Monday, October 8, 2012

රෝම දෙවගනක් ගල්කිස්සෙදී පැහැර ගනී..(තවත් එක් පුවතක් පමණි)



ස්ථානය - බටහිර ඉන්දීය කොදෙව්ව, ගල්කිස්ස
කාල වකවානුව - සදාකාලිකයි

'ජස්ටිෂියා' නම් රෝම ජාතික මැදි වයස් කාන්තාවක් පසුගිය දිනක ගල්කිස්ස ප්‍රදේශයෙදී කළු පටියකින් දෙඇස් බැද දමා පැහැරගෙන ගොස් ඇත.

අවසන් වරට දකින විට වමතින් කෞතුකාගාරයෙන් සොරකම් කරණ ලද කඩුවක්ද, සුරතින් ජා.ඉ. බැංකුවෙන් සොරකම් කරණ ලද තරාදියක 'කොටස්' ද දරා සිට ඇති ඇය, ඇද සිට ඇත්තේ පාර දෘශ්‍යය ඉටි රෙද්දකින් මසන ලද කබායකි.

මෙය මේ කාන්තාවගේ නිරුවත දැක ඇයට අතවර කිරීමේ අභිලාෂයෙන් කරාටි පිළිබද ආචාර්‍ය් උපාධිදරයෙකු විසින් කළ බවට තමා සැක කරණ බවත් ඔහු ඉතා ඉක්මණින් නීතිය හමුවට පමුණුවන බවත් පොලිස්පති ආර්. දුමින්ද මහතා පැවසීය.

මේ පිළිබද අදහස් දැක්වූ ප්‍රවීන මාධ්‍යවේදී, අධිකරණ අමාත්‍යංශයේ අධික්ෂණ මන්ත්‍රී එස්. රදලියගොඩ (දේශශක්ති, එතෙර අභිමානී) මහතා ප්‍රකාශ කර සිටියේ මෙවැනි අපරාධකරුවන්ට දඩුවම් දීම සදහා පුරාතන රජකාලේ මෙන් උල තැබීමට  'යකඩ' උල් මේ වනවිට විදේශයකින් ආනයනය කිරීමටත් යකඩ දඩුකද කිහිපයක් තැනීමටත් සියළු කටයුතු සූදානම් බවයි.

මේ පිළිබදව විමසීම සදහා අප දැන් සම්බන්ධ කරගන්නේ සංස්කෘතික කටයුතු පිළිබද ඇමතිනී ජිනා ඒකනායක මැතිණියයි....


Saturday, September 29, 2012

මට තෝ විතරක් උනාට තොට ඉන්නේ මං විතරද...



අර කියමනක් තියනවනේ 'බ්ලොග් ලෝකෙට දවසක් ආපු එකා පහුවදා බ්ලොග් එකක් දානවා' කියල. මමත් එහෙමම තමා. සාහිත්‍යාර්ථයෙන් දවසක් කිව්වට මමත් මාසයක් විතර තමා බ්ලොග් බල බලා විතරක් හිටියේ.

බුකියේ ස්ටේටස් දාල නිකං ඉන්නවා කියල දොස් මුරයක් දැම්ම රාමාගේ අඩවියේ රාමා තමා මාව බ්ලොග් ලෝකෙට තල්ලු කලෙ.

මොන හේතුවකට මන්දා, රාමගෙ බ්ලොග් එකෙන් පස්සේ මම ඇදිලා තිබුනේ 'රාජ්ගේ නවාතැන' දිහාවට. රාජ්ගේ බ්ලොග් එකේ තිබ්බ නිර්මාණශීලිත්වය දැක්කහම තමා ඇත්තටම බ්ලොග් එක පටන් ගන්න පන්නරය ලැබුණේ. ඒ කියන්නේ නොදැනීම රාජ් මේක පටන් ගන්න මට උදව් කරල තියනවා.

තව උදව් කරපු අයනම් බොහොමයක් ඉන්නවා. ඒත් නම් කියන්න ගියොත් මගෙන් අතපසු වීමක් වෙයි කියල හිතෙන නිසා, වචනයකින් හරි උදව් කළ හැමෝටම 'බොහොම ස්තුතියි' 

මම බ්ලොග් ලෝකේ මොන්ටිසෝරියේ ඉන්න එකෙක්. මොන්ටිසෝරියෙදී ජිල් බෝල ගහල දිනල 'කුරුම්බැට්ටි මැෂිමක්' හම්බ උනත් අපිට ලොකු දෙයක්. හැබැයි වෙන කාට ඒක 'කුරුම්බැට්ටි මැෂිමක්' විතරක් වුනාට. ඒක මට 'සුපර් සොනික්' ජෙට් එකක්.

