මෙන්න එනවා රැවුල් අනුර කුමාරයා ලැජ්ජාවෙන ඇඹරි ඇඹරි. ඇඹරුණ ඇඹරිල්ලට මං හිතුවෙම පොර සෝෆා එකේ ඇන්දේ ඉද ගනියි කියල. කොහොම හරි යන්තම් සෝෆා එකේ විට්ටම අල්ලගෙන කෝට්ටේ රවිය ගාව ඉදගෙන කොහොමද මෙයා කියල රවියගේ බඩට තට්ටුවක් දැම්ම. රවිය හොද එකා ඌත් ඉතින් යන්තම් රෙන්ට් එකට ගත්ත හිනාවක් දැම්මා.
අම්මද බොල මේං එනවා ප්‍රධාන නළුවා මරා...අනේ අම්මප මූ ගමේ එකා වෙච්චි මොනව උනත් හොද එකා. හැබැයි ආවේ කොල්ලො ටික වැඩේ අවුල් කලේ මොකෝ කියල බලන්නද දන්නේ නෑ. විජේදාසයට මුලින්ම නිවුස් එක ඇවිත් තිබ්බ නිසා පෙරමගට ගොස් පා දොවල පිළි ගත්තා මරාව. එක්කං ගියා ඇතුලට....
ආ..ආ....පොඩ්ඩක් දර්ශණය බාධා වෙනවා. කවුද දෙන්නෙක් හොරෙන් කැමරාව අස්සෙන් රිංගල මාරු වෙනවා. කවුද බොලේ මේ?....ජෙනරාල මාමයි කැටයයි නේද? මොනව උනත් ප්‍රතිපත්ති ගරුක එකා. අරූත් එක්ක නෝ කතා. පොර මාරු.
කෝ ඇත්තට මේ රා නිල්. විජේදාස මලත් ඌට ගාණක් නෑ. මූ ආවේ අන්තිමට. ඇයි යකෝ මෙච්චර මුගේ බඩ සරි කරන්න උදව් පදව් කරගෙන ඉන්න එකා වෙච්චි මූට මරාට කලින්වත් එන්න බැරි උන හැටි. ඔන්න සජිය නම් ආවේ හවස් වෙලා. ඒක නම් සාධාරණයි කියමුකෝ.
ඇත්තට මුන් ඔක්කොම ඇයි මේ විජේදාසයගේ ගෙදරට තකහනියක් ආවේ? මුකුත් මගුල් ගෙයක් වෙන්න බෑ. ඇයි විජේදාසය ඇදං උන්නේ සාමාන්‍යය විදිහට නොවැ. ගෙදර සරසලත් නෑ. මොකක් හරි වෙන්නැති. ඉතිං අපිට පාන්යෑ. මොනා වුනත් අපේ ලොක්කො ටික හරි හොද මිනිස්සු. වේදිකාවේ හෙන ගහපං කිව්වට, හයියෙන් පඩයක් ගියත් දුවල ඇවිත් බලනවා ගදද කියල.
ඒ මට හිතුන හැටි!
(විජේදාසයගේ කාඩ් එක දන්න විදිහටයි, මේ දවස්වල සිද්ධ වෙන දේවල් හැටියටයි මීට වඩා දෙයක් මට හිතෙන්නෙම නෑ, කොටින්ම බලහල්ලකෝ මාස ගාණක් පෝස්ට් එකක් නොදා හිටියට තාම අර ඉස්සෙල්ලා පෝස්ට් එකේ උස්සපු කෑල්ල මුන් අතෑරලා නෑනේ)
ඕං ලෝක විනාසේ වෙලාවෙම (හරියටම 12ට ) මේ පෝස්ටුව දැම්මේ හොදේ...
