Wednesday, January 16, 2013

ඉහි ඉහි...මම විතලක් නෙමේ හොලකං කොලේ, නංගිත් හොලකං කොලා (විශේෂ ස්තුතිය නලීන් අයියාට)



හිතවත් බ්ලොග්කරුවකු වන නලීන් දිල්රුක්ෂ සහෝදරයා විසින් මාතලන් ගේ බ්ලොග් අඩවියේදී පළ කරන ලද අදහසක් දුටු විට මා හට මගේ කුඩා අවදියේ සිදුවීමක් මතක් වුණි. එය එම බ්ලොග් අඩවියේ අදහසක් ලෙස ඉදිරිපත් කිරීමට සිත් වුවද, අවසානයේ නතර වුයේ මෙහි ලිපියක් ලෙසිනි.

ප.ලි. කිහිප දෙනෙක් මෙය තේරුම් ගැනීමේදී දුෂ්කාරතාවට පත් වූ බව හැගී ගිය නිසා, තේරුම් ගැනීමේ පහසුව සදහා මෙම පෝස්ටුව කියවීමට ප්‍රථම මාතලන්ගේ පෝස්ටුව සහ කමෙන්ට් තීරුව කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.


......................................................................................................

මම පොඩි කාලේ, අපේ නංගී තාත්තගෙ පර්ස් එකෙන් නංගිගේ කැටේට දාන්න සත පනහක් උස්සන්න සපෝට් ඉල්ලනවා, මම බොක්කෙන් සප් එක දෙනවා. මොකෝ මම අම්මගෙනුයි තාත්තගෙනුයි සල්ලි මාටියා ගහන කොට මට සප් එක දෙන්නේ නංගි බබානේ. දවසක් මම දැක්ක තාත්තගේ පර්ස් එකේ කොළ පාට සල්ලි කොලයක් තියනවා, ලස්සන මොණරෙකුත් කොලේ ඇදල තිබ්බා. මම ඒක ඉස්සුවා. 

නංගි කිව්ව 'අනේ අයියේ ඕක ගන්න එපා, ඔය ලොකු සල්ලි කොලයක්' 

මම එයාව සත පහකට මායිම් කලේ නෑ. මම ඉස්සුවා, දිගටම ඒ වගේ කොළ ඉස්සුවා.

'ආයෙ එහෙම ඔහොම හොරකම් කලොත් මම අම්මට කියනවා' නංගි මට තර්ජනය කලා.

දෙන්නම් වැඩක් කියල මම වැඩේට බැස්සා. දිගටම මොණර කොළ ඉස්සුවා. ඒ එක්කම නංගි සත පනහ උස්සපු එක තාත්තට කිව්වා. ඒත් නංගි මම මොණර කොල උස්සපු එක තාත්තටවත් අම්මටවත් කිව්වේ නෑ. දැන් මට තවත් බයයි.

මම මෙච්චර දෙයක් කරලත් ඇයි එයා මාව අහු කරල දුන්නේ නැත්තේ කියල. නයාට බයට අපි නයාට ගහනවා වගේ මමත් නියම වැඩක් කලා, බය වැඩි කමට.

'මේ හොර නංගිව ගෙදරින් එළවමු' මම අම්මටයි තාත්තටයි කිව්වා. ඒත් මගේ හොරකම් ගැන තාත්තා දැනගෙන හිටිය බව, මම දැන ගත්තේ මේ වෙලාවෙදි.

'මේ උඹ මගෙන් මුකුත් අහගන්න එපා, උඹේ හොරකම් මම නොදන්නවා නෙමේ, එදා ගෙදරට හොරු පැන්න වෙලේ උඹ බය නැතිව පොලිසියට කියල අපිව බේරගත්ත නිසා මම ඉවසනවා, නැතිනම් දනී මං කරන වැඩේ' තාත්තා ගෝරනාඩු කලා.

තාත්තගේ සද්දේ නිසා මගේ සායම දිය වෙලා ගියා, අහල පහල හැමෝම මගේ කාඩ් එක දැන ගත්තා. අර එහා ගමේ ඉන්න 'එලිසබෙත් ආච්චි' විතරක් නෙමේ, ගගෙන් එහා පැත්තේ ගමක ඉන්න, 'ස්ටීවන්' බාප්පත් මේ ගැන ආරංචි වෙලා මට දෝෂාරෝපනය කලා.

