මාර ආතල් සීන් එක. ජෙනරාල ආවා මුලින්ම, කැටයත් එක්ක. දෙන්නා විජේදාස අයියත් එක්ක චැට දාගෙන ඉන්න කොට, මෙන්න බැස්සා කොට්ටේ රවියා. ජෙනරාල් මාමට අතට අත දීලා විජේදාස අයියත් එක්ක කඩ්ඩෙන් කොටා ගත්තා.
මෙන්න එනවා රැවුල් අනුර කුමාරයා ලැජ්ජාවෙන ඇඹරි ඇඹරි. ඇඹරුණ ඇඹරිල්ලට මං හිතුවෙම පොර සෝෆා එකේ ඇන්දේ ඉද ගනියි කියල. කොහොම හරි යන්තම් සෝෆා එකේ විට්ටම අල්ලගෙන කෝට්ටේ රවිය ගාව ඉදගෙන කොහොමද මෙයා කියල රවියගේ බඩට තට්ටුවක් දැම්ම. රවිය හොද එකා ඌත් ඉතින් යන්තම් රෙන්ට් එකට ගත්ත හිනාවක් දැම්මා.
අම්මද බොල මේං එනවා ප්‍රධාන නළුවා මරා...අනේ අම්මප මූ ගමේ එකා වෙච්චි මොනව උනත් හොද එකා. හැබැයි ආවේ කොල්ලො ටික වැඩේ අවුල් කලේ මොකෝ කියල බලන්නද දන්නේ නෑ. විජේදාසයට මුලින්ම නිවුස් එක ඇවිත් තිබ්බ නිසා පෙරමගට ගොස් පා දොවල පිළි ගත්තා මරාව. එක්කං ගියා ඇතුලට....
ආ..ආ....පොඩ්ඩක් දර්ශණය බාධා වෙනවා. කවුද දෙන්නෙක් හොරෙන් කැමරාව අස්සෙන් රිංගල මාරු වෙනවා. කවුද බොලේ මේ?....ජෙනරාල මාමයි කැටයයි නේද? මොනව උනත් ප්‍රතිපත්ති ගරුක එකා. අරූත් එක්ක නෝ කතා. පොර මාරු.
කෝ ඇත්තට මේ රා නිල්. විජේදාස මලත් ඌට ගාණක් නෑ. මූ ආවේ අන්තිමට. ඇයි යකෝ මෙච්චර මුගේ බඩ සරි කරන්න උදව් පදව් කරගෙන ඉන්න එකා වෙච්චි මූට මරාට කලින්වත් එන්න බැරි උන හැටි. ඔන්න සජිය නම් ආවේ හවස් වෙලා. ඒක නම් සාධාරණයි කියමුකෝ.
ඇත්තට මුන් ඔක්කොම ඇයි මේ විජේදාසයගේ ගෙදරට තකහනියක් ආවේ? මුකුත් මගුල් ගෙයක් වෙන්න බෑ. ඇයි විජේදාසය ඇදං උන්නේ සාමාන්‍යය විදිහට නොවැ. ගෙදර සරසලත් නෑ. මොකක් හරි වෙන්නැති. ඉතිං අපිට පාන්යෑ. මොනා වුනත් අපේ ලොක්කො ටික හරි හොද මිනිස්සු. වේදිකාවේ හෙන ගහපං කිව්වට, හයියෙන් පඩයක් ගියත් දුවල ඇවිත් බලනවා ගදද කියල.
ඒ මට හිතුන හැටි!
(විජේදාසයගේ කාඩ් එක දන්න විදිහටයි, මේ දවස්වල සිද්ධ වෙන දේවල් හැටියටයි මීට වඩා දෙයක් මට හිතෙන්නෙම නෑ, කොටින්ම බලහල්ලකෝ මාස ගාණක් පෝස්ට් එකක් නොදා හිටියට තාම අර ඉස්සෙල්ලා පෝස්ට් එකේ උස්සපු කෑල්ල මුන් අතෑරලා නෑනේ)
ඕං ලෝක විනාසේ වෙලාවෙම (හරියටම 12ට ) මේ පෝස්ටුව දැම්මේ හොදේ...
ස්ථානය - බටහිර ඉන්දීය කොදෙව්ව, ගල්කිස්ස
කාල වකවානුව - සදාකාලිකයි
'ජස්ටිෂියා' නම් රෝම ජාතික මැදි වයස් කාන්තාවක් පසුගිය දිනක ගල්කිස්ස ප්‍රදේශයෙදී කළු පටියකින් දෙඇස් බැද දමා පැහැරගෙන ගොස් ඇත.
අවසන් වරට දකින විට වමතින් කෞතුකාගාරයෙන් සොරකම් කරණ ලද කඩුවක්ද, සුරතින් ජා.ඉ. බැංකුවෙන් සොරකම් කරණ ලද තරාදියක 'කොටස්' ද දරා සිට ඇති ඇය, ඇද සිට ඇත්තේ පාර දෘශ්‍යය ඉටි රෙද්දකින් මසන ලද කබායකි.
