අපේ ගංතුලානේ තියන 'මරා'ණාධාර සමිතියේ මේ සැරේ රැස්වීමේ හරි හරි වැඩ වුනා. සමිතියේ මොන මංගල්ලෙටත් කඩා පාත් වෙන, සමිතියේ ඇත්තන්ට අධෝවාතයක් ගියත් සරම උස්සන් කෑගාන අල්ලපු ගමේ චන්ඩියා වෙන තොප්පි සිමයියා මේ සැරේ රැස්වීම කර ඇරලා. ගම්මු කියන්නෙනං සිමයියගේ ගෙදර උන්දෑ ලලිතක්කා මේ සැරේ රැස්වීමට ආවොත් කකුල් කඩනවා කියල කොරපු තර්ජනේට බයේ තමා උන්දෑ නාවේ කියල.
ඔය අස්සේ ගගෙන් එගොඩ ගමේ රේස් ජේමියට මේ සැරේ 'මරා'ණාධාර රැස්වීමට එන්න කියල බෝතල් අඩි පීරයියා පංයිඩයක් යවලා. අහල හං හතේම ප්‍රසිද්ධ සූදු කාරයෙක්, බජව් කාරයෙක් ඉතරක් නෙමේ වේසකං වලට අතහිත දෙන ඈයෙක් වෙච්ච ජේමියා මේ සැරේ රැස්වීමේ කතාවකුත් කොලාලු.
අපිනං හිතා උන්නේ ජේමියා එන එකට ගමේ උන් දෝස්මුරයක් තියයි කියල. අනේ මොන! ජේමියා පැත්තක ඉදිද්දී සමිතියේ වෙච්චි ආරවුලක් ගැන කට කතා පතුරෝපු හාදයෝ දෙන්නට නම් ගමෙ උන් පන්න පන්න දෙසනවා ඕන් අද දැක්කා.
ඒත් රේස් ජේමියා වගේ එහෙකුට මේ ගං තුලාවේ ඔච්චර රගන්න දෙන්නේ ඇයි කියන පුරස්නේ අපේ හිතේ තියනවා. අනිත් කාරනේ තමා අර හාදයෝ දෙන්න වෙනුවෙන් විස්සෝප වෙන ඇත්තෝ එකෙක්වත් ජේමියා ආපු එකට මීක් නැති වෙච්චි එක. ඒ විතරක් නම් මදෑ, ඔය උන් ඔක්කොම බොන්න වතුර ඩිංගක් ඉල්ලපු ගමේ උන් ටිකට සමිතියේ ලොක්කො ටික ගිනි පිම්බ වෙලේ කටේ බෙට්ට හිරවුනා වගේ උන්නා.
රටේ ඔක්කොම බවුද්දයෝ ටික වෙනුවෙන් ඉන්න සම්මේලනේද මොකක්ද එකේ, ලොකු පුටුවෙත් රේස්කාරයෙක් ඉන්න එකේ, ජේමියා ආව එක මොන කෙංගෙඩියක්ද කියල නොහිතෙනවත් නෙමේ ආයිබෝං.
පංචසීල පද පහට සූදුව නොවැටුනේ, ඒ කාලෙ උන්න උත්තමයෝ මේවා ගැන ඉර්දියෙන් දැකල වෙන්ටැ මයේ හිතේ.
උඹෙන් වචනයක් හරි මෙහෙම ලියවෙන එක ගැන සතුටුයි මුළින්ම පේට්‍රියෝ .. මරණ තුනක් දැක මිනිසෙක් පැණි කෑය කියන්නැහේ ලියපන් ....
ReplyDeleteඅන්තිමට ඉතුරු වෙන්නේ මෙච්චරයි ....
______________________________
අය්යලා මල්ලිලා හදන අච්චාරුව දැන් නම් කන්න බැරි තත්වෙට පත් වෙමින් එන්නේ..මැලේ අච්චාරුවක් කියලා මුන් පෙරන්නේ කසිප්පු හැළියක්ද කොහෙද ... බෙන්තර ගඟෙන් එහා උන් නෙව...