මේක දැන ගත්ත අම්ම කිව්වේ මෙහෙම 'තෝ දැන ගනිං පුතේ, උඹල ඔය හොරකම් කරන්නේ, තාත්තයි අම්මයි බඩේ ගින්දරේ නොකා නොබී, දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි, ඔය අමාරු සල්ලි බයිසිකල් රේස් පදින්නයි තොගේ යාළු හැත්ත බුරුත්ත එක්ක ජෝගි නටන්නයි ගත්තට තොට හෙන වදියි' කියල.

ලැජ්ජාවෙන් බේරෙන්න මම නියම වැඩක් කලා, මම ගම පුරා ගැහුවා 'මඩ පත්තරයක්'. මට මේකට සප් එක දුන්නේ 'වැව ගාව ගෙදර' ඉන්න නදීයා.

මඩ පෝස්ටරේ මෙහෙම තිබ්බා....

'ඉහි ඉහි...මම විතලක් නෙමේ හොලකං කොලේ, නංගිත් හොලකං කොලා, මට විතලක් බයින එක නාකයි, නංගිටත් බනින්න'.

ඉස්ස ඉස්සෙල්ලම මේක ගැහුවේ හොරකම ආරන්චි වෙලා මට කොචොක් දාන 'මාතලගේ' ගේ ඉස්සරහ.

මොනව වුනත් මම පව්. නොදන්න කමටනේ හොරකං කලේ. නංගි වගේ ඈ..

තාම මම ගෙදර ඉන්නේ, නංගිව නම් පන්නලා දැම්මා..අපේ තාත්තයි, අම්මයි සංවේදි වැඩිද, නැත්නම් මෝඩද කියන්න මම දන්නේ නෑ. තාමත් මම එයාලගේ පොඩි පුතා.

මට හෙන වදියිද මගේ රත්තරං අයියේ..



මෙය හුදෙක් කථාවක් පමණක් බවත් මෙහිදී  නලීන් දිල්රුක්ෂ නම් සහෝදර බ්ලොග්කරුවාට පෞද්ගලික විරෝධතාවක් නොදක්වන බවත් මතක් කර සිටිමි. එසේම මෙහිදී ඇනෝ දැමීම සම්බන්ධව විරෝධතාවක් නොමැති මුත් සිදු වන පෞද්ගලික මඩ ප්‍රහාර මා හට ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් දන්වා සිටිමි.

68 comments:

  1. අඩේ ඒක නම් මාර සංවේදියි. නමුත් සල්ලි කොල හොරකම් කරපු එක වැරදී. නමුත් නංගී ඔයාට තියෙන ආදරේට ඒක කාටවත් කියුව නෑ. මාර කතාවක්

    ReplyDelete
    Replies
    1. නංගි ඇති ආදරයක් නෑ බං. සත පනහේ වැඩේ මාට්ටු කලා වගේ නෙමේ, මට මල පැන්නොත් නංගිව කුස්සියේ තියන සුදු ෆ්‍රිජ් එකට දාල ගල් කරනව කියල මම පොඩි සත්තමක් දැම්මා. ඒකට බයේ මිසක්, මොන ලවක්ද...

      සංවේදී වැඩිද මන්දා...

      Delete

  2. හැක් හැක් ...නංගි බබා තමයි අන්තිමට
    ටොපිය කෑවේ..

    ReplyDelete
    Replies
    1. නංගිලා වගේ ඈ..මල්ලිලා....ගන්නවා අළුත් මල්ලියෙක්....ආපු ගමන් 'මෝහනය' කර ගන්නවා. ඊට පස්සේ ඌට රුපියලක් දෙනවා. මම දෙදහෙ කොළ උස්සනවා.

      Delete

    2. අය වැය පරතරය 1999 ඔතොකොට...
      ඕව පියවන්න අම්ම තාත්තගේ රීරි මාන්ස
      වික්කත් බැහැ.පුතෙක් විදිහට හරි වැරදි මචන්
      උබ...:(

      Delete
    3. මට හෙන වදියිද මගේ රත්තරං අයියේ..

