ජනතාව නියෝජනයක් මෙතන සිද්ධ නොවුනානම් හෙන අවුල්. උඹ ඒක කලා.

      සමාවෙන්න කමෙන්ට් කරන්න පරක්කු වුණාට.

      Delete
    2. \\\සමාවෙන්න ටිකක් පරක්කු වුණාට.\\

      මචන් විප්ලවේ දාට නම් ඕක කියන්න ලැස්ති වෙන්න එපා ඕන් ...


      ඒක නෙවේ මම කමෙන්ට් වලට රිප්ලයි දැම්මා වගේ පෝස්ට් එකක් දැම්මොත් නාකද ...?මොකද ගොඩක් අය මේල් සබ් දාල නැහැ නෙව.

      Delete
    3. ඔන්න තව විනාඩි 2න් දානවා.

      Delete
  5. සංවිධානය වෙනවනම් කරන්න බැරිදෙයක් නෙවෙයි.....හැබැයි දීර්ඝ හර්තාලයක් දක්වා මෙහෙයවන්න පුළුවන් නායකත්වයක් අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. කියන්න තියන ලොකුම දේ සුමියා කියල. මාතලනුත් ඒ අදහසේ ඉන්න නිසා යමක් කමක් දන්න මිනිස්සු ඉන්නවා කියල පොඩි ආතල් එකක් ආවා.

      සමාවෙන්න කමෙන්ට් කරන්න පරක්කු වුණාට.

      Delete
  6. කරන්න ඕනේ දෙයක්! කවුරුත් කරන්නේ නැත්නම් අපිවත් කරන්න ඕනේ!

    ReplyDelete
    Replies
    1. අදුරට සාප නොකර එක පහනක් දල්වමු. කවුරු කිව්වත් අපිවත් පටං ගමු මේ ගැන හිතලවත්.

      සමාවෙන්න කමෙන්ට් කරන්න පරක්කු වුණාට.

      Delete
  7. තමන් ගැන විතරක් හිතන නිසානේ මෙහෙම සටහන් ලියන්න වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ගයනි. බුකියේ අපේ සිතුමිණි රත්නමලල මහත්තයා ලියල තිබ්බා 'විදුලි බිල වැඩිවීම ගැන කිව්වහම අපේ රටේ මිනිස්සුන්ට මතක් වෙන්න ගෙදර ලයිට් බිල විතරයි' කියල. ඒක ගෙවන ක්‍රමයක් හොයන එක තරම් අතිශය තාවකාලික නිස්සාර විසදුමක් තවත් නෑ.

      සමාවෙන්න කමෙන්ට් කරන්න පරක්කු වුණාට.

      Delete
  8. ඇත්තටම මෙහෙම බිල් ගෙවන්න සල්ලි තියනවද බං මිනිස්සුන්ට? සද්ද නැතුව ඉන්නේ සල්ලි තියෙන නිසාද?

    ReplyDelete
    Replies
    1. නෑ. තියන කතාකිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උපරිමයිනේ. ඒ නිසා බයයි. අපේ ගෙදරින් මේ වෙනකොට මටත් අවසන් නිවේදනය නිකුත් කරල තියෙන්නේ. (ඇයි ඒ කියල ටිකක් හිතුවොත්...)

      සමාවෙන්න කමෙන්ට් කරන්න පරක්කු වුණාට.

      Delete
  9. අපි කරුවලේ ජාතිය බෝ කරමු.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා බොබසේ කස්ටියගේ කුමන්ත්‍රණයක්වත්දෝ කියලා.

      Delete
    2. අන්න කිරිපිටි පැකට් එකටත් ආයෙත් කෙලින්න හදනවලු. එතකොට අත් බෝම්බ, රබර් කෑලි හොදයි කියල හිතෙයි.

      සමාවෙන්න කමෙන්ට් කරන්න පරක්කු වුණාට.

      Delete
  10. මහින්ද ජාතිමාමක කඩතුරාවෙන් ලස්සනට මිනිස්සුන්ගේ ඇස වහලා ඉවරයි,රාජපස්සක් ඇරෙන්න වෙන කවුරුවත් නායකයෙක් විදිහට ඉස්මතුඋනත් කොටි ලේබලේ වදිනවා ලස්සනට, මිනිස්සුන්ට් දැන් ඒක පත්තියම් වෙලා.

    ReplyDelete
    Replies
    1. ඔය තත්වේ ඉවසන්න පුළුවන් කාලයක් විතරයි. බඩට වඩා රට, ජාතිය ගැන හිතපු මිනිස්සු අනිත් පැත්ත ගහන්න පටං ගන්නකොට ඒකත් කෙරෙන්නේ විදුලි වේගෙන්.

      සමාවෙන්න කමෙන්ට් කරන්න පරක්කු වුණාට.

      Delete
  11. විපක්ෂය පණ නැති කරවන එක විධායක ජනාධිපති ක්‍රමයේ ම ප්‍රතිඵලයක්. ඒ නිසා කරන්න වෙන්නේ ජනතා නැගිටීමක් ම තමයි. පිලිපීනේ අකීනෝට, උගන්ඩාවෙ ඉඩි අමීන්ට, ඊජිප්තුවෙ මුබාරක්ට වගේ මේ හොරු රැළ ගහල පන්නන්න ජනතා නැගිටීමක් ඔනෙ.

    ReplyDelete
    Replies
    1. ජනතා නැගීටම බලෙන් ඇති කරන්න බැ. ඒත් මේ වෙලාවේ ඒ දේ වෙන්නේ නිරායාසයෙන්. අවශ්‍ය හරි නායකත්වයක් පමණයි. කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති මම මේ දේට සහය දක්වනවා. මැයි 21 වෙනිදා පටං ගන්න වැඩ වර්ජනේ වෙනුවෙන් පුළුවන් සහයෝගෙ දෙනවා.

      සමාවෙන්න කමෙන්ට් කරන්න පරක්කු වුණාට.

      Delete
  12. ලංකාවේ මිනිස්සු කෝමත් "විදුලි බිලම" ගෙවුහ. මීට කලිනුත් ගෙවුහ. ඉදිරියටත් ගෙවන්නාහුය. තීරණය කිරීමට ඇත්තේ ගෙවන්නේ සෘජුවම ද (ගෙදරට එන විදුලි බිල ලෙසද) නැත්නම් වක්‍රාකාරයෙන් (භාණ්ඩාගාරයෙන් හෝ බැංකු මගින් දෙන සහන ලෙස එන) යන්නය.

    ඔය කියන ආකාරයට ජනතාව නැගිට්ටා කියා එයට කිසි වෙනසක් නොවේ.

    Aka

    ReplyDelete
    Replies
    1. ඔය කකුලෙන් ඇදීමෙන් සිද්ධ වෙන්නේ වක්‍රාකාරෙන් එන සහන කොහොම වෙතත්, තවත් ලැම්බෝගිනි ගෙන්වන්න, රජ මාලිග හදන්න වගේම ටී.වී. චැනල් පටන් ගන්න තවත් චාන්ස් දෙන එකයි. අපි ගැන අනුකම්පා කරලා ජනතාව ඉල්ලන්නේ නැතුව සහන දුන්න අවස්ථා එහෙම තියනවද?

      සමාවෙන්න කමෙන්ට් කරන්න පරක්කු වුණාට.

      Delete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.