ලියන්න කොහොම වෙත්ත හිටගෙන ඉන්නත් උඹෙන් ලැබෙන සප් එකට සැලියුට් දාහක් මගෙන්.
Deleteකසිප්පු හොදා බන්, සිහි නැතිවෙන්න බිව්වහම හිතේ කහටක් ඇත්තෙම නෑනේ.
මට ප්‍රසිද්ධ ඩොක්ටර් කෙනෙක් මරු කතාවක් කිව්වා..
ReplyDeleteDr. - මේ අපි වැඩක් පටන් ගමුද?
මම - මොකක්ද සර්??
Dr. - අපි කැසිනෝ බෝර්ඩ් එකක් දාමු.. මම මැනේජර්.. ඔයාල එන්න ඕනෙ සෙල්ලම් කරන්න..
මම - හරි සර්.. එතකොට අපි සෙල්ලම් කරනව විතරද?
Dr. - ඔව්.. අනික අපි හැම ගමකටම මරණාධාර සමිතිවලට දෙනවා බෝඩ් එක ගානෙ..
මම - එතකොට මලගෙදරට ගාණක් දෙනව?
Dr. - නැතුව, තෝං තියල ගාණක් දෙමු..
මම - මරු සර් එතකොට බූරුව ගහන එකත් නැති කරන්න පුලුවන් නේද??
පලි - ජේමිස් අයියා මරණාධාර සමිතියේ ජාතික නායකයෙකු කළ යුතු බව මට හැගෙන්නේ ඒ නිසාය..
උඹ කියන්නැහැ එහෙමවත් වෙනවනම් හොදා සෑමා. කොහොමත් කෙලවෙන එකේ සුපිරියට කෙලවෙන එක හොදා...
Deleteපැකර්ගේ කට යට නිකං නිමල් සිරිපාල ගතියක් තියෙනවා නේ..මං කිව්වෙ මේ අපේ ඇමති සිරිපාල..
ReplyDeleteහුටා...ඇත්ත නේන්නම් අමිලයෝ. උඹ කිව්වහම තමා මටත් මීටර් වුනේ.
Deleteමූත් ගෙදර ඇදේ වැඩ ඔෆිස් ගිහින් කරනවද දන්නේ නෑ.
දැන්වත් තේරෙනවද.. ආන්ඩුවේ ඉන්න උන් කරන්නේ බොරුවක් කියලා.. කෝ සිහල උරුමේ උන්. කෝ රතනලා.. කෝ එජාපේ ගොන්නු.. කෝ විමල්ලා.. ඔක්කෝම නම්බර් වන් බයිලා කාරයෝ.. සූදු කෙලින්නේ ජේම්ස් පැකර් නෙමෙයි.. ආන්ඩුවේ ඇමතිවරු.. ඔය ටවුන් හෝල් පැත්තේ අහුවෙලා ඉන්නේ.. උන කවුද කියලා එලි කරන්න කියන්නේ අපිට.. ඇයි ගොම්මන්පිලලා, චම්පිකලා, රතනලා උන් අඳුනන්නෙම නැද්ද.. පව් බබාලා ටික..
ReplyDeleteඅද උදේ මුණ ගැහුනා කැසිනෝවලට කෑ ගහන හූ ඇන් පියේ එකම මන්ත්‍රී හර්ෂ ද සිල්වා.
Deleteඔය ටවුන් හෝල් එකේ නෙත්තිකුමාර නෝනට සපෝට් එක දෙන හුලු ගල් කාරයා කාලයක් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති වෙලා හිටියලු. ඒ දවස්වල මිනිහට කිව්වේ බෲස්ලී කියල. හේතුව දැව සංස්ථාවේ තියන ලී මිනිහ බෲස් ගාලා අතුරුදහන් කරන නිසා. එහෙව් කම්බ හොරු දැන් ඉන්න තැන ගැන කුමන කතාද මහාචාර්ය (මාතලන්) තුමා.