      Delete
    4. මෙහෙමයි මචන් උබට ඔය තරම්ම බය නම්
      වෙලාවක වරෙන්කො අපේ පැත්තේ , මන් දන්න
      කපුවෝ සෙට් එකක් ඉන්නවා එහා ගමේ.

      උන්ට සීන් එක කියල දේව හත් කට්ටුවට
      පූජා වට්ටියක් තියල වැඩේ ශේප් කරලා දෙන්නම් ..

      හැබැයි හාර පන්දාහක් යනවා...
      මොකද කියන්නේ ?

      Delete
    5. හාර පන්දහ...යකෝ දාහේ කොලයක් කාලෙකින් දැක්කේ, මේ පෝස්ට් එකට දාන්න පින්තූරයක් හෙව්වහම. බලහංකො දැන් කාක්කොත් හාර පන්දහක් වටිනවනේ.

      Delete
    6. එදාට ලියනවා බ්ලොගේ 'ද හිස්ටරි රිපීට්ස්' කියල.

      Delete
  3. සහෝ පුංචි කොමෙන්ටුවක් ඔබ ලස්සන සෝපාහාසාත්මක පෝස්ටුවක් බවට හැරෙව්වා.ඔබේ මේ හැකියාවට මම එකෙන්ම ලයික් සහෝ...අපේ මත වාද මොනවා වුණත්.

    ReplyDelete
    Replies
    1. නලීන් අයිය...මගේ මතය හරිද වැරදිද කියන එක තේරුම් කරල දෙන්න වෙන්නේ කාලයට. ඒත් උඹේ ඔය නිහතමානීකම ගැන වගේම අන් අදහස් දැරීමේ හැකියාව ගැන නම් අපේ බ්ලොග් ලෝකෙට වගේම මුළු රටටම කියල දෙන්න නම් කාලෙට භාර දෙන්න බෑ. අපිම පටන් ගන්න වෙනවා.

      Delete
  4. කරපු වැඩේ නම් නියමයි පේට්‍රියට්... හි හි

    ReplyDelete
    Replies
    1. නංගි දැන් දන්නවා ඇති මම කවුද කියල. ඒ වගේද ඉස්සරට එන නංගිලා, මල්ලිලා ඔක්කොමත් දැන ගනියි. කාටද ආඩම්බර..අම්ම තාත්තට මිසක්...:-P

      Delete
  5. ඔබේ හැකියාව නම් මල් හතයි. නංගි බබා, බබාම නෙමෙයි කියලා. අයියා පොඩ්ඩට දැන ගන්න වෙන්නේ 2022 දි, එතකොට අපි හිටියොත් බලමුකො.

    ReplyDelete
    Replies
    1. මම නම් නංගිට නංගි බබා කියල කිව්වේ නෑ. ඒත් අපේ ගෙදර ඉන්න 'විවි' කියන බළල් තඩියා තමා මට කිව්වේ නංගි 'බේබි' කියල. (ඌට කථා කරන්න පුළුවන්ද කියල අහනවා...උගේ වැඩේම ගිරි යටින් කෑ ගහන එක තමා)

      මේ ඇත්තට මොකක්ද ඔය 2022 කථාව. අපිත් එක්ක කිව්වනම්. බය වෙන්න එපා දැන් නංගිට මොනව කිව්වත් ඇහෙන්නෙ නෑ. අළුතෙන් ආපු මල්ලිට මොනව කිව්වත් කමක් නෑ. මම උගෙ ලැජ්ජ නහරෙ විතරක් නෙමේ තරහ නහරෙත් කැපුවා.

      Delete
    2. නංගිට වඩා අයියා දන්නව 2022 ගැන අයිය බයත් ඒකයි. අර අල්ලපු ගෙදර කට්ටිය වත්තේ මායිම වෙනස් කරන්න ආ වෙලාවේ උද්ව්වට ආපු අයියගේ ආරක්ෂකයා වගේ හිටපු හාදයට තමයි මේ චෑන්ස් එක කැරකෙන්න තිබ්බෙ. හැබැයි මෑන් තදියන් කාරයා. ඒ නිසා අම්ම තාත්තා මෑන්ට වැඩිය දැන් කැමති නැහැ. ඒත් නංගි බබා...වෙන විකල්පයක් නැති තැන අම්ම තාත්තා විතරක් නෙමේ නෑදෑ සනුහරේම නංගි බබා පස්සේ යනවා. ඊට පස්සෙ තමයි ආයිත් කනවෝ කනවෝ කියලා මෙහෙම බ්ලොග් ලියන්න වෙන්නෙ. ඒ නංගි බබාට විරුද්ධව. මට මතක් වෙනවා හිටපු ලොකු අක්කා ඒ කාලේ ආව හැටි. නංගි බබා එයිට දෙවනි වෙන්නේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ.

