Monday, February 24, 2014

ඔබාමා ගේ අවධානය පිණිසයි ! ( ජිනීවා වලින් බේරීමට රහසිගත උපක්‍රම )



ඇමරිකාවට ශ්‍රී ලංකාව සමග කිට්ටු ඇසුරක් පැවැත්වූවා නම් සලසා ගත හැකිව තිබුනු වාසි රැසක්-

1. කලුවර අඳුන මතුරා මැරීන් සෙබලුන් අදෘෂ්‍යමාන කොට වියට්නාමයේ කැලෑ වලට බස්සා ගරිල්ලා අරගලය ජයග්‍රහණය කරන්නට හැකිව තිබිණි…

2. සෝවියට් සංගමය වට්ටන්නට 1991 වෙන තෙක් ඩොලර් කෝටි ගණන් වැය කොට අවුරුදු ගණනක් කුමන්ත්‍රණය නොකොට මාතර ගුරෙක් ලවා කොඩිවිනයක් කරවා, මහා කාලිට කැප කල හූනියමක් සෝවියට් දේශ සීමාවේ වළලා, එරට මීට ක
ළින් විනාශ කර ශීතල යුද්දය ජයගත හැකිව තිබීම…

3. සදාම් හුසේන්ට “රූප කටු ගැසීමක්” කරවා අඩපණ කර, ආක්‍රමණය නොකරම මරා දැමීම…

4. ඉරානයේ න්‍යෂ්ඨික බලාගාරය තිබෙන තැනට “භූමි පාලුවක්” කර එම ව්‍යාපෘතිය අඩාල කර දැමීම…

5. ඔසාමා බින් ලාඩන් සොයා කෝටි ගණන් වටිනා කැමරා සහිත මිලිටරි චන්ද්‍රිකා, ගුවන් ඡායාරූප, ඩ්‍රෝන් ආදිය යෙදවීම විශාල මුදල් නාස්තියකි… දක්ෂ ගුරුන්නාන්සෙ කෙනෙක් ලවා “කනප්පුවක් ඇවිද්දවා” කනප්පුව පිටිපස්සෙන් ඇමරිකන් හමුදාව ගියා නම් ඔසාමා සිටින තැනට පහසුවෙන් යාමට හැකිව තිබිණි…






6. උතුරු කොරියානු නායකයාට කඩවර යක්ෂයා බන්දා තුන් වරුවෙන් ධවල මන්දිරය ඉදිරියට අවසිහියෙන් නට නටා එන්න සැලැස්වීම…

7. ජප කරන ලද මිනී අලු සහ පුච්චා වරුවෙන් ගන්නා ලද ජප කල මිනී ඇට චීනයේ බෙයිජිං අගනුවරට ඉස, චීන නායකයන් අසමගි කොට නයි පොළොන්ගු සේ උනුන් කා කොටා ගන්නට සලස්සා අනාගත අභියෝගය වූ චීනය විනාශ කර දැමීම..

8. හුලවාලි වශියක් කර ව්ලැඩ්මිර් පුටින්ගේ හිත දිනාගෙන එඩ්වර්ඩ් ස්නෝව්ඩන් නැවත ඇමරිකාවට පිටුවහල් කරවා ගැනීම …

9. “වැල් පැන්නුමක්” කර සිරියානු නායක අසාද් සහ රුසියාව අතර මිතුදම කඩා දමා සිරියාව තනිකර ගැනීම…

ඩොලර් කෝටි ගණනක් සමග පරීක්ෂණ රාශියක් සඳහා ගිය කාළයද, විශේෂ බලකායන්ගේ සහ සී.අයි.ඒ බුද්ධි අංශ ඒජන්තයන් රැසකගේද ජීවිත ඉතිරි කර ගැනීමට තිබිනි…




උපුටා ගැනීම දමිත් කේතක ගේ වත්පොත් බිත්තියෙනි.

*****අවසාන වශයෙන් ඔබේ එදිනෙදා පුහුණුවට*****



15 comments:

  1. මේවා මෙහෙම දාන්න එපා බං.. අපේ උන් ඇත්ත කියලා හිතන්නේ.. අන්තර්ජාලේ උන්නා කියලා වැඩක් නෑ.. ෆේස්බ්ය්ක් එකේම ෆේස්බුක් එපා කියන ගොන්නු ඉන්න රටක් මේක..

    ReplyDelete
  2. හික් හික් හික්
    ……http://jayasrilanka.net

    ReplyDelete
    Replies
    1. මොකාද මේ හික්මීයා

      Delete
  3. අනේ මෙව්වට හිනායන්නේ නෑ පනේ. පොලිටිකල් ජෝක්ස් කියන්නේ මීටවඩා හරයක් ගැඹුරක් තිය දේවල් වලට.

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු...මේ පොලිටිකොල් ජෝක් එකක්ද ? වෙලාවට කිව්වේ නැත්නම් මං හිතා හිටියේ වෙන මොකක් හරි කියලා...

      Delete
    2. එහෙම තමයි පිස්සු තියන එකා වුනත් බෙහෙත්ගන්න දන්නවා. ඒ වුනාට උපන් මෝඩයා දන්නේ නැහැනේ තමන් මෝඩයා කියලා.

      Delete
  4. හිකිස්! ඔබාම හිංගල බ්ලොග් කියවනවද දන්නෑ නේ

    http://achcharaukade.blogspot.com/2014/02/blog-post_22.html#comment-form

    මේකත් ටිකක් ඕකට ගෑවිලා යන ලිපියක්

    ReplyDelete
  5. ඔබාමා උපදේශක තනතුරක් එහෙම දුන්නොත් අපි ගැනත් බලගන්න මලයා...

    ReplyDelete
  6. කනප්පුව කෙසේ වෙතත් විදුලි පුටුව නම් දකුණ බස්නාහිර හෑමතෑනම ඈවිද්දනව

    ReplyDelete
  7. දකුණේ ගුරෙක් අපේ රටම පාලනය කරන බව ඔය ඔබාමා කාරයා දන්නෙම නැතිද..?:D

    ReplyDelete
  8. හික්ස්....... මෙන්න කාලෙකින් නියම කතාවක්....
    ෆට්ට කියන්නෙ ෆටේ ෆට්ට....
    අදයි මෙහෙ ආවෙ... ආවෙත් එඤ්ඤං කියල දාගත්ත ඔන්න රෝලටත්

    අවන්හල

    ReplyDelete
  9. ලංකාවෙත් යුද්දේ කලින්ම නවත්තත්න තිබ්බනේ බොලව්!

    ReplyDelete
  10. මෙච්චර දේවල් තියෙද්දි නෙ අපි මේ ලෝකයා කියන ඒවට සැලෙන්නෙ. තව තියනව නේද අඳුන, පිල්ලි හෙමත්. :D

    ReplyDelete
  11. යකොව් මෙව්වා සතියකට කලින් දැක්කේ නැහැනේ :(

    "නමෝ පෙන මන්දිල්ලි තකරි ඒ ස්වාහ "

    ReplyDelete

ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි.