Friday, August 9, 2013

ලයිසන්ලත් සක්විතිලාගේ හෙන ගහන CIFL වංචාව (ශ්‍රී ලංකා මහ බැංකුවේ බබා පාට්)


දුක් මහන්සියෙන් යමක් ඉතුරු කරගත් මිනිසුන්, ඉන් පසු ඒ ඉතිරිය තවත් වර්ධනය කරගන්න පෙළඹීම ස්වාභාවිකය. සක්විතිගෙන්, කොතලාවලගෙන් මට්ටු වූ මිනිසුන් මේ ඉතිරිය තැන්පත් කරන්නේ හොදින් සොයා බලාය. සොයා බලන්නට මිනිස්සුන්ට තියන හොදම ක්‍රමය මහ බැංකුවය. ශ්‍රී ලංකා මහ බැංකුව කලින් කලට ප්‍රසිද්ධ මාධ්‍ය වල, මහ බැංකුවේ අනුමත බැංකු සහ මූල්‍ය සමාගම් වල ලැයිස්තුවක් පළ කරයි. එම ආයතන වල කටයුතු, ක්‍රියාකාරීත්වය සොයා බලන්නට වෙනම දෙපාර්තමේන්තුවක් පවා ඇත.

CIFL (Central Investments & Finance PLC) යනු එලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත මූල්‍ය ආයතනයකි. 1966 ආරම්භ කර 2005 දෙසැම්බර් මස ලියාපදිංචි මුදල් සමාගමක් බවට පත් වී ඇති ආයතනය මේ වනවිට රටේ අසාර්තකම මූල්‍ය ආයතනය පමණක් නොව නූතන සක්විති බවට පත් වී ඇත.



Registration Certificate under the Finance Companies Act



CIFL හි මුදල් තැන්පත්කරුවන් හට දැනට මාස 7ක පමණ කාලයක් තිස්සේ තැන්පතු වලට අදාල පොලී මුදල් සහ කල්පිරුනු ස්ථිර තැන්පත්වල මුලික මුදල පවා ගෙවාගත නොහැකි තත්වයකට පත්ව ඇත.

මින් වසර 2කට පමණ ඉහත සිට ලෝ ප්‍රකට ක්‍රිකට් තරුවක් වන සනත් ජයසූරිය ඔවුන්ගේ අධ්‍යක්ෂ කෙනෙක් ලෙසත්, ඔහු CIFL ආයතනයේ සන්නාම තානාපති ලෙසත් ක්‍රියාකරන බව පවසමින්, එසේම ආයතනයේ නීතිමය වලංගුභාවය ඔප්පු කරමින්, තරමක් ඉහළ පොලී අනුපාත ලබා දෙන බව පවසමින් මෙම ආයතනය ඉතා සිග්‍රයෙන් මුදල් තැන්පත්කරුවන් තමන්ගේ ග්‍රහණයට නතු කරගැනීමට සමත් වූහ.



Sanath Jayasuriya As CIFL Brand Ambassador


ජීවිතයේ සැදෑ සමය ගෙවීමට තමන් උපයාගත් අර්ථ සාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් මෙහි තැන්පත් කර එහි පොළියෙන් ජීවත්වන වැඩිහිටි පුරවැසියන් සේම, තම ඉඩ කඩම් විකුණා ගත් මුදල් අනාගත අයෝජනයක් වෙනුවෙන් යොදවනතෙක් තැන්පත් කර ඇති තැන්පත්කරුවන් දක්වා 5000කට අධික තැන්පත්කරුවන් CIFL ආයතනයේ අත්තනෝමතික මූදල් පාලනය හේතුවෙන් මේ වනවිට අන්ත අසරණ තත්වයකට පත්ව ඇත. 

සක්විති වෙත මුදල් ලබා දුන් ජනතාව මෙන් නොව, මොවුන් මේ මුදල් තැන්පත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව කෙරෙහි තිබෙන විශ්වාසය මත පදනම්ව බව මේ තැන්පත්කරුවන් සමග කතාබස් කිරීමේදී මැනවින් පසක් වේ. නමුත් මේ පිළිබදව විමසීමට මහ බැංකුවට ගිය සමහර තැන්පත්කරුවන්ගෙන් මහ බැංකු නිළධාරීන් අසා ඇත්තේ 'ඇයි ඕගොල්ලො ඔතන සල්ලි දැම්මේ?' කියාය.


