ප.ලි. කිහිප දෙනෙක් මෙය තේරුම් ගැනීමේදී දුෂ්කාරතාවට පත් වූ බව හැගී ගිය නිසා, තේරුම් ගැනීමේ පහසුව සදහා මෙම පෝස්ටුව කියවීමට ප්රථම මාතලන්ගේ පෝස්ටුව සහ කමෙන්ට් තීරුව කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
......................................................................................................
මම පොඩි කාලේ, අපේ නංගී තාත්තගෙ පර්ස් එකෙන් නංගිගේ කැටේට දාන්න සත පනහක් උස්සන්න සපෝට් ඉල්ලනවා, මම බොක්කෙන් සප් එක දෙනවා. මොකෝ මම අම්මගෙනුයි තාත්තගෙනුයි සල්ලි මාටියා ගහන කොට මට සප් එක දෙන්නේ නංගි බබානේ. දවසක් මම දැක්ක තාත්තගේ පර්ස් එකේ කොළ පාට සල්ලි කොලයක් තියනවා, ලස්සන මොණරෙකුත් කොලේ ඇදල තිබ්බා. මම ඒක ඉස්සුවා.
නංගි කිව්ව 'අනේ අයියේ ඕක ගන්න එපා, ඔය ලොකු සල්ලි කොලයක්'
මම එයාව සත පහකට මායිම් කලේ නෑ. මම ඉස්සුවා, දිගටම ඒ වගේ කොළ ඉස්සුවා.
'ආයෙ එහෙම ඔහොම හොරකම් කලොත් මම අම්මට කියනවා' නංගි මට තර්ජනය කලා.
දෙන්නම් වැඩක් කියල මම වැඩේට බැස්සා. දිගටම මොණර කොළ ඉස්සුවා. ඒ එක්කම නංගි සත පනහ උස්සපු එක තාත්තට කිව්වා. ඒත් නංගි මම මොණර කොල උස්සපු එක තාත්තටවත් අම්මටවත් කිව්වේ නෑ. දැන් මට තවත් බයයි.
මම මෙච්චර දෙයක් කරලත් ඇයි එයා මාව අහු කරල දුන්නේ නැත්තේ කියල. නයාට බයට අපි නයාට ගහනවා වගේ මමත් නියම වැඩක් කලා, බය වැඩි කමට.
'මේ හොර නංගිව ගෙදරින් එළවමු' මම අම්මටයි තාත්තටයි කිව්වා. ඒත් මගේ හොරකම් ගැන තාත්තා දැනගෙන හිටිය බව, මම දැන ගත්තේ මේ වෙලාවෙදි.
'මේ උඹ මගෙන් මුකුත් අහගන්න එපා, උඹේ හොරකම් මම නොදන්නවා නෙමේ, එදා ගෙදරට හොරු පැන්න වෙලේ උඹ බය නැතිව පොලිසියට කියල අපිව බේරගත්ත නිසා මම ඉවසනවා, නැතිනම් දනී මං කරන වැඩේ' තාත්තා ගෝරනාඩු කලා.
තාත්තගේ සද්දේ නිසා මගේ සායම දිය වෙලා ගියා, අහල පහල හැමෝම මගේ කාඩ් එක දැන ගත්තා. අර එහා ගමේ ඉන්න 'එලිසබෙත් ආච්චි' විතරක් නෙමේ, ගගෙන් එහා පැත්තේ ගමක ඉන්න, 'ස්ටීවන්' බාප්පත් මේ ගැන ආරංචි වෙලා මට දෝෂාරෝපනය කලා.
මේක දැන ගත්ත අම්ම කිව්වේ මෙහෙම 'තෝ දැන ගනිං පුතේ, උඹල ඔය හොරකම් කරන්නේ, තාත්තයි අම්මයි බඩේ ගින්දරේ නොකා නොබී, දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි, ඔය අමාරු සල්ලි බයිසිකල් රේස් පදින්නයි තොගේ යාළු හැත්ත බුරුත්ත එක්ක ජෝගි නටන්නයි ගත්තට තොට හෙන වදියි' කියල.
ලැජ්ජාවෙන් බේරෙන්න මම නියම වැඩක් කලා, මම ගම පුරා ගැහුවා 'මඩ පත්තරයක්'. මට මේකට සප් එක දුන්නේ 'වැව ගාව ගෙදර' ඉන්න නදීයා.
මඩ පෝස්ටරේ මෙහෙම තිබ්බා....
'ඉහි ඉහි...මම විතලක් නෙමේ හොලකං කොලේ, නංගිත් හොලකං කොලා, මට විතලක් බයින එක නාකයි, නංගිටත් බනින්න'.
ඉස්ස ඉස්සෙල්ලම මේක ගැහුවේ හොරකම ආරන්චි වෙලා මට කොචොක් දාන 'මාතලගේ' ගේ ඉස්සරහ.
මොනව වුනත් මම පව්. නොදන්න කමටනේ හොරකං කලේ. නංගි වගේ ඈ..
තාම මම ගෙදර ඉන්නේ, නංගිව නම් පන්නලා දැම්මා..අපේ තාත්තයි, අම්මයි සංවේදි වැඩිද, නැත්නම් මෝඩද කියන්න මම දන්නේ නෑ. තාමත් මම එයාලගේ පොඩි පුතා.
මට හෙන වදියිද මගේ රත්තරං අයියේ..
මෙය හුදෙක් කථාවක් පමණක් බවත් මෙහිදී නලීන් දිල්රුක්ෂ නම් සහෝදර බ්ලොග්කරුවාට පෞද්ගලික විරෝධතාවක් නොදක්වන බවත් මතක් කර සිටිමි. එසේම මෙහිදී ඇනෝ දැමීම සම්බන්ධව විරෝධතාවක් නොමැති මුත් සිදු වන පෞද්ගලික මඩ ප්රහාර මා හට ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් දන්වා සිටිමි.



