අපේ ගංතුලානේ තියන 'මරා'ණාධාර සමිතියේ මේ සැරේ රැස්වීමේ හරි හරි වැඩ වුනා. සමිතියේ මොන මංගල්ලෙටත් කඩා පාත් වෙන, සමිතියේ ඇත්තන්ට අධෝවාතයක් ගියත් සරම උස්සන් කෑගාන අල්ලපු ගමේ චන්ඩියා වෙන තොප්පි සිමයියා මේ සැරේ රැස්වීම කර ඇරලා. ගම්මු කියන්නෙනං සිමයියගේ ගෙදර උන්දෑ ලලිතක්කා මේ සැරේ රැස්වීමට ආවොත් කකුල් කඩනවා කියල කොරපු තර්ජනේට බයේ තමා උන්දෑ නාවේ කියල.
ඔය අස්සේ ගගෙන් එගොඩ ගමේ රේස් ජේමියට මේ සැරේ 'මරා'ණාධාර රැස්වීමට එන්න කියල බෝතල් අඩි පීරයියා පංයිඩයක් යවලා. අහල හං හතේම ප්‍රසිද්ධ සූදු කාරයෙක්, බජව් කාරයෙක් ඉතරක් නෙමේ වේසකං වලට අතහිත දෙන ඈයෙක් වෙච්ච ජේමියා මේ සැරේ රැස්වීමේ කතාවකුත් කොලාලු.
අපිනං හිතා උන්නේ ජේමියා එන එකට ගමේ උන් දෝස්මුරයක් තියයි කියල. අනේ මොන! ජේමියා පැත්තක ඉදිද්දී සමිතියේ වෙච්චි ආරවුලක් ගැන කට කතා පතුරෝපු හාදයෝ දෙන්නට නම් ගමෙ උන් පන්න පන්න දෙසනවා ඕන් අද දැක්කා.
ඒත් රේස් ජේමියා වගේ එහෙකුට මේ ගං තුලාවේ ඔච්චර රගන්න දෙන්නේ ඇයි කියන පුරස්නේ අපේ හිතේ තියනවා. අනිත් කාරනේ තමා අර හාදයෝ දෙන්න වෙනුවෙන් විස්සෝප වෙන ඇත්තෝ එකෙක්වත් ජේමියා ආපු එකට මීක් නැති වෙච්චි එක. ඒ විතරක් නම් මදෑ, ඔය උන් ඔක්කොම බොන්න වතුර ඩිංගක් ඉල්ලපු ගමේ උන් ටිකට සමිතියේ ලොක්කො ටික ගිනි පිම්බ වෙලේ කටේ බෙට්ට හිරවුනා වගේ උන්නා.
රටේ ඔක්කොම බවුද්දයෝ ටික වෙනුවෙන් ඉන්න සම්මේලනේද මොකක්ද එකේ, ලොකු පුටුවෙත් රේස්කාරයෙක් ඉන්න එකේ, ජේමියා ආව එක මොන කෙංගෙඩියක්ද කියල නොහිතෙනවත් නෙමේ ආයිබෝං.
පංචසීල පද පහට සූදුව නොවැටුනේ, ඒ කාලෙ උන්න උත්තමයෝ මේවා ගැන ඉර්දියෙන් දැකල වෙන්ටැ මයේ හිතේ.