      Delete
    3. ඕ...හිස්ටරි රිපීට්ස්.....ඒ කියන්නේ අපිට දිගටම බ්ලොග ඇදං යන්න කථා තියේ. කොහොම වෙතත් මොකා ආවත් අපි නැත්නම් කඩේ යන එවුන්ට පොඩ්ඩක් හරි ලේ කෝප කරන්නවත් කවුරුත් නෑනේ. නංගි, බබා නොවන බව නිසා තමා, මෙච්චර වැඩ සිද්ධ වෙද්දිත් හිනා වෙලා හිටියේ. ඒත 'හූ...හු...මම විතරක් නෙමේ...අරයත් හෙළුවෙන්' කිව්වහම 'හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නහම' කට කහන්න ගත්තා ආයුබෝං.

      Delete
    4. ඒ උනාට වේද මහත්තයෝ සහ පේට්‍රි මන් නම් හිතන්නේ
      නැහැ නංගි බබා මහ දුරක් යයි කියල.නංගි බබාගේ
      හුරතලේට නෑදැයෝ ටික පොඩ්ඩක් සප් එක දුන්නට
      දෙකක් තුනක් වදලා හුරතල් ගතිය නැති වෙද්දී නෑදැයෝ
      පස්ස ගහයි.

      නංගි බබා දරුවෝ දෙතුන් දෙනෙක් එක්ක තනි වෙයි කලවැද්ද
      එක්ක..

      Delete
    5. එදාට ලියනවා බ්ලොගේ 'ද හිස්ටරි රිපීට්ස්' කියල.

      Delete
    6. සහන් මම හිතන්නේ වෙනත් දෙයක්. අපි මේ කියන එකක්වත් වෙන්නේ නැහැ. නංගි නොකර සද්ද ඉන්නවා අවුරුදු කීපයක්. ඊට පස්සෙ 22 වෙත්දි එන බලවේගෙ නංගිට හිතවත්. ඔන්න අපි අමතක කරන තැන කලවැද්ද අයියා කතා කළාට නංගි අහුවෙන්නෙ නැහැ. පැත්තේ යන්නෙ නැහැ. පිටකෝට්ටේ පොඩි අයිය ගාවටත් යන්නෙ නැහැ. රතු අයිය එක්කත් එදා ඉදලම නංගි හොද නැහැනෙ.

      Delete
    7. මට ප්‍රශ්නේ වෙද මහත්තයෝ නංගි ආයේ 22 එද්දී ලොවෙත්
      ඉඳීද කියන දේ.මොකද කලවැද්ද අයියට තිබ්බ බකප් එකේ
      හැටියට අපි හිතුවේ අම්ම තාත්තත් ගෙට වද්ද ගනී කියල.
      එයාට වත් එහෙම නොවුන එකේ නංගි බබාට ආයේ ගෙවල්
      හතර මායිමේ එන්න වෙන එකක් නැහැ කියලයි මන් හිතන්නේ..

      මොකද කලවැද්ද අයියට වගේ සතා සරපයගේ
      බකප් එකත් නැහැනේ.

      Delete
  6. ආඩම්බරයි උඹ ගැන. නියමෙට ලියල තියනව බං. අම්මයි තාත්තයි මෙලෝ සිහියක් නැතුව හම්බ කලත් හෙන මෝඩයි.

    ReplyDelete
    Replies
    1. මෝඩද සංවේදිද කියල දන්නේ නෑ බං. පවු අම්ම තාත්තා. ඒ ඇත්තටම කවදද බං මට හෙනේ පාත් වෙන්නේ.