වෙල්කම් කිව්වා. තරදිය බිම තියපු එක ලොකු දෙයක් හෙහ්. විජේදාසයා, රානිලයල ඔක්කොම එකයි නෙව. පොලිස් මාධය පරකාසකයා කිව්වෙ එතන මේ රතිඤ්ඤ පුපුරලයි කියල. ආං බලාපල්ලකෝ වැඩේ ඒකගේ ගේ ගාව රතිඤ්ඤයක් ගියත් අපේ රජා සුරුස් ගාලා රිංගනවා. ඔය ජැනරාල් එතැනින් ගියැයි කියන්නේ “අපි මැරටයෝ ගැවසෙන තැං වල ඉන්න නාකයි“ කියල නෙව.
ReplyDeleteසුලෝවිදියට කලින් මක්කවත් ලියපු එකම මදැ... එහෙනං ජය. ගලවනව තොගේ බස් කප් එක ආයේ මෙච්චර පරක්කු වෙලා ලියන්න ගත්තොත්.. හැක්..
ඔව් බොල. පෙට්ටගමේ තියන දුං වැදිච්ච ටික එළියට දා ගන්න ලතැවෙන්න වෙලා තියෙන්නේ. පොලිස් මාධ්‍යය ප්‍රකාශක කියන්නේ ෆ්‍රෙඩී සිල්වගේ මුණුබුරෙක් කියන්නේ.
Deleteහිටහංකෝ මේ දේශපාළු මගුල් පැත්තකින් තියල වෙන ටිකක් කොටන්න. ආ...කප් එක මේ 27 දෙනව කියන්නේ.
එකම සනුහරේ එවුන් එක එකාට සලක ගන්නවා නොවැ.. පිටගම්කාරයොත් ඉතින් සිරිතට වගේ හොට දමාල යන්ට එනවා.
ReplyDeleteඅපි ගැලරියේ...බලහං ගැලරියේ අපිව චූන් කරන්න මුන් දෙන ගේමක්. පව් කියලත් හිතෙනවා බං.
Deleteවිජේදාස ගැන නම් හිතේ පොඩි පැහැදීමක් තිබ්බා.. ඒ උනාට අනේ මන්දා.. මං ඒක නැතිකරගන්නත් කැමති නෑ... අපිටත් කියලා එල්ලිලා ඉන්න මොකක් හරි තියන්ඩත් එපැයි... උඹ අතුරුදන් වෙලා වගේ ඉඳල ආපු එක ලොකු දෙයක්.. ලෝක විනාසෙන් පස්සෙවත් හැදියං... හැදිලා මොනවහරි ලියපං
ReplyDeleteවිජේදාස...පුහ්...අන්න උඹට වැරදුන තැන කොල්ලෝ....හරි විජේදාස කියන්නේ ලංකාවේ අංක එකේ නීතිවේදියෙක්. මොල කාරයෙක්...මහින්දගේ අනුප්‍රාප්තිකය වෙන්න තරම් සුදුසු කෙනෙක්. හැබැයි එහෙම වුනොත් මහින්ද ට එහා වෙනවා. ඉතුරු ටික උඹ හිතා ගනිං.
Deleteදිගටම දෙන්නං දැන්, හාමිනේ බැන්නේ නැත්නම් රෑ වෙනක්ම් මේ මගුලේ ඉල්ලිලා ඉන්නව කියල.
දැන්නම් විජේදාසටත් හිතෙනව ඇති,පිපිරුවේ රතිඤ්ඤයක්ම තමයි කියලා.....
ReplyDeleteඊ ළගට මරාට කරන්න තියෙන්නෙ ශිබාගේ "කානිවල්" එකකට ගිහිල්ලා පනාව දාන එකයි, එතකොට ඒකත් චොර.(මකියාවෙල්ලි හරියටම කියවපු එකම දේශපාලුවා මරා විතරයි මම හිතන්නෙ)
සුමිත් අයියේ...මහින්දයගේ කාඩ් එක අපි දන්නවනේ එදා ඉදල. ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ හොදම මාකටියර්.
Deleteහැබැයි මෙතන වුනේ..නීතියට අනවශ්‍යය බලපෑම් කිරීම නෙමේ. එහෙම දේවල් සිද්ධ වුන එක ගැන මම ඉස්සෙල්ලා පෝස්ට් එකේ කිව්වනේ. මේ නූතන දේශපාලන නාටකයක්.