මේ වනවිට මේ ගැන සොයා බැලීමට මහ බැංකුව නිළධාරියෙක් පත් කර ඇති නමුත්, මෙහිදී මහ බැංකුව වගකීම් පැහැර හරිමින් ක්‍රියා කළ ආකාරයක් පැහැදිලිව පෙනේ. එමෙන්ම නිර්ලජ්ජිත මහ බැංකු නිළධාරී CIFL ආයතනයේ කළමණාකාරීත්වයේ වෙනසක් සහ කොටස් හිමිකාරීත්වයේ වෙනසක් මෙම කඩාවැටීමට හේතු වූ බවත්, නව කොටස් හිමියන් සහ නව ආයෝජන පිළිබදව එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව නොමග යැවූ බවත් ප්‍රකාශ කොට අත සෝදා ගැනීමට සූදානම් වෙති. අපට ඇති ප්‍රශ්ණය වන්නේ ශ්‍රි ලංකා මුදල් මණ්ඩලයේ පිළිගත්, ලියාපදිංචි මුදල් සමාගමක මූල්‍යමය ශක්තිය මෙවන් තත්වයක් දක්වා බිද වැටෙනතෙක් මහ බැංකුව සිටියේ බක්න්නිලාගෙන, බඩ උලාගෙන, බට කලියාගෙනදැයි කියාය.

තවත් මෙය දුරදිග ගොස්, තවත් වැලිවේරියක් පුරහල CIFL ආයතනය ඉදිරිපිටි ඇති නොවේවායි අපගේ ඒකායන පැතුමයි. ඒ පැතුම ඉටු කිරීමට උරදීම ශ්‍රී ලංකා මහ බැංකු නිළධාරීන්ගේ පරම යුතුකමයි.



(මෙය හිතුමතේ හෝ CIFL ආයතනයේ නමට හානිකිරීම පිණිස වෙළද අරමුණකින් පළ කළ ලිපියක් නොව වගකීම් සහගතව සොයා බලා පළ කළ ලිපියකි. එසේම මේ ආයතනය නිවැරදි මාර්ගයට පැමිනේවි යැයි මාස 6කට අධික කාලයක් ඉවසා බලාසිට ලියන ලද ලිපියක් බව වගකීමෙන් පවසමි.)

මේ අසාධරණය නිසා අසරණ වූ තැන්පත්කරුවන් එකතු වී 'CIFL තැන්පතු හිමියන්ගේ සංගමය' (CIFL Deposit Holders Association) නමින් නීතිමට වලංගුභාවයක් සහිත සංගමයක් පිහිටුවාගෙන ඇත. එහි බ්ලොග් අඩවියේ සබැදිය පහත දැක්වේ.


http://cifldha.blogspot.com




30 comments:

  1. අධිපතිය ලංකාවෙ ඉන්න ලොකුම ජිල්මාට් සක්විතිය නෙ.
    ලංකාවට ඔය ජාවාරම් කාර මුදල් ක්‍රම වලින් ජනතාව සුරා කන ක්‍රම හදුන්වා දුන් මහා මොළ කාරයන් ගෙන් කෙනෙක් තමා ඔය ලොක්ක.

    ReplyDelete
    Replies
    1. කෙහෙළියට පස්සේ වැඩිපුරම රෙදි හෝදන්නෙත් මිනිහම තමා. PayPal වෙනුවෙන් අපි අරන් ගිය කතිකාව මුලදී දැකල නොදැක්කා වගේ හිටියා. ඊට මාස 6කට විතර පස්සේ තමන්ගේ මූලිකවෙලා කරන විදිහට මාධ්‍යවලට ප්‍රසිද්ධිය දුන්නා. අහෝ කබ රාල!

      Delete
  2. බලන්න කැන් රිච් ආයතනය ගැනත් කතා යනවනේ.හැබැයි උන් තමයි අයි ටී එන් එකේ චැට් &මියුසික් වැඩ සටහනේ අනුග්‍රාහකයා.ඉතින් ආන්ඩුවනේ හොරුන්ව ප්‍රොමෝට් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. කැන් රිච් කියන්නේ එකේ මේ තැන්පත්කරුවන්ව රැවැට්ටුව ඩිරෙක්ටර් කෙනෙක් සහ ඔහු විසින් රැගෙන ගිය කාර්‍ය මණ්ඩලයක් පවත්වාගෙන යන ආයතනයක්. මම දන්න පවුල් කීපයකට වල තැන්පත් කරන්න මග පෙන්වපු අය දැන් වැඩ කරන්නේ මෙතන. එ අනුව මෙතනත් දීර්ඝ කාලීන නැති බව හිතාගන්න පුළුවන්.