      Delete
  7. .යටි අරුතක් තියනවද මන්දා ඒත් ලස්සනට ගලපලා තියනවා

    ReplyDelete
    Replies
    1. අවතාර්...හොරකම් ගැන කිව්වහම මුලින්ම මතක් වෙන දේවල් ටික කොලේක ලියා ගන්න. ඊට පස්සේ මුලින්ම තියන වචන ටික මන්තරක් වගේ මතුරන්න. මෙන්න බොලේ පෝස්ටුව මැවිලා පේනවා.

      ආ..මතක ඇතුව මතුරන ගමන්, ඔය උඩින් දාල තියන ජාතියේ දාහෙ කොලයක් ඇස් දෙකට අඩි බාගයක් ඉස්සරින් තියා ගන්න.

      Delete
  8. ලස්සන කතාවක්...

    ReplyDelete
  9. වැරැද්දක් කලා උනත් නංගියි මල්ලීයි දෙන්නම අපේ උන්නේ බන් . . අපේ අපේ උන් වැරදි කලාම දඬුවම් දෙන්න ඕනය?

    "අපි මේ වගේ වැරදි වඩ වලට කැමති නෑ හරිය. . !"

    කියලා ඩිංගක් බොරුවට අහල පහල උන්ට පේන්න කෑ ගහලා . . .

    ටික වෙලාවකින් දෙන්නවම අමතක කරලා මොකුත් වුනේ නෑ වගේ ටී වී එකේ සුජාත දියණී බලමු බන් . . .

    ReplyDelete
    Replies
    1. සති දෙකයි බුදු අයියේ...දවසක් උඹ කිව්ව වගේ සති දෙකයි....

      Delete
  10. මොකද්දෝ හොර ගතියක් දැනෙනවා... තමනුත් හම්බු කරන්න ගත්තම ඒ පුරුදු නැතිවෙනවා.. :D

    ReplyDelete
    Replies
    1. උන් පවු. මල්ලිගෙයි, අයියගෙයි, බාප්පගෙයි, අදුරන පුංචි අම්මගෙයි, එයාගේ මහප්පගෙයි, තව ළගම දන්න කියන අය තුන් හාරදහයි පරම්පරා 4ක් 5ක් වෙනුවෙන් කීයක් හරි හොයා ගත්තහම මොකෝ නේ බං.

      Delete
  11. පස්ටය. උපරිමය.

    අපි දෙන එක සුදුසු නැති නිසා නෝනාට කියා වැඩි පුර උම්මා ටිකක් ඉල්ලා ගන්න..

    ReplyDelete
    Replies
    1. චී...හෙමිං කියහං. ලැජ්ජා හිතෙනවා. ඔච්චර උස්සල මං උඩ යවන්න එපා. කන අතගාල තියා ගන්නවා මිසක්.

      Delete
  12. පට්ටයි ආහ්....:D
    තාත්තා සංවේදී වැඩි නිසා ද කොහෙද හොරකන් කරන්න දීලා බලාගෙන ඉඳලා තියෙන්නේ..
    අනේ මගේ කට....

    ReplyDelete
    Replies
    1. සංවේදී හොදම එකනේ රන්දු. මම හෙළුවෙන් ඉදල හූ කිව්වත් අම්මයි තාත්තයි හිතන්නේ ඒක 'ඉස්ටයිල්' එක කියල.

      Delete
  13. අනේ බං ලකුනෝ උඹ ඉස්කෝලේ යන කාලෙත් කලේ සර්ලට පුක දීපු එක. තාමත් ඒක නැවතිලා නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. හුටා මේ මොකෑ ??

      Delete
    2. හුටා....අමතක වුනානේ උඹත් මේක දකිනවා කියල. උඹටත් ඕන නම් දෙන්නම්..හැබැයි කොන්දේසි සහිතව. හූරන්න බෑ. පොඩි කරන්න බෑ. මචෝ...අනිත් දවසේ ඇනෝ කමෙන්ට් කොටද්දි IP එක හංගහං. නැත්නම් බඩු මාට්ටු.