කාලෙකට පස්සේ ලියන්න ගත්ත එක නම් හොඳයි.
ReplyDeleteකට්ටිය දුක සැප බෙදා ගන්න සැට් වෙලා.. වෙන දේවල් වල හැටියට.. ඒකත් ෂෝ එකක් වගේ තමයි පේන්න තිබුනේ.
වගේ නෙමෙයි බන්. මරා ගේ වියරුව පැත්තකින් නීතියට බැස්ටිය දෙන බව සහතික ඇත්ත. මෙතන සිද්ධ වුනේ ඒක පිටිං දාල වෙන සීන් කෝන් ටිකකට පාර කපාගන්න එක.
Deleteඉඳලා ඉඳලා මූ ඇවිල්ල, ලියලා තියෙන්නේ මෙලෝ දානයක් දන්නේ නැති දෙයක්... මේ දවස් ටිකේ වැස්ස හින්දා ටී වී එකත් ගලෝලා දාලා.. දැං නං ඒක ආපහු ගෙනාපු පෙට්ටියටම දාලා ආඳ යටට තල්ලු කරන්න උනත් ප්‍රශ්නයක් නෑ හැබැයි...
ReplyDeleteඅනේ අම්මප හිරුවෝ මමත් මේ ටැලිවිසොං එක බැලුවේ කාලෙකට පස්සේ. එක පාරටම මේක දැක්කහම හිතුවේ දෙරණෙ අළුත් නාට්‍යයක් කියල. එහෙම නෙවේද මංදා මුං මේ දාල තියන කමෙන්ට් වල හැටියට.
Deleteසිද්ධිය මේකයි
මුන් වෙනම කෑවට බොක්ක එකයි. ඔක්කොම එක ජාතියේ බඩු. උන් නැත්නම් මුන්. එහෙමනේ හිතන් ඉන්නේ. අපිත් ඉතිං මේ නාටක බල බල ලෝක විනාශෙ ඇත්තටම එනකන් ඉමු.
ReplyDeleteලංකා සී නිවුස් ගැන එහෙම වෙද මහත්තයෝ මගේ එච්චර විශ්වාසයක් නෑ. හැබයි මේ කථාව නම් විජේ ගොයියම රනිලා එක්ක කියවනවා මම දැක්කා. බලන්නකෝ දැන්නම් මට හිතෙන්නේ මරා තමා මේකට වග කියන්න ඕන.
Deleteමිනිස රේසිං කාර් වල බදු නැති කලා. දැන් පාතාලේ එවුන් රේසිං කාර් වල එන්නේ මර්ඩර් වැඩ වලට.
මචන් විජයදාස කියන්නේ හොඳ මනුස්සයෙක්..ඒත්
ReplyDeleteනැවත හයියක් ගොඩ නගා ගන්න එපැයි.තනි ගේම
මෙච්චර කල් ගහපු එකම මදිද කියහන්කෝ මුලින්ම
ඒ මනුස්සයට ඔහොමම කතා නොකර ..
මචන් විෂ්ණු දෙවියොත් බට කොළ කාපු එකේ විජයදාස
මහත්තය මෙහෙම මෙහෙම මේ ටික ඇද්දට කමක් නැහැ ..
ඒත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් සෙට් වෙලා ඉන්න
පිරිසත් කරන්නේ කවද හරි අනිත් උන්දලා කරපු ටිකම
තමා මෙයාට.මොකද දේශපාලන කියුම් කෙරුම් තියරි
වලට විජයදාස මහත්තයගේ ලක්ෂණ ගැලපෙන්නේ නැහැ.
( බිම් මට්ටමේදී ඇර ..) අන්තිමට කඩේ යන G . L වගේ
කෙනෙක් උනොත් නම් මගේ මේ කමෙන්ට් එක හෙමීට
මකපන් කාරුණික වෙලා ...
( මගේ බ්ලොග් එකේ විජයදාස රාජපක්ෂ මහත්තය ගැන තියෙන
ටිකත් එදාට මන් නෑ වගේ අයින් කරනවා...)