      Delete
  3. ගෝල්ඩන් කී එකේ දාලා මාත් කෙලවගෙන ඉන්නේ...මෙතනින් නම් යාළුවෝ කීප දෙනෙක්ගේ සල්ලි කලින් ඇදගත්තා.... දැන් ඉතින් සනත් ගෙන් තමයි ඉල්ල ගන්න වෙන්නේ. දීප්ති පෙරේරා රටෙත් නෑ. පාස්පෝට් එක උසාවියේ... පට්ට ආතල් එක කියන්නේ මහ බැංකුවේ අධිපතිගේ යාළුවෝ ඔක්කෝම මේවා වල ඉන්නේ.. මාරයිනේ..

    ReplyDelete
    Replies
    1. කබරාල මහත්තයා දීප්ති පෙරේරා කවුද කියල නොදැන හිටිය නොවන බව ප්‍රසිද්ධ රහසක්. මේවා බොහොම ලස්සනට යට යන හේතු අපි ආයෙ පැහැදිලි කරන්න ඕන නෑනේ.

      Delete
  4. මොකද්ද අප්පා මේ රටට වෙන්නේ මේ.. හොරු මංකොල්ලකාරයෝ ඔක්කොම ලොකු පුටුවල ඉඳගෙන දුප්පත් මිනිහගෙන් ටොපියේ ඉඳලම හොරකම් කරනව.. ඒ මදිවට උන්ගේ ජාවාරම්කාර හෙංචයියෝ ටික අමාරුවෙන් හම්බුකරගන්න ටිකට විදින්න මේවා හදාගෙන ඉන්නව... බැංකු ‌ලෝන් ගන්න හිතන්නවත් බැරි තරම් පොලී වැඩියි... තව අවුරුදු දෙකක් යනකොට මේ රට ඉතියෝපියාවට අන්ත වෙනවා මෙහෙම ගියොත්... බොන්න වතුර ටිකයි, කන්න එළවලු පළතුරු ටිකයි දැනට තියෙනවානේ.. වස විස එකතු වෙලා ඒ ටිකත් නැති උනාම ඉති‌ෙයාපියාවේ වගේ ඉන්න මිනිස්සු ගානට වඩා ආයුද තියගෙන පේන පේන එකා මර මර ඉන්න වෙයි....

    ගෝල්ඩන් කී එකෙත් වෙච්ච දේවලින් ආමාරුවෙ වැටුනෙ ඒකෙ වැඩ කරපු දෙවනි පෙලේ ඉඳලා ලොක්කෝ පොඩ්ඩො විතරයි.. අවුරදු 15ක් වැඩ කරලා ආයිත් රස්සාවක් වත් හොයාගන්න බැරි තරමට පාරටම වැටිච්ච කෙනෙක් මං දන්නව... ලොකු පුටු වලට නං එච්චර ලෙඩක් උනේ නෑ මං හිතන්නේ... මෙතනදි වත් සල්ලි දාපු අය වැඩේ දිගටම අල්ලගෙන ගියොත් හොදයි.. අඩු ගානේ පාරට වැටෙන මිනිස්සු ටික හරි අඩු වෙයි..

    ReplyDelete
    Replies
    1. දීප්ති පෙරේරා මෙ වෙනකොට සුවෙන් සැපෙන් ඉන්නවා ඇති. මම දන්න සහෝදරියක් මේ වෙනකොට මානසිකව බොහොම වැටිලා දවස ගානේ හුල්ල හුල්ල තමන්ගේ පෞද්ගලික ජීවිතය පවා අවුල් කරගෙන. හේතුව ඇය සහ සැමියා ජීවිත කාලෙම ඉතුරු කරපු ඔක්කොම මෙතන තැන්පත් කරලා.

      දැන් කොහොමත් වතුරවලයි, කිරිවලයි වහ නිසා එක්කෝ අරක්කු බොන්න වෙන්නේ, එහෙමත් නැත්නම් පියෝ වහ බෝතලයක්ම බොන්න වෙන්නේ.

      Delete
  5. WHAT HAPPENED TO MY COMMENT = COMMENTED YESTERDAY.

    ReplyDelete
    Replies
    1. I also got an e mail notification, but when i logged onto the blog, didn't see the comment, not even on the Spam folder. Not Sure what went wrong. Sorry.