      Delete
  14. මේ වගේම සිද්ධියක් වුනා මම දන්නා රටක. හැබැයි ඒක වෙනකොට ඒ පවුලේ කොලුවා කරදඬු උස් මහත් වෙලා. අම්මලා තාත්තලා වයසට ගිහින්. අරුගේ බලේට යටවෙලා උන්නේ. පවුලේ අනිත් සහෝදරයා මෙන මෙන පුරුදු වලට ඇබ්බැහි වෙලා අයියට ඕන එකක් කර ගන්න කිව්වා. ඌ නංගිව එලෙව්වා.

    අද වෙනකම් උස්සපු මොනර කොළ ගැන කවුරුත් කතා කලේ නැහැ,

    ReplyDelete
    Replies
    1. ඔන්න බලමුකො ඉතින් ඒකෙත් හැටි.....!!!!

      එහෙනම් එහෙත් එහෙමයි ඈ.....!!??

      Delete
    2. සුජීව මේ කැත වැඩ කරන්න එපා, වෙන රටවල් කිය කියා අපේ ගෙදර දැන් සිද්ධවෙන දේවල් මේ ප්‍රසිද්ධියේ දාන්න එපා හරීය..

      Delete
  15. උඹ හෙනට බය වෙලා නේද ඉන්නෙ..හෙන ගැන.....?

    එච්චර බය වෙන්න ඕන නෑ, අම්මලා තාත්තලා කේන්තියට ඔහොම කිව්වට, පොඩි පුතාට ආදරෙයි....!ඒ හින්දා කවදාවත් උඹව ගෙදරින් පන්නන්නෙ නෑ.උඹ හොරෙක් බව දැන දැනත් උඹට කිසි දෙයක් නොකරන එකේ පීඩනය උඹටම දරාගන්න බැරිව උඹම මොනවහරි කරගත්තොත් මිසක්....

    ReplyDelete
    Replies
    1. "උඹ හොරෙක් බව දැන දැනත් උඹට කිසි දෙයක් නොකරන එකේ පීඩනය උඹටම දරාගන්න බැරිව උඹම මොනවහරි කරගත්තොත් මිසක්...."

      +++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. අම්මප සුමිත් අයියේ...උඹේ කථාව නම් මල් පහයි. ඒත් මට ඔය පීඩනේ ගාණක් නෑ බං. පීඩනේ හෙල්ලිලා හෙල්ලිලා පැන්නනේ බං. මේ ඒක නෙමේ කොහොමද අර පුෂ් බයිසිකල් රේස් එකේ රෂියන් කෑලි ටික.

      Delete
  16. Replies
    1. අන්න හරි. ඔන්න ඔහේ හිනා වෙලා ඉමු බං. මේ ආඩ්ම්බරකාර අපි අපිනේ.

      Delete
  17. බලං ගිහාම කොයි ගෙදරත් එකයි නේ බං .. ඇත්තට අක්කල නංගිලා මාරයි බං උන් හෙන අඩුවෙන් කෙලන් කියන්නේ .. නසරානි අය්යාලට වඩා...

    ReplyDelete
    Replies
    1. මී ගොඩ මලේ....ඒක හැම තැනම එහෙම කියන්න බෑ බං. ඕක වෙනස් වෙන තැනුත් නැතිව නෙමේ. (පණිවිඩේ හරියට ගොහින්දැයි සිතමින්)

      Delete
  18. උඹ කෝමහරි අන්තිමේදි ස්වා-දීන උනා නේ?

    ReplyDelete
    Replies
    1. කොහොමද ටිකිරි මොලේ... මැජික් බෝලෙ දාලා 'මෝහනය' කර ගත්ත මල්ලි පැටියටනම් ඔය එව්ව මෙව්ව කරන්න දෙන්නෑ....

      Delete
  19. අද කාලේ ඇහෙන දකින දේවල් එක්ක මට යන්තං යන්තං තේරෙනවා මේ චරිත කාට කාටද ආදේශ කොරගන්න ඕන කියලා....

    ඒ තේරුනාට ඉතිං මං නං ලංකාවේ දේශපාලනේ දකින්නේ තඩි හිලක් එක්ක ගිලෙන නැවක් වගේ කොච්චර පැලැස්තර දැම්මත් මේ ගිලෙන එක නවත්තන්න බෑ මොකද කොන්ත්‍රාත් දෙන එවුන් තව හිල් හදනවා නැව ඇතුලෙ ඉඳන්ම...