බෲස් ලී කිව්වම මතක් වුනේ. අපේ හිටපු ප්‍රොෆෙසර් කෙනෙක් දවසක් කිව්වා ජැක්සන් ඇන්තනිට කියන්නේ මයික් ටයිසන් කියලලු, මොකද මිනිහට මයික් එකක් හම්බු වුනොත් අතාරින්නෙ නෑලු එකම කතාව හය හත් සැරයක්වත් කියනකං.
Deleteඅපේ ගමෙත් කීප දෙනෙක් ඉන්නවා මයික් ටයිසන්ලා. ජැකා ඔහොම බව දැනගත්තේ අදයි. ස්තුතියි ඉවාන්.
Deleteබොහොම කාලෙකින් නේද ප්රෙටියෝ
ReplyDeleteබුකි ඇබ්බැහියත් හිසට සෙවනක් හොයන නිසත්නේ නලියෝ.
Deletenaleen puka nodi kade pala
Deleteකොහොම වෙතත් පෞද්ගලික මඩ ප්‍රහාර මෙතන කරනවට මම විරුද්ධයි ඇනෝ. ඔහුගේ මතයට විරුද්ධ වෙන්න ඔබට අයිතියක් තියනවා.
DeleteI do not see anything wrong in world class casinos operating in Sri Lanka. As long as locals are not allowed to gamble, I cannot think of any problem. Its the fastest foreign revenue generator in the world. I do not know about Islam but I know that Buddhism, Hinduism and Christianity does not object gambling. Anyhow a country should not be run based on a religion but based on Economic principals and Law and order. Anyone who believe gambling is against their religious values can refrain from gambling. So what is this huge issue our people have with the Crown casino? Please explain what is negative about it
ReplyDelete//I know that Buddhism, Hinduism and Christianity does not object gambling.//
DeletePlease refer to 'Saptha Aparihaaniya Dharma', 'Singalowada Suththa' before you conclude. Also, please remember this is not just gambling, but also a collection and a culture of unethical practices.
Noted. it is mentioned as one of the The six channels for dissipating wealth. Not as a sin or an immoral activity. Plus if we consider all the things that are allowed and not allowed by all religions we will not be able to live normal lives..Eg: Afghanistan. So best is to let individuals practice their religions to the level they prefer. Let economics and law be used to make civil decisions, Do not forget there are many unethical practices that are well tolerated in this country such as sale of alcohol and cigarettes. At least gambling rids you of wealth not your health. Also its not the wealth of Sri Lankans for that matter....wealth of willing foreigners.
DeleteWhich is most harmful in your opinion... Alcohol consumption, Smoking or Gambling?
Loki, why are you saying //As long as locals are not allowed to gamble//? What's the problem with that? I hate to see things in Sri Lanka that Sri Lankans can't do. What's the message in that?
Deleteඇනල තියෙන්නේ ටොක්ක නියමෙටම. උසස් අද්යාපන ඇමති තුමයි ප්‍රසිද්ද හාමුදුරු කෙනෙකුයි දෙන්නෙක්ම කියන හින්ද අපි නම් දැන් බය නැතුව සූදු කෙලිනවා.
ReplyDeleteබුදුන්ගේ කාලෙත් කැසිනෝ තිබ්බලුනේ උකුස්සෝ. මං හිතන්නේ අර උපතිස්ස කෝලිත දෙන්නා ගිරග්ග සමජ්ජ කියන කැසිනෝ එකට ගිහිං හොදටම බීල එනකොට තමා අස්සජි හාමුදුරුවෝ හමබවෙලා ඇත්තේ. ඒකෙනේ උන්නාන්සේ වැඩිය බණ කියන්නැතිව පද දෙකක් විතරක් කිව්වේ.