      Delete
  6. 07.07.2013 SUNDAT TIMES SAYS, " NOW PEOPLES LEASING TO RESCUE CRISIS -hit CIFL" CAP. ANO

    ReplyDelete
    Replies
    1. I have read almost all the paper articles on this issue, including the one that you just mentioned.

      It's true that CBSL has appointed Peoples Leasing to manage CIFL now. But alas, Peoples Leasing are not given power and authority to make decisions on this matter. What CBSL tried is to activate the same model that they implemented to rescue Seylan Bank few years ago. But CIFL is in a very bad state, so the model won't work with them.

      Delete
  7. SLBC ekey Hadday uge golaya - TDK thamai Cifl promote kaley.

    ReplyDelete
    Replies
    1. රටේ සුප්‍රසිද්ධ චරිත රැසක් මේ වංචාවට හවුල් කරගන්න තරම් කළමනාකාරීත්වය සූක්ෂම වුනා. ඒ කපටි කම. ඒ වගේම නිර්ලැජ්ජිත දේශපාලනයක නියුතුවන කිහිප දෙනෙක්ම මීට සහය දැක්වූ බව දැන් පැහැදිලි වෙනවා මේ කමෙන්ට් දැක්කහම.

      Delete
  8. මෙලෙසම, තවමත් නම් හෙළි නොවූ, කරලියට නොපැමිණි, කිහිප දෙනෙක් මහජනතාවගේ එදිනෙදා දිවිය පාලනය කරයි

    රටේ සල්ලි උපදින්නේ කොතැනද?
    රටට සල්ලි ගලා එන්නේ කොහෙන්ද?
    රටේ සල්ලි ඇදී යන්නේ කොහේටද?
    රටේ සල්ලි කළමණාකරණය කරන්නෝ කවුරුන්ද?

    රාජ්‍ය භාණ්ඩාගාරයේ ධන ශේෂයක් තිබූ NM යුගයෙන් පසුව, ඉහත කොටස් එකතු කර සාදා ගත් සමීකරණය, සම්පූර්ණයෙන්ම අවුල් වුණා නේද? අපේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාකරකමුත් අපි නොදැනීම සමීකරණයේ එක් පැත්තකට බර වීමත් අනෙක් කාරණයය.

    ReplyDelete
    Replies
    1. මේ තත්වය මෑතකාලීනව ගොඩක් හොදින්, නොහිතන වෙලාවට එළි බැස්ස අවස්තා අපි මෑත කාලීනව දැක්කා.

      දැන් ඔය ප්‍රමුඛ පාලනයට පාර කපා ගන්න පිරිස හිතාගෙන ඉන්නවා ඇත්තේ ඒ අය අමරණීයයි කියල වෙන්නැති. කෝ මේ ලෝක ධර්මතාවයන්?

      Delete
  9. Hi I am a depositer of CIFL I have give through the annual reports and the IPO prospectus but now I feel all those informations are not accurate or correct. And there was no information what so ever about this Deepthi Perrra fellow. I tried to contact the Chairman Lakshman Rupasingha and he assured that they will pay me in three days. I contact Jayanth wickramaratne same answer was given I feel all theses people have lied openly to mislead us and now they are happy we are dying with out our heard earned money.

    ReplyDelete
    Replies
    1. Thanks for commenting. This is the real story behind many depositors of this modern 'Sakwithi'. Making wrong financial decisions is one part of the story, The other part is that CBSL was dumb until those liars collectively lied & cheated depositor. That's the most dangerous part in this story.

      Delete
  10. rorakam karannada central bank eka laisan deela theyenne

    ReplyDelete
    Replies
    1. මහ බැංකුව ලයිසන් දුන්නේ හොරකම් කරන්න නොවන බව ඇත්ත. ඒ වගේම ඒ ලයිසන් එක දෙන්නේ බොහෝ කොන්දේසි නීති මාලාවකට යටත්ව. ඒ වගේම මේ ආයතනය පිළිගත් මුදල් සමාගමක් බව ශ්‍රී ලංකා මහ බැංකුවම පිළිගන්නවා. ඒ නිසා මෙහි දූෂණ, වංචා, අක්‍රමිකතා සියල්ලටම ශ්‍රී ලංකා මහ බැංකුවත් සෘජුව වගකිව යුතුයි!