    මෙතුවක් කොලා වගේ ඡන්දය එක පාළුවෙක්ටවත් දෙන්නෑ කියලා හිත හදාගෙන ඉන්නවා ඇරෙන්න වෙන මක්ක කරන්නද....

    කතාව එල ඈ

    ReplyDelete
    Replies
    1. ආ....මේ අපේ ගැමියනේ...මෙහෙමයි මචෝ...ලංකාව දේශපාලනේ නම් උඹ කිව්ව වගේ මෙව්ව එකක් තමා. ඒත් අපේ ගෙදර එහෙම නෙමේ. මමයි යාළු මාළුවෝ ටිකයි ඔක්කොම හැමදාම හිල් විද්දත් අපි ගිලෙන්නේ නෑ. අම්මයි තාත්තයි ඉන්නවනේ අපිව බේර ගන්න.

      Delete
  20. නියමෙට ලියල තියෙනවා

    ReplyDelete
    Replies
    1. තැක්කියු වේවා මොරබ්බා. මං දැන්නේ දැක්කේ අන්ධ බින්දුවේ අපේ ගෙදර බලු කුක්කො ගැනත දාල තියනවා. අහිංසක පැටව් ටික, ඉජු කිව්වහම උඩු බුරනවා..හලි ෂෝක්...

      Delete
  21. නියමයි කියන්නේ ආයේ නෑ සුපිරියි...
    මල්ලිට හෙන නෙමේ වදින්නේ...
    වැවේ ගෙදර අයටනං මොන මතේ දැරුවත් මල්ලිගේ පැත්තට අදින්න වෙනවා..
    නැත්තං ටොපිය කොයි පැත්තෙං සෙට් වෙයිද කියලා ෂුවර් නෑ..
    අද කාලේ රස්සාවක් නැතුව ජීවත් වෙන්නේ කෝමෙයි..
    ඉතිං හිත ඇතුලේ තියන තරහා හංගගෙන මල්ලි වෙනුවෙං ලියනවා...

    ReplyDelete
    Replies
    1. තරියා මලේ, ඇත්තට ඔය වැවේ ගෙදර එහෙම සීන් එකක් වෙන්වද...උඹ ඒ පැත්තේ යනවා කීවට මොන මංගල්ලයක් වුනාද කියල දැනං උන්නේ නෑ නොවැ. ගියොත් ඒ පැත්තේ අපේ නලීන් අයියාවත් බලල වරෙන්.

      Delete
  22. නංගි එයාගෙ සත පනහ හොරකං කරං හිටිය නම් කිසි අවුලක් නෑනේ... ආවා මෙතන අම්මට කියන්න.... එහෙනං උඹ මේ වෙනකොට කෙලින්ම පන්දාහෙ කොල උස්සන්නේ... උඹේ අම්මලා තාත්තලම ඕවා ඉවසං ඉන්නව මිසක් වෙන පවුලක නං මෙලහට තමන්ගේ එකා කියලා බලන්නෙ නෑ එලවලා. දරුකොමට හදාගන්ඩ වෙන එකෙක් අහල පහල නැති නිසා වෙන්න ඇති උඹවම තියං ඉන්නේ. අම්මලා නොකා නොබී උඹට රේස් බයිසිකල් අරං දීලා, සෙල්ලං ගෙවල් හදලා දීලා, යාලුවෝ එක්ක පිස්සු නටන්න නිදහස දීලා තියෙද්දි උඹ සල්ලි උස්සන එක නම් කැතම කැතයි.... මේ කොලඹ රස්සා වලට ආපු අපි යවන සල්ලියෙන් තමයි දැන් උඹලගෙ අම්මලටත් හදිස්සියකට අතමාරුවක් ගන්ඩ වෙන්නේ...

    ඒත් ඉතිං අර උඹ වෙලේ කුඹුරේ බැහැලා, සරං කෙටිය ගහගෙන හිටපු ෆිට් එකා නිසා නොකියා බෑ... බොහොම බලගතු කුප්පියක් තියනවා, ඕක මතුරලා ජීවං කරලා තියෙන්නේ... ඕක යන යන තැන අතේ තියාගෙන පලයං.. එතකොට හෙණ වදින්නෑ... හැබැයි පුතෝ, ඕකේ බලේ එහෙ මෙහෙ වෙලා, උඹ සල්ලි හොරකං කරන බව දැන දැන, අර කෙල්ලව ගෙදරින් එලෝනකං උඩ බලං හිටපු, අර ගමේ ඉන්න අම්මටයි තාත්තටයි හෙණයක් පාත්වුනොත් එහෙම මං නං නෑ...