Deleteඒ දවස්වල නගර ශෝභිනියෝ හිටිය නිසා දැන් සිරා බඩු පොට් එකකුත් දාමු කියලා උඩුවේ උන්නාන්සේ කිව්වොත් සාදු කියහල්ලා.
බොලාට ඇත්තටම මොකක්ද මේ වෙලා තියෙන්නේ.. උඹල කෑම කන්නැත්ද මොලේ අවුල් වෙලා තියෙන්නේ
ReplyDeleteඅවුල් වෙන්නේ නැද්ද දේශා..ආශ්‍රය කරන්නේ බොලාලව වුනාම.
Deleteසතුටුයි ඔබෙ පුනරාගමණයට. අනේ මන්ද පේට්රි එන පොට හොද නැත. ගන් කෙල්ල ගෙට කියන්න තමයි වෙලා තියන්නේ. මට ඉතෙන්නේ ඉක්මනින් පරිප්පු වැස්සක් වහීද මන්ද???????
ReplyDeleteලංකාව ඉන්දියාවට සමීපව පිහිටීමේ වාසි මෙන්ම අවාසිත් තියනවා. ඒවා ඓතිහාසික සත්‍යය. දේවානම්පියතිස්ස වගේ නායකයෝ අද නැහැ. ඒ කාලේ වගේ නෙමේ අපේ රටේ මැනේජ්මන්ට් අන්තිමයි දැන්. මේවා මැනේජ් කරන්න හැකි සුලු දේවල්. ඒ හැකියාව නැත්නම් කාපන් පරිප්පු.
මම පෞද්ගලිකව ඉන්දියාවේ මේ අනවශ්‍ය මැදිහත්වීමට සම්පූර්ණයෙන් අකමැතියි. ඒත් ඉන්දියාව චෝගම් එකේදී බොහොම වැදගත් වෙනවා. ගොඩක් පො.රා.ම. රටවල්වල තානාපති කාර්යාල ලංකාවේ නෑ. ඒ අය අපිත් එක්ක සම්බන්ධතා පවත්වන්නේ ඉන්දියාව හරහා. ඒ රටවල් ඉන්දියාවේ තීරණය ගැන බොහොම හිතනවා.
Deleteකොහොම වෙතත්, ඉන්දියාවේ මාධ්‍ය බොහොමයක් මේ තීරණයට ඉන්දියාව දොස් කියල තිබ්බා. මේ වෙනකොට වටේ ඉන්න රටවල් බොහොමයක් තරහ කරගෙන ඉන්න ඉන්දියාව මේ කරගන්නේ පාඩුවක්.
කාලෙකට පස්සෙ මෙයා මෙන්න වෙලට බැහැලා.. කොයි හිටියෙ මෙච්චර කල්.... හි හි...
ReplyDeleteරටේ ඔක්කොම බවුද්දයෝ ටික වෙනුවෙන් ඉන්න සම්මේලනේද මොකක්ද එකේ, ලොකු පුටුවෙත් රේස්කාරයෙක් ඉන්න එකේ, ජේමියා ආව එක මොන කෙංගෙඩියක්ද කියල නොහිතෙනවත් නෙමේ ආයිබෝං///
ඕක තමා වෙලා තියෙන්නෙ...
මේ රටේ බෞද්ධයෝ කියල ලේබල් වෙන්නේ පන්සලට වැඩියෙන් දෙන එවුන් මිස බුද්ධ දර්ශණය අනුව ජීවිතේ ගෙනියන අය නෙමේනේ හිරු. හිරු කිව්වහම සත් ගුණවත් කොලොන්නාවේ බෞද්ධ උපාසක තුමාත් මතක් වුනා.