මම මේ වරෙන් ඔරෝ දාන්නේ වෙන මොකටවත් නෙමේ. මේ වසරේ පළමු වතාවට පවත්වන 'බස් රේඩියෝ බ්ලොග් සම්මාන 2012' 'නවක බ්ලොග්කරණය' වෙනුවෙන් නිර්දේශ වෙලා තියෙන බ්ලොග් අඩවි 3 අතරට මේ බ්ලොග් එකත් ඇතුළු වෙලා.

මේ වෙනුවන් ඔය ඇස් දෙක මේ බ්ලොග් එක උඩ තියාගෙන වෙහෙසුන ඔයාලටත්, යතුරු පුවරුව උඩට වෙලා ඇගිලි වලට දුක් දුන්න ඔයාලටත්, වාචිකව අදහස් කියපු, මූණපොතේදී කථා කල හැමෝටමත්, වෙනත් අඩවි වලදී මාත් එක්ක එකට හුරේ දාපු, ඇනකොටා ගත්ත හැමෝටමත් 'පිං සිද්ධ වේවා'

මගේ යතුරුපුවරුව කලබල වෙලා කියපු මොකක් හරි වචනෙකින් ඔය කාගෙවත් හිත රිදුනනම් සමාවෙන්න.


මට තියෙන්න මේ බ්ලොග් එක විතරක් උනාට මේ බ්ලොග් එක දිහා බලාගෙන ඉන්නේ මම විතරක් නෙමේ කියල මම දැන් දන්නවා.

ඒ හැමෝම වගේම මම වෙනුවෙනුත්, මම ජීවත් වෙන විශ්වය වෙනුවෙනුත් එදාට අදටත් වඩා හෙට මම Modern Patriot කෙනෙක් වෙන්නම්.

Tuesday, September 25, 2012

අපේ ශ්‍රද්ධාව (කැපුවත් නීල,පීත,ලෝහිත,ඕදාත,මාංජේෂ්ඨ) 16+



බුද්ධ රූප තියන මේස් දාන උන්ගේ කකුල් කකුල් කපපියෝ.


බුදු පිළිම පැත්තක තියල හෙළුවෙන් නටපු 'ඒකොන්' ගේ කොන කපපියෝ.


බෞද්ධ කොඩිය වන වන නටන උන්ගෙ දන්සල් වලට පණුවෝ ගහපියෝ.


සිංහ කොඩිය ඔලුව වටේ ඔතාගෙන ක්‍රිකට් බලන උන්ගේ කොන්ඩේ බූ ගාපියෝ.


අපේ ගාථා රැප් කරන ක්‍රිස්තියානි එවුන්ගේ කටට හෙණ ගහපියෝ.


බෞද්ධ කොඩිය බෙල්ල වටේ ඔතාගෙන ඉන්න වසලයන්ට බඩ පලෝ.


බනානා රිපබ්ලික් ප්‍රජාචාන්ච්‍රික (ප්‍රජාතාන්ත්‍රික යනු දොස් සහිත වචනයකි ) සමාජවාදී ( __කෙන්ද දන්නෑ) ජනරජයේ අතිගරු ටෙනිසන්තුමනි...මේ අවනඩුව ඔබතුමාගේ ශ්‍රී දෙසවනින් අසා, ශ්‍රී දෙනයන තුළින් දැක, ශ්‍රී මුඛයෙන් සිංහ ඝර්ජනා කොට වලක්වනු මැනවි.

ප.ලි. පහත සදහන් වාක්‍යය සහ ඉහත සදහන් පින්තූරය මෙහි අන්තර්ගත වචන සමග කිසිම පෑහීමක් නැති වග සුදු වෑන් රථයක් සේ ඔබට පැහදිලි බව විශ්වාස කරමි.

__ක කහනවට....

දේවාලේ කපුවා දේවාලේ ඇතුලේ රිව්වත් මොකෝ....
තොටලග උනාට මට ලග නෑ....
අරින්නේ ඌ නම් ___ දික් කරල කෙළ පොඩ්ඩකුත් දුන්නහම මොකෝ...