මුලිනම 'සයිලන්ට් සහන්' සාදරයෙන් පිළිගන්නවා. බොහොම ස්තුතිය ඔබේ බ්ලොගේ ලිංක් එකක් මෙතන බෙදා ගත්තට.
Deleteඅනිත් යාළුවන්ටත් මම ආරාධනා කරනවා මේ බ්ලොග් එකට ගිහින් බලන්න. දැන් ගන්න, සංවාදයේ යෙදෙන්න වටිනා බ්ලොගක්.
සහන් පුළුවන්නම් බ්ලොග් එකේ තියන ලුමිනස් රෝස ෆොන්ට් ටික අයින් කරන්න. ඒක ටිකක් කියවන්න වෙහෙසකරයි.
විජේදාස මහ ලොකු වැරැද්දක් මෙතන කළ බව මම කියන්නේ නෑ. හැබැයි ඌරු කොටුවේ ඉන්නේ ඔක්කොම ඌරොනේ. ඒක නිසා පුදුමයක් නෑ. අපිට හොයන්න තියෙන්නේ අඩුවෙන් බෙටි කාපු ඌර කවුද කියල විතරයි.
ස්තූතියි මචන් මගේ බ්ලොග් එකට ආවට .මන් තාම ඉන්නේ
Deleteහරි හමන් color scheme එකක් නැතුව .හොදයි මන්
දම් පාට ගතිය අයින් කරන්නම්.
මචන් මන් ලින්ක් එක දැම්මට එතන තියෙන්නේ
විජයදාස මහත්තය ගැන එයාගේ නම විතරයි.ටිකක් හරි
හිත හදා ගන්න කියල ඉන්න දශමෙන් ටිකක් .එච්චරයි
ඒ ඇර හැම කෙනාම වෙනස්.කව්ද දන්නේ කිව්වත් වගේ
පරණ වාඩු අල්ලයිද කියල.දැන් බලන්න නිව්ටන් ITN එකේ
ඉද්දි පුදුම විදිහට එයාට බැන්න " යකෝ මෙහෙමත් කඩේ යනවද "
කියල..අනේ ඊළඟ මහත්තයා ආවමනේ තේරුනේ නිව්ටන් මහත්තය
කොච්චර හොදද කියල..
ඒ නිසා අපි දැන් මේ හොදයි කියන අය ගැනත් දෙපාරක් හිතන්න
වෙනවා.අනේ මහින්ද හිටියනම් කියල හිතෙන දවසක් ආවොත්
කොහොමද ?
ඒ නිසා අපි දැන් මේ හොදයි කියන අය ගැනත් දෙපාරක් හිතන්න
වෙනවා.අනේ මහින්ද හිටියනම් කියල හිතෙන දවසක් ආවොත්
කොහොමද ?
අපි මෙච්චර කල් කලේ ටෙස්ටිං නේ බං. තවත් ට්‍රයල් එකක් දුවලම බලමු. :-)
Delete///අන්තිමට කඩේ යන G . L වගේ
Deleteකෙනෙක් උනොත් නම් මගේ මේ කමෙන්ට් එක හෙමීට
මකපන් කාරුණික වෙලා ...///
lol
kohomada wade? api kiwwa neda kalin mewa 2012 Dec 22...:D
ඔක්කෝම එකම හෝටලෙන් කන කස්ටිය නේ.... ඒකයි මේ....
ReplyDeleteකොහොමද අපේ ගමේ එවුං ඡන්දේ දවසේ මරා ගන්නේ. හරියට ඡන්දේ දින්නහම මුං ලැම්බොගිනි අරං දෙනවා කියල හිතල වගේ.
Deleteඋඹත් මේ නාට්ටිය බැලුවද? උඹ හිතන්නේ ඇයි මේ ලස්සනට විජේ රගපෑවේ? (සැටලයිට් ගේ විජේ ට වඩා මරුනේ)
ඔන්න මාතාවෝ :)
ReplyDeleteමාත්+ආවෝ = මාතාවෝ
Deleteදිගටමෙන්නෝ...ආවාටතැන්කෝ.