Deleteමේ හැම දෙකින්ම අවබෝධ වෙන්නේ එකම දෙයි මිත්‍රයා .... දේශපාලනයට මකියාවේලි දැන් පරණ වැඩියි. දැන් දෙසපාලනයට අවශ්‍ය පොත "මහින්ද රාජපක්ෂ"
ReplyDeleteඔබ දේශපාලනය යන්නෙන් අදහස් කරන්නේ කෙසේ හෝ පාලනය කිරීම නම් ඔබ හරි. මම එකගයි.
Deleteවෙල්කම් බැක් මචං....
ReplyDeleteමගේ නම් අකමැත්තක් නෑ ඕකට... අඩුම ගානේ ඕවට ආකර්ෂණය වෙන්නේ දෙකයි පණහේ ටුවරිස්ට්ලා නෙමෙයි... ඕවා දැම්මහම ලංකාවේ හයි ක්ලාස් ගණිකාවො බිහිවෙයි... ඊට පස්සෙ ගණිකා වෘත්තියත් නීතගතවෙයි.... අපි ඉතිං ඒකට සපෝට් නෙ....
පැකර්ගේ ඊයේ කතාවෙන් පැහැදිලිව කිව්ව දෙයක් තමා, ටාගට් ක්‍රවුඩ් එක කැසිනෝ වෙනුවෙන්ම මෙහේ එන ටුවරිස්ට්ලා කියල. මේ ඇතුලේ තියන කතාව තිසර කියනවට වඩා බැරෑරුම්.
Deleteඔය හැදෙන කල්චර් එකත් එක්ක, අනිත් හැම මධ්‍ය සහ මහා පරිමාණ ව්‍යාපාරයක් වගේම වක්‍ර ව්‍යාපාර බිහිවෙනවා. ගණිකා මඩම්ම විතරක් නෙමේ, බේබදු කල්චර් එකක්ම විතරක් නෙමේ වෙනම සංස්කෘතියක්.
කැසිනෝවට ලංකාවේ එවුන් නොයා ඉදියි කියමු, ඒත් මේ සබ් කල්චර් එකට බිලිවෙන්නේ මාසෙ පඩි ගන්න අපේ එවුන්.
මට නම් හිතෙන්නේ අපිට තියෙන්නේ කැසිනෝ කියන වචනෙට තියන බය. ඕක ලිංගික අසහන තියන එවුන්ව, හොර වැඩ වලට මෙහෙට එන එවුන්ව ආකර්ෂණය කරගන්න තැනක් නෙමෙයිනෙ.... මම නං හිතන්නෙ නෑ බං අද අපේ රටේ නැති සබ් කල්චර් එකක් ඕකෙන් අමුතුවෙන් හැදෙයි කියලා... ඔය වගේ මහා පරිමානෙ වැඩ එක්ක මාස් පඩි කාරයන්ට හැරෙන්න බෑ...
Deleteනෑ නෑ..මම කිව්වේ මාසේ පඩි කාරයෝ ඕවට යනවා කියල නෙමේ.
Deleteමෙහෙමයි...මෑතක් වෙනකංම තිබ්බ කොටුවේ ට්වින් ටවර්ස් ළග පෙට්ටි කඩවලට හොද බිස්නස් තිබ්බා. ඒවෑන් බඩු ගත්තේ පොඩි මිනිස්සුම විතරක් නෙමේ. ඒත් පොඩි මිනිස්සු බොහොමයක් ගියේ ඒවට, අහල පහළ බිල්ඩින් වල එවුනුත් ආවා. ඔය කඩ යැපුනේ ඔතන ට්වින් ටවර්ස් තිබ්බ නිසා.
ඒ වගේ තමා, මං කියනවට බලහංකෝ. ලොක්කා කොහොම හරි ඕක පටන් ගනී. ඒතකොට ඔය අහල පහළම සුළු පරිමානේ කැසිනෝ, බඩු ස්පොට් පටන් ගන්නැද්ද කියල. ඒවයේ යන්නේ ලොක්කො නෙමේ.
ලංකාවේ දැනටත් කැසිනෝ තියෙනවා.. නිකන් නෙමෙයි උදේ හවා දකින තැන් වල.. මේක තනිකර බීතිකාවක් විතරයි.. කැසිනෝ එකකට තියා ෆයිෆ් ස්ටාර් හෝටලයකට ගොඩ වදින්නේ කී දෙනාද රටේ.. ඕනම නම් ණය වෙලා කරන මගුල් ගෙදරකට ගිහින් ඇති..
Deleteමේක ෆෝභීයාවක් හා ලෙඩක්..
ලංකාවේ පත්තර ගත්තොත් තියෙන්නේ ළමා අපචාරයි.. මිනීමැරුම් ගොඩකුයි..
ඒ කියලා ලංකාවෙම උන් මේවා කරනවද...?
@ තිසර........අමුතුවෙන් හැදෙන්න කැසිනෝ සබ් කල්චර් එකක් නැහැ. ඒ වටා නිර්මාණය වෙච්ච භයානක කල්චර් එකක් දැනටත් තියෙනවා. ඒක අපිට පේන්නේ නැහැ...අපි ඒ සමාජය තුල ගැවසෙන්නේ නැති නිසා. වැඩ කරපු කෙනෙක්ගෙන් අහන්න ඒ ගැන......මම කියන්නේ ඒ තියෙන සබ් කල්චර් එක මේන් කලචර් එකක් වෙන්න පුළුවන් සූදුව අංක එක ආදායම වෙච්ච මැකවු වගේ රටවල් විදිහට. මොකද අපි කුඩා දූපත් රාජ්‍යයක්. මැකවු රටේ ප්‍රධාන අදායම ගැම්බ්ලින්..විදේශිකයෝ එන්නේ...රටේ ලොකුම ප්රශ්නය තමයි අපරාද රැල්ල. අන්න ඒවයි අපි හිතන්න ඕන....
Deleteමේ ගැන වෙන පෝස්ට් එකකත් මම කමෙන්ට් කරා. මැකවු රට කොහොම උනත් මේ තුලින් අපිට මනි ලෝන්ඩ්රින් ප්‍රෂ්නයට ඉතා දරුණු විදිහට මුහුණ දෙන්න වෙනවා. මේක මගේ ප්‍රෙඩික්ශන් එකක්.. කවදා හරි බලන්න!
පේට්‍රියෝ......මේ සංවාදය වැදගත් හරවත් විදිහට ගෙනිච්චොත්.....
Delete@අරු... ඇත්ත මචං... අපි වෙන රට වල ඉන්නකොට ලංකාවේ මහ පොළොවේ වෙන දේවල් හරියටම පේන්නෙ නැහැ. සමහර දේවල් අපි ඉන්න රටවල මට්ටමත් එක්ක බැලෙන්නේ... නමුත් මචං.. බුද්ධාගමේ මෙහෙම කියල තියනවා, අරකයි මේකයි ඇරෙන්න... මේ ගැන වැදගත් සමාජ ආර්ථික විග්‍රහයක් මමත් දැක්කේ නැහැ. ඕනෑම මහා පරිමාණ ව්‍යාපෘතියක් එක්කම එකට බැඳුණු රිස්ක්ස් තියනවා... කණ්ඩලම හෝටලය ඉදිකරන කාලයේ සිදුවීම් මතක ඇතිනේ... උඹට පුළුවන් නම් ඔය මැකවු රටේ තත්වය , එහෙම වුණේ කොහොමද වගේ විස්තර ඇතුලත් පෝස්ට් එකක්වත් පලකරන්න, ඒක හොඳ ප්‍රවේශයක් වේවි... පැකර් ගෙ කැසිනෝ එක සහ ඒකෙ ක්‍රියාකාරිත්වය ගැන නම් මචං මට ලොකු ගැටළුවක් නැහැ... හැබැයි උඹලා කියන සබ් කල්චර් එක ගැන මීට වඩා හොඳ පැහැදිලි කිරීමක් සිද්ධවෙන්න ඕනේ...