මෙය මේ කාන්තාවගේ නිරුවත දැක ඇයට අතවර කිරීමේ අභිලාෂයෙන් කරාටි පිළිබද ආචාර්‍ය් උපාධිදරයෙකු විසින් කළ බවට තමා සැක කරණ බවත් ඔහු ඉතා ඉක්මණින් නීතිය හමුවට පමුණුවන බවත් පොලිස්පති ආර්. දුමින්ද මහතා පැවසීය.
මේ පිළිබද අදහස් දැක්වූ ප්‍රවීන මාධ්‍යවේදී, අධිකරණ අමාත්‍යංශයේ අධික්ෂණ මන්ත්‍රී එස්. රදලියගොඩ (දේශශක්ති, එතෙර අභිමානී) මහතා ප්‍රකාශ කර සිටියේ මෙවැනි අපරාධකරුවන්ට දඩුවම් දීම සදහා පුරාතන රජකාලේ මෙන් උල තැබීමට 'යකඩ' උල් මේ වනවිට විදේශයකින් ආනයනය කිරීමටත් යකඩ දඩුකද කිහිපයක් තැනීමටත් සියළු කටයුතු සූදානම් බවයි.
මේ පිළිබදව විමසීම සදහා අප දැන් සම්බන්ධ කරගන්නේ සංස්කෘතික කටයුතු පිළිබද ඇමතිනී ජිනා ඒකනායක මැතිණියයි....
අර කියමනක් තියනවනේ 'බ්ලොග් ලෝකෙට දවසක් ආපු එකා පහුවදා බ්ලොග් එකක් දානවා' කියල. මමත් එහෙමම තමා. සාහිත්‍යාර්ථයෙන් දවසක් කිව්වට මමත් මාසයක් විතර තමා බ්ලොග් බල බලා විතරක් හිටියේ.
බුකියේ ස්ටේටස් දාල නිකං ඉන්නවා කියල දොස් මුරයක් දැම්ම රාමාගේ අඩවියේ රාමා තමා මාව බ්ලොග් ලෝකෙට තල්ලු කලෙ.
මොන හේතුවකට මන්දා, රාමගෙ බ්ලොග් එකෙන් පස්සේ මම ඇදිලා තිබුනේ 'රාජ්ගේ නවාතැන' දිහාවට. රාජ්ගේ බ්ලොග් එකේ තිබ්බ නිර්මාණශීලිත්වය දැක්කහම තමා ඇත්තටම බ්ලොග් එක පටන් ගන්න පන්නරය ලැබුණේ. ඒ කියන්නේ නොදැනීම රාජ් මේක පටන් ගන්න මට උදව් කරල තියනවා.
තව උදව් කරපු අයනම් බොහොමයක් ඉන්නවා. ඒත් නම් කියන්න ගියොත් මගෙන් අතපසු වීමක් වෙයි කියල හිතෙන නිසා, වචනයකින් හරි උදව් කළ හැමෝටම 'බොහොම ස්තුතියි'
මම බ්ලොග් ලෝකේ මොන්ටිසෝරියේ ඉන්න එකෙක්. මොන්ටිසෝරියෙදී ජිල් බෝල ගහල දිනල 'කුරුම්බැට්ටි මැෂිමක්' හම්බ උනත් අපිට ලොකු දෙයක්. හැබැයි වෙන කාට ඒක 'කුරුම්බැට්ටි මැෂිමක්' විතරක් වුනාට. ඒක මට 'සුපර් සොනික්' ජෙට් එකක්.
මම මේ වරෙන් ඔරෝ දාන්නේ වෙන මොකටවත් නෙමේ. මේ වසරේ පළමු වතාවට පවත්වන 'බස් රේඩියෝ බ්ලොග් සම්මාන 2012' 'නවක බ්ලොග්කරණය' වෙනුවෙන් නිර්දේශ වෙලා තියෙන බ්ලොග් අඩවි 3 අතරට මේ බ්ලොග් එකත් ඇතුළු වෙලා.
මේ වෙනුවන් ඔය ඇස් දෙක මේ බ්ලොග් එක උඩ තියාගෙන වෙහෙසුන ඔයාලටත්, යතුරු පුවරුව උඩට වෙලා ඇගිලි වලට දුක් දුන්න ඔයාලටත්, වාචිකව අදහස් කියපු, මූණපොතේදී කථා කල හැමෝටමත්, වෙනත් අඩවි වලදී මාත් එක්ක එකට හුරේ දාපු, ඇනකොටා ගත්ත හැමෝටමත් 'පිං සිද්ධ වේවා'
මගේ යතුරුපුවරුව කලබල වෙලා කියපු මොකක් හරි වචනෙකින් ඔය කාගෙවත් හිත රිදුනනම් සමාවෙන්න.
මට තියෙන්න මේ බ්ලොග් එක විතරක් උනාට මේ බ්ලොග් එක දිහා බලාගෙන ඉන්නේ මම විතරක් නෙමේ කියල මම දැන් දන්නවා.
ඒ හැමෝම වගේම මම වෙනුවෙනුත්, මම ජීවත් වෙන විශ්වය වෙනුවෙනුත් එදාට අදටත් වඩා හෙට මම Modern Patriot කෙනෙක් වෙන්නම්.