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ සුපිරි ඌණ පූර්ණයක්. දැනටත් මචෝ කෙල වෙලා තියෙන්නේ අම්මටයි තාත්තටයි නොවැ. ඒත් වැඩේ කියන්නේ දාහ විතරක් නෙමේ, මම උන්දැලගේ කශේරුකාවත් ගැලෙව්වා. ඒත් මම තාම ආඩම්බරකාර පුතා නේ.

      ඒක නෙමේ උඹත් දැක්කද මං අළුත් මල්ලි පැටියා උප්පැන්නේ අත්සන් කොරන වෙලේ මැජික් කුප්පිය දැම්මා..ඕං කාටවත්ම හෙම කියනවා නෙමේ.

      Delete
  23. උඹලා වගේ උන් බ්ලොග් ළෝකේ ඉන්න එක මට ආඩම්බරයක්... මොණරා ගැන ලියලා... වවුලාගේ රූපයක් දාලා තියෙන එකට ඕන නම් අපහාස නීතිය යටතේ නඩු පවරන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාතලන්, කවුරුහරි ඔය දාහ ගැන අහනකං මම මග බලාගෙන හිටියේ. බොලාටවත් මීටර් වුන එක ලොකු දෙයක්.

      සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න. දෙවියන් වහන්සේට අයිති දේ දෙවියන් වහන්සේට දෙන්න කියල ජේසුස් කිව්වනේ. ඉතිං වවුලගේ දේ වවුලට දුන්නහම මොකෝ වෙන්නේ.

      Delete
  24. හෙහ්. මට හිතුනේ දැං ඉන්න ලොකු අයියා ඒ කාලේ හිටපු ලොකු නංගිට කියපු දෙයක් වගේ...

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ කිව්වේ ඊයෙ පෙරේදා නේද? මොකෝ ඉතිං සැටලයිට්ට නම් ඕක ආදේශ කරන්න අමාරුයි.

      Delete
    2. ඒ කියන්නේ එයත් දාහේ කොළ වලින් ගේම් ගැහුව කියලද බං. දුකේ බෑ මේවට

      Delete
  25. කතාව අද තත්ත්වයට ගැලපීම නම් ලෙසටම කරලා තියනවා මොඩර්න්..

    ReplyDelete
  26. හප්පේ පුදුමයි මෙතැනදී කට ඉස්සර කොරගෙන තියෙන්නේ නංගියා නෙමෙයි :D

    ReplyDelete
  27. බොලාගේ දෙමවුපියන්ගෙ බූදලේම බොලාගෙ මලයට ලියාගන්න හදපු වැඩේට නංගිගෙ සපෝර්ට් එක ගන්න තිබ්බා සතපනහ රුපියලක් කරල දුන්නනම්.බොලාගේ පුතන්ඩියට සිසත්ත විභාගේ කොපි කරන්න දුන්නෙත් ඔය නංගිම නේද.ඇයි සිස්සත්තෙ පාස් උනාම දන්නෙ නෑ වගේ එකට ඉඳන් පොටෝත් ගැහුවේ.
    හැබැයි ඔය මෝහනය කෙරුව කියල හිතන් ඉන්න මලයත් එසේ මෙසේ පෝරිසාදයෙක් නෙවෙයි කියලා චන්ද්‍ර-මැණික් කැලෑපත්තරයකුත් ගහල තිබ්බා.
    හැබැයි බොලාට විතරක් නෙවෙයි අපිටත් දැන් සමත මණ්ඩලේ ඉස්සරහට ගොහින් සරම උස්සලා පෙන්නලා එන්න පුලුවන් වෙන්න ඕනැ.හරිය?

    ReplyDelete
  28. machan mage mail ID eka
    silentsahan@gmail.com

    ReplyDelete
  29. ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
    නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!

    ReplyDelete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.