Deleteඅර ල.යා. අබේවර්ධන හෙවත් 'ලයර්' අබේවර්ධනට පුලුවන්ද පෙන්නලා දෙන්න කුමන දකුණු ආසියානු රටද කැසිනෝ නිසා සංවර්ධනය වෙලා තියෙන්නේ සහ ඊට සමගාමීව, අපරාධ, සමාජ විරෝධී ක්‍රියා, දූෂණ වංචා අඩුවී හෝ වැඩිවීමක් නොවී තිබෙන්නේ කියා?
ReplyDeleteසිංගප්පූරුව... ඉන්දියාවේ ගෝව.. බෲනායි රාජ්‍යය...
Deleteඇයි මැලේසියාව, හොන්කොන්, තායිලන්තය, තායිවාන්....etc.
Deleteචුයිංගම් එක බබල්ගම් එකක් වෙන්නයි යන්නේ.....පුම්බනවා වැඩියි පිපිරුවොත් මූණෙයි කටෙයි හැම තැනම..ප්‍රවේශමෙන්.
ReplyDeleteයකො අර අහින්සකයන්ට පද හදන්න එපා
ReplyDeleteඋඹ දැන් ඉට්ටයිල් එකට මාසෙට එකයි නේද ලියන්නේ , රෙද්ද
ReplyDeleteමෙතනදී මම කාරනා දෙකක් කියන්න කැමතියි
ReplyDelete1. අර වැරැද්ද හදන්න කලින් මේ වැරැද්ද හැදිය යුතුයි ඒක හදන්න කලින් අනිත් වැරැද්ද හැදිය යුතුයි
ආදී ලෙස තර්ක කිරීම බොරුවක් ඕක ජේසුස් වහන්සේ වේසා ගෑනි බේරාගන්න ගෙනාපු බොරු තර්කයමයි
වැරැද්දකට තව වැරැද්දක් එක්වුනාම ලැබෙන්නේ වැරදි දෙකක් නැතුව හරියක් නෙමේ
වෙන විදියකට කියනවානම් ඔයා හෙරෝයින් පාවිච්චි කරන ගමන් මට සිගරැට් බොන්න එපා කිව්වොත් මම අහනවා
2.අපේ සිංහලයන්ගේ තියෙන හැකි ඉක්මනින් නිවැරදි කරගතයුතු වැරැද්දක් තමා හෙල උරුමයට ද්වේශ කිරීම
කෝ හෙල උරුමය මොකද කරන්නේ කියලා කින්ඩි දාන එවුන් එකෙක්වත් හෙල උරුමෙට ඡන්දෙ දීලත් නෑ
ඉස්සරහට දෙන්නෙත් නෑ මට හෙල උරුමෙත් එක්ක පෞද්ගලික සම්බන්ධයක් නෑ නමුත් මම හැම සිංහලයෙක්ගෙන්ම
(සිංහල නොවන්නන්ටත් එක්ක) ඉල්ලනවා හැකි තාක් හෙල උරුමය ශක්තිමත් කරන්න
නැත්නම් ලංකාව තායි ලන්තය වගේ වේසා මුඩුක්කුවක් වෙන්න ඉඩ තියෙනවා එදාට හෙල උරුමෙට බැනලා ගොන් ආතල් ගන්න එවුන්ට අඬන්න වෙයි
පේට්‍රියෝ ඔබ අපේ ඇස් අරවන්නෙක්.
ReplyDeleteස්තුතියි යකා. ජ.වි.පෙ. ලිපියෙත් සටනන් නොදැක්කා නොවේ. එතන එක කමෙන්ට් එකක් කොටන කොට තව කමෙන්ට් දහයක් වැටිලා. ඉතිං කොටන්න ඉස්පාසුවක් නෑ.
Deleteදිගටම ඉන්න අපිත් එක්ක.