      Delete
  11. What will happen to our funds? is that the same incident happened in golden key and pramuka bank? Lets seek correct evidence and reveal the truth. How much liabilities and assets they have? Who is going to buy this bankrupt company?
    Does any body know wot happend to IFL depositors? Im requesting admin to post a fully detail post about wot happend to IFL depositors?
    did they return their funds after company closed? if any body knows about this please comment or post on this blog

    ReplyDelete
  12. In 2009 when Celinco collapse CB proudly said that all the companies are not registered with CB.What is the story now.This problem can be solved only by the Govenment intervention.They shoud take an ethical decision rather than pointing fingures to inncocent depost holders who belived CB is monitoring the company.It is a problem of gvt how they will react on CB oficials who fails to do their Job and take suitable action to pay money immediately.

    ReplyDelete
  13. ඇයි මතක නැද්ද පහුගිය කාලෙක කබ්රාල් අංකල් කිව්ව "මහ බැංකුවේ අනුමත මූල්‍ය ආයතනවල වුවත් ගණුදෙනු කරුවන්ගේ මුදල් සම්බන්ධ වගකීම ගන්න බැහැ" කියල.
    ඉස්සර කාලෙ වගේ මුට්ටියක දාල වලදානව.

    ReplyDelete
    Replies
    1. ඒත් මේකෙනම් එහෙම කතාවක් කියල නෑ.

      http://www.cbsl.gov.lk/pics_n_docs/02_prs/_docs/notices/notice_20090115e.pdf

      ඔය කබ රාල කියන්නේ පිරමීඩ වල සල්ලි දාන්න කියල වෙන්න පුළුවන්.

      Delete
  14. මුදල් ආයෝජනය ගැන මිනිස්සුන්ගේ දැනුම ගොඩාක් අඩුයි. අච්චර දෙනවා මෙච්චර දෙනවා කිව්වහම ගිහින් දානව. උඹ කිව්ව වගේ සක්විතිගෙන් පස්සෙ පොඩ්ඩක් හොයලා බලනවා ඇති. ඒත් ඉතිං රිස්ක් එක නං හරියට තේරුම් ගන්නවා කියල හිතන්න බෑ. ලංකාවෙ විතරක් නෙමෙයි බං.. ඕක ගොඩක් තැන් වල සිද්ධවෙනවා... කොහොම හරි උන් අන්තිමේ බංකොලොත් කියලා ඔප්පු කලාම එච්චරයි... මුදල් ආයෝජනය කියන්නේ සෑහෙන පරිස්සමෙන් කරනන් ඕනෙ වැඩක්...

    ReplyDelete
  15. බිත්තර ඔක්කොම එක කූඩෙක දාන්න එපා කියන්නේ මේක තමයි. ලංකාවේ අපේ තියෙන Gullible කමෙන් හැමෝම ප්‍රයෝජන ගන්නවා.

    ReplyDelete
  16. අපිට මොකෝ බන් වෙන්න යන්නේ?

    ReplyDelete
  17. මේ අපි ඉන්න රටනේ.. හපොයි

    ReplyDelete
  18. People deposited with CIFL as it is a registered financial institution of the monitory board, and trusted that the CBSL will be their saviour at any time of financial crisis. CBSL has a non bank financial institutions monitoring department specially to periodically monitor activities of financial institutions with top most priority to monitory board registered financial institutions. All financial institutions are supposed to submit their financial status report frequently (monthly I think) to CBSL. Then this financial crisis of CIFL is due to a total negligence of the CBSL and they are responsible to solve this problem immediately (even now its too late). We appeal to the President of the country, who is the Minister of finance, to intervene into this issue and find a prompt solution. If not all other depositors in other monitory board approved financial institutions will withdraw all their money immediately with fear that CBSL will not hold responsibility to financial crises of such institutions. This will be the start of the financial collapse of the country. This might be the state of affairs of the Banking sector too later on; and CBSL officials will question them; like they question us now; "why did you deposit your money in these institutions". Hope this will be an eye-opener to save our country as well as the poor and innocent depositors.

    ReplyDelete
  19. Mr. Sanath Jayasooriya; see how your hardly earned image is tarnished. Hope you can do something to prevent it at this juncture, and not allow it to be spread. We still hail you as our Cricket hero; and not in anyway like you being unpopular. Please don't take this as just another request. Remember little drops of water and little grains of sand, makes a mighty ocean and makes a mighty land. You have a long and fruitful journey ahead.

    ReplyDelete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.