Deletemachan ube email addrs ekak hoyaganna baluwa, hambene naha..
ReplyDeletemeka passe makala daanna...
මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලිපි කීපයක පළමු වැන්න)උබ පුළුවන් පොඩ්ඩක් වරෙන්කො ...
සොරි මචන්. මේ දවස්වල වෙලාවක් තිබ්බේ නෑ එන්න. දැන් එනවෝ.
Deleteකෝ ඉතින් ආවේ නැහැනේ.
Deleteමේකටවත් එන්න....
රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර දේශපාලනය (01) ...
ihatha link eka down machan...
Deleteuse this..
රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර දේශපාලනය (01) ...
කියෙව්වා මචං. ඒත මේකට මට කියන්න දෙයක් හිතෙන්නෙම නෑ. කියන්න ඕන ඔක්කොම උඹ කමෙන්ට් වලදියි පෝස්ට් එකෙයි කියල. උඹ සිරා පොරක්.
Delete
Deleteවෙන කිසිම දෙයක් කිව්වේ නැහැද එතන? :wink
හොදට කල්පනා කරන්න බලන්න ..හැක්
උදේම ඇහැරලා ගෝල්ඩන් සිරප් එක බිබී, ලැම්බෝගිනිය බම්බු වැටෙන් එලියට දාද්දි, බල්ලෙක් වත් නාන්නේ නැති පොදු ලිඳේ, සීජේ ගැන මොනවදෝ කැත කතාවක් ලියලා තිබ්බ පෝස්ටරේ උඩින් අලුත්ම පෝස්ටරයක් වැදිලා... පාප්ප වේලිලත් නෑ... තඩි ඉංගිරිසි අකුරු වලින් ලියලා තිබ්බා මෙහෙම...
ReplyDeleteHAPPY BIRTHDAY.. MODERN PATRIOT!!!
මට වැරදිලාවත් ද? 24 මුගෙ උපන්දිනේ කියලා කොහෙදෝ දැක්කනේ....
Deleteඅඩේ තෑන්ක්ස් මචං. සොරි කමෙන්ට් එකක් දාන්න සුනංගු වුනාට. 24 තමා බං. බලපං නත්තල් කුමාරයා වගේ ඉන්න සිරියාව ...නේ...
Deleteඅදමයි ෙම් ඉසව්වට ෙගාඩවැදුෙන.සුන්දර ඉසව්වක්නේ.
ReplyDeleteඅනේ බං මේ සේරමල සබේ ඇතුළේ මරා ගත්තට එළියෙදි එකට කන බොන කස්ටිය. ඒත් අනේ එළියේ ඉන්න එවුවො ගහ මරා ගන්නවා බොරුවට.
ඔබේ පැමිණීම සාදරයෙන් පිළිගන්නවා නලීන්. මාධ්‍යවේදී මහත්මයෙක් මේ ඉසව්ව සුන්දරයි කියල කිව්වමද මන්දා...
ReplyDeleteකඩු, පොලු එක්ක සටන් බිමට එන අපේ ගමේ ඇත්තෝ පරම්පරාගත වෛරක්කාරයෝ වෙනවා. ගොල්ඩන් සිරප්, හරක් මස් බෙදා ගන්න මේ අය එකට අත අල්ලගන්නවා. අපි පවු.
දේසකාපාලනේනං මට අරහං බං , ඒ උනාට උඹ ලස්සනට ලියනවා . ගොඩ දවසකින් අනිත් උන්ගේ එව්වා කියවන්නේ , ගිහිල්ලා එන්නං
ReplyDeleteදේශපාලනේ ගැන කථා කරන්න කරන්න එපා වෙන එක තමා වෙන්නේ. ඒත් වෙන මුකුත් කථා කරන්න බෑ, හැම දේටම වගේ දේශපාලනය (පක්ෂ දේශපාලනය නොවුනත්) ගෑවිලා නිසා ඒකත් හරියට කූඩැල්ලා වගේ.
Deleteඑක රෑනේ කුරුල්ලොනේ. වර්ගය පාට විතරයි වෙනස.
